සම්ගුක් සගි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සම්ගුක් සගි
Samguk.JPG
කර්තෘ කිම් බුසික්
මුල් මාතෘකාව 삼국사기 (三國史記)
රට ගොර්යෝ
භාෂාව සම්භාව්‍ය චීන
විෂයය කොරියාවේ ඉතිහාසය
ප්‍රභේදය පුරාතන ඉතිහාසය
ප්‍රකාශිත දිනය
1145

සම්ගුක් සගි (삼국사기, 三國史記, තුන් රාජධානිවල ඉතිහාසය) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි වන ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා රාජධානි පිළිබඳ වන ඓතිහාසික වාර්තාවකි. සම්ගුක් සගි ග්‍රන්ථය රචනා කොට ඇත්තේ පුරාතන කොරියාවේ උගත් ජනයාගේ ලේඛන භාෂාව වූ සම්භාව්‍ය චීන බසිනි. මෙය සම්පාදනය කිරීමට නියෝග කරන ලද්දේ ගොර්යෝවේ රජකු වූ ඉන්ජොං (රාජ්‍ය. 1122-1146) රජු විසිනි. මෙය සම්පාදනය කිරීහට මූලිකත්වය ගන්නා ලද්දේ රාජ්‍ය නිලධාරියකු සහ ඉතිහාසඥයකු වූ, කිම් බුසික් (金富軾) සහ කනිෂ්ඨ විද්වතුන්ගෙන් සැදි මඬුල්ලක් විසිනි. 1145දී මෙය නිමකෙරිණි. මෙය කොරියාව තුළ වඩාත් ප්‍රකට වී ඇත්තේ එය කොරියානු ඉතිහාසය පිළිබඳ පවත්වා පැරණිතම වංශකථාව නිසායි.

පසුබිම[සංස්කරණය]

සම්ගුක් සගි ග්‍රන්ථය සම්පාදනය කිරීමේ දී (මේ සඳහා "රචනා කිරීම" යන්නට වඩා "සම්පාදනය" යන වදන වඩාත් උචිත ය. එයට හේතුව මෙහි ඉතිහාස තොරතුරු බොහෝමයක් පැරණි ඉතිහාස වාර්තාවලින් ලබාගත් ඒවා වීමයි.) කිම් බුසික් විසින් චීන අධිරාජ්‍යයේ සම්ප්‍රදාය අනුගමනය කොට ඇත. චීන මුතුන්මිත්තන් විසින් ඉතිහාසය රචනා කිරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය ඔහු ද අනුකරණය කොට තිබේ.

විශේෂයෙන්ම, ඔහු විසින් පැරණි හන් රාජවංශයේ (ක්‍රි.පූ. 206 - ක්‍රි.ව. 24) නිලධාරියකු වූ සිමා ක්වියෑන්ගේ කෘතිය කෙරෙහි අවධානය යොමුකොට ඇති බැව් පෙනේ. එම කෘතිය වර්තමානයේ මහා ඉතිහාසඥයාගේ වාර්තා ලෙස හැඳින්වෙන අතර එය ක්‍රි.පූ. 100දී පමණ ෂීජි 史記 (එනම් ලියන්නාගේ වාර්තා) යන ගෞරවනීය තේමාවෙන් යුතුව ලියා ඇත. මේ බවට ඉඟියක් ලබාදෙමින්, කිම් බුසික් සිය කෘතිය 三國史記, සම්ගුක් සගි ලෙස නම්කොට ඇත. සගි (වර්තමානයේ 사기) යනු චීන ෂීජි යන්නෙහි කොරියානු ස්වරූපයයි.[1]

මෙහි දී අනුගමනය කෙරුණු චීන ඉතිහාසලේඛන සම්ප්‍රදාය තුළ රාජවංශික ඉතිහාසය අනුවාර්ෂික වාර්තා (බොංගි, 本紀), වගු (ප්යෝ, 表), ශාස්ත්‍රීය නිබන්ධන (ජි, 志), සහ චරිතාපදාන (යෝල්ජෝන්, 列傳) ලෙස අංග හතරක් දැකගත හැකි ය.

12වන සියවසේ දී සම්ගුක් සගි ග්‍රන්ථය සම්පාදනය කිරීමට සාධත ගණනාවක්ම හේතු විය. මෙම හේතූන් දළ වශයෙන් දාර්ශනික සහ දේශපාලන හේතූන් ලෙස වර්ගීකරණය කළ හැක. මෙයට බලපෑ දාර්ශනික සාධක කිම් බුසික් විසින් සිය කෘතියේ ප්‍රස්තාවනාවෙහි මෙසේ රචනා කොට ඇත,

වර්තමාන විද්වතුන් සහ ඉහළ නිලධාරීන් අතර පංච සම්භාව්‍ය ග්‍රන්ථ 五經 සහ වෙනත් දාර්ශනික නිබන්ධනවල ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දරන සහ සාකච්ඡාවෙහි දක්ෂ අය වෙති...එමෙන්ම ක්වින් සහ හන් ඉතිහාස වාර්තා පිළිබඳව ද එසේම ය. නමුත් අපගේ දේශයෙහි ආරම්භයේ සිට අවසානය දක්වා වූ සිදුවීම් පිළිබඳ ඔවුන් මුළුමණින්ම නොදැනුවත් ය. මෙය සැබැවින්ම ශෝකවිය යුතු කාරණයකි.[2]

මෙම ප්‍රකාශය ග්‍රන්ථකරණයට පෙළඹවූ පැහැදිළි සාධක දෙකක් හඳුනාගත හැක. ඉන් ඒකක් නම් කොරියාවේ තුන් රාජධානි යුගයේ දැනුම පිළිබඳ තිබූ හිස්තැන සම්පූර්ණ කරවීමට ය. තුන් රාජධානි වන ගොගුර්යෝ, බෙක්ජේ, සහ සිල්ලා යන සෑම රාජධානියක්ම තමන්ගේම ඉතිහාස වාර්තා සම්පාදනය කොට තිබුණ ද, අඛණ්ඩ යුද්ධ හේතුවෙන් ඒවායින් විශාල ප්‍රමාණයක් විනාශ විය. ගොගුර්යෝ සහ බෙක‍්ජේහි බිඳවැටීමෙන් පසු මෙම වාර්තා විසිර ගියේ ය. ග්‍රන්ථකරණයේ අනෙක් අභිප්‍රයා වූයේ දේශීය කොරියානු උගතුන්හට ‍දේශීය ඉතිහාසය පිළිබඳව හැදෑරිය හැකි ඉතිහාස ග්‍රන්ථ සම්පාදනය කිරීම සහ කොන්ෆියුසියානු ආචාරධර්ම පිළිබඳ කොරියානු නිදසුන් සැපයීමත් ය. මෙය මැදි-ගොර්යෝ යුගයේ රාජවංශයේ කොන්ෆියුසියානු අදහස් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග වඩාත් වැදගත් විය.Lee 1984, p. 167

නමුත් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරී‍මේ සෙසු අරමුණු පැහැදිළි නැත. චීන සම්ප්‍රදාය අනුව, රාජවංශික ඉතිහාසයක් සම්පාදනය කිරීම දේශපාලනික අරමුණු ඉටු කරගැනීමක් විය. රාජවංශික ඉතිහාසයක් රචනා කරන ලද්දේ එහි අනුප්‍රාප්තික රාජවංශය විසින් වන අතර, එමගින් සිය පූර්වප්‍රාප්තිකයාගෙන් රාජ්‍යය පාලනයට ලද වරම හුවා දැක්වීම අරමුණු කෙරිණි. මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් නම්, සම්ගුක් සගි ගොර්යෝ රජුගේ අනුග්‍රහය ලද නිල රාජකාරියක් වූ අතර, එහි සම්පාදක මණ්ඩලය මධ්‍යම වංශවතුන්ගෙන් සමන්විත විය. පෙර සඳහන් කළ පරිදි, මෙහි එක් අරමුණක් වූයේ කොන්ෆියුසියානු නිලධාරිවාදය තුළ විද්වතුන් සහ වංශවතුන් හට සිය ස්වදේශික උරුමය සහ කොන්ෆියුසියානු අගයයන් සඳහා පවතින දේශීය විභවය වටහා දීමයි.

