බෙෂ්ෂටර් බලකොටුව
Jump to navigation
Jump to search
බෙෂ්ෂටර් බලකොටුව | |
---|---|
කොටසකි | |
අලිමංකඩ, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 9°33′39″N 80°24′59″E / 9.560736°N 80.416422°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | විනාශ වී |
අඩවි විස්තර | |
තනන ලද්දේ | ලන්දේසි |
ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ |
සටන්/යුද්ධ | බොහෝ |
බෙෂ්ෂටර් බලකොටුව හෝ බෙෂ්ෂටර් පාස් බලකොටුව[1] (දෙමළ: பெசுச்சூட்டர் கடவைக் கோட்டை) යනු, යාපනය අර්ධද්වීපයෙහි පටු කොටසෙහි, අලිමංකඩ බලකොටුව සහ පෙයිල් පාස් බලකොටුව අතර රේඛීයව පිහිටා තුබූ කුඩා බලකොටුවකි. මෙම උපායමාර්ගික බලකොටුව භාවිතා කෙරුණේ, ප්‍රධාන භූමි ප්‍රදේශයේ බලකායන් වෙතින් මෙන්ම (වන්නියාර්වරුන්ගෙන් සහ සිංහලයන්ගෙන්) නීතිවිරෝධි ප්‍රවේශය, හොර බඩු ප්‍රවාහනය ආදියෙන් යාපනය අර්ධද්වීපය රැක ගැනීමටය. [2]
අලිමංකඩ ප්‍රදේශයෙහි අනෙකුත් බලකොටු දෙක මෙන්ම බෙෂ්ෂටර් බලකොටුවද තැනුණේ සතරැස්-හැඩැති ආකාරයෙනි. එය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර, වර්තමානයෙහි දෘශ්‍යමාන කිසිවක් නොමැත. [3]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ කුමාර් ද සිල්වා, ආර් රජ්පාල් (1988). ඉලස්ට්‍රේෂන්ස් ඇන්ඩ් වීව්ස් ඔෆ් ඩච් සිලෝන් 1602–1796. පිටු. 132. http://books.google.lk/books?id=59AUAAAAIAAJ&pg=PA132&lpg=PA132&dq=Fort+Beschutter&source=bl&ots=wppyYlZLHO&sig=Q8KyLKR4Rh9ulCJTv2vND-RAUa0&hl=en&sa=X&ei=tH9hVK3cFoiHuATAqIKwDw&ved=0CBsQ6AEwADgK#v=onepage&q=Fort%20Beschutter&f=false.
- ↑ ස්වාර්ඩෙක්රූන්, හෙන්ද්‍රික්. මෙම්වාර් ඔෆ් හෙන්ද්‍රික් ස්වාර්ඩෙක්රූන්. සොෆියා පීටර්ස්. රජයේ මුද්‍රණාලය, ලංකාව. කොළඹ.
- ↑ "ෆොර්ට් පෙයිල් ඇන්ඩ් ෆොර්ට් බෙෂ්ෂටර්". Retrieved 11 නොවැම්බර් 2014.
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් පෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.