කුරුඳු වත්ත
Appearance
කුරුඳු වත්ත Cinnamon Gardens | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය |
තැපැල් කේතය | 00700 [1] |
කුරුඳු වත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 3 ක් පමණ අග්නිදිග දිශාවෙන් පිහිටයි. අතීතයේ මෙම ප්‍රදේශය තුල කුරුඳු වගාකර තිබීම හේතුවෙන් කුරුඳු වත්ත යන නාමය මීට ලැබී තිබේ. වර්ෂ 1789 වන විට මෙහි අක්කර 289 ක පමණ ප්‍රමාණයක කුරුඳු වගා කර තිබූ බව පැවසෙයි.
වර්ථමානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ නගර ශාලාව, සහ බොහොමයක් විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබේ.[2][3][4]
කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේද කුරුඳු වත්ත තුල වෙයි.[5]
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- නිදහස් අනුස්මරණ ශාලාව - නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත
- කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.
ප්‍රදේශයේ පිහිටි පාසල්
[සංස්කරණය]- බිෂොප් විද්‍යාලය (ශ්‍රී ලංකාව)
- බෞද්ධ බාලිකා විද්‍යාලය [6]
- ඩී. එස්. සේනානායක විද්‍යාලය
- මියුසියස් විද්‍යාලය
- රාජකීය විද්‍යාලය, කොළඹ
- සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය
- ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ
- තර්ස්ටන් විද්‍යාලය
විශ්වවිද්‍යාල
[සංස්කරණය]පින්තූර ගැලරිය
[සංස්කරණය]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, https://mohanjith.net/postal_codes/western/colombo/00700-cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12
- ^ සංරක්ෂිත පිටපත, http://www.worldportsource.com/ports/LKA_Port_of_Colombo_44.php, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12
- ^ http://www.lankainfo.com/travelinformation/cinnamongarden.htm
- ^ සංරක්ෂිත පිටපත, http://www.imagesofasia.com/html/srilanka/cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12
- ^ http://wikimapia.org/1606260/Colombo-Meteorological-Observatory
- ^ Buddhist Ladies' College 56th Founder's Day