Jump to content

ශ්‍රී ලංකාවේ දේශපාලනය

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාව හී දේශපාලනය වෙතින් යළි-යොමු කරන ලදි)


ශ්‍රී ලංකාව ස්වෛරීය ඒකීය රාජ්‍යයකි. මෙහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයාද වේ.

අධිකරණය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය,අභියාචනාධිකරණය,මහ අධිකරණය සහ පහල අධිකරණය ලෙස අධිකරණ ගණනාවකින් සමන්විත විය.ශ්‍රී ලංකාවේ නීති පද්ධතියටද සංස්කෘතීන් ගණනාවක අභාසය ලැබී ඇත.අද අපරාධ නීතිය මූලිකව බ්‍රිතාන්‍ය ආභාසය ලබා ඇති අතර සිවිල් නීතිය රෝම ලන්දේසි ආභාසය ලබා ඇත. එහෙත් විවාහ,දික් කසාදය සහ උරුමය සම්බන්ධ නීති එක් එක් ජන කොටසට අනුව වෙනස් වේ.උඩරට නීතිය,තේසලමෙයි නීතිය (යාපනය ද්‍රවිඩ ) සහ මුස්ලිම් නීතිය උදාහරණ ලෙස දැක්විය හැක. රෝම ලන්දේසි නීතිය පහත රට සිංහලයන්ට ,වතු ද්‍රවිඩ ජාතිකයින්ට සහ අනකුත් ජන කොට්ඨාශවලට බලපායි.

විධායකය

[සංස්කරණය]
  1. විධායක ජනාධිපති, කැබිනට් මණ්ඩලය සහ මාණ්ඩලික නිලධාරීන්ගෙන් විධායකය සමන්විත වේ.විධායකට අධිකරණ බලතලද තිබ‍ෙ.



විධායක ජනාධිපති

  • ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව හත්වන පරිච්ඡේදයේ තිස් වන ව්යවස්ථාවේ සිට හතළිස් එක්වන ව්යවස්ථාව දක්වා ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාගේ බලතල.සහ ජනාධිපතිවරයාගේ ධුරය පිළිබඳ හැඳින්වීම සඳහන් කර ඇත. ඒ අනුව ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා සතුව ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතියට ශ්රී ලංකාවේ ව්යවස්ථාදායකයට සහ සමස්තයක් වශයෙන් ශ්රී ලංකාවේ සමස්ත පරිපාලනයට බලපෑම් කළ හැකි වන පරිදි අති විශාල බලයක්.ගොඩ නගා ඇත ඊට පෙර පැවති ව්යවස්ථා වල සඳහන්ව උත්තර මන්ත්රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව මෙම ව්යවස්ථාවෙන් අහෝසි කර ඇති අතර එහි පූර්ණ බලතල ව්යවස්ථාදායකයට පවරා ඇත. එසේ නමුත් ව්යවස්ථාව ඍජුවම සහ වක්රව පූර්ණ වශයෙන් විධායකය යටතේ පාලනය වනු ලැබේ
  • ජනාධිපතිවරයා සතු අධිකරණ බලය.

ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතියට පූර්ණ වශයෙන් බලපෑම් කිරීමේ බලය ඇත.

මෙහි ප්රථම ශ්රී ලංකාවේ නීති භාර නිලධාරියා වන නීතිපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුකළ හැක.අභියාචනාධිකරණය සහ ශ්රේෂ්ඨාධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබයි .මහාධිකරණ මහේස්ත්රාත් අධිකරණ ඇතුළු අනෙකුත් අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන අතර, අධිකරණ සේවා කොමිෂන් සභාව පිහිටුවීමේ බලය ජනාධිපතිවරයා සතුය.    ඒ අනුව ජනාධිපතිවරයා සඳහා එම අධිකරණවලට බලපෑම් කිරීමේ වක්ර බලයක් ගොඩ නැගී ඇත..මෙම බලතල විදහා දක්වන ආකාරයක් ලෙස ශ්රී ලංකාවේ අධිකරණයකින් පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර ඇති අවස්ථාවකදී ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට එම මරණ දඬුවම අහෝසි කිරීමට හෝ මරණ දඬුවම අවලංගු කොට ඔහු නිදොස්කොට නිදහස් කිරීමේ පූර්ණ බලතල හිමි වී ඇත

ජනාධිපතිවරයාට ඇති ව්යවස්ථාදායක බලතල ප්රකාරව අමාත්ය මණ්ඩලය පත්කිරීම අමාත්යවරුන්ට විෂය පැවරීම සහ අමාත්ය මණ්ඩලය ඉවත් කිරීමට පූර්ණ බලතල පවතී. තවද ජනාධිපතිවරයාට අවශ්ය විෂය ප්රමාණයක් තමාට පවරා ගැනීමට බලය ඇත

ඒ අනුව ශ්රී ලංකා ජනාධිපතිවරයා සතුව ඒකාධිපති බලතල සෘජුව හෝ වක්රව විධායක ජනාධිපති ක්රමය මගින් ඔහු වටා ගොඩ නගා ඇත.

කැබිනට් මණ්ඩලය

[සංස්කරණය]

සිවිල් සේවා ව්‍යුහය

[සංස්කරණය]

රට දිසත්‍රීක්ක 25 කට බෙදා ඇති අතර එක් එක් දිස්ත්‍රීක්කයට දිස්ත්‍රීක්ක ලේකම්වරයෙකු පත්කෙරේ. පත්කරන ලද ප්‍රාදේශිය ලේකම්වරයෙකුගෙන් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 - 16 අතර ප්‍රමාණයකට නැවත මෙම දිස්ත්‍රීක්ක බෙදා ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ග්‍රාම නිලධාරී කොට්ඨාස වලට බෙදා ඇත. ග්‍රාමීය මට්ටමෙන් ග්‍රාම නිලධාරීන් සේවයට යොදවා ඇත.

ප්‍රාදේශීය පාලනය

[සංස්කරණය]

මහනගර සභා,නගර සභා සහ ප්‍රාදේශිය සභා යටතේ ප්‍රාදේශීය පාලනය පවතී.

ඒවායේ ව්‍යුහය මෙසේය,

පළාත් සභාවලට පහළින් මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශිය සභා පවතී.මහනගර සභා 18 කි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කොළඹ,මහනුවර,යාපනය,ගාල්ල,මාතර,දෙහිවල- ගල්කිස්ස,අනුරාධපුරය,ගම්පහ,මොරටුව, රත්නපුර, කුරුණෑගල,නුවර එලිය,බදුල්ල,මඩකලපුව,කල්මුණේ, මීගමුව නගර සභා 42ක් ප්‍රාදේශීය සභා 270කි.(2006 ජනවාරි සංශෝධන ඇතුලත්ය)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය

[සංස්කරණය]

1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් වූ අතර අග්‍රආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා විය.ද්විමණ්ඩල පාර්ලිමේන්තු සෙනෙට් සභාවකින් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය

1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කෙරුණු අතර 1972 දී සිලෝන් නාමය වෙනුවට ශ්‍රී ලංකාව යොදාගත්හ. ඒ සමගම ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත් වූ අතර අග්‍ර ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය බවට පත්විය. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය යටතේ ඒක මාණ්ඩලික ව්‍යවස්ථාවක් බිහි කෙරුණු අතර එය ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්විය.

1978 දී සම්මත කෙරුණු නව ව්‍යවස්ථාව විධායකය ජනාධිපති ධූරයක් ඇතිකල අතර ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව ලෙස නම් කෙරිනි.

1987 ඉන්දු ලංකා ගිවිසුම (රජීවි - ජේආර් ගිවිසුම) සහ එහි ප්‍රතිඵලයක් වූ 13 වන ව්‍යාවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා පිහිටුවා යම් බලතල ප්‍රමාණයක් ලබාදීමට ආණ්ඩුව එකග විය. පළාතේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයෙක් පත්කෙරේ. පළාත් සහාවක් සඳහා නියෝජිතයන් වසර 5 ක් සඳහා සෟජු ජන්දයෙන් පත් කෙරේ. සභාවේ බහුතරය ලබාගන්නා පක්ෂයේ කණ්ඩායම් නායකයා මහා ඇමතිවන අතර ඔහු විසින් ඇමති මණ්ඩලයක් පත් කර ගනු ලැබේ. පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති විසින් පත් කෙරේ. පළාත් සභා බලතල ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රඥප්ති සැකසිමේ බලය පළාත් සභාව සතුය. සමාගම් ලැයිස්තුව සම්බන්ධයෙන් හවුල් බලතල හිමි අතර සංචිත ලැයිස්තුව සම්බන්ධයෙන් කිසිදු බලයක් නැත.

පළාත් සභා ලැයිස්තුව

[සංස්කරණය]
  1. සැලසුම්කරණය - පළාත් ආර්ථික සැලසුම් දියත් කිරීම.
  2. අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා.
  3. පළාත් පාලනය.
  4. පළාත් නිවාස සහ ගොඩනැගිම්.
  5. පළාත තුළ මාර්ග පාලම් ඉදිකිරීම .
  6. සමාජ සේවා සහ පුනරුත්ථාපනය.
  7. කෘෂිකර්මය සහ කෘෂිකර්ම සේවා.
  8. ග්‍රාම සංවර්ධනය
  9. සෞඛ්‍යය.
  10. දේශීය වෛද්‍යසේවා - ආයුර්වේද සහ යුනානි.
  11. ආහාර සැපයීම සහ බෙදා හැරීම - පළාත තුල.
  12. ඉඩම්
  13. වාරිමාර්ග
  14. සත්ව පාලනය
  15. පළාත් ණය - පාර්ලමේන්තු නීති ප්‍රකාරව ණය ගැනීම
  16. පරිසර සංරක්ෂණය

සංචිත ලැයිස්තුව

[සංස්කරණය]
  1. සියළු විෂයන් හා කාර්යයන් සඳහා ජාතික ප්‍රතිපත්ති.
  2. විදේශ සබදතා
  3. තැපැල් සහ සන්නිවේදන විකාශන,රූපවාහිනී
  4. අධිකරණයට සහ අධිකරණ ව්‍යුහයට අදාලව සාධාරණත්වය
  5. ජාතික ආදායම, මූල්‍ය ප්‍රතිපත්තිය සහ භාහිර සම්පත්වලට අදාල මූල්‍ය‍ කටයුතු
  6. විදේශ වෙළදාම අන්තර් පළාත් වෙළදාම සහ වාණිජ්‍ය
  7. වරාය සහ නැවු තොට
  8. ගුවන් ගමන් සහ ගුවන් තොටුපල
  9. ජාතික ගමනාගමනය
  10. ගංඟා සහ ජල මාර්ග නැවු සහ නාවික කටයුතු, වෙරළ බඩ ප්‍රදේශ
  11. ඛණිජ සහ පතල්
  12. ආගමන,විගමන සහ පුරවැසි කටයුතු
  13. 3මැතිවරණ,ජනාධිපතිවරණ,මහමැතිවරණ,පළාත් සභා සහ පළාත්පාලන
  14. ජනලේඛන සහ සංඛ්‍යාලේඛ
  15. වෘත්තීයමය රැකියා සහ පුහුණුව
  16. ජාතික ලේඛනාරක්ෂණය ,පුරාවිද්‍යා කටයුතු.
  17. පළාත් සභා හෝ සමාගම් ලැයිස්තුවේ සදහන් නොමැති සියලු බල තල.


සමාගම් ලැයිස්තුව

[සංස්කරණය]
  1. සැලසුම්කරණය
  2. උසස් අධ්‍යාපනය
  3. ජාතක නිවාස සහ ගොඩනැගිලි
  4. දේපල අත්පත් කරගැනීම සහ අධිකරණ කටයුතු
  5. සමාජ සේවා සහ පුනුරුත්ථාපනය
  6. කෘෂිකර්ම සහ කෘෂිකාර්මික සේවා
  7. සෞඛ්‍යය
  8. උපත්,විවාහ සහ මරණ ලියාපදිංචිය.
  9. ගම් සහ නගර නැවත නම්කිරීම
  10. පළාත තුළ පුද්ගලික ලොතරැයි
  11. උත්සව සහ ප්‍රදර්ශන
  12. ආහාර පාලන සහ ආහාර තොග පාලන
  13. සමූපකාර,සමූපකාර බැංකු
  14. වාරිමාර්ග
  15. වන සංවර්ධනය සහ වන සතුන් සහ පක්ෂීන් සංරක්ෂණය.
  16. ධීවර කටයුතු - මුහුදු සීමාවෙන් මෙපිට
  17. සත්ත්ව පාලනය
  18. රැකියා නියුක්තිය
  19. සංචාරක ව්‍යාපාරය පළාත තුළ සංවර්ධනය සහ පාලනය.
  20. වෙළදාම හා වාණිජ්‍ය.
  21. පුවත්පත්,පොත් ප්‍රකාශන සහ මුද්‍රන ආයතන
  22. ලැයිස්තුවේ බලතලවලට අදාළ නීති කඩ කිරීම්
  23. ලැයිස්තුවේ බලතලවලට අදාළ අයකිරීම- අධිකරණ අයකිරීම් හැර
  24. අසරණ සරණ කටයුතු ,ආයතන,ආගම් ආයතන
  25. මිල පාලනය
  26. මෙම ලැයිස්තුවේ හෝ පළාත් සභා ලැයිස්තුවේ බල තල සම්බන්ධයෙන් විමසීම සහ සංඛ්‍යානය
  27. ආහාර සහ වෙනත් දෑ
  28. මත්ද්‍රව්‍ය සහ වසවිෂ
  29. පරිසර සංරක්ෂණය
  30. පුරාවිද්‍යා ප්‍රදේශ සහ නටබුන් ජාතික වැදගත්කමකින් යුක්ත ඒවාහැර
  31. බෝවන රෝග සහ රෝගකාරක සත්ත්ව ව්‍යාප්තිය වැළැක්වීම
  32. වන්දනා ගමන්

මෙම ලැයිස්තුව සම්පූර්ණ ඒවා නොවන අතර බල තල සම්බන්ධ මග පෙන්වීමක් පමණි.

පක්‍ෂ දේශපාලනය සහ මැතිවරණ

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ,ජාත්‍යන්තරව නොබැදිබව සහ සිංහල සංස්කෘතයේ ප්‍රවර්ධනය පිළිගනී.මෙම පක්ෂ දෙක අතර අතීතයේ පැවති වෙනස්කම් දැන් අවමවී ඇත. ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින අතර දේශපාලන ප්‍රචණ්ඩත්වය (විශේෂයෙන් 1977 - 1993 එ.ජා.ප පාලන සමය යි )පැවතියත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවරව පවතී. 1977 - 1997 වකවානුවට සාපේක්ෂව දැන් දැන් මැතිවරණවලදී එ.ඡා.ප සහ ශ්‍රී.ල.නි.ප අතර ප්‍රචණ්ඩත්වය අඩු වෙමින් පවතියි. 1989 මහ මැතිවරණවලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩත්වය අඩුවී ඇත.

ශ්‍රී.ල.නි.ප ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකකට පසු 2004 පෙබරවාරි මස විසුරුවා හැරියාය.(සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු කාලය වසර 6 කි) 2004 අප්‍රේල් 2 පැවති මහ මැතවරණයෙන් ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ සන්ධානය එක් පක්ෂයක් ලැබූ වැඩිම ඡන්ද ගණන ලබාගත්තද වැඩි බහුතරක් ලබා ගත නොහැකිවිය. නව සන්ධානගත පාර්ලමේන්තුවේ පළමු ඡන්ද විමසීම වන කථානායක තේරීමේ තරගයෙන්ම ඔවුන් පරාජය වීමද සුවිශේෂීය. මේනිසා පෙබරවාරි සිට මැයි දක්වා පාර්ලමේන්තුව කිසිදු පණතක් සම්මත කළේ නැත.


2005 අගෝස්තු මස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය.මෙය දිගු කාලයක් තිස්සේ පැවති කතිකාවතකට විසදුමක් විය. ශ්‍රී.ල.නි.ප අපේකෂකයා ලෙස මහින්ද රාජපක්ෂද,එ.ජා.ප අපේකෂකයා ලෙස රනිල් වික්‍රමසිංහද නම් කෙරිණි. 2005 නොවැම්බර් 17 පැවති මැතිවරණයෙන් වලංගු ඡන්ද 50.2 % ලබාගත් මහින්ද රාජපක්ෂ මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස පත් කර ගැණුනි. රනිල් වික්‍රමසිංහට හමි වූයේ ඡන්ද 48.43% කි මහින්ද රාජපක්ෂ 2005 නොවැ. 19 දින ජනපති වශයෙන් දිවුරුම් දුන්අතර 22 වන අගමැති වශයෙන් රත්නසිරි වික්‍රමනායක 2005 නොවැ 21 දියුරුම් දුන්නේ මහින්ද රාජපක්ෂගේ හිස්වූ අසුන සඳහාය.ඔහු මීට කලින් 2000 හේ දීද අගමැති ලෙස කටයුතු කර තිබිණි.

විදේශ සබඳතා

[සංස්කරණය]

සවිස්තරාත්මකව ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමේ දී රට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් වඩා සමීප සබඳතාවයක් 1977 දෙසැම්බර් සිට එක්සත් ජනපදයත් සමඟ ඇති කරගනු පෙනිණි. විවිධාකාරයේ තානාපති සබඳතා මඟින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ස්වාධීනත්වය, නිදහස හා සංවර්ධනය, සංවර්ධනය වන රටවලට ලබා දීමේ දී ක්‍රියාකාරී වේ. නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) ආරම්භක සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකා‍ව ක්‍රියා කළේය. ශ්‍රී ලංකාව, පොදු රාජ්‍ය මණ්ඩලය දකුණු ආසියා සංවිධානය - කලාපීය සහයෝගීතාව වූ (SAARC), ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව හා කොළඹ ක්‍රමය යන සංවිධානවල සාමාජිකයත්වය දරයි. ශ්‍රී ලංකාව ක්‍රියාකාරී සාමාජිකත්වය නොබැඳි ජාතීන්ගේ සංවි‍ධානයේ දරමින්ම සාර්ක් සංවිධානයේ ද කලාපීය වශයෙන් සංවිධාන වීමේ වැදගත්කම සලකා බලවත් ක්‍රියාකාරීත්වයකින් ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාව IAEA, IBRD, AsDB, C, CP, ESCAP, FAO, G-24, G-77, ICAO, ICC, ICFTU, ICRM, IDA, IFAD, IFC, IFRCS, IHO, ILO, IMF, IMO, ඉන්මාර්සට්, ඉන්ටෙල්සට්, ඉන්ටපොල්, IOC, IOM, ISO, ITU, NAM, OAS (ඔබ්සර්වර්), OPCW, PCA, SAARC, UN, UNCTAD, UNESCO, UNIDO, UNU, UPU, WCL, WCO, WFTU, WHO, WIPO, WMO, WToO, WTrO. І යන සංවිධානවල සාමාජිකත්වය ද දරයි.

දිගුකාලීන ගැටළු

[සංස්කරණය]

බෙදුම්වාදය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ මිලයන 3.2 දෙමළ ජනතාවක් වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයට රාජපක්ෂ මහතා විසින් ලබාදෙනුයේ වික්‍රමසිංහ මහතා ලබාදුන් ස්වයංපාලනය බලයට වඩා අඩු බලයකි. රාජපක්ෂ මහතා ලැබු පටු මැතිවරණ ජයග්‍රහනය LTTE ය විසින් ඇති කෙරුවක් බවද මතයක් පවතී. LTTE ය මැතිවරණය වර්ජනය කල අතර දහස් ගණන් ද්‍රවිඩ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදුනි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිරට ෆෙඩරල් ක්‍රමයක් ලබාදීමට පොරොන්දු වූ වික්‍රමසිංහ මහතා පරාජයට පත් විය.


දිළිඳුබව

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_දේශපාලනය&oldid=698851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි