ෂෑං රාජවංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ෂෑං
රාජධානිය
ක්‍රි.පූ. 1600 ප.–ක්‍රි.පූ. 1046 ප.
කහ ගංගා නිම්නයෙන් ෂෑං රාජවංශ යුගයට දිවෙන උසස් ස්තරීභූත සමාජයන්හි නටබුන් හමුවී ඇත.
අගනුවර යින් (නූතන ඇන්යැං)
භාෂා පැරණි චීන
ආගම චීන ජන ආගම
රජය රාජාණ්ඩුව
ඓතිහාසික යුගය ලෝක යුගය
 •  ස්ථාපිත කළේ ක්‍රි.පූ. 1600 ප.
 •  චෞ අභිභවනය ක්‍රි.පූ. 1046 ප.
Area
 •  ඇස්ත. ක්‍රි.පූ. 1122[1] 1,250,000 km² (482,628 sq mi)
පූර්වප්‍රාප්තික වූයේ
අනුප්‍රාප්තික වූයේ
ෂියා රාජවංශය
චෞ රාජවංශය
වර්තමානයෙහි මෙහි කොටසකි  චීනය
කහ ගඟ නිම්නය ආශ්‍රිත පිහිටි ෂැන්ග් රාජවංශය

ෂෑං රාජවංශය (චීන: 商朝; පින්යින්: Shāng cháo) හෙවත් ‍යින් ‍රාජවංශය (; Yīn dài), ක්‍රි.පු. 1600 සිට ක්‍රි.පු. 1100 වනතෙක් චීනයේ කහ ගං ඉවුරේ පැවති ලොව දෙවන චීන රාජවශය ලෙස හැදින්වේ. ෂැංග් රාජවශයේ සිටි චීන චරිත පිළිබද තොරතුරු සහ චීනයේ එම කාලවකවානුවේ දී භාවිතා කළ සෙක්සැනොරි වක්‍රය (Sexagenarian Circle) දිව්‍යමය නැටි (Heavenly Stems) සහ මානුෂික අතු (earthly branclees) පිළිබදව හැං රාජවංශය (Han Dynasty) ශිප් (Shijil)ග්‍රන්ථයේ දක්වා ඇත.

මෙම සෙක්සැජෙනාරි වක්‍රය, දිව්‍යමය නැටි සහ මානුසික අතු භාවිතා කිරිමෙන් චීනයේ එම කාලවකවානුවට අදාල දේශපාලනය, ආර්ථිකයථ සංස්කෘතිය , ආගම, භූගෝලීයද්‍යාව, තාරකා විද්‍යාව දින සටහන්, චිත්‍ර කලාව සහ ‍ෙඖෂධ පිලිබද නිමිති ප්‍රකාශ කර ඇත. වර්තමානයේ අනියැංග් (Anyang) ලෙස හදුවන නගර අතීතයේ දී ෂැංග් ජනාවාසයේ ප්‍රධාන නගරයක් වන සිං ලෙස හදුනාගෙන තිබේ. මෙම ප්‍රදේශයේ සිදු කළ කැණිම් වලින් සිං රාජධානියේ රජවරුනේගේ යැයි සැළකිය හැකි සොහොන් 11 ක් රජමාලිගයක අඩිතාලමක් සහ විවිධ පුද පුජා සදහා භාවිතා කරන ලද යැයි සැළකිය හැකි පුජ භුමියක් ද සොයා ගන්නා ලදී. මෙම පුජා භුමියේ තිබි බිලි දිම සදහා යොදාගත් මනුෂ්‍ය සහ සත්ත්ව අස්ථි සොයාගෙන තිබේ. කැණිම් කටයුතු වලින් සොයාගත් ලෝකඩ, පාෂාණ, ජේඩ් සහ අස්ථි මෙවලම් වල ඇති ශිල්පිය නිවාස අනුව ඉතා උසස් ශිෂ්ඨාචාරයක් මෙම යුගයේ පැවති බව නිගමනය කළ හැකිය.

