හේඉන්සා

විකිපීඩියා වෙතින්
හේඉන්සා විහාරය ජංග්‍යොං පන්ජොන්, ත්‍රිපිටක කොරියානා දැව අච්චු සුරක්ෂිතාගාරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
පිහිටුමදකුණු ග්‍යොංසං පළාත, දකුණු කොරියාව
නිර්ණායකයසංස්කෘතික: iv, vi
මූලාශ්‍ර737
අභිලේඛනය1995 (19 වන සැසිය)
ඛණ්ඩාංක35°48′N 128°06′E / 35.800°N 128.100°E / 35.800; 128.100
හේඉන්සා is located in දකුණු කොරියාව
හේඉන්සා
දකුණු කොරියාව තුළ හේඉන්සා හි පිහිටුම
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයHaeinsa
මැකූන්–‍රයිෂවර්Haeinsa

ඛණ්ඩාංක: 35°48′N 128°6′E / 35.800°N 128.100°E / 35.800; 128.100 හේඉන්සා (해인사, 海印寺: මුද්‍රා සමුද්‍රයේ විහාරය) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු සොන් බුද්ධාගමේ එන ජොග්යේ නිකායයෙහි (대한불교조계종, 大韓佛敎 曹溪宗) මූල විහාරයයි. මෙය දකුණු කොරියාවේ දකුණු ග්‍යොංසං පළාතේ ගයාසන් ජාතික උද්‍යානය (가야산, 伽倻山) තුළ පිහිටා ඇත. හේඉන්සා වඩාත්ම ප්‍රචලිත වී ඇත්තේ එහි තැන්පත් කොට ඇති ත්‍රිපිටක කොරියානා නම් වූ බෞද්ධ ත්‍රිපිටකය කැටයම් කළ දැව මුද්‍රණ ඵලක 81,350 නිසායි. මෙය 1398 සිට මෙම විහාරය තුළ පවතියි.[1]

ත්‍රිරත්න විහාර අතුරින් එකක් ලෙස සැලකෙන හේඉන්සා මඟින් බුදුන් වහන්සේගේ ධර්මය සංකේතවත් කෙරෙයි. වර්තමානයෙහි පවා මෙම විහාරය සොන් (선, 禪) නිකායයෙහි වන්දනාවට ලක් වෙයි. 1993 දී මරණයට පත්වූ ප්‍රකට සොන් ආචාර්ය සොංචොල්ගේ (성철, 性徹) නිවහන වූයේ ද මෙම විහාරයයි.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. orientalarchitecture.com. "Asian Historical Architecture: A Photographic Survey". www.orientalarchitecture.com.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හේඉන්සා&oldid=475023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි