මහින්ද රාජපක්ෂ

විකිපීඩියා වෙතින්
(මහින්ද රාජපක්‍ෂ වෙතින් යළි-යොමු කරන ලදි)
මහින්ද රාජපක්ෂ
மஹிந்த ராஜபக்ஷ
Mahinda Rajapaksa
2018 දී මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ අගමැති
තනතුර දරමින්
21 නොවැම්බර් 2019 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
තනතුර දරමින්
26 ඔක්තෝබර් 2018 – 15 දෙසැම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
පූර්වප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
තනතුර දරමින්
6 අප්‍රේල් 2004 – 19 නොවැම්බර් 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
අනුප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
ශ්‍රී ලංකාවෙහි 6වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 9
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
දි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාචන්ද්‍රිකා කුමාරතුංග
අනුප්‍රාප්තිකයාමෛත්‍රීපාල සිරිසේන
12 වන විපක්ෂ නායක
තනතුර දරමින්
18 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාආර්. සම්බන්ධන්
අනුප්‍රාප්තිකයාසජිත් ප්‍රේමදාස
තනතුර දරමින්
6 පෙබරවාරි 2002 – 2 අප්‍රේල් 2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාරනිල් වික්‍රමසිංහ
පුද්ගලික තොරතුරු
උපත
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ

18 නොවැම්බර් 1945 (1945-11-18) (වයස 78)
වීරකැටිය, දකුණු පළාත, බ්‍රිතාන්‍ය ලංකාව
(දැන් ශ්‍රී ලංකාව)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018ට පසු)
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2018ට පෙර)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2020 - වර්ථමාන)
කලත්‍රයාශිරන්ති රාජපක්ෂ
දරුවන්නාමල් රාජපක්ෂ
යෝෂිත රාජපක්ෂ
රෝහිත රාජපක්ෂ
උගත් ශාස්ත්‍රාලයගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
නාලන්දා විද්‍යාලය, කොළඹ
තර්ස්ටන් විද්‍යාලය, කොළඹ
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
වෘත්තියදේශපාලනඥ, නීතිඥ
වෙබ් අඩවියmahindarajapaksa.lk [1]

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ), පා.ම. (උපත 18 නොවැම්බර් 1945) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත.

වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය. දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. තෙවන ධූර කාලයද සඳහා ප්‍රයත්නය දරමින් ඔහු ඉදිරිපත්වූ 2015 ජනාධිපතිවරණයෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පරාජය ලැබ 2015 ජනවාරි 9 දිනදී තනතුරෙන් බැහැර විය.[1]

තනතුර හැර ගොස් මාස කිහිපයකට පසුව, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා විසින් ගත් උත්සාහය අසාර්ථක වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වීමත් හා සමගිනි. ඔහු කෙසේවෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් විය.[2]

මුල් දිවිය සහ අභිවෘත්තිය

දක්ෂිණ ගම්බද හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වීරකැටිය ගම්මානයෙහි මහින්ද රාජපක්ෂ උපත ලැබීය.[3] ශ්‍රී ලංකාවෙහි සුපතල දේශපාලන පවුලකින් ඔහු පැවත එයි. ඔහුගේ පියා, ඩී. ඒ. රාජපක්ෂ යනු, කීර්තිමත් දේශපාලනඥයෙකු, නිදහස සඳහා උද්ඝෝෂකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විජයානන්ද දහනායකගේ රජයෙහි කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයාද විය. ඔහුගේ මහප්පා වූ ඩී. එම්. රාජපක්ෂ, 1930 ගණන් වලදී හම්බන්තොට ආසනය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙක් වූ අතර, ඔහුගේ ප්‍රදේශයෙහි ජනයා වගා කල කුරක්කන් නිරූපණය කිරීමට පොළොවෙහි පස් පැහැගත් දුඹුරු වර්ණයෙන් යුතු සාටකය පැළඳීම ආරම්භ කල අතර, ඔහුගේ ජීවිතය පුරාවටම එම ජනයාගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියේය. රාජපක්ෂ මහතා ඔහුගේ ලාක්ෂණික සාටකය පැලඳීම ඇරමුවේ ඔහුගේ මහප්පාගේ මෙම සාටක පැළඳීම නිදසුනක් ලෙස ගනිමිනි.[3]

කොළඹ නාලන්ද විද්‍යාලයෙහිත් පසුව තර්ස්ටන් විද්‍යාලයෙහිත් හැදෑරීමට පෙර, රාජක්ෂ මහතා අධ්‍යාපනය ලැබුවේ ගාල්ලෙහි රිච්මන්ඩ් විද්‍යාලයෙහිය.[3] ඔහු උගත් ශාස්ත්‍රාලය වූ කොළඹ නාලන්ද විද්‍යාලය වෙතින්, 2004 වසරෙහිදී, නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය ප්‍රදානය මහින්ද රාජපක්ෂ මහතා වෙතට පිරිනැමිණි.[4] සිංහල චිත්‍රපටයන්හී චිත්‍රපට නළුවෙකු ලෙසින් කෙටි රංගන දායකත්වයන් දැක්වූ ඔහු, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කලේය.[5]

