ජොං දෝ-ජොන් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
ජොං දෝ-ජොන්
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
දේශපාලන
රචනය කලේජුං හ්‍යුන්-මින්
අධ්‍යක්ෂණය කලේකං බ්යුං-තෙක්
ලී ජේ-හූන්
රඟපෑමචෝ ජේ-හ්‍යුන්
යූ දොං-ග්‍යුන්
සෝ ඉන්-සොක්
පාක් යොං-ග්‍යු
ඉම් හෝ
ආන් ජේ-මෝ
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන50
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)කිම් හ්‍යුං-ඉල්
ස්ථානය(න්)දකුණු කොරියාව
ධාවන කාලයසෙනසුරාදා සහ ඉරිදා 21:40ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවKBS1
මුල් ධාවනයජනවාරි 4, 2014 (2014-01-04) – ජුනි 29, 2014 (2014-06-29)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේThe King's Dream
අනුගමනය වනුයේThe Jingbirok: A Memoir of Imjin War
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ජොං දෝ-ජොන් (කොරියානු정도전) යුනවෙන් හැඳින්වෙන්නේ 2014දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිතය වන ජොං දෝ-ජොන්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ චෝ ජේ-හ්‍යුන් විසිනි. ජොං දෝ-ජොන් යනු සැබෑ ඓතිහාසික චරිතයක් (1342-1398) වන අතර, ඔහු ජොසොන් රාජවංශයේ ආදිකර්තෘ වන තේජෝ රජුගේ සමීප ආධාරකරුවකු මෙන්ම, එකල විසූ බලවත්ම විද්වතකු සහ දේශපාලනඥයකු ද විය.[1] මෙම කාලාන්තර නාට්‍යය මගින් ජොසොන් රාජවංශය පිහිටුවීමේ දී ජොං ඉටුකළ තීරණාත්මක මෙහෙය සහ ඔහු මුහුණපෑ බාධාවන් නිරූපණය වේ. එසේම ජොසොන්හි දේශපාලනය සහ නීති කෙසේ හැඩගැස්විය යුතු ද යන්න පිළිබඳ ඔහු තුළ තිබූ අභිමතාර්ථ ද මින් ගෙනහැර දක්වයි.[2][3] KBS1 නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙය 2014 ජනවාරි 4 සිට ජූනි 29 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල 21:40ට විකාශය වූයේ කථාංග 50කින් යුක්තව ය.

ජොං දෝ-ජොන් කතාමාලාව දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් අතර විචාරකයන් පැවසූයේ එය නව සහස්‍රකයේ කොරියානු ඓතිහාසික නාට්‍ය අතර වඩාත් "නිර්ව්‍යාජ සහ යතාර්ථවාදී" කතාමාලාවක් බවයි.[4] 41වන කොරියා විකාශන සම්මාන උළෙලේ දී මෙම කතාමාලාව ප්‍රධාන ත්‍යාගය (දේසං), හොඳම අධ්‍යක්ෂක සහ හොඳම රචකයාට හිමි සම්මාන හිමිකරගත්තේ ය. එසේම ‍චෝ ජේ-හ්‍යුන් හට 50වන බෙක්සං කලා සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී නළුවාට හිමි සම්මානය ද ප්‍රදානය කෙරිණි.[5]

කථාපුවත[සංස්කරණය]

නාට්‍යය ඇරඹෙන්නේ 1374 දී එනම් ගොර්යෝවේ ගොංමින් රජුගේ අවසන් රාජ්‍ය වර්ෂයයි. මෙකල රාජ්‍ය පාලනය දූෂණයෙන් සහ දේශපාලන අරගලවලින් ගහන වූ අතර, ‍බලය අවභාවිත කිරීම ද සිදු විය. මේ නිසා රාජ්‍ය නිලධාරීන් සහ විද්වතුන් නව රාජවංශයක් සහ නව යුගයක් පිළිබඳ සිහින මවන්නට විය.

