පුලස්ති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දැනට සුප්‍රසිද්ධ පොලොන්නරුවේ පරාක්‍රම ප්‍රතිමාව ලෙස හඳුනාගන්නා මෙම ප්‍රතිමාවේ ඉහළ කෙල‍වරේ පුලතිසි නමින් කොටා ඇති අතර වර්ගපූර්ණිකාව නම් මුද්‍රණය නොකෙරුණ ඉතිහාස පුස්කොල පොතට අනුව මේ පුලතිසි පුරය පාලනය කරන ලද පුලස්ති ඉසිවරයාගේ ප්‍රතිමාවයි

සුප්‍රසිද්ධ රාවණා රජුගේ මුත්තා වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, ඉසුරු, වෙස්ස හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ පළමුවන පරාක්‍රමබාහු රජ රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය II [1] නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම "...රාවණගේ මුත්තා පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි...." යයි එළිදරව්ව - iii [2] නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.

වෛද්‍ය ශාස්ත්‍රය[සංස්කරණය]

ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.

හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව "...ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ..." ආදි වශයෙන් පවුලේ වෙද පොත [3] නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.


දන්වන්තරී නම් පුද්ගලයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්ර්මය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත. ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගස අදටත් ඇත.

ජ්‍යෝතිෂය[සංස්කරණය]

ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.

හෙළ නැකත් කලාව[සංස්කරණය]

හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.


  • සප්ත යෝගය - ඉන්ද්‍ර ගුරුළුව, පංච පක්ෂිය, යමකාලය, දඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
  • උමා ජ්යො‍තිෂය
  • හෝරා වග
  • සුදර්ශන වක්ර ය
  • සෙත් වග
  • වාස්තු වග
  • උමා පද්ම හා උමා ගුරුළුව


මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්‍රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බව පැවසේ.

ලග්ගල නොහොත් ලකේ ගල[සංස්කරණය]

මීමුරේ පිහිටා ඇති ලකේගල නොහොත් ලග්ගල කන්ද

එපිට කන්ද කළු පහනේ කැළේයා
මෙපිට කන්ද ලග්ගල මීමුරේයා
දෙඩිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි පරකාස ලක මීමුරේයා

ලග්ගල කදු මුදුනේ මෙතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.


පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
මෙලක්දිවට රන්කොත අපෙ ලකේගල

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. සංගීත ඉතිහාසය II, සංගීත ඉතිහාසය.II
  2. එළිදරව්ව - iii, එළිදරව්ව - iii
  3. පවුලේ වෙද පොත, පවුලේ වෙද පොත
"https://si.wikipedia.org/w/index.php?title=පුලස්ති&oldid=419289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි