පාෂාණය (භූ විද්‍යාව)
Jump to navigation
Jump to search

ග්‍රෑන්ඩ් කැනියන් යනු අවසාදිත පාෂාණ ස්ථර කිහිපයක් හරහා නිර්මාණය වී ඇති භූ විද්‍යාත්මක කැපුමකි.
පාෂාණයක් යනු ඕනෑම ඛණිජමය හෝ ඛණිජාකාර ද්‍රව්‍යකින් සැදුණු ස්වභාවිකව පවත්නා ඝණ ස්කන්ධයකි. එහි පවත්නා ඛණිජ අන්තර්ගතය, එහි රසායනික සංයුතිය සහ නිර්මාණය වී ඇති ආකාරය අනුව එය වර්ගීකරණය වී ඇත. පාෂාණ සාමාන්‍ය වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරෙයි: ආග්නේය පාෂාණ, විපරිත පාෂාණ සහ අවසාදිත පාෂාණ වශයෙනි. පාෂාණ වෙතින් පෘථිවියෙහි පිටත ඝණ ස්ථරය වන්නාවූ කබොල්ල තැනෙයි.