ජොං දෝ-ජොන් යනු යි සොං-ග්යේ (පසුව තේජෝ රජු) හට සහාය වූ වංශවත් දේශපාලනඥයෙකි. යි සොං-‍ග්යේ බලය අල්ලාගෙන ජොසොන් නැමැති නව රාජවංශයක් පිහිටුවී ය. තේජෝ ජොසොන්හි පළමු රජු බවට පත්වීමෙන් පසුව, ඔහු සියලු රාජ්‍ය කටයුතු ජොං හට පැවරූයේ ඔහුව වඩාත් බලවත්ම සහ වැදගත්ම පුද්ගලයා බවට පත් කරමිනි. ජොසොන්හි දාර්ශනික, සංස්ථායික, සහ නීතිමය පදනම සකසමින් ජොං කළ මෙහෙය තවත් වසර 500ක් පමණ රාජවංශය පැවතීමට ඉවහල් විය. යුධ කටයුතු, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිට අධ්‍යාපනය දක්වා සියලු ප්‍රතිපත්ති සම්පාදනය කළ ඔහු, ජොසොන්හි දේශපාලන පද්ධතිය සහ බදු ක්‍රමය ස්ථාපනය කළේ ය. රාජ්‍ය ආගම ලෙස බුදු දහම වෙනුවට කොන්ෆියුසියානුවාදය ස්ථාපිත කළ ඔහු රාජධානියේ අගනුවර කේසොං සිට හැන්යැං (වර්තමාන සෝල්) දක්වා ගෙනගියේ ය. එසේම රාජධානියේ දේශපාලන පද්ධතිය වැඩවසම් ක්‍ර‍මයේ සිට නිලතන්ත්‍රයක් තෙක් වෙනස් කළ ඔහු නීති පද්ධතියක් රචනා කළේ ය. මෙම නීති පද්ධතිය පසුව ජොසොන්හි ව්‍යවස්ථාවලිය බවට පත් විය. මීට අමතරව සෑම මාලිගාවකම, පළාත් අටෙහි සහ අගනුවර තුළ වූ දිස්ත්‍රික්කවල නම් පවා තීරණය කළේ ඔහු විසිනි. මීට අමතරව බොහෝ වහලුන් නිදහස් කිරීමට කටයුතු යෙදූ මොහු, ඉඩම් ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණයට ලක් කළේ ය.

ජොසොන් රාජ්‍යය පිහිටුවා වර්ෂ හයකට පසුව ජොං මියගියේ ය. 1398දී ඔහුගේ ප්‍රධාන දේශපාලන එදිරිවාදියා වූ යි බං-වොන් (තේජෝගේ පස්වන පුත්‍රයා) විසින් ඔහුව ඝාතනය කරන ලදී. ජොං හා ඔහුගේ අනුගාමිකයන්ට අමතරව යි බං-වොන් තමන්ගේම අර්ධ සොයුරන් දෙදෙනා (කිරුළහිමි කුමරු ද ඇතුළුව) ඝාතනය කළේ ය. මෙම කුමන්ත්‍රණය "කුමාරවරුන්ගේ ප්‍රථම අරගලය" ලෙස ප්‍රකට විය‍. යි බං-වොන් පසුව ජොසොන්හි තෙවන රජු වූ තේජොං රජු ලෙස සිහසුනට පත් විය.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහායක චරිත[සංස්කරණය]

