ස්වායම්භුව මනු

විකිපීඩියා වෙතින්

ස්වායම්භුව මනු (සංස්කෘත:स्वायम्भुवमनु) යනු මෙම කල්ප ආරම්භයේදි බ්‍රහ්ම දෙවියන්ගේ සිරුරේ පහත කොටසින් ජන්මය ලැබූ පළමුවන මනුෂ්‍යයාය. ඔහුගේ බිරිඳ වන්නේ බ්‍රහ්ම දෙවියන්ගේ වම් හස්ථයෙන් නිර්මාණය වූ ශතරූපා නම් මනුෂ්‍ය ස්ත්‍රියයි.[1]

ස්වායම්භුව මනු සහ ශතරූපා දැක්වෙන සිතුවමක් |alt=|thumb|218x218පික්

දේවී භාගවත පුරාණයේ සඳහන්ම වන ආකාරයට මනු හට ජන්මය ලබා දුන් පසුව බ්‍රහ්ම දෙවියන් ඔහුට ප්‍රජනනය කිරිමට ආශිර්වාදය ලබා ගැනීමට ශක්ති දෙවඟන උදෙසා ස්තෝත්‍ර ගායනා කරන ලෙස පවසන අතර ඒ අනුව ස්වායම්භුව දෙවඟනව ප්‍රසන්න කිරීමට ස්තෝත්‍ර ගායනා කරනු ලබයි.[2] ඔහුගේ ස්තෝත්‍ර කෙරෙහි ප්‍රසන්න වූ දෙවඟන ඔහුට ප්‍රජනන කාර්‍යය සාර්ථකව ඉටු කර ගැනිමට වර ලබා දුන්නාය. ඒ අනුව ශතරූපාට දාව ප්‍රියව්‍රත සහ උත්තානපාද නමින් බලවත් පුත්‍රයන් තිදෙනෙකුත්, ආකූති, දෙවහූති සහ ප්‍රසූති නමින් ඉතා සුන්දර දියණියන් තිදෙනෙකුත් ජන්මය ලබන්නීය. ආකූති මහසෘෂි රුචි ද, දෙවහූති ප්‍රජාපති කර්ධම ද, තෙවන දියණිය වන ප්‍රසූති ප්‍රජාපති දක්ෂ ද සරණ පාවා ගන්නීය. ලෝකයේ සිටින සියලුම ජීවින් බිහි වූයේ ඒ තෙවන දියණියට දාවයි.

සිදත් සඟරාව තුළද ස්වායම්භුව මනු පිළිබඳව මෙසේ සඳහන් වේ.

මනු’ නමින් දන්නා තුදුස් දෙනෙකි. ප්‍රථමයාණෝ ‘ස්වායම්භුව මනු’ නම්මු යැ. ඔවුන් විසින් ‘ප්රනජාපතී’ නාම දශ මහර්ශීහු නිපැදැවුණු ල. මනු ස්මෘති, ‘මානව ධර්මව ශාස්ත්ර යන නම්වලින් ඇඳින්වෙන මනු නීති ග්‍රන්ථය ඔවුන් විසින් කැරුණෙකැ යි යෙත්.

References[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්වායම්භුව_මනු&oldid=473860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි