දි.මු. ජයරත්න
ගරු දි.මු. ජයරත්න | |
---|---|
தி. மு. ஜயரத்ன D. M. Jayaratne | |
![]() | |
ශ්‍රී ලංකාවහි 14වන අග්‍රාමාත්‍යවරයා | |
පදවිය දැරීම 2010 අප්‍රියෙල් 21 – 9 ජනවාරි 2015 | |
President | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා | |
පදවිය දැරීම 2010 ජූලි 8 – 7 ජූලි 2015 | |
President | මහින්ද රාජපක්ෂ |
Prime Minister | ඔහුම |
වැවිලි අමාත්‍යවරයා | |
පදවිය දැරීම 2007 අගෝස්තු 6 – 2010 අගෝස්තු 6 | |
President | මහින්ද රාජපක්ෂ |
Prime Minister | රත්නසිරි වික්‍රමනායක |
තැපැල්, විදුලි සංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍ය | |
පදවිය දැරීම 8 August 2004 – 6 September 2007 | |
President | මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග |
Prime Minister | රත්නසිරි වික්‍රමනායක මහින්ද රාජපක්ෂ |
කෘෂිකර්ම අමාත්‍ය | |
පදවිය දැරීම 1 ජුනි 2000 – 9 ජූලි 2001 | |
President | චන්ද්‍රිකා කුමාරතුංග |
Prime Minister | රනිල් වික්‍රමසිංහ |
Member of the ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු Parliament for මහනුවර දිස්ත්‍රික්කය | |
පදවිය දැරීම 5 ජනවාරි 2004 – 7 ජනවාරි 2010 | |
පදවිය දැරීම 1 ජූලි 1989 – 2001 දෙසැම්බර් 29 | |
Member of the ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු Parliament for ජාතික ලැයිස්තුව | |
පදවිය දැරීම 7 ජනවාරි 2010 – 6 ජුනි 2015 | |
පදවිය දැරීම 2001 දෙසැම්බර් 30 – 2 ජනවාරි 2004 | |
පුද්ගලික තොරතුරු | |
උපත | දිසානායක මුදියන්සේලාගේ ජයරත්න 4 ජුනි 1931 කොළඹ, ශ්‍රී ලංකාව |
මරණය | 19 November 2019 මහනුවර, ශ්‍රී ලංකාව | (වයස 88)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
දරුවන් | 3 |
උගත් ශාස්ත්‍රාලය | සහිරා විද්‍යාලය, ගම්පෝල |
දි.මු. ජයරත්න (දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න) ( උපත ජූනි 7, 1931 )( විපත නොවැම්බර් 19,2019 )[1]) ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා විය. වර්තමානයේ මොහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් වන ජයරත්න, මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 දීය. අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ 2010, අප්‍රේල් 21 දිනදීය. [2]
මුල් දිවිය[සංස්කරණය]
දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි, කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය [තහවුරු කරන්න]. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් 1951දී මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වශයෙන් එහි සාමාජිකත්වය ලබා ගත්තේය. දි.මු.ජයරත්න දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.[3]
දේශපාලනය[සංස්කරණය]
මෙතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 මහා මැතිවරණයෙහිදී, ගම්පොළ මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි (ශ්‍රිලනිප) අපේක්ෂකයා වශයෙන් ඡන්ද 14,463 ලැබ එක්සත් ජාතික පක්ෂයෙහි (එජාප) ඩබ්.පී.බී. දිසානායක පරාජය කරමිනි.[4] පසුව 1977 මැතිවරණයෙහිදී දිසානායක විසින් ඔහුව පරාජය කරන ලද අතර, එහිදී ශ්‍රීලනිප වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙක් විය..[5] 1989 දී ඔහු මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේය. මනාප ඡන්ද 54,290 සංඛ්‍යාවක් ලැබූ ඔහු, මහනුවර දිස්ත්‍රික්කයෙහි ශ්‍රිලනිප ලැයිස්තුවෙහි මුල් තැන ලැබීය.[3]
1994 දී, පොදු පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් විය.[3]
දරන ලද කැබිනට් අමාත්‍ය ධූරයන්[සංස්කරණය]
- ඉඩම්, කෘෂිකර්ම සහ වන සම්පත් - 1994-2000
- කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර - 2000-2001
- තැපැල් සහ විදුලි සංදේශ ; උඩරට සංවර්ධන - 2004-2005
- තැපැල් සහ විදුලි සංදේශ; ග්‍රාමීය ආර්ථික සංවර්ධන - 2005-2007
- වැවිලි කර්මාන්ත 2007-2010
අග්‍රාමාත්‍ය[සංස්කරණය]
2010 මහා මැතිවරණයෙහිදී, එක්සත් ජනතා නිදහස් සංධානයෙහි මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව, ශ්‍රිලනිපයෙහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයාවූ ජයරත්න මැතිතුමා, 2010 අප්‍රේල් 21 දිනදී අග්‍රාමාත්‍ය වරයා ලෙසින් දිවුරුම් දෙනු ලැබීය. ඔහු බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යා පදවියද දරයි.[6] දි.මු.ජයරත්න අග්‍රාමාත්‍යවරයාගේ පාලන සමයේදී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කාල පරිච්ඡේදය උදාවූ අතර ඒ සමයේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් දියත් කෙරිණි.
See also[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ Parliament profile
- ↑ D.M Jayaratne sworn in as PM, Daily Mirror, 2010-04-21
- ↑ 3.0 3.1 3.2 "Sri Lanka's new Prime Minister is D. M Jayaratne". News.lk. 1931-06-07. Retrieved 2010-04-21.
- ↑ "Results Of Parliamentary General Election -1970" (PDF). Department of Elections. Retrieved 2010-04-21.
- ↑ "Results Of Parliamentary General Election -1977" (PDF). Department of Elections. Retrieved 2010-04-21.
- ↑ http://adaderana.lk/news.php?nid=7906
දේශපාලන පදවි | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා රත්නසිරි වික්‍රමනායක |
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු 2010–2015 |
අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහ |
සැකිල්ල:ශ්‍රීලංකාඅග්‍රාමාත්‍යවරුන් සැකිල්ල:ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
- වත්මන් ජාතික නායකයෝ
- ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍යවරු
- ජීවත්වන්නෝ
- ශ්‍රී ලංකාවේ 7වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ 10වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ11වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ13වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ14වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරු
- ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු
- සිංහල ජනතාව
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ශ්‍රී ලාංකික දේශපාපනඥයෝ
- 1931 උපත්