ඉතිහාසය[සංස්කරණය]

ෂැංග් රාජවංශය කැරළි නායකයෙකු විසින් ප්‍රතිස්ථාපනය කරන ලද බව කියවේ. මුලින්ම කෘෂිකර්මාන්තය පමණක් එහි ජිවනෝපාය වු අතර පසුව දඩයම් කිරිම සහ සත්ත්ව පාලනයද රාජධානියේ තුළ දක්නට ලැබිණි.

ෂැංග් රාජවංශයෙහි රජකම පාරම්පරිකව උරුම වුවකි. ෂැංග් රාජධානියෙහි අගනගරය ලෙස සිං නගරය සැළකුණු අතර එහි රජමැදුර ද පැවතිණි. රජතුමා පුරවැසියන්ගේ මුතුන් මිත්තා ලෙස සැලකු අතර ඔහු ආත්ම වන්දනා කරන්නන්ගේ ආමෙහි ප්‍රධාන පූජකවරයා ද විය. එම නිසා මරණින් මතු ජීවිතයේ ප්‍රයෝජනය සදහා ඔහු මරණය‍ට පත් වු පසු රජතුමා විසින් පරිහරණය කරන ලද වටිනා භාණ්ඩ ඔහු හා මිහිදන් කරනු ලැ‍බු අතර සියගණක් වහලුන් ද පණපිටින් ඔහු වැළලුවේය.

අතිශයින් දියුණුවට පත් ලිඛිත භාෂාව ෂැංග් හට තිබුණු අතර එය කාලයක් සමග සංව්රධනය වු බවට සාක්ෂි පවති. ලෝකඩ භාණ්ඩ සහ මැටි භාණ්ඩ නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමක පැවතිය අතර සංගීත භාණ්ඩ ද එම යුගයේ පැවති බවට සාක්ෂි පවතී.


ෂැන්ග් රාජවංශය පිළිබඳ ලේඛන ගත වී ඇත්තේ 13 වන ශත වර්ෂයේ දී ය. පුරාවිද්‍යා සාධක අනුව මෙම රාජවංශය ක්‍රි. ව. 1600 – 1046 දක්වා දිවයයි. ෂැන්ග් රාජවංශය කොටස් 2 කට බෙදී ඇත. 1 වන කොටස ඒර්ලිගැන්ග් හා ෂෙන්ග් ෂෝ (1750 – 1045) දක්වා දිවයන අතර, 2 වන කොටස ෂොහැන්ග් හෝ සින්ග් දක්වා පැතිර යයි. ෂැන්ග් රාජවංශය තුළ රජුන් 13 දෙනෙක්ගේ පාලන කාලයන් ඇතුලත්ව ඇත. චීන ජනතාව මේ කාලයේ විවිධ දෙවිවරුන් වන ජලජ දෙවියන්, අහස් දෙවියන් හා බලවත් දෙවිකෙනෙකු වන ඇන්ග්ඩි නමස්කාර කොට ඇත. මොවුන් අතර තිබු තවත් විශ්වාසයක් වන්නේ තමන්ගේ ඥාතීන් මියගිය පසු දෙවියන් බවට පත් වී තමන්ගෙන් නමස්කාර බලපොරො‍ත්තු වෙන බවයි. 1500 කාලයේ චීනුන් අනාගතය කීමට අස්ථි භාවිතා කර ඇත. ස්වාභාවික බලයක් වන ටයාන් (‍දෙව්ලොව) බලවේගයට ද නමස්කාර කර ඇත. දෙව්ලොව ආඥාපනත මඟින් දෙවියන් විසින් චීනය පාලනය කරන්නට දෙවිකෙනෙක් තෝරා ගත්හ. රැජින හෝ රජු විසින් මෙම පනත නැති කළහොත් ස්වාභාවික විනාශ, අහිමි වීම් හා වෙනත් පාලකයෙකු පත් වීම් විය හැකි බව විශ්වාස කළේය. පුරාතන ඉතිහාසය‍‍ට අනුව ෂැන්ග් රාජවංශය තම පාලන අගනුවර 6 වතාවකට මාරු කොට ඇත.


සටහන්[සංස්කරණය]

  1. Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D. (December 2006). "East-West Orientation of Historical Empires and Modern States". Journal of World-Systems Research. 12 (2): 219–229. ISSN 1076-156X. 
"https://si.wikipedia.org/w/index.php?title=ෂෑං_රාජවංශය&oldid=409232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි