ජනාධිපති ඩී.බී. විජේතුංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඩිංගිරි බණ්ඩා විජේතුංග
4වන ශ්‍රී ලංකා ජනාධිපති
නිලය දැරීම
මැයි 1, 1993 – නොවැම්බර් 12, 1994
පූර්වප්‍රාප්තිකයා රණසිංහ ප්‍රේමදාස
අනුප්‍රාප්තිකයා චන්ද්‍රිකා කුමාරතුංග
9වන ශ්‍රී ලංකා අගමැති
නිලය දැරීම
ජනවාරි 2, 1989 – මැයි 1, 1993
පූර්වප්‍රාප්තිකයා රණසිංහ ප්‍රේමදාස
අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහ
පුද්ගලික තොරතුරු
උපත පෙබරවාරි 15, 1916(1916-02-15)
උඩුනුවර, බ්‍රිතාන්‍ය ලංකාව බ්‍රිතාන්‍ය ලංකාව
මරණය සැප්තැම්බර් 21, 2008(2008-09-21) (වයස 92)
මහනුවර, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය
ආගම බුද්ධාගම


ඩිංගිරි බණ්ඩා විජේතුංග (පෙබරවාරි 15,1916 - සැප්තැම්බර් 21 2008) යනු ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා (මැයි 1,1993 - නොවෙම්බර් 12,1994) සහ ශ්‍රී ලංකාවේ අගමැති (මාර්තු 3,1989 - මැයි 7, 1993) සහ වයඹ පළාත් ආණ්ඩුකාර (1988 - 1989) ලෙස කටයුතු කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.


මෙරට තුන්වන ජනාධිපතිවරයා ලෙස වසරක කාලයක් කටයුතු තළ ඩී. බී. විජේතුංග මහතා ඉතා සරල දිවි පෙවෙතත් ගත කළ තැනැත්තෙකි. අව්‍යාජ ජන නායකයෙකු ලෙස ජන හදවත් වල රැඳුණු විජේතුංග මහතා ප්රජාතන්ත්‍රවාදී ගතිගුණවලින් සම්පූර්ණ වූවෙකු විය.


පෙර දිවිය[සංස්කරණය]

කන්ද උඩරට උඩුනුවර පොල්ගහ අංග ග්‍රාමයේ උපත ලබා ගම්පොළ ශාන්ත ඇන්ඩෲ විදුහලේ අධ්‍යාපනය නිමවා සමුපකාර පරීක්‍ෂාකවරයෙකු ලෙස ජීවිතය ඇරඹූ ඩී. බී. විජේතුංග මහතාට දේශපාලන ක්‍ෂේත්රයට අවතීර්ණ වන්නට ලැබුණේ උඩරට කීර්තිමත් ඇමතිවරයෙකු වූ ඒ. රත්නායක මහතාගේ ‍‍පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු නිසාය.

දේශපාලන දිවිය[සංස්කරණය]

ඩී.බී. විජේතුංග, ජෝර්ජ් ඊ.ද සිල්වා සහ ඒ. රත්නායක ආදී දේශපාලනඡයන් ලගින්ම අසුරැ කළේය. ඩී.එස් සේනනායක මැතිතුමාගේ කැබිනට් මංඉලයේ ආහාර හා සමුපකාර සේවා ඇමති වු ඒ රත්නායක විසින් ඩී.බී. විජේතුංග ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ගනු ලැබිය.

1946 දි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු විජේතුංග මහතා 1965 මහ මැතිවරණයෙන් උඩුනුවර ආයතනය ජයගෙන පාර්ලිමේන්තුවට තේරි පත්විය. ඔහු සිය ඡන්දදායකයන් වෙනුනේ වැඩකරන මන්ත්රියවරයෙකු ලෙස ප්ර චලිත විය.

විජේතුංග මහතා දේශපාලනඥයකු ලෙස තම ජීවිතය ආරම්භ කරනුයේ 1965 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් උඩුනුවර ආසනයට තරඟ කරමිනි. නැවත 1977 මහ මැතිවරණයේ දී ජය ලැබූ ජේ. ආර්. ජයවර්‍ධන රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිවරයා වූ විජේතුංග මහතා පසුව විදුලි හා බලශක්ති, කෘෂිකර්‍ම, තැපැල් හා විදුලි සංදේශ සේවාවේ විශේෂ ප්‍රගතියක් ඇති කිරීමට සමත් විය.


1988 පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසු වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ විජේතුංග මහතා යළිත් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වනුයේ ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේ ය. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කොට ජය ලැබූ ඒ මහතා අග‍මැති ධුරයට පත් ‍කෙරිණි.

ශ්‍රෟ ලංකාවේ 12 වන අගමැතිවරයා ලෙස කටයුතු කරමින් මුදල් ඇමති පදවිය දැරීමේ භාග්‍යය ද එතුමාට හිමි විය.

1993 මැයි 1 දින පැවති මැයි රැළියේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ජනාධිපති ලෙස පත්වීමට විජේතුංග මහතාට අවස්ථාව ලැබිණි.


ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ විජේතුංග ජීවිත‍යේ විශේෂ ලක්‍ෂණයක් නම් කාල කළමනාකරණයට තිබූ දක්‍ෂතාව යයි.[තහවුරු​ කරන්න]

සැදෑ සමය[සංස්කරණය]

1994 විධායත ජනාධිපති ධූරයට චන්ද්රිිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීමත් සමඟම ‍‍දේශපාලන කටයුතු වලින් සමුගෙන පිළිමතලා‍වේ පිහිටි සිය නිව‍සේ විශ්‍රාම දිවියක් ගත කළ විජේතුංග සිය පාලන කාල‍යේ දී මෙන් ම දේශපාලනයෙන් ඈත්ව සිටි කාලයෙ දීත් ජනහිතකාමී ලෙස ක්රියයා කිරීම වි‍ායශේෂත්වයකි.

දිගු කාලීනව අසනීපවීම හේතුවෙන් 2008ල සැප්තැම්බර් 21 පෙ.ව 9.30ට පමණ නුවර මූලික රෝහලේ දී අභාවප්රාප්ත විය.