කෙසේනමුත්, "ස්වදේශික උරුමය" යන්න සම්ගුක් සගි තුළ ප්‍රධාන වශයෙන්ම අර්ථකථනය කොට ඇත්තේ "තුන් රාජධානි උරුමය" ලෙසයි. මෙමගින් තුන් රාධානි (තුන් රාජධානි විසින් ඈඳාගන්නා ලද අසල්වැසි ප්‍රතිවාදී රාජ්‍ය වූ බුයෝ, මහන්, සහ ගයා සමග සැසඳීමේ දී) කොරියාවේ ලෝකසම්මත පාලක රාජධානි ලෙස පෙන්වීමට උත්සාහ දරා ඇති බව පෙනේ. මේ නිසා තුන් රාජධානිවල නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා ලෙස ගොර්යෝවේ නීත්‍යානුකූලභාවය සහ ගෞරවය ඔප් නැංවීම මෙහි අරමුණ වන්නට ඇත. මෙම ක්‍රමය අනුව චෙංතොං 正統, හෙවත් "ලෝකසම්මත අනුප්‍රාප්ති වංශය" නව රාජධානිය කෙරෙහි අනුගත කිරීමට උත්සාහ දරා තිබේ. මේ බව කිම් බුසික් සිය 1145 අනුස්මරණයේ ඍජුව සඳහන් කොට නොතිබුණ ද, එහි අරමුණ පැහැදිළිව වටහාගත හැක. ගොර්යෝවේ ඉන්ජොං රජුට කිම් බුසික් ලවා තුන් රාජධානිවල ඉතිහාස ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට බලවත් අවශ්‍යතාවක් ද විය. සම්ගුක් සම්පාදනය කිරීම මගින් සිය නීත්‍යානුකූල භාවය සුරක්ෂිත කොටගෙන, තුන් රාජධානිවලින් "අධිකාරී ප්‍රාවරණය" (හෙවත් ස්වර්ග වරම) ස්ථාපනය කිරීමට ගොර්යෝවට අවශ්‍ය විය. මේ නිසා තුන් රාජධානිවල අවසන් සාමාජිකයා වූ එක්සත් සිල්ලාව වර්ණනා කරමින් බල්හේ රාජ්‍යය නොසලකා හැරි ජේවං උන්ගි හෝ ගොර්යෝ දොග්යොං (高麗圖經) වැනි ග්‍රන්ථවලින් සම්ගුක් සගි තරමක් වෙනස් වේ.

අන්තර්ගතය[සංස්කරණය]

සම්ගුක් සගි ග්‍රන්ථ 50කට වෙන්කළ හැක. මුලින් සෑම ග්‍රන්ථයක්ම රචනා කරන ලද්දේ රෝලක ආකාරය ගත් ලියවිලි (권, 卷) ලෙසයි. ඒවා පහත පරිදි පෙළගැස්විය හැක:

සිල්ලා වාර්තා[සංස්කරණය]

ලියවිලි 12කි, නාගි/සිල්ලා බොංගි, 나기/신라 본기, 羅紀/新羅本紀.[3]

ග්‍රන්ථය 01. ගෝසෝගන් හ්යොක්ගොසේ, චාචෞං නම්හේ, ඉසාග්‍යුම් යුරි, තල්හේ, පාසා, ජිමා, ඉල්සොං
ග්‍රන්ථය 02. ඉසාග්‍යුම් අදල්ලා, බොල්හ්‍යු, නේහේ, ‍ජෝබුන්, චොම්හේ, මිචු, යුර්යේ, ගිරිම්, හ්‍යුල්හේ
ග්‍රන්ථය 03. ඉසාග්‍යුම් නේමුල්, සිල්සොං, මරිප්ගන් නුල්ජි, ජාබි, සෝජි
ග්‍රන්ථය 04. මරිප්ගන් ජිජ්‍යුං, රජ බෝප්හ්‍යුං, ජින්හ්‍යුං, ජින්ජි, ජින්ප්යොං
ග්‍රන්ථය 05. රැජින සොන්දොක්, ජින්දොක්, රජ තේජොං මුයොල්
ග්‍රන්ථය 06. රජ මුන්මු - පළමුවන‍ කොටස
ග්‍රන්ථය 07. මුන්මු රජ - දෙවන කොටස
ග්‍රන්ථය 08. රජ සින්මුන්, හ්යෝසෝ, සොංදොක්
ග්‍රන්ථය 09. රජ හ්යෝසොං, ග්යොංදොක්, හ්යේගොං, සොන්දොක්
ග්‍රන්ථය 10. රජ වොන්සොං, සෝසොං, ඒජං, හොන්දොක්, හ්‍යුංදොක්, හුයිගං, මිනේ, සින්මු
ග්‍රන්ථය 11. රජ මුන්සොං, හොනාන්, ග්යොංමුන්, හොන්ගං, ජොංගං, රැජින ජින්සොං
ග්‍රන්ථය 12. රජ හ්යෝගොං, සින්දොක්, ග්යොංමියොං, ග්යොන්ගේ, ග්යොංසුන්

