චින් රාජවංශය
Jump to navigation
Jump to search
චීන රාජවංශයක් වන චින් රාජවංශය ක්‍රි.පු. 221 දී පළමු අධිරාජ්‍යයා වු චින් ෂී හුවාන්ග්ඩි විසින් චීනය එක්සත් කිරීමත් සමග ආරම්භ විය. ක්‍රි.පු. 221 ආරම්භ වු මෙම පාලන සමයට පෙර අතුව චීනය පාලනය වුයේ රදළ වංශික ෂෝවු රාජ වංශය මගින් වේ. ක්‍රි.පු. 206 දී මෙම රාජ වංශය බිද වැටීමත් සමග චීනය හැන් රාජවංශයේ පාලනයට නතුවිය. මෙම රාජවංශයට අයත් පළමු අධිරාජ්‍යයා ෂී වෑන්ග් ටි ලෙස ද හැදින්වෙන අතර ඔහු චීනය එක්සේසත් කිරීමත් සමග චීනයේ අධිරාජ්‍යමය පාලන සමය ආරම්භ විය. එය අවසන් වුයේ 1912 වසරේදී චින්ග් රාජවංශය බිද වැටීමත් සමගයි. චින් රාජ වංශය එහි පාලන සමය තුළදී කේන්ද්‍රගත වු නිළධාරී වාදි පාලන ක්‍රමයක් නිර්මාණය කල අතර එය එතැන් පටන් අනුයාත රාජ වංශයන් මගින් භාවිතා කරන ලදී. චින් රාජ වංශයේ පාලන සමයේ උපරිම අවධියේදී ඔය යටතේ පාලනය වු ජනතාව මිලියන 40 ක් පමණ වේ.