ජොං දෝ-ජොන් අවට ජනයා
  • ලී ආ-හ්‍යුන්, චෝයි ආර්යාව ලෙස; ජොං දෝ-ජොන්ගේ භාර්යාවයි.‍
  • ලී චූන්-ෂික්, ද්‍යුක්-බෝ ආ-බොම් ලෙස
  • ඉම් දේ-හෝ, නම් ඉයුන් ලෙස
  • ලී බ්යුං-වූක්, යූන් සෝ-ජොං ලෙස
  • ජොන් හ්යොන්, ජෝ ජූන් ලෙස
  • පාක් යූ-ස්‍යුං, ෂිම් හ්යෝ-සෙං ලෙස
  • කිම් ජුං-මින්, ජුං ජින් ලෙස
  • ලී දූ-සොක්, ජුං යොං ලෙස
  • යූ ජං-යොං  ජුං යූ ලෙස
යි සොං-ග්යේ අවට ජනයා
  • ලී ඉල්-හ්වා, කං ආර්යාව ලෙසඤ පසුව සින්දොක් රැජින[6]
  • සුන් දොං-හ්‍යුක්, යි ජි-රන් ලෙස
  • කං ඉන්-කි, යි බං-වූ ලෙස; පසුව ජිනාන් කුමරු
  • ලී තේ-රිම්, යි බං-ග්වා ලෙස; පසුව ජොංජොං රජු
  • කිම් යූන්-තේ, ජෝ යොං-ග්‍යු ලෙස
  • සොං යොං-තේ, බෙක් ග්‍යුන්-ර්යොම් ලෙස
  • සොං ග්‍යුම්-සික්, බ්යුන් අන්-ර්යොල් ලෙස
  • පාක් බ්යුං-හෝ, මුහක් ලෙස
ගොර්යෝ ගතානුගතික පක්ෂය
  • ‍ජුං හෝ-ක්‍යුන්, ඉම් ක්‍යුන්-මි ලෙස
  • කිම් මින්-සං, උහ්ම් හ්‍යුං-බං ලෙස
  • ජං හ්‍යුං-ජූ, ජි යූන් ලෙස
  • ක්වොන් තේ-වොන්, ආන් සා-කි ලෙස
ගොර්යෝ රාජකීය ගෘහය
ලාබාල විද්වතුන්/ශාස්ත්‍රඥයින්
  • පාක් ජි-ඉල්, යි සෙක් ලෙස
  • කිම් ස්‍යුං-වූක්, පාක් සං-චූං ලෙස
  • ලී ක්වං-කි, හා ර්යුන් ලෙස
  • කිම් චොල්-කි, ක්වොන් ග්‍යුන් ලෙස
  • ජුං හී-තේ, යි සූං-ඉන් ලෙස
  • ෂින් යොං-ග්‍යු, යි චොම් ලෙස
ගෝප්යොං බුගොක්හි ජනයා
  • ජං තේ-සුං, හ්වං චොන්-බොක් ලෙස
  • ලී දේ-රෝ, හ්වං යොන් ලෙස
  • නං යේ-සොල්, යැං ජි ලෙස

නිෂ්පාදනය[සංස්කරණය]

ඓතිහාසික නාට්‍ය සත්‍ය කරුණුවලට වඩා ප්‍රබන්ධ කරුණු මත නිර්මාණය කොට ඇති බවට එල්ල වූ විවේචනවලට KBS නාළිකාව එල්ලකළ ප්‍රතිප්‍රහාරයක් ලෙස ජොං දෝ-ජොන් කතාමාලාව හැඳින්විය හැක. නව සහස්‍රකයේ ආරම්භයේ සිටම යතාර්ථවාදී කාලාන්තර නාට්‍ය විරළ වූ හෙයින් කොරියානු රූපවාහිනී විචාරකයින්ගේ බලාපොරොත්තු සඵල වීමත් ලෙස මෙය සැලකේ. මෙම නාට්‍යය ඓතිහාසික අතින් සම්පූර්ණත්වය හිමි කරගත හැකි යැයි විශ්වාස කෙරුණු හෙයින් KBS විධායක නිලධාරියකු වූ ජං සොං-හ්වන් පුවත් සමුළුවක දී ප්‍රකාශ කළේ, "දිගු කලක සිට මෙම ව්‍යාපෘතිය නිෂ්පාදනය කිරීමට අප දැඩි අපේක්ෂාවෙන් සිටිනවා. මහජන විකාශකයකු ලෙස, ඉතිහාසය පිළිබඳ නිශ්චිත අවබෝධයක් ඇතිවන නාට්‍ය නිර්මාණය කිරීමඅපගේ යුතුකමකැයි අපට හැඟී ගියා."[2]

මෙම කතාමාලාව සෙසු කතාමාලාවලින් වෙනස් වන්නේ මෙමගින් රජවරුන්ගේ දිවියට වඩා දේශපාලනඥයකුගේ දිවිය කේන්ද්‍රකොට ගෙන ඇති නිසායි. වසර දෙකක පූර්ව-නිෂ්පාදන සමයයක් පැවති මෙය, වොන් බිලියන 13.5 (ඇ. ඩො. මිලියන 12.5) ක අයවැයකින් යුතු විය. ජොං දෝ-ජොන් නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදක කණ්ඩායම විසින් කොරියානු ඉතිහාසය පිළිබඳ ආචාර්ය හෝ ශාස්ත්‍රපති උපාධි සහිත ඉතිහාස විශේෂඥයින්ගෙන් යුත් උපදේශක මණ්ඩලයක් පත්කරන ලදී. මෙහි දී ජොං ජීවත්වූ කාලසීමාව පිළිබඳ අවධානය යොමු කෙරිණි. මෙහි චරිත නිරූපණය කරන්නන්ට සුප්‍රකට ඉතිහාසඥ ලී දොක්-ඉල් විසින් ජොසොන් යුගයේ ආරම්භයත් සමග නිර්මාණය වූ කොන්ෆියුසියානුවාදී සහ රාජ්‍ය සම්ප්‍රදායයන් පිළිබඳ සිව් මාසික පාඨමාලාවක් පවත්වන ලදී. (ගොර්යෝවේ රාජ්‍ය ආගම බුදු දහම වුව ද, ජොසොන් රාජ්‍යය කොන්ෆියුසියානු අගයයන් මත දැඩිව පදනම් වූවකි) ජොං දෝ-ජොන්ගේ ප්‍රකාශයක් වන, "ඔබ ජනතාවගේ හදවත හසුකරගත්තොත්, ජනතාව ඔබට ගෞරව කරාවි. නමුත් ඔබ ඔවුන්ගේ හද දිනා ගැනීමට අපොහොසක් වුවහොත්, ඔවුන් නිසැකවම ඔබට පිටුපානු ඇත" යන ප්‍රකාශය නාට්‍යයේ වෙබ්අඩවියේ නිෂ්පාදන සටහන් අතර ද ප්‍රදර්ශනය කෙරිණි.[4]

ප්‍රධාන රචක ජොං හ්යොන්-මින්, ගොර්යෝ යුගයට අයත් ග්‍රන්ථ රැසක් මෙන්ම නාට්‍යයේ ඇතුළත් පුද්ගලයන්ගේ චරිතාපදාන පිළිබඳව ද පරිශීලනය කළේ ය. ජොං මීට පෙර දශකයක් පමණ පාලක සේනුරි පක්ෂය සහ එහි ප්‍රධාන විපක්ෂය වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොරියානු නීති සම්පාදකයින් 10 දෙනකුට සහාය වී තිබේ. මේ නිසා දේශපාලනය පිළිබඳ ඔහුගේ දැක්ම නිෂ්පාදක කිම් හ්යොං-ඉල් විසින් ඔහුව රූපවාහිනී කතාමාලාව රචනයට තෝරා ගැනීමට හේතු වන්නට ඇත. ඇතැම් සංස්කෘතික නිරීක්ෂකයින් පවසා සිටියේ කොරියාවේ වර්තමාන දේශපානික තත්ත්වය - නිදහස් මතධාරීන් සහ මධ්‍යස්ථ මතධාරීන් අතර බල තරගය - මෙම ජොං දෝ-ජොන් කතාමාලාවට සමාන බවයි. අධ්‍යක්ෂක කං බ්‍යුං-තෙක් පැවසූයේ ‍ජොං "තාර්කික සහ ප්‍රායෝගිකයි. මේ ද්විත්වය වර්තමානයේ කොරියාවේ වැදගත් වටිනාකම් දෙකකි." යනුවෙනි.[4]

පිළිගැනීම[සංස්කරණය]

ජොං දෝ-ජොන් කතාමාලාව සියයට 12ක දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිශතයක් (AGB නීල්සන් කොරියා පාඨාංක අනුව) හිමිකරගත්තේ ය. නාට්‍යයේ නිල වෙබ්අඩවියට පළමු සති ද්විත්වය තුළම 500කට අධික තැපැල් සංඛ්‍යාවක් හිමි විය.[4]

මෙම කතාමාලාවේ සාර්ථකත්වයට හේතු වූ තවත් සාධකයක් ලෙස ඒ හා ආසන්න කාලයක ප්‍රකාශයට පත්කෙරුණු ජොංගේ දිවිය පිළිබඳ රචිත ග්‍රන්ථ දැක්විය හැක. ඉතිහාස ග්‍රන්ථ නිසා තවත් විකාශන සමාගමක් වූ MBC ආයතනය ද මෙම විද්වතාගේ චරිතය අලලා නාට්‍යයක් නිපදවීමට සැලසුම් කළත්, KBS නාළිකාවේ කතාමාලාව ලත් සාර්ථකත්වය නිසා MBC නාළිකාව එහි සැලසුම් දින නියමයක් නොමැතිව කල්දැමී ය.[4]

මීට අමතරව, KBS නාළිකාව එහි ඉතිහාස කථා වැඩසටහන වූ The Day, History Journal විකාශය කළේ ඉරිදා දිනවල ප.ව. 10:30ට ය. එනම් හරියටම ජොං දෝ-ජොන් විකාශය අවස්න වීමෙන් පසුව ය. නාට්‍යයේ පළමු කථාංගය වන විට, ඉතිහාස කථා වැඩසටහන මගින් ජොං, ගොර්යෝවේ බිඳ වැටීම සහ ජොසොන්හි පිබිදීම අනුයාත කථාංග තුනක් ඔස්සේ විකාශය කෙරිණි. ඉතිහාස කථා වැඩසටහන එහි කමිටු සාමාජිකයින් ලෙස ඉතිහාසඥයන් පමණක් නොව, කවියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ ජනප්‍රිය සංස්කෘතියේ විචාරකයින්ට ද ආරාධනා කොට තිබිණි.[4]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2014
50වන බෙක්සං කලා සම්මාන
හොඳම නළුවා (රූපවාහිනී) චෝ ජේ-හ්‍යුන් දිනාගති
41වන කොරියා විකාශන සම්මාන
ප්‍රධාන ත්‍යාගය (දේසං) ජොං දෝ-ජොන් දිනාගති
හොඳම අධ්‍යක්ෂක කං බ්‍යුං-තෙක් දිනාගති
හොඳම තිරරචනය ජුං හ්‍යුන්-මින් දිනාගති
7වන කොරියා නාට්‍ය සම්මාන
ප්‍රධාන ත්‍යාගය (දේසං) චෝ ජේ-හ්‍යුන් නිර්දේශිත
හොඳම නාට්‍යය ජොං දෝ-ජොන් නිර්දේශිත
හොඳම තිරරචනය ජුං හ්‍යුන්-මින් දිනාගති
3වන APAN ස්ටාර් සම්මාන
විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නළුවා චෝ ජේ-හ්‍යුන් දිනාගති
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නළුවා පාක් යොං-ග්‍යු නිර්දේශිත
KBS නාට්‍ය සම්මාන
ප්‍රධාන ත්‍යාගය (දේසං) යූ දොං-ග්‍යුන් දිනාගති
විශිෂ්ටතම සම්මානය, නළුවා චෝ ජේ-හ්‍යුන් දිනාගති
යූ දොං-ග්‍යුන් නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නළුවා චෝ ජේ-හ්‍යුන් නිර්දේශිත
යූ දොං-ග්‍යුන් නිර්දේශිත
පාක් යොං-ග්‍යු දිනාගති
හොඳම සහාය නළුවා ඉම් හෝ නිර්දේශිත
හොඳම යොවුන් නළුවා ජුං යුන්-සොක් නිර්දේශිත
PD සම්මානය චෝ ජේ-හ්‍යුන් නිර්දේශිත
හොඳම රචකයා ජුං හ්‍යුන්-මින් දිනාගති
2015 48වන වර්ල්ඩ්ෆෙස්ට්-හූස්ටන් අන්තර්ජාතින චිත්‍රපට උළෙල නාට්‍යාත්මක රූපවාහිනී කතාමාලාව සඳහා වන ප්ලැටිනම් රෙමි සම්මානය ජොං දෝ-ජොන් දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Lee, Yeong-hee (4 February 2014). "Why people are so fascinated by Jeong Do-jeon". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2014-02-12.
  2. 2.0 2.1 Do, Je-hae (3 January 2014). "Joseon founding seen in unique angle". The Korea Times. සම්ප්‍රවේශය 2014-02-12.
  3. Chung, Ah-young (10 January 2014). "Epic dramas to rule small screen in 2014". The Korea Times. සම්ප්‍රවේශය 2014-02-12.
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 Yang, Sung-hee; Kim, Hyung-eun (4 February 2014). "Unique historical drama tries putting history first". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2014-02-12.
  5. Chung, Joo-won (27 May 2014). "Song Gang-ho, Jun Ji-hyun get top nods at Baeksang Awards". The Korea Herald. සම්ප්‍රවේශය 2014-05-28.
  6. "Actress Lee Il-hwa boasts coke bottle bodyline". The Korea Herald. 2 January 2014. සම්ප්‍රවේශය 2014-02-12.

බාහිර සබැඳි[සංස්කරණය]