ගොගුර්යෝවේ වාර්තා[සංස්කරණය]

ලියවිලි 10කි, යෝගි/ගොගුර්යෝ බොංගි, 여기/고구려 본기, 麗紀/高句麗本紀.[4]

ග්‍රන්ථය 13. ඥානවන්ත රජ දොංමියොං, දීප්තිමත් රජ යුරි,
ග්‍රන්ථය 14. රජ දේමුසින්, මින්ජුං, මොබොන්,
ග්‍රන්ථය 15. මහා රජ තේජෝ, රජ චදේ
ග්‍රන්ථය 16. රජ සින්දේ, ගොගුක්චොන්, සන්සං
ග්‍රන්ථය 17. රජ දොංචොන්, ජුංචොන්, සෝචොන්, බොංසං, මිචොන්
ග්‍රන්ථය 18. රජ ගොගුක්වොන්, සොසුරිම්, ගොගුග්යැං, ග්වංගෙතෝ, ජංසු,
ග්‍රන්ථය 19. ශ්‍රීමත් රජ මුන්ජා, රජ අන්ජං, අන්වොන්, යැංවොන්, ප්යොංවොන්,
ග්‍රන්ථය 20. රජ යොන්ග්යෑං, යොංන්‍යු
ග්‍රන්ථය 21. රජ බෝජං - පළමුවන කොටස
ග්‍රන්ථය 22. රජ බෝජං - දෙවන කොටස

බෙක්ජේහි වාර්තා[සංස්කරණය]

ලියවිලි 6කි, ජෙගි/බෙක්ජේ බොංගි, 제기/백제 본기, 濟紀/百濟本紀.[5]

ග්‍රන්ථය 23. රජ ඔන්ජෝ (රාජවංශයේ ආදිකර්තෘ), දරු, ගිරු, ගේරු, චොගෝ
ග්‍රන්ථය 24. රජ ගුසු, සබන්, ගොයි, චෙක්ග්යේ, බුන්සෝ, බිර්යු, ග්යේ, ග්‍යුන්චොගෝ, ග්‍යුන්ගුසු, චිම්න්‍යු
ග්‍රන්ථය 25. රජ ජින්සා, අසින්, ජොන්ජි, ගුයිසින්, බියු, ගේරෝ
ග්‍රන්ථය 26. රජ මුන්ජු, සම්ග්‍යුන්, දොංසොං, මුර්යොං, සොං
ග්‍රන්ථය 27. රජ විදොක්, හ්යේ, බොප්, මු
ග්‍රන්ථය 28. රජ උයිජා

කාලානුක්‍රම වගු[සංස්කරණය]

ලියවිලි 3කි, යොන්ප්යෝ, 연표, 年表.

ග්‍රන්ථය 29.
ග්‍රන්ථය 30.
ග්‍රන්ථය 31.

ඓකික නිබන්ධන[සංස්කරණය]

ලියවිලි 9කි, ජි, 지, 志.[6]

ග්‍රන්ථය 32. චාරිත්‍ර සහ සංගීතය
ග්‍රන්ථය 33. වාහන, වස්ක්ත්‍ර සහ නිවෙස්
ග්‍රන්ථය 34. සිල්ලාවේ භූගෝල විද්‍යාව
ග්‍රන්ථය 35. ‍ගොගුර්යෝවේ භූගෝල විද්‍යාව + 景德王 නව නම්
ග්‍රන්ථය 36. බෙක්ජේහි භූගෝල විද්‍යාව + 景德王 නව නම්
ග්‍රන්ථය 37. භූගෝල විද්‍යාව (http://www.khaan.net/history/samkooksagi/samkooksagi.htm හි මෙම කොටස හිස්ව දක්වා ඇත)
ග්‍රන්ථය 38. සිල්ලා රජයේ කාර්යාල.
ග්‍රන්ථය 39. සිල්ලා රජයේ කාර්යාල.
ග්‍රන්ථය 40. සිල්ලා රජයේ කාර්යාල.

චරිතාපදාන[සංස්කරණය]

ලියවිලි 10කි, යෝල්ජොන්, 열전, 列傳.[7]

ග්‍රන්ථය 41. කිම් යුසින් (1)
ග්‍රන්ථය 42. කිම් යුසින් (2)
ග්‍රන්ථය 43. කිම් යුසින් (3)
ග්‍රන්ථය 44. යුල්ජි මුන්දොක් 을지문덕, ගෝචිල්බු 김거칠부 , ගෝදෝ 거도, යි සබු 이사부, කිම් ඉම්මුන් 김인문, කිම් යැං 김양, හ්‍යුක්චි සංජි 흑치상지, ජං බොගෝ 장보고, ජොං න්‍යොන් 정년, සදාහම් කුමරු 사다함공
ග්‍රන්ථය 45. යුල්පාසෝ 을파소, කිම් හුජික් 김후직, [නොග් චෙන්] 祿真, මිලු 밀우, න්‍යුයු 유유 纽由, මියොංනිම් දප්-බු 명림답부, සොක් උරෝ 석우로, පාක් ජේසං 박제상, ග්විසන් 귀산, ඔන්දල් 온달
ග්‍රන්ථය 46. විද්වතුන්. කංසු 강수, චෝයි චිවොන්, සෝල් චොං
ග්‍රන්ථය 47. හ්වාරංවරු. හේනොන් 해론, සෝනා 소나, ච්විදෝ 취도 (驟徒), නුල්චොයි 눌최, සෝල් ග්යේදු 설계두, කිම් ර්යොං-යුන් 김영윤 (金令胤), ග්වන්චං 관창, කිම් හ්‍යුම්-උන් 김흠운, යෝල්ගි 열기 (裂起), බින්යොංජා 비령자 (丕寧子), ජුක්ජුක් 죽죽, පිල්බු 필부 (匹夫), ග්යේබෙක් 계백
ග්‍රන්ථය 48. ප්‍රශංසනීය. හ්යංදොක් (පුත්‍රයා), සොංගක් (පුත්‍රයා), සිල්හ්යේ 실혜 (實兮) (කවියා), මුල්ග්යේජා 물계자 (සෙබලා), බෙක්ග්යොල් ගුරුතුමා 백결 선생 (සංගීත), කිම් කුමරු 검군, කිම් සෙං 김생 (චාරුලේඛන ශිල්පියා) සහ යෝ ගුකිල්, සොල්ගෝ 솔거 (චිත්‍ර ශිල්පියා), චියුන් (දියණිය), සෝල්සි (දියණිය), දෝමි (භාර්යාව).[8]
ග්‍රන්ථය 49. පරාජය කිරීම්. චං ජෝරි 창조리, යොන් ගේසොමුන් 연개소문
ග්‍රන්ථය 50. පසුකාලීන රජවරු. ගුං යේ 궁예, ග්යොන් හ්වොන් 견훤

ඓතිහාසික ප්‍රභව[සංස්කරණය]

සම්ගුක් සගි ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ගු සම්ගුක්සා (舊三國史, තුන් රාජධානිවල පැරණි ඉතිහාසය) සහ හ්වාරං සෙගි (花郞世記, හ්වාරංවරුන්ගේ වාර්ෂික වාර්තා) වැනි වෙනත් පැරණි ඓතිහාසිකා වර්තා පාදක කර ගනිමිනි. මින් බොහෝමයක් වර්තමානයේ දක්නට නැත.

බාහිර ප්‍රභව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, පිළිවෙලින් ක්‍රි.ව. 712දී සහ 729දී ප්‍රකාශයට පත්කෙරුණු කොජිකි 古事記, "පුරාතන කටයුතුවල වාර්තා" හෙවත් නිහොන් ෂොකි 日本書紀 වැනි ජපන් වංශකථාවලට කිසිදු ආශ්‍රේයයක් ඇතුළත් කොට නැත. ඇතැම්විට කිම් බුසික් එම මූලාශ්‍ර පිළිබඳ දැන නොසිටින්නට ඇත. නැතහොත් ජපන් මූලාශ්‍ර සඳහන් කිරීම අවමානයකැයි සිතන්නට ඇත. ඒ වෙනුවට, ඔහු වඩාත් ගෞරවනීය අයුරින් චීන රාජවංශික වංශකථා සහ නිල නොවන චීන ‍ලේඛන පවා පරිහරණය කොට ඇත. මේ අතර වෙයි ෂු (魏書, වෙයිහි ග්‍රන්ථය), සැන්ගුවෝ චි (三國志), ජින් ෂු (晉書), ජියු ටෑංෂු (舊唐書, ටෑංහි පැරණි ඉතිහාසය), ෂින් ටෑංෂු (新唐書, ටෑංහි නව ඉතිහාසය), සහ සිචි ටොංජියෑන් (資治通鑑, රජයේ උපකාරයට විස්තීර්ණ කැඩපතක්) වැනි ග්‍රන්ථ ප්‍රමුඛත්වයක් ගනියි.

විචාර[සංස්කරණය]

කිම් බුසික් සිල්ලා සම්භවයක් ඇති වංශවතකු විය. ඔහු බෞද්ධාගමිකයකු වුව ද, රාජ්‍ය පාලන මූලධර්මය ලෙස ඔහු බුදු දහමට වඩා කොන්ෆියුසියානුවාදයට සහාය පලකොට ඇත. චීනය සමග ආරවුල් වැළැක්වීම සඳහා ඔහු විසින් චීන අධිරාජයා වෙත පඬුරු කප්පම් ලබා දී ඇත. මේ නිසා ඔහුගේ පසුබිම සහ නැඹුරුභාවය සම්ගුක් සගි තුළින් නිරූපණය වේ යැයි විශ්වාස කෙරේ.

නිල වශයෙන්, පරණි ගොගුර්යෝ සහ බෙක්ජේ රාජධානි පැරණි සිල්ලාව හා සම තත්ත්වයේ සැලකිණි. මෙම රාජ්‍ය ත්‍රිත්වයටම "අගුක් (아국, 我國)" යන පදය ව්‍යවහාර වූ අතර, ඔවුන්ගේ හමුදා "අබ්යොං (아병, 我兵)" ලෙස හැඳින්විණි. උක්ත වචන ද්විත්වයෙහි අර්ථය පිළිවෙලින් "අපතේ ජාතිය" සහ "අපගේ හමුදා" පරිදි වේ. උචාහරණයක් ලෙස 21වන ග්‍රන්ථයේ (ගොගුර්යෝහි බෝජං) ගොගුර්යෝ සෙන්පතියකු වූ යැං මන්චුන්ව කිම් බුසික් විසින් වර්ණනා කොට ඇත. ඔහු අන්සි බලකොටුව වැටළීමේ දී ටෑංහි ටයිෂොං අධිරාජයාව පරාජය කළ බැවින් කිම් විසින් ඔහුව වීරයකු ලෙස හඳුන්වා ඇත.

එසේවුව ද, චරිතාපදාන කොටසෙහි මාතෘකාවලින් බහුතරය සිල්ලාවට (68%) අයත් වන අතර, සිල්ලාවේ ලියවිලි විශ්වසනීයත්වයේ සහ අභීතභාවයේ විශිෂ්ට උදාහරණ ලෙසින් සම්පාදනය කොට ඇත. එසේම, ජයග්‍රහණය කළ සිල්ලා රාජ්‍යයෙන් ලේඛන ලබාගැනීම, එක්සත් කිරීමේ යුධ මාලාවේ දී ලේඛනාගාර විනාශයට පත්වූ අනෙක් සෙසු රාජධානි දෙකට සාපේක්ෂව පහසු වන්නට ද ඇත.[9]

ඇතැම් කොරියානු ඉතිහාසඥයින් විසින් සම්ගුක් සගිහි ඇතුළත් වාර්තා විවේචනය කොට ඇත්තේ චීනය සහ පැරණි සිල්ලාව වෙත එහි පක්ෂග්‍රාහීව කරුණු වාර්තා කොට ඇති හෙයිනි. මේ අතර සින් චේහෝ ද වේ. මැක්බ්‍රයිඩ් අනුව,[10] සින් චේහෝගේ පහත පාඨයන් තුළින් මේ බව පැහැදිළි වේ:

  • තුන් රාජධානි යුගයේ සැබෑ වීරයා නම් කොගුර්යෝ සෙන්පති උල්චි මුන්දෙක් ය. ඔහු 612දී සුයි අධිරාජ යැං-ටිගේ දැවැන්ත ආක්‍රමණික හමුදාව උපයායක් මගින් සල්සු (චොංචොන්) ගංගාවේ උගුලකට සිර කරවී ය. මෙය විශිෂ්ට විජයග්‍රහණයකි. (නමුත් මේ සඳහා වෙන්කොට ඇත්තේ 44නක ග්‍රන්ථයේ එක් පිටුවක් පමණි)
  • 41 සිට 43 දක්වා ග්‍රන්ථ ප්‍රධාන වීරයකු වූ කිම් යුසින් හට වෙන්කොට තිබුණ ද, ඔහු ප්‍රඥාව හෝ නිර්භීතභාවය නිසා ප්‍රකට වූවකු නොවේ. නමුත් ඔහු රාජාලියකු මෙන් ප්‍රයෝගකාරී, භයානක දේශපාලනඥයකු විය. ඔහුගේ දිවියේ මහා ජයග්‍රහණ යුධ බිමේ දී ලත් ඒවා නොවේ. ඔහු සිය අසල්වැසි රාජ්‍ය රහස් ප්‍රයෝග මගින් යටත් කරගත් තැනැත්තෙකි.[11]
  • මීට අමතරව, සම්ගුක් සගිහි සම්පාදකයින් විසින් කිම්ගේ පරාජයන් නොවැදගත් ජයග්‍රහණ ලෙසත්, සුළු ජයග්‍රහණ අතිශයෝක්තියෙන් යුතුවත් වර්ණනා කොට ඇත.[12]
  • සම්ගුක් සගිහි මෙම සියලු විරූපණයක් කොන්ෆියුසියානුවාදයට දැඩිව නැඹුරු වීමෙන් සිදුවූ දෝෂයන් වේ. එසේම තුන් රාජධානි යුගයේ ද්කනට ඇති රණකාමී ස්වභාවය ද ඉන් ගම්‍ය නොවේ. සෑම දෙයක්ම කොරියාවේ චීනකරණය සහ ගොගුර්යෝවේ පැරණි මැංචූරියානු වසම අහිමි වීමට හේතු විය.

නමුත් චීනය කෙරෙහි දක්වා ඇති උසස්භාවය (සදේජුඋයි) සලකා යම් කෙනකුට (මැක්බ්‍රයිඩ් හා එකඟව[13]) මෙවැන්නක් දැකගත හැක:

රජු පැවසූයේ, ‘අප වෙනුවෙන් ටෑං හමුදා අපගේ සුතරන් විනාශ කොට ඇත. ඔවුනට විරුද්ධ වී, අප ඔවුන් සමග යුධ වැදුණහොත් දෙව්ලොව පවා අපට උපකාර කරාවි ද?’
යුසින් පැවසූයේ, ‘සුනඛයකු සිට ස්වාමියාට බියක් දැක්වුව ද, ස්වාමියා ඌගේ පාදයක් පෑගුවහොත් ඌ සපාකනු ඇත. මෙම අපහසුතාව හඳුනාගැනීමෙන් අපට අපවම මුදාගත නොහැක්කේ කෙසේ ද? මහා රජුනි, මම ඔබගෙන් විමසමි. එයට අවසර ලබාදෙන්න.’ (ග්‍රන්ථය 42)

එසේම ගොර්යෝ බලවත් ජනයා වෙත ද ගෞරවනීය භාවයක් ආරූඪ කොට ඇති බව ද යමකුට දැකගත හැක්කේ ය. (කිම් කිචුං[14] සමග) එහි දී බොහෝ චරිතාපදානවල අවසානය ද්වි-පාර්ශ්වික ස්වරූපයක් ගෙන තිබේ. උදාහරණයක් වශයෙන් ජුක්ජුක් චරිතාපදානයේ (ග්‍රන්ථය 47), ආධුනික ජුක්ජුක්ගේ ධෛර්යය හා දේශානුරාගය පිළිබඳව මෙන්ම සිල්ලාවේ ඉහළම වංශවතුන් වූ කිම් පුම්සොක් කුමරුන්ගේ අයපත් කල්ක්‍රියාව පිළිබඳ යොමුකොට ඇත්තේ අඩු අවධානයකි‍.

තුන් රාජධානි සහ එක්සත් සිල්ලා යුගයන්ගේ කොරියානු ඉතිහාසය හැදෑරීමේ දී කිම් බුසික්ගේ සම්ගුක් සගි මූලාශ්‍රය තරමක් අවදානම් සහගත බැව් පෙනේ. මෙම මූලාශ්‍රය වැදගත් වන්නේ එහි කෘතිය නිසා නොව සම්ගුක් සගි සහ එහි බෞද්ධ ප්‍රතිමූර්තිය බඳු සම්ගුක් යුසා නැමැති මූලාශ්‍ර සෙස යුගය පිළිබඳ ශේෂව පවතින එකම මූලාශ්‍ර වීමයි. එසේම එහි අන්තර්ගත දැවැන්ත තොරතුරු ප්‍රමාණය ද අතිශය වැදගත් වේ. උදාහරණයක් වශයෙන් සම්ගුක් සගි ග්‍රන්ථ මාලාවේ 35 සහ 36 ග්‍රන්ථවල දැක්වෙන පරිවර්තන වගු පැරණි කොගුර්යෝ භාෂාව ප්‍රතිනිර්මාණය කිරීමේ දී මහෝපකාරී වී ඇත.[15]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

නොඉඳුල් පෙළ[සංස්කරණය]

බටහිර භාෂාවලට පරිවර්තන[සංස්කරණය]

සම්ගුක් සගිහි එකම සම්පූර්ණ බටහිර භාෂා පරිවර්තනය 1959 සහ 2001දී කොටස් දෙකක් ලෙස නිකුත් වූ රුසියානු සංස්කරණය බැව් පෙනේ.

කෙසේනමුත්, සම්ගුක් සගි කෘතියේ විවිධ කොටස් ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ සහ ලිපි ගණනාවක් තුළ දක්නට ලැ‍බේ. ඉන් වැදගත් කෘති පහත දැක්වේ:

සම්පූර්ණ සිල්ලා බොංගිහි පරිවර්තනය

සම්පූර්ණ ගොගුර්යෝ බොංගිහි පරිවර්තනය

සම්පූර්ණ බෙක්ජේ බොංජිහි පරිවර්තනය

තනි පරිවර්තන

  • Byington, Mark E.. "Samguk Sagi Volume 48 Biographies book 8".
  • Gardiner, Kenneth H.J. 1982. "Legends of Koguryǒ (I-II): Samguk sagi, Annals of Koguryǒ." Korea Journal, 22(1): 60-69 and 22(2): 31-48. [translation of book one of the Goguryeo bongi].
  • Jamieson, John Charles. 1969. "The Samguk sagi and the Unification Wars." Ph.D. dissertation, University of California, Berkeley. [Translation of books 6 and 7 of the Silla bongi and eleven of the biographies, mostly of men of Silla].

ආශ්‍රේය ග්‍රන්ථ[සංස්කරණය]

  • Beckwith, Christopher (2007). Koguryo: The Language of Japan’s Continental Relatives. Brill's Japanese Studies Library. Brill. ISBN 9789047420286. 
  • Kim, Kichung (1996). "Chap 4. Notes on the Samguk sagi and Samguk yusa". An Introduction to Classical Korean Literature. Routledge. පි. 256. ISBN 978-1563247866. 
  • Lee, Peter H. (1992). Sourcebook of Korean Civilization. New York: Columbia University Press. ISBN 978-0231079129. 
  • Lee, Ki-baik; Wagner, Eward W. (1984). A new History of Korea. Harvard University Press. ISBN 978-0674615762. 
  • Sin, Chaeho (1931). "조선상고사". Reprinted in 단재 신 채호 전집. ed: 단재 신 채호 전집 편찬 위원회 (Compilation Committee), Seoul, Munjangsa, 1982.  (කොරියානු)

පොදු වසම් පර්යේෂණ පත්‍රිකා[සංස්කරණය]

සම්පූර්ණ කළ යුතු ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Gardiner, K.H.J. "Samguk sagi and its Sources." Papers on Far Eastern History, 2 (September 1970): 1-41.: rem East Asian History is available at http://www.eastasianhistory.org/archive
  • Shim, Seungja. "Plants and Animals in the Place Names of Samguk Sagi." In Proceedings of the 9th Annual Conference, 10–15 April 1985, Association for Korean Studies in Europe. Le Havre: Association for Korean Studies in Europe, 1985.
  • Soloviov, Alexander V. "Kim Busik's Samguk Sagi: the 12th Century Man Viewpoint on Korean Culture". Major Issues in History of Korean Culture: Proceedings of the 3rd International Conference on Korean Studies, Moscow, December 17–20, 1996. Moscow: International Center for Korean Studies, 1997:71-74.
  • Yi, Chong-hang. "On the True Nature of 'Wae' in Samguk sagi." Korea Journal, 17:11 (November 1977): 51-59.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kim 1996, p. 62
  2. Lee 1992, p. 464
  3. Societas Koreana. "TOC of Silla's Records". 
  4. Societas Koreana. "TOC of Goguryeo's Records". 
  5. HARVARD. "TOC of Baekje's Records". 
  6. Shultz 2004, p. 3
  7. Lowensteinova 2012, p. 4
  8. Byington 1992, pp. 71–81
  9. Kim 1996, p. 49
  10. McBride 1998, p. 135
  11. Sin 1931, p. I.329
  12. Sin 1931, p. I.327
  13. McBride 1998, p. 123
  14. Kim 1996, p. 61
  15. Beckwith 2007
"https://si.wikipedia.org/w/index.php?title=සම්ගුක්_සගි&oldid=410389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි