මුලතිවු බලකොටුව
මුලතිවු බලකොටුව | |
---|---|
මුලතිවු පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි | |
මුලතිවු, ශ්‍රී ලංකාව | |
![]() මුලතිවු කොටුවෙහි නටබුන් | |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි විස්තර | |
තැනීම | 1715 |
තනන ලද්දේ | ලන්දේසි |
සටන්/යුද්ධ | බොහෝ |
මුලතිවු බලකොටුව (ඉංග්‍රීසි: [Mullaitivu fort] error: {{lang}}: text has italic markup (help)) යනු ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවේ මුලතිව්හී ඉදිකරනු ලැබූ ආරක්ෂක බලකොටුවකි. 1715 වර්ෂයේදී ගොඩනංවන ලද මුල් බලකොටුව ගරාදි වැට සහ භූමිය යොදාගනිමින් සිදුකල කුඩා දැවමය ඉදිකිරීමක් විය. 1721දී ලන්දේසීන් විසින් එම භූමියෙහි චතුරස්‍රාකාර බලකොටුවක් ගොඩනංවන ලදී. මුල්සමයේ බලකොටුව ඉදිකරන ලද්දේ චෙට්ටියන් සහ මහනුවර රාජධානිය අතර බලනොලත් වාණිජ කටයුතු පාලනය කිරීම වෙනුවෙනි.
ලංකාව අත්පත් කොටගෙන සිටි සමය තුල 1795දී බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් නැවත ගොඩනංවන ලදී.[1] 1803 වර්ෂයේදී අගෝස්තු 25වන දිනදී වන්නි බණ්ඩාර විසින් මෙහෙයවනු ලැබූ හමුදා විසින් බලකොටුව යටත් කොටගෙන විනාශ කොට දැමූ අතර[2][3] බලකොටුවෙහි අණදෙන්නා වූ කපිතාන් වොන් ඩ්‍රයිබර්ග් සහ බලකොටුවෙහි යොදවා සිටි ඔහුගේ භට කණ්ඩායම් බෝට්ටු මගින් යාපනය දක්වා පලා යන ලදී.[4] කෙසේනමුදු වන්නි බණ්ඩාර ඇතුළු ඔහුගේ භට කණ්ඩායම් එම වර්ෂයේම ඔක්තෝම්බර් 31 වන දිනදී කපිතාන් වොන් ඩ්‍රයිබර්ග් සහ ඔහුගේ හමුදාවන් විසින් කච්චිලමාඩු හීදී පරාජය කරන ලදී.[3][4]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ඩච් ෆෝට් ඇට් මුලතිව්". අමේසිංලංකා. Retrieved 20 නොවැම්බර් 2014.
- ↑ සෝමසුන්දරම්, දයා (2014). ස්කාර්ඩ් කමියුනිටීස්: සයිකොලොජිකල් ඉම්පාක්ට්ස් ඔෆ් මෑන්-මේඩ් ඇන්ඩ් නැචුරල් ඩිසාස්ටර්ස් ඔන් ශ්‍රී ලංකන් සොසයිටි. නව දිල්ලිය: SAGE. පිටුව. 52. ISBN 9788132111689. https://books.google.com/books?id=0PenAwAAQBAJ&pg=PA52&dq=pandara+vanniyan&hl=en&sa=X&ei=CEk_VJXNNofWatvFgLgN&ved=0CEMQ6AEwAw#v=onepage&q=pandara%20vanniyan&f=false. Retrieved 19 නොවැම්බර් 2014.
- ↑ 3.0 3.1 "බණ්ඩාර වන්නියන් මෙමෝරියල් ප්ලේස් ඩෙස්ට්‍රෝයිඩ් ඉන් කචිලෙමාඩු". 23 අප්‍රේල් 2010. http://www.lankasrinews.com/view.php?2bIAQKe0d3lmA0ecLBY44a4554Ucd3cYB2dc2Amd3a434OX2e230Mm30. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2014.
- ↑ 4.0 4.1 "ද කැන්ඩි වෝර් ඇන්ඩ් ද රෙප්‍රිසල්ස්". සන්ඩේ ටයිම්ස්. 31 අගෝස්තු 1997. http://www.sundaytimes.lk/970831/plus11.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2014.