1967 වසරෙහිදී ඔහුගේ පියාගේ මරණයෙන් පසුව, රාජපක්ෂ මහතා විසින් බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් කටයුතු භාර ගත් අතර, වයස අවුරුදු 24 වෙත්ම, පාර්ලිමේන්තුවෙහි ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරෙහිදී තේරී පත් විය.[5] පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙහි නීතිය හැදෑරූ ඔහු, 1977 නොවැම්බර් මාසයෙහිදී නීතිඥයෙකු ලෙසින් දිවුරුම් දුන්නේය.[6] ඔහු අමාත්‍යවරයෙක්ව සිටි 1994–2001 කාලපරිච්ඡේදය හැරුණු විට, ඔහුගේ පාර්ලිමේන්තු අභිවෘත්තිය පුරාවටම, තංගල්ලෙහි නීතිඥයෙකු ලෙසින් කටයුතු කලේය.[3]

ව්‍යවස්ථාදායකයෙහි අභිවෘත්තිය

ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව

1977 වසරෙහිදී ශ්‍රීලනිප මුහුණ පෑ දරුණු පරාජයෙහිදී ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමිවූ ඔහු,[3] 1989 වසරෙහිදී පාර්ලිමේන්තුවට යළි තේරී පත්වූයේ සමානුපාතික නියෝජනය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහාය. දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය ලෙසින් තමන් හැඳින්වූ කැරලිකාර කණ්ඩායමක් විසින් දියත් කෙරුණු 1988–90 කැරැල්ල හා බැඳී ධවල භීෂණ සමයෙහි "අතුරුදහන්වූවන්ගේ" මවුවරුන් සංවිධානය කල මවුවරුන්ගේ පෙරමුණෙහි මනෝරාණි සරවනමුත්තු හා සමගින් නායකයෙකු ලෙසින් කරළියට පැමිණීමට ඔහු සමත් විය.[3]

තෙවන පාර්ශවයක මැදිහත්වීම ගෙන ඒමට මෙම කාලය තුලදී ඔහු විටින් විට උත්සාහ කල අතර, ජීනිවාහිදී විටින් විට ශ්‍රී ලංකාව පිළිබඳ චෝදනා කරමින් පවසා සිටියේ ප්‍රජාතාන්ත්‍රික පරමාදර්ශ යළි සංස්ථාපනය සඳහා තෙවන පාර්ශවයක මැදිහත්වීම ඉල්ලා සිටීම ද්‍රෝහී හෝ දේශද්‍රෝහී හෝ කාර්යයක් නොවන බවයි. එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශන පැවැත්වීමට ඉඩ සැලසිය යුතු බවට ඔහු පාර්ලිමේන්තුවෙහිදී බලවත් ඉල්ලීම්ද කලේය.[7][8]

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසින් පත් කිරීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙහෙයවන ලද සහ චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය සැපයුණු දේශපාපන පෙරමුණක් වූ පොදු පෙරමුණෙහි 1994 වසරෙහි මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙසින් පත් කෙරිණි. 1997 වන තුරු ඔහු මෙම තනතුර දැරූ අතර, කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව ඔහුගේ විෂයය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා බවට වෙනස් කෙරිණි.[3]

විපක්ෂ නායක

2001 මැතිවරණයෙහිදී, එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් පොදු පෙරමුණ පරාජය කිරීමත් සමගින් රජයේ ඔහුගේ තනතුරු රාජපක්ෂ මහතාට අහිමි විය. කෙසේවෙතත් 2002 මාර්තු මාසයෙහිදී ඔහු විපක්ෂ නායක ලෙසින් පත් කෙරිණි.[3]

අග්‍රාමාත්‍යවරයා

2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවෙහි කුඩා බහුතරයක් සාක්ෂාත් කර ගන්නා ලදි. 2004 අප්‍රේල් 6 දිනදී ශ්‍රී ලංකාවෙහි 13වන අග්‍රාමාත්‍යවරයා ලෙසින් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන ලදි.[3] රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවන අතරතුරදීම මහාමාර්ග අමාත්‍යවරයාද වීය.

හෙල්පිං හම්බන්තොට සිද්ධිය

මහින්ද රාජපක්ෂ දූෂිතයෙකු බවට ජනාධිපති වශයෙන් ඔහු තේරී පත්වීමට පෙර විපක්ෂය විසින් ඔහුට චෝදනා නැගුවේ "හෙල්පිං හම්බන්තොට " සිද්ධිය හුවාදක්වමින් වන අතර, මෙහිදී හෙල්පිං හම්බන්තොට නම් භාණ්ඩාගාර අනුමැතිය ලද පෞද්ගලික අරමුදලක 2004 සුනාමිය හේතුවෙන් ඔහුගේ ගම් පළාත සහ මැතිවරණ දිස්ත්‍රික්කය වූ හම්බන්තොට ප්‍රදේශයෙහි විපතට පත් වූවන්ට උපකාර කිරීම්‍ට එජඩො 830,000 කට කිට්ටු මුදලක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඔහුට චෝදනා නැගිණි. මැතිවරණයට පෙර, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව පිළිබඳ තීරණයක් දීමෙන් වැලකී සිටියේය. පසුව නඩුව නිෂ්ප්‍රභා කරමින්, අග්‍රවිනිශ්චයකාර සරත් සිල්වා පැවසුවේ මෙම නඩුව අධිකරණයෙහි ගොනු කරන ලද්දේ රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසින් නම් කිරීම සමගින් බවයි. "අධිකරණය මෙය දකින්නේ [එජාප නායක] රනිල් වික්‍රසිංහ මහතාට දේශපාලන වාසි ලබා ගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට ලක් කිරීමටත් ගත් ප්‍රයත්නයක් ලෙසටයි." පාර්ලිමේන්තුවෙහිදී ප්‍රකාශයට පත් කෙරුණේ, හෙල්පිං හම්බන්තොට අරමුදල පැවති බවට කැබිනට් මණ්ඩලය දැන සිටි බවයි.[උපහරණ ඇවැසිය][සත්‍යාපනය ඇවැසිය] ඔහුගේ කාර්යාලය විසින් පැවසුවේ, ඔහු විසින් මෙම පරිත්‍යාගයන් හෙල්පිං හම්බන්තොට අරමුදලෙහි බහාලීමට හේතුව වූයේ ආධාර මුදල් 26 දෙසැම්බර් 2004 ඉන්දියානු සාගර සුනාමියෙන් විපතට පත් වූවන්ට පිරිනැමීමේ සීඝ්‍රතාවය ඉහළ නැංවීම සඳහා බවයි. එවකට අග්‍රාමාත්‍ය ලේකම් ලෙසින් සේවය කල ලලිත් වීරතුංග විසින් එකල ඒඑෆ්පී පුවත් කාර්යාංශයට ප්‍රකාශ කලේ ප්‍රශ්නයට තුඩු දී ඇති මුදල් රජයේ ගිණුමකට බැර කර ඇති බවත් රාජපක්ෂ මහතා විසින් එයින් "සතයක් හෝ" ඔහුගේ භාවිතයට ගෙන නොමැති බවත්ය. [9]

ජනාධිපතිධුරය

2005 නොවැම්බර් 17 දිනදී පැවති ජනාධිපතිවරණයෙහිදී හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග තරග වැදීම සඳහා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගන්නා ලදි.

එජාප නායකත්වය විසින් විශාල මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියද, මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද 190,000 ක පටු ජයග්‍රහණයක් ලබා ගත්තේය. විපක්ෂය විසින් කියා සිටියේ දෙඊවිකො විසින් ඡන්දය වර්ජනය කරන ලෙසින් උතුරු හා නැගෙනහිර ඡන්දදායකයන් වෙත කල නියෝගය වෙතින් ඔවුන්ගේ පරාජය සිදු වූ බවයි. මෙම ප්‍රදේශ වල බොහෝ ඡන්දදායකයන් විසින් ඡන්දය භාවිතා කිරීම, බලහත්කාරයෙන් මැඩපවත්වන ලද අතර, එම ඡන්දදායකයින් විසින් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ එජාප පක්ෂය මැතිවරණයෙන් බලයට පත් වීමකට ප්‍රසාදයෙන් සිටි බව පැවසිණි. [10] රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50.3% ක් හිමිවී තිබුණි.

ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව කැබිනට් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල රාජපක්ෂ මහතා, 2005 නොවැම්බර් 23 දින දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයෙහි ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධූර දෙක තමා යටතට ගත්තේය.

ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

සාම ලැදියෙකු සහ සාකච්ඡාවට මනාප දක්වන්නෙකු ලෙසින් පෙරදී පෙන්නුම් කලද, බලයට පත් වූ විට ඒ සියල්ල උඩුයටිකුරු කරමින් සාම ක්‍රියාවලියේ මළ බෙරය රාජපක්ෂ මහතා විසින් වැයුනේ සිංහල ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය සමගින් සන්ධානයකට එළඹෙමිනි.

මුල්කාලීන දේශපාලන ජීවිතය

රාජපක්ෂ 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවකට 24 වෙනි වියේ පසු වූ ඔහු පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයා ය. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය.

