බෙංගාල බෞද්ධ සංගමය

විකිපීඩියා වෙතින්

බෙංගාල බෞද්ධ සංගමය (බෙංගාලි: বৌদ্ধ ধর্মাঙ্কুর সভা, බෞද්ධ ධර්මාංකුර් සභා) යනුවෙන් හැඳින්වෙන්නේ කොල්කතාව පාදක කරගත් බෞද්ධ සංවිධානයකි.

ඉතිහාසය[සංස්කරණය]

මෙම ආයතනය ස්ථාපිත කරන ලද්දේ ක්‍රිපාසරන් විසින් 1892 ඔක්තෝබර් 5 දින දී ය.[1] මෙය ශ්‍රී ලාංකික බෞද්ධ නූතනවාදය වැනි දකුණු ආසියානු බෞද්ධ නූතනවාදී ව්‍යාපාරයන් මෙන්ම පරමවිඥානාර්ථය වැනි බටහිර විද්වත් ව්‍යාපාරයන් හි ආභාසය ලද්දකි. මෙම සංවිධානයෙහි පරමාර්ථය වන්නේ ඉන්දියාව තුළ බුද්ධ ධර්මයේ සංකල්ප ප්‍රචලිත කිරීම සහ පුනර්ජීවනය මෙන්ම බෞද්ධ අධ්‍යයන සඳහා අනුග්‍රහ දැක්වීමයි.[2] 1908 දී මොවුන්ගේ ජර්නලය වන ජගජ්ජ්‍යෝති ප්‍රථම වරට ප්‍රකාශයටපත්කෙරිණි.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Mary Grey. "A Cry for Dignity: Religion, Violence and the Struggle of Dalit Women in India". සම්ප්‍රවේශය March 6, 2019.
  2. "ABOUT US". සම්ප්‍රවේශය March 6, 2019.
  3. "Jagajjyotih (Calcutta, Bengal Buddhist Association". සම්ප්‍රවේශය March 6, 2019.
"https://si.wikipedia.org/w/index.php?title=බෙංගාල_බෞද්ධ_සංගමය&oldid=476994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි