ලතින්
| Latin | ||
|---|---|---|
| Lingua latīna | ||
| Rome Colosseum inscription 2.jpg | ||
| Pronunciation | [laˈtiːna] | |
| කතා කරන්නේ | ||
| කතා කරන ජනගහනය | — | |
| භාෂා පවුල | Indo-European
|
|
| අක්ෂර ක්‍රමය | Latin alphabet | |
| Official status | ||
| රාජ්‍ය භාෂාව වන රට | ||
| පරිපාලනය කරනු ලබන්නේ |
|
|
| භාෂා සංකේත | ||
| ISO 639-1 | la | |
| ISO 639-2 | lat | |
| ISO 639-3 | lat | |
| Linguasphere | 51-AAB-a | |
| Roman Empire map.svg | ||
| Note: This page may contain IPA phonetic symbols in Unicode. | ||
ලතින් යනු පෞරාණික ඉතාලියානු භාෂාවකි. පුරාණ රෝමයේ ලැටියම්හි ඉතාලියානු ලතින් වැසියන් විසින් මෙය මුලින්ම භාවිත කරන ලදී. වෙනත් බොහෝ යුරෝපීය භාෂාවන් මෙන් එය පුරාණ ප්‍රාථමික-ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් පැවත එන්නකි. පදනම වශයෙන් ග්‍රීක සහ එට්රුස්කන් භාෂාවේ ආභාෂය ඇතිව ඉතාලියානු පෙනින්සුලාවෙහි ලතින් වශයෙන් හඳුන්වන දෙය බවට පත් වුනි. නවීන රෝමානුක භාෂාවන්, ග්‍රාම්‍ය ලතින් ව්‍යවහාරයන් ගේ දිගුවකි. (Latin) ඉන්දු යුරෝපීය බසකි. දැන් මෙය මළ බසක් වූවද රෝම අධිරාජ්‍යය පැවති සමයේදී මෙය එම අධිරාජ්‍යයේ රජ බස විය. මළ බසක් වන හෙයින් මෙම බස තවදුරටත් පරිනාමය වීම නැවතී ඇත. එහෙයින් මෙය නූතනයේ විද්‍යාත්මක යෙදුම් සඳහා මෙම බස බහුලව යෙදවේ. එමෙන්ම බොහෝ ශිෂ්‍යයන්, විද්‍යාර්ථීන් සහ ක්‍රිස්තියානු පූජකවරු ස්වල්ප දෙනෙක් මෙම භාෂාව චතුරව හසුරුවති. එමෙන්ම ලොව පුරා සමහර ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපන ආයතනයන්හි ලතින් භාෂාව තවමත් උගන්වනු ලැබේ.
ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව වෙනත් බොහෝ භාෂා පවුල් වලට අයත් භාෂාවන්හි නව වචන බිහි වීමේදී අදටත් ලතින් භාෂාව භාවිත වේ. එමෙන්ම ජීව විද්‍යාත්මක තක්සෝනකරණයේදී බෙහෙවින්ම යොදා ගනු ලබන්නේ ලතින් භාෂාවයි. ලතින් සහ එයින් ව්‍යුත්පන්න වූ රෝමානුක භාෂාවන් පමණක් අදටත් ඉතිරිව ඇති ඉතාලියානු භාෂා පවුලට අයත් භාෂාවන් වෙති. මුල් කාලීන ඉතාලියානු ලියවිලි අනෙකුත් භාෂාවන් පිළිබඳව සාක්ෂි දරනු ලබන අතර රෝමානු ජනරජ සමයේදී ලතින් භාෂාව විසින් එම භාෂා අවශෝෂණය කර ගන්නා ලදුව අභාවයට පත්ව ඇත.
රෝමානු ආක්‍රමණ හේතු කොටගෙන ලතින් භාෂාව මධ්‍යධරණී සහ නැගෙනහිර යුරෝපියානු කලාපයේ පැතිරී ගොස් ඇත. රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟ ඇති වූ අධ්‍යාපනික සහ ධන පරිහානිය නිසා සම්භාවය ලතින් භාෂාව මද වශයෙන් වෙනස් වීමට ලක්ව ඇත. පුනරුද සමයේදී විද්‍යාර්ථීන් අතින් විශෝධනයට ලක්වන තුරු මධ්‍යකාලීන ලතින් භාෂාව ජර්මානුක සහ රෝමානුක භාෂාවන්ගේ බලපෑමට නතුවෙමින් පැවතුණි. ස්වභාෂාකාමීන් විසින් ලතින් භාෂාව වෙනුවට ස්වභාෂා භාවිතයට පටන් ගන්නා තෙක් 18 වන ශතවර්ෂය තෙක්ම පුනරුද විද්‍යාර්ථීන්, අන්තර්ජාතික සන්නිවේදනය, අධ්‍යාපනය සහ විද්‍යාවේදී ලතින් භාෂාව ඇති විශාල වශයෙන් භාවිතයට ගනු ලැබිණි.
- ↑ "Schools". Britannica (1911 ed.).