1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි විය. එහෙත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයෙක් බව පෙන්වා දුන්නේ ය. ඔහු මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ආදර්ශමත් චරිතයකි.[තහවුරු කර නොමැත]

නායකයෙකු වශයෙන් කීර්තියක් උසුලනු ලැබූ එතුමා 1988-1990 කාලයේ දී අතුරුදන්වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු සමඟින් එක් ව කටයුතු කළේය. ඉන්දියාවේ කල්කටා “විශ්ව භාරති” සරසවිය මගින් රාජපක්ෂට මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ප්‍රදානය කරන ලදී.

පසුගිය වසර 25 මුළුල්ලේ ම පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර සාමූහිකත්ව කමිටුවේ සභාපති වන රාජපක්ෂ මැද පෙරදිග ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීනයට හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට කටයුතු කළේය.[තහවුරු කර නොමැත]

වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රාජපක්ෂ එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය.[තහවුරු කර නොමැත]

කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළ ද කුමාරතුංග රජය යටතේ එය ක්‍රියාත්මක නොවිණි. මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදි කිරීම සඳහා ක්‍රියා කරන ලදී.

ජනපති පදවිය දක්වා පැමිණීම

2002 මාර්තු මාසයේ දී රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි. 2004 අප්‍රේල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2004 අප්‍රේල් 06 වන දින එවකට​ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන ලදී.

2005 නොවැම්බර් මස 17 වන දින පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත් රාජපක්ෂගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී.[තහවුරු කර නොමැත] බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

3 වන වරට තරඟකිරීම

2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයට තෙවන වරටද ඉදිරිපත් වුවද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හමුවේ හේ තෙම පරාජයට පත් විය.

2 වන වරටත් අගමැති ලෙස පත් වීම

2018 ඔක්තෝබර් 26 දා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන ලදී‍.

මේ අඩවිත් බලන්න

  1. "(බීබීසී)". බිබීසී නිවුස්. 2010-01-27. සම්ප්‍රවේශය 2012-09-28.
  2. "ශ්‍රී ලංකා ඉලෙක්ෂන්: මහින්ද රාජපක්ෂ කන්සීඩ්ස් හී ඊස් අන්ලයික්ලි ටු බී පීඑම්". ද ගාඩියන්. 18 අගෝස්තු 2015. . http://www.theguardian.com/world/2015/aug/18/mahinda-rajapakse-concedes-defeat-in-sri-lanka-elections. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 සැප්තැම්බර් 2015. 
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 3.7 3.8 ප්‍රසිඩන්ට්ස් ෆන්ඩ් ඔෆ් ශ්‍රී ලංකා, ප්‍රසිඩන්ට්ස් ප්‍රොෆයිල් සංරක්ෂණය කළ පිටපත 2007-07-04 at the Wayback Machine
  4. නාලන්ද කීර්ති ශ්‍රී
  5. 5.0 5.1 වෙන් මහින්ද බිකේම් ද යංගස්ට් එම්පී සංරක්ෂණය කළ පිටපත 2007-09-30 at the Wayback Machine තිලකරත්න, ඉන්දීවර, ද සන්ඩේ ඔබ්සර්වර්
  6. "ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ". President.gov.lk. සම්ප්‍රවේශය 2012-09-28.
  7. "හවු මහින්ද රාජපක්ෂ ජස්ටිෆයිඩ් කම්ප්ලේනිං ටු යූඑන්එච්ආර්සී ඉන් ජිනීවා ඉන් 1990 අබවුට් හියුමන් රයිට්ම් වයලේෂන්ස් ඉව් ශ්‍රී ලංකා". http://dbsjeyaraj.com/dbsj/archives/15968. 
  8. "මහින්ද රාජපක්ෂ වෙන්ට් ටු ජිනීවා ෆ්‍රීක්වන්ට්ලි ඩියුරිං යූඑන්පී රූල් ඇන්ඩ් වෝන්ටඩ් දි යූඑන් ටු ඉන්ටර්වීන් ඉන් ශ්‍රී ලංකා ටු අප්හෝල්ඩ් හියුමන් රයිට්ස්". http://transcurrents.com/news-views/archives/10768. 
  9. "ලංකා ප්‍රසිඩන්ට් වින්ස් සුනාමි කේස්". බීබීසී නිවුස්. මාර්තු 27, 2006. http://news.bbc.co.uk/2/south_asia/4849442.stm. [භින්න වූ සබැඳිය]
  10. "හාඩ්ලයිනර් වින්ස ශ්‍රී ලංකා ඉලෙක්ෂන්". බීබීසී නිවුස්. 2015-11-18. http://news.bbc.co.uk/2/hi/south_asia/4447794.stm. 
"https://si.wikipedia.org/w/index.php?title=මහින්ද_රාජපක්ෂ&oldid=592871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි