Jump to content

දඩයම (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
දඩයම
Dadayama
ගොනුව:DVD Cover of the film Dadayama.jpg
අධ්‍යක්ෂණයවසන්ත ඔබේසේකර
නිෂ්පාදනයපී. ඒ. රචින් චන්ද්‍රසිරි
සුනිල් ජයසිරි
ජී. ඒ. සෝමදාස
කථාව ලිවීමවසන්ත ඔබේසේකර
තිරචනයවසන්ත ඔබේසේකර
කථාව ලියුවේවසන්ත ඔබේසේකර
රගපෑමරවින්ද්‍ර රන්දෙණිය ස්වර්ණා මල්ලවආරච්චි
සංගීතයප්‍රේමසිරි කේමදාස
සිනමාකරණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
නිෂ්පාදන
සමාගම
හොංකොං කලර් මූවි ලැබ් විජය චිත්‍රාගාරය
නිකුත් කල දිනය
  • මැයි 20, 1983 (1983-05-20) (රීගල්)
ධාවන කාලය
පැය 1 මිනිත්තු 55 (දිග අඩි 11512)
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

දඩයම යනු 1983 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිංහල චිත්‍රපටයකි. සත්‍ය කතා පුවතක් පාදක වූ මෙම සිනමා පටය නිර්මාණය කළේ ඇඩ්ලින් විතාරණ සිද්ධිය පසුබිම් කොටගෙනය. 1983 මැයි මස 20 දා ප්‍රදර්ශනය ඇරඹූ එහි රවීන්ද්‍ර රන්දෙනිය, ස්වර්ණා මල්ලවආරච්චි, සොමී රත්නායක, අයිරාංගනී සේරසිංහ, ජේ. එච්. ජයවර්ධන, රත්නාවලී කැකුණවෙල, ශිරානි කෞශල්‍යා, දයා අල්විස්, රත්මලී ගුණසේකර හා ග්‍රැන්විල් රොඩ්‍ර්‍ගු යන නළු නිළියෝ රඟපෑහ. දඩයම රබීන් චන්ද්‍රසිරි, සුනිල් චන්ද්‍රසිරි හා පී. ඒ. සෝමදාස එක්ව නිපැයූ වර්ණ මි.මී 35 ප්‍රමාණයේ වර්ණ චිත්‍රපටයක් වූයේය.[1]

රංගන ශිල්පීන්

[සංස්කරණය]
  • රවින්ද්‍ර රන්දෙණිය - ජයනාත්
  • ස්වර්ණා මල්ලවආරච්චි - රත්මලී
  • සොමී රත්නායක - ජාකොලිස්
  • අයිරාංගනි සේරසිංහ - ගණිකා නිවාස පාලිකා
  • රත්නාවලී කැකුණුවෙල - රත්මලීගේ මව
  • ශිරාණි කෞෂල්‍යා - රේණුකා
  • නන්ද විතාන - ව්‍යාජ විවාහ ලේකම්
  • මාලක චතුරාත් - රත්මලීගේ පුතු
  • අනුෂි විජේගුණවර්ධන
  • රත්මලී ගුණසේකර
  • දයා අල්විස්
  • ජේ. එච්. ජයවර්ධන
  • අවන්ති අපොන්සු
  • ඉන්දිරා පෙරේරා
  • රමණී ෆොන්සේකා
  • කාලයිල් ඩයස්
  • ග්‍රැන්විල් රුද්‍රිගු

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්ෂණ සහාය – නන්ද විතාන
  • අංග රචනය - ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
  • නාමාවලිය - කේ. ඇම්. හේමචන්ද්‍ර
  • නිෂ්පාදන කළමනාකරණය – නන්ද විතාන
  • නිශ්චල ඡායාරූප – ප්‍රියත් ලියනගේ
  • ඇදුම් නිර්මාණය හා ප්‍රචාරක කළමනාකරණය - ස්වර්ණා අබේසේකර
  • විදුලි කාර්මික සේවා - ජයවර්ධන ෆිල්ම්ස්

ප්‍රදර්ශනය

[සංස්කරණය]
  • මංගල දර්ශනය – චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.
  • ප්‍රදර්ශනය – පස්වන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 11 කදී.
  • ආරම්භක සිනමා ශාලා - රීගල් - කොටුව, ලිඩෝ - බොරැල්ල, නැෂනල් - මහරගම, සමුද්‍ර – වත්තල, ටවර් - මොරටුව, බ්‍රෝඩ්වේ – මාතර, අනුර – අම්බලන්ගොඩ, නිව් ඉම්පීරියල් - රත්නපුරය, වෙම්බ්ලි-නුවර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ලිබර්ටි – බදුල්ල

බාහිර සබැඳි

[සංස්කරණය]
  1. ^ http://www.sarasaviya.lk/2011/08/18/_art.asp?fn=sa11081811&pn=11[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=දඩයම_(චිත්‍රපටය)&oldid=626440" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි