භාරතේස්වර් දේවාලය

විකිපීඩියා වෙතින්
(භාරතේස්වර ශිව දේවාලය වෙතින් යළි-යොමු කරන ලදි)
භාරතේස්වර ශිව දේවාලය
භාරතේස්වර් දේවාලය is located in ඔඩිෂා
භාරතේස්වර් දේවාලය
ඔඩිෂා තුළ පිහිටීම
භාරතේස්වර් දේවාලය is located in ඉන්දියාව
භාරතේස්වර් දේවාලය
භාරතේස්වර් දේවාලය (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′N 85°49′E / 20.233°N 85.817°E / 20.233; 85.817ඛණ්ඩාංක: 20°14′N 85°49′E / 20.233°N 85.817°E / 20.233; 85.817
දේවතාවාශිව
ජනපදයඔඩිෂා
රටඉන්දියාව
වෙබ්අඩවියwww.ignca.nic.in/
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 6වන සියවස

භාරතේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ අගනුවර වන භුබනේස්වර්හි පිහිටි 6වන සියවසට අයත් ශිව දෙවියන් සඳහා කැප කළ හින්දු දේවාලයකි. මෙහි වෘත්තාකාර යෝනිපීඨයක් (වේදිකාවක්) මත ඉදි කළ ශිව ලිංගයක් තැන්පත් කොට ඇත. ශ්‍රීවරාත්‍රී වැනි නොයෙකුත් චාරිත්‍ර මෙහි ඉටුකරනු දැකගත හැකි ය. මෙය පිහිටා ඇත්තේ කල්පනා චෞක් සිට ලිංගරාජ් දේවාලය තෙක් දිවෙන මාර්ගයේ වම් පස රාමේශ්වර් දේවාලයට කෙළින්ම මුහුණලා ය.[1] මෙම දේවාලයේ මුල්කාලීන කාලිංග සම්ප්‍රදායයෙන් යුත් රේඛා විමානයක් දක්නට ලැබේ. මෙය ඔරිස්සාවේ අදටත් විද්‍යාමාන ආදිතම දේවාලවලින් එකක් ලෙස සැලකේ.[2][3]

ඉතිහාසය[සංස්කරණය]

මෙම දේවාලය ඉදිකෙරුණේ 6වන සියවසේ සෛලෝද්භව පාලන සමයේ ය. වර්තමානය වන විට ප්‍රාන්ත පුරාවිද්‍යා අධිකාරිය යටතේ මෙම දේවාලයේ නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතියි.[4]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

වැලිගලින් නිමවූ මෙම දේවාලයේ මුල්කාලීන කාලිංග සම්ප්‍රදායයට අයත් රේඛා විමාන දැකගත හැක. ගෘහනිර්මාණ ශිල්ප ක්‍රමය මත පදනම්ව සහ මෙයට යාබදව පිහිටා ඇති ලක්ෂ්මණේශ්වර දේවාලයේ උඩලිපතකින් හමුවූ අබිලේඛනයක් අනුසාරයෙන් මෙම දේවාලය ක්‍රි.ව. 6වන සියවසට අයත් යැයි සැලකිය හැක. ත්‍රීරථ සැලැස්මකින් යුත් මෙම දේවාල‍ය උච්චත්වය අනුව ත්‍රියංගබාද ලක්ෂණවලින් යුක්ත ය.[5]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "Bharatesvara Siva Temple, Old Town, Bhubaneswar, Dist.-Khurda" (PDF). www.ignca.nic.in. සම්ප්‍රවේශය 17 October 2017.
  2. Odissi dance. Orissa Sangeet Natak Adademi, 1990.
  3. "Temples to hog the limelight - Eight important shrines across capital to be lit up with new age energy-efficient floodlights". www.telegraphindia.com. සම්ප්‍රවේශය 17 October 2017.
  4. "Bharatesvara Siva Temple, Old Town, Bhubaneswar, Dist.-Khurda" (PDF). www.ignca.nic.in. සම්ප්‍රවේශය 17 October 2017.
  5. "ODISHA (ORISSA) TEMPLES". www.heritagetoursorissa.com. සම්ප්‍රවේශය 17 October 2017.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Debala Mitra, 1985, Bhubaneswar, New Delhi.
  2. T. E. Donaldson, 1985, Hindu Temple Art of Orissa, Vol. - I, Leiden.
  3. R. P. Mohapatra, 1986, Archaeology in Orissa, Vol. - I, New Delhi.

මේවාත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=භාරතේස්වර්_දේවාලය&oldid=410515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි