මනු

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

මනු(සංස්කෘත:मनु) යනු හින්දු ධර්මය තුළ මනුශ්‍ය වර්ගයා ව්‍යාප්ත කරන පළමු මනුශ්‍යා හැඳිවීමට යොදා ගත් නාමයකි. සංස්කෘත භාශාවේ මානව යන්නෙහි විස්තරාත්මක අර්ථය වන්නේ මනුගේ දරුවන් යන්නයි.[1] පසුකාලින ලියවිලි තුළ මනු යනු පෘථිවිය පාළනය කෙරූ ගුප්ත ක්ෂත්‍රීය පාළකයන් 14 දෙනෙකුගේ පටබැඳිනාමය ලෙස යොදාගෙන තිබේ. මනුස්මෘති නම් සංස්කෘත ලියවිල්ලට අනුව මෙම කල්පයේ පළමුවෙනි මනු වන ස්වායම්භුව මනු බ්‍රහ්ම දෙවියන්ගේ ආධ්‍යාත්මික පුත්‍රයා ලෙස දක්වා තිබේ.[2]

මනු
Manu
මත්ස්‍ය අවතාරය විසින් වෛවස්වත මනු සහ සප්ත සෘෂීන් මහා ජල ගැල්මෙන් බේරා ගන්නා ආකාරය.

පුරාණ වලට අනුව සැම කල්පයකටම මනු යුග හෙවත් මන්වන්තර 14ක් පවතින අතර ඒ සෑම මන්වන්තරයක්ම විවිධ මනුවරු විසින් පාළනය කරනු ලබයි. වර්තමානයේ මේ ගෙවන්නේ ශ්වේත වරහ කල්පයේ 7වන මනු යුගය වන වෛවස්වත මන්වන්තරයයි.[2]

විෂ්ණු පුරාණයේ සඳහන් ආකාරයට වෛවස්වත මනු යනු මහ ජල ගැල්මට පෙර සිටි ද්‍රවිඩ රජ කෙනෙකි.[3] විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය අවතාරය විසින් ඔහුට අනතුරු හැඟවූ පසුව බෝට්ටුවක් තනා චතුර් වේදයත්, මනු පරපුර සහ සප්ත සෘෂීන් හට ආරක්ෂාව සලසා දීමට උපකාර කළේය.මෙම සිදුවීම මහාභාරතය මෙන්ම අනෙකුත් පුරාණ තුළද දක්වා තිබේ.

වර්තමාන කල්පයේ මනුවරුන්

මෙම කල්පයේ මනුවරුන් 14ක් සිටින බව සඳහන් වේ.

පළමුවන මන්වන්තරය - ස්වායම්භු මනු

මෙම මන්වන්තරයේ සප්ත සෘෂීන් වන්නේ මරිචි, අත්‍රී, අංගීරා, පුලහ, ක්‍රතු, පුලස්ති, වෂිශ්ත යන් මුණිවරුන් සත් දෙනාය.[4][5] ස්වයම්භුව මන්වන්තරයේ විෂ්ණු අවතාරය වන්නේ යජ්නයි.

පළමුවන මනු හට ආකූති, දේවහුති සහ ප්‍රසුති යනුවෙන් දියණියන් තිදෙනෙක් වූ අතර දෙවහුති කර්ධම හට සරණ පාවා දුන්නේය. ඔවුන්ට දාව දියණියන් 9 දෙනෙක් සහ කපිල නම් පුත්‍රයකු ජන්මය ලැබූහ. ප්‍රජාපති දක්ෂ සරණ පාව ගත් ප්‍රසූති යජ්න නම් පුත්‍රයෙකුත්, අකූති එක් දියණියක් සහ පුත්‍රයෙකු බිහි කළාය. කපිල සහ යජ්න යන දෙදෙනාම විෂ්ණු දෙවිඳුන්ගේ අංශූන්ය. ඉන්පසු ස්වායම්භු මනු තම බිරිඳ වන ශතරූපා සමඟ සුනන්දා ගං තෙරට පැමිණිමෙන් පසුව ඔහුට එල්ල වු රාක්ෂස ප්‍රහාරයෙන් ගලාව ගත් යජ්න පසුව ඉන්ද්‍ර පදවිය ලබා ගත්තේය.

References

  1. Roshen Dalal (2010). Hinduism: An Alphabetical Guide. Penguin Books. පිටු 242. ISBN 978-0-14-341421-6. https://books.google.com/books?id=DH0vmD8ghdMC. 
  2. 2.0 2.1 Roshen Dalal (2010). The Religions of India: A Concise Guide to Nine Major Faiths. Penguin Books. පිටු 229. ISBN 978-0-14-341517-6. https://books.google.com/books?id=pNmfdAKFpkQC. 
  3. Alain Daniélou (11 February 2003). A Brief History of India. Inner Traditions / Bear & Co. පිටු 19–. ISBN 978-1-59477-794-3. https://archive.org/details/briefhistoryofin00dani. 
  4. Account of the several Manus and Manwantaras Vishnu Purana, translated by Horace Hayman Wilson, 1840, Book III: Chapter I. p. 259, The first Manu was Swáyambhuva, then came Swárochisha, then Auttami, then Támasa, then Raivata, then Chákshusha: these six Manus have passed away. The Manu who presides over the seventh Manwantara, which is the present period, is Vaivaswata, the son of the sun...
  5. Inhabitants of the Worlds Mahanirvana Tantra, translated by Arthur Avalon, (Sir John Woodroffe), 1913, Introduction and Preface. The Rishi are seers who know, and by their knowledge are the makers of shastra and "see" all mantras. The word comes from the root rish Rishati-prapnoti sarvvang mantrang jnanena pashyati sangsaraparangva, etc. The seven great Rishi or saptarshi of the first manvantara are Marichi, Atri, Angiras, Pulaha, Kratu, Pulastya, and Vashista. In other manvantara there are other saptarshi. In the present manvantara the seven are Kashyapa, Atri, Vashista, Vishvamitra, Gautama, Jamadagni, Bharadvaja. To the Rishi the Vedas were revealed. Vyasa taught the Rigveda so revealed to Paila, the Yajurveda to Vaishampayana, the Samaveda to Jaimini, Atharvaveda to Samantu, and Itihasa and Purana to Suta. The three chief classes of Rishi are the Brahmarshi, born of the mind of Brahma, the Devarshi of lower rank, and Kings who became Rishis through their knowledge and austerities, such as Janaka, Ritaparna, etc. The Shrutarshi are makers of Shastras, as Sushruta. The Kandarshi are of the Karmakanda, such as Jaimini.

සැකිල්ල:Hindudharma

"https://si.wikipedia.org/w/index.php?title=මනු&oldid=455649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි