ඉරානයේ බුදු දහම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මොංගෝලීය පාලකයින් වූ අර්ඝුන් සහ අබාකා බෞද්ධයෝ වූහ. 14වන සියවසට අයත් රෂිඩ්-අල්-දින් හමාදානිගේ විශ්වීය ඉතිහාසය කෘතියෙනි.

ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තකයින්ගෙන් වැඩි පිරිසක් පාර්තියාව සහ වර්තමාන ඉරානය හා සම්බන්ධව පැවති සෙසු රාජධානිවලින් පැමිණි තැනැත්තන් විය.[1]

ඉතිහාසය[සංස්කරණය]

පූර්ව-ඉස්ලාමීය ඉරානය[සංස්කරණය]

සැසේනීය පාලන සමයේ ඔවුන් සතු වූ විශාල අධිරාජ්‍යය තුළ බෞද්ධයින් හට හිංසා කිරීම් සිදුව තිබේ. එයට හේතුව ක්‍රි.ව. 224දී ඔවුන් සිය රාජ්‍ය ආගම ලෙස සරතුස්ත්‍ර ආගම ප්‍රකාශයට පත් කිරීමයි. මේ නිසා ඉන් පසුව එළැඹි කාල සීමාව තුළ මධ්‍ය ආසියාවේ පිහිටා තිබූ බොහෝ වැදගත් බෞද්ධ පුද බිම් ගිනිබත් කිරීම සිදු විය. වර්තමාන මධ්‍ය ආසියානු ප්‍රදේශයට අයත් සැසේනියානු භූමියේ වඩාත් නැගෙනහිරට වන්නට පිහිටා තිබූ නිරුපද්‍රිත බෞද්ධ පුද බිම් පසුකාලීනව 5වන සියවසේ දී සුදු හන්වරුන් විසින් ආක්‍රමණය කරන ලදී.[2]

අරාබි ආක්‍රමණ සහ පරිහානිය[සංස්කරණය]

7වන සියවසේ මැදි භාගයේ පමණ අරාබි ආක්‍රමණ එල්ල වන විට, නැගෙනහිර ඉරානියානු ලෝකයේ ජීවත් වූ ජනතාවගෙන් වැඩි පිරිසක් බෞද්ධයෝ වූහ. ඇෆ්ගනිස්ථානය වැදගත් බෞද්ධ පුද බිම් රැසකින් පොහොසත් විය. මීට අමතරව තවතබෞද්ධ පුජනීය ස්ථාන රැසක් තුර්ක්මෙනිස්ථානය, උස්බෙකිස්ථානය, ටජිකිස්ථානය, සහ ඉරානය යන රටවලට අයත් බිම් තුළින් හමුවී ඇත.[3] අරාබි ආක්‍රමණ හේතුවෙන් නැගෙනහිර ඉරානයේ සහ ඇෆ්ගනිස්ථානයේ බුදු සමයේ අවසන් බිඳවැටීම සිදු විය. නමුත් 8 වන සහ 9 වන සියවස් තෙක්ම බාමියන් සහ හඩ්ඩා වැනි පුද බිම් රැසක් විනාශ නොවී පැවතිණි.[2]

තරුණ වියේ දී බෞද්ධ අධ්‍යාපනය ලද මොංගෝල පාලකයකු වූ ඝසාන් ක්‍රි.ව. 1295 දී, ඉස්ලාම් ආගම වැළඳ ගත්තේ ය. අනතුරුව ඉස්ලාම් ආගම මිය ඉල්ඛානේට් රාජ්‍යයේ රාජ්‍ය ආගම බවට ප්‍රකාශ කළේ ය.[4] මීට අමතරව ඔහු විසින් බුදු දහම ඇදහීම තහනම් කරන ලදී. නමුත් බෞද්ධ භික්ෂූන් හට අසල්වැසි බෞද්ධ ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමට ඔහු අවසර ලබා දුන්නේ ය.[5]

වර්තමානය[සංස්කරණය]

මෑතකාලීන වර්ෂවල පශ්චාත්-විප්ලවවාදී යුගයේ කොටසක් ලෙස බෞද්ධ අදහස් සහ චාරිත්‍ර ඉරානයේ නොයෙකුත් විශ්වාසයන් තුළ ඉස්මතු වන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම ඉරානවරුන් තුළ බුදු දහම කෙරෙහි කිසියම් උනන්දුවක් ඇතිව තිබෙන බැව් පෙනේ. සොහ්රාබ් සපේරිගේ ඇතැම් කාව්‍ය නිර්මාණ තුළ ද බෞද්ධ ආභාසය දක්නට ලැබේ.[6]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Mostafa Vaziri (2012). Buddhism in Iran: An Anthropological Approach to Traces and Influences. Palgrave Macmillan. ISBN 9781137022936. 

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Willemen, Charles; Dessein, Bart; Cox, Collett; Gonda, Jan; Bronkhorst, Johannes; Spuler, Bertold; Altenmüller, Hartwig, Handbuch der Orientalistik: Sarvāstivāda Buddhist Scholasticism, Brill, pp. 128–130, ISBN 978-90-04-10231-6 
  2. 2.0 2.1 Ehsan Yarshater (1993). The Cambridge History of Iran. Cambridge University Press. පිටු 956–7. ISBN 978-0-521-24693-4. https://books.google.com/books?id=y7IHmyKcPtYC&pg=PA956. 
  3. Richard Foltz, "Buddhism in the Iranian World," The Muslim World 100/2-3, 2010, pp. 204-214
  4. Dunn, Ross E. (2005), The adventures of Ibn Battuta, a Muslim traveler of the fourteenth century, University of California Press, pp. 86, 161, ISBN 978-0-520-24385-9, https://books.google.com/books?id=Js8qHFVw2gEC&pg=PA86&lpg=PA86&q= 
  5. Anna Akasoy; Charles Burnett; Ronit Yoeli-Tlalim (2011). Islam and Tibet: Interactions Along the Musk Routes. Ashgate Publishing, Ltd.. පිටු 10–11. ISBN 978-0-7546-6956-2. https://books.google.com/books?id=ZfWXIfbynwYC&pg=PA10. 
  6. Foltz, pp. 212-213

සැකිල්ල:Asia in topic සැකිල්ල:Iran topics

"https://si.wikipedia.org/w/index.php?title=ඉරානයේ_බුදු_දහම&oldid=443958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි