හෝ ගානා පොකුණ

විකිපීඩියා වෙතින්
හෝ ගානා පොකුණ
අධ්‍යක්ෂණය කලේඉන්දික ෆර්ඩිනැන්ඩු
නිෂ්පාදනය කලේ
  • සුනිල් ටී පීරිස්
  • කුසුම්සිරි ලියනාරච්චි
  • යශෝධරා සරත්චන්ද්‍ර, දයානන්ද ලියනාරච්චි
  • ශ්‍යාමා අතුකෝරල, බිමල් ප්‍රනාන්දු
  • නිරෝෂා ප්‍රනාන්දු
  • ගීතා මුතුමාලගේ
තිරචනය සිදු කලේඉන්දික ෆර්ඩිනැන්ඩු
රඟ පාන්නේ
  • ජයලත් මනෝරත්න
  • ලූෂන් බුලත්සිංහල
  • තිශාක්‍ය කුමාරතුංග
  • ආංජලී වික්‍රමසිංහ
  • අනුසුයා සුබසිංහ
  • ජගත් චමිල
සංගීතය සැපයුවේදිනේෂ් සුබසිංහ
Cinematographyචන්න දේශප්‍රිය
Production
company
නෙක්ස්ට් ෆ්‍රේම් ස්ටුඩියෝ ඇන්ඩ් ප්‍රඩක්ෂන්
Distributed byසුනිල් ටි ෆිල්ම්ස්
Release date
11 දෙසැම්බර් 2015
Running time
119 මිනිත්තු[උපහරණ ඇවැසිය]
Countryශ්‍රී ලංකාව
Languageසිංහල

හෝ ගානා පොකුණ යනු, ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍රී ලාංකික ලමා සංගීතමය චිත්‍රපටයකි (නාට්‍යමය චිත්‍රපටය). [1] 31වන චිකාගෝ ජාත්‍යන්තර ලමා චිත්‍රපට උළෙලෙහිදී එය වෙත ගුරුවරුන්ගේ තේරීම ත්‍යාගය පිරිනැමුණු අතර,[2] 38වන ලූකාස් ජාත්‍යන්තර ලමා උළෙලෙහිදී හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා සම්මානයත් [3][4] සහ 55වන ස්ලීන් චිත්‍රපට උළෙලෙහිදී සිටි ඔෆ් ස්ලීන් සම්මානයත් ලැබිණි. [5] චිත්‍රපටය සඳහා ලෝක දොරට වැඩුම ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙහිදී සිදුවූ අතර හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙහිදී එය නිල තේරීම වශයෙන් සඳහන් කෙරිණි. [3][6][7]

සම්පිණ්ඩනය[සංස්කරණය]

උමා (අනුසුයා සුබසිංහ) නම් නව ගුරුවරියක් ශ්‍රී ලංකාවේ දඹුල්ල අසබඩ ඈත ගම්මානයක පාසැලකට පත්ව එන්නේ ඇයගේ පළමු පත්වීම වශයෙනි. පාසැලෙහි ශිෂ්‍යයන් කිහිප දෙනෙකු සිටින අතර, විදුහල්පති (ලූෂන් බුලත්සිංහල) සහ උමා පමණක් ගුරුවරුන් වෙති. උමාගේ උපකාරයද සහිතව ශිෂ්‍යයෝ ඔවුන් පෙර කිසි දිනෙක සිතෙහි හෝ නොමැවූ විශාල දේ පිළිබඳ ක්‍රමයෙන් සිහින මවති.

එක් දිනෙක උපුලී නම් අන්ධ ගැහැණු දරුවෙකු, ඇය නොදුටු සිහිනය ඇයගේ පාසැල් මිතුරන් වන සූකිරි සහ උක්කුන් සමග හවුලේ බෙදා ගනියි. එය ක්‍රමයෙන් ගම්මානය පුරාම සිහිනය බවට පත් වෙයි. මෙම සිහිනය සැබෑ කර ගැනුමට යද්දී දරුවන් සහ උමා විසින් අනේක උපද්‍රවයන්ට ලක් වෙති. පෙර කිසි දිනෙකු ඔවුන් නොදැක සිටි දෙයක් පිළිබඳව පාසැලෙහි දරුවෝ යොමු වෙති. මෙම ඉලක්කය කුඩා විප්ලවයකටද මග පාදයි. [8]

සංගීත ස්වර මාලාව[සංස්කරණය]

චිත්‍රපටයෙහි ස්වර මාලාව සහ ගීත රචනාකොට මෙහෙයවන ලද්දේ දිනේෂ් සුබසිංහ විසිනි. [9] තේමා ගීය "රෑට පේන කිරි හාවා" සඳහා ගායනය සැපයුවේ ත්‍රිෂාල විජේතුංග විසින් වන අතර පසුබිම් ගායනය දෙව්මිනි ප්‍රනාන්දු, දිනිත් රිද්මිකා, භානුක සෙනෙවිරත්න සහ නිෂාමි නයිසරා විසින් සැපයිණි. [10]

හඬ පථය[සංස්කරණය]

චිත්‍රපටයෙහි හඬ පටය, එම් එන්ටර්ටේන්මන්ට් මියුසික් තුලින් නිකුත් කෙරිණි. හැනෝයි චිත්‍රපට ජූරිය සහ චිකාගෝ මාධ්‍යවේදීන් විසින් සංගීත ස්වර මාලාව අගය කොට සැලකිණි.[උපහරණ ඇවැසිය] හඬ පථය පටිගත කෙරුණේ රජීව ජයවික්‍රම විසින් වන අතර එහි අවසන් නිමාව චෙන්නයි හිදී සිදු කෙරු‍ණේ සෂික රුවන් මාරසිංහ විසිනි. [11][12]

සම්මාන සහ අභිධාන[සංස්කරණය]

ජාත්‍යන්තර සම්මාන[සංස්කරණය]

[13]

වසර සිනමා උළෙල රට වර්ගය ප්‍රතිඵලය
2015 31වන චිකාගෝ ජාත්‍යන්තර ලමා චිත්‍රපට උළෙල ඇඑජ විශේෂ ජූරි සම්මානය (ගුරුවරුන්ගේ තේරීම) [14] දිනන ලදි
2015 55වන ස්ලීන් චිත්‍රපට උළෙල චෙක් ජනරජය සිටි ඔෆ් ස්ලීන් සම්මානය,[15][16][17] දිනන ලදි
2015 38වන ලූකාස් ජාත්‍යන්තර ලමා චිත්‍රපට උළෙල ජර්මනිය හොඳම වෘත්තාන්ත චිත්‍රපට සම්මානය [15] දිනන ලදි
2016 සාර්ක් චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාව *හොඳම තිර රචනය -ඉන්දික ෆර්ඩිනැන්ඩු *හොඳම සංස්කාරක -තිස්ස සුරේන්ද්‍ර [18] දිනන ලදි

ශ්‍රී ලාංකික චිත්‍රපට උළෙලවල්[සංස්කරණය]

  • 4වන දෙරණ සන්සිල්ක් චිත්‍රපට සම්මාන 2016

2016 මැයි 14 දිනදී නෙළුම් පොකුණ රංග ශාලාවෙහිදී පැවති 4වන දෙරණ සන්සිල්ක් චිත්‍රපට සම්මාන 2016 තුලදී හෝ ගානා පොකුණ චිත්‍රපටය සඳහා අභිධාන නවයක් සහ සම්මාන හයක් හිමි විය [19]

වර්ගය ශිල්පියා ප්‍රතිඵලය
හොඳම මුල් නිර්මාණ ස්වර මාලාව දිනේෂ් සුබසිංහ දිනන ලදි
හොඳම සහාය නළුවා ජයලත් මනෝරත්න දිනන ලදි
වඩාත් ජනප්‍රිය චිත්‍රපට ගීතය දිනේෂ් සුබසිංහ දිනන ලදි
හොඳම අධ්‍යක්ෂණය ඉන්දික ෆර්ඩිවැන්ඩු අභිධානය ලදි
හොඳම තිර රචනය ඉන්දික ෆර්ඩිනැන්ඩු අභිධානය ලදි
හොඳම කලා අධ්‍යක්ෂක මංජුල අයගම අභිධානය ලදි
නිෂේධාත්මක භූමිකාවක හොඳම නළුවා දයාදේව එදිරිසිංහ අභිධානය ලදි
සහාය භූමිකාවක හොඳම නිළිය ජයනි සේනානායක අභිධානය ලදි
හොඳම චිත්‍රපටය සහ වඩාත් ජනප්‍රිය චිත්‍රපටය ඉන්දික ෆර්ඩිනැන්ඩු, කුසුම්සිරි ලියනාරච්චි, යශෝධරා සරත්චන්ද්‍ර, සුනිල් ටී ප්‍රනාන්දු, බිමල් ප්‍රනාන්දු හා ආනන්ද ලියනාරච්චි දිනන ලදි

* ජූරි සම්මාන

* අනුසුයා සුබසිංහ සඳහා විශේෂ සම්මානය.

* වැඩිම ආදායම් ලබන චිත්‍රපටය

ජනසාර්ථකත්වය[සංස්කරණය]

චිත්‍රපටය විසින් දින 100 නිමා කල අතර[20] 'පත්තිනි' චිත්‍රපටයෙහි නිකුතු දිනය වන තුරු එය දින 147 දක්වා ධාවනය වූයේ ශ්‍රී ලාංකික සිනමාවෙහි විශාල ජනසාර්ථකයක් බවට පත් වෙමින් වන අතර 4වන දෙරණ සන්සිල්ක් චිත්‍රපට උළෙලෙහිදී වැඩිම ආදායම් ලබන චිත්‍රපටය සම්මානය ලැබීය.

නළු නිළි සහ කාර්ය මණ්ඩලය[සංස්කරණය]

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඉන්දික ෆර්ඩිනැන්ඩු විසිනි. එය නිෂ්පාදනය කරන ලද්දේ කුසුම්සිරි ලියනාරච්චි, යශෝධරා සරත්චන්ද්‍ර, දයානන්ද ලියනාරච්චි, ශ්‍යාමා අතුකෝරල, බිමල් ප්‍රනාන්දු, නිරෝෂා ප්‍රනාන්දු සහ ගීතා මුතුමාල විසිනි. ප්‍රධාන කැමරාකරණය කරන ලද්දේ චන්න දේශප්‍රිය විසින් වන අතර සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර විසින් කරන ලදි.

ප්‍රධාන භූමිකාවන් සඳහා රංගන දායකත්වය සැපයුවේ ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, අනුසුයා සුබසිංහ, දයදේව එදිරිසිංහ, ජයනි සේනානායක, හයසින්ත් විජේරත්න, සැනෙට් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, අමා විජේසේකර සහ ජගත් චමිල විසිනි.[21]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "හෝ ගානා පොකුණ: ඉන්ස්පයරිං ඇන්ඩ් ඉන්ස්පිරේෂනල්". Sundayobserver.lk. 2016-02-21. සම්ප්‍රවේශය 2016-05-23.
  2. "31ස්ට් චිකාගෝ ඉන්ටර්නැෂනල් චිල්ඩ්රන්ස් ෆිල්ම් ෆෙස්ටිවල්" (PDF). Facets. සම්ප්‍රවේශය 20 ජනවාරි 2016.
  3. 3.0 3.1 "ලෝරල්ස්". නෙක්ස්ට් ෆ්‍රේම් ස්ටූඩියෝ. සම්ප්‍රවේශය 20 ජනවාරි 2016.
  4. "ද ලූකාස් අවෝඩ්ස්". ඩොයිචස් ෆිල්ම් මියුසියම්. සම්ප්‍රවේශය 20 January 2016.
  5. එමර්ෂන් සොෆ්ට්වෙයාර්. "අබවුට් ෆිල්ම් - 56ත් ස්ලින් ෆිල්ම් ෆෙස්ටිවල් - ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් ෆො චිල්ඩ්රන් ඇන්ඩ් යූත්". Zlinfest.cz.
  6. "ද සිංගිං පොන්ඩ්". Haniff.vn. සම්ප්‍රවේශය 13 May 2015.
  7. "'ද සිංගිං පොන්ඩ්' ක්‍රියේට්ස් ඉන්ටර්නැෂනල් රිප්ල්ස් | ද සක්ඩේ ටයිම්ස් ඔෆ් ශ්‍රී ලංකා". Sundaytimes.lk. 2015-10-25. සම්ප්‍රවේශය 2016-05-23.
  8. "අ රිෆ්‍රෙසිං මූවි, අ ට්‍රිබියුට් ටු ටීචර්ස් | ද සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා". Sundaytimes.lk. 2015-12-13. සම්ප්‍රවේශය 2016-05-23.
  9. රුවිනි ජයවර්ධන (27 නොවැම්බර් 2013). "අ රෙබල්ස් මියුසික් | ඩේලි නිවුස් ඔන්ලයින් : ශ්‍රී ලංකාස් නැෂනල් නිවුස්". Dailynews.lk. සම්ප්‍රවේශය 9 මැයි 2015.
  10. http://www.dailynews.lk/?q=2016/02/03/entertainment/dineshs-global-tempo
  11. ප්‍රනාන්දු, සුසිතාආර්. (3 පෙබරවාරි 2011). "අ මියුසිකල් රිවයිවල් ඉන් ලංකන් සිනමා". ද සන්ඩේ ටයිම්ස්. http://www.sundaytimes.lk/160131/magazine/a-musical-revival-in-lankan-cinema-180794.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 පෙබරවාරි 2016. 
  12. "'හෝ ගානා පොකුණ' ::: Dailymirror.lk ::: බ්‍රේකිංනිවුස්". Dailymirror.lk. සම්ප්‍රවේශය 2016-05-23.
  13. http://nextframestudio.info/laurels.html
  14. http://artsonline.monash.edu.au/news-events/phd-student-indika-ferdinando-wins-chicago-international-childrens-film-festival-award/
  15. 15.0 15.1 http://www.sundaytimes.lk/151025/magazine/the-singing-pond-creates-international-ripples-168354.html
  16. http://www.zlinfest.cz/en/film-detail?id=5535
  17. සංරක්ෂිත පිටපත, http://dev.filmfesthamburg.de/en/programm/Film/25001/Ho_Gaana_Pokuna, ප්‍රතිෂ්ඨාපනය 2016-07-24 
  18. සංරක්ෂිත පිටපත, http://saarcculture.org/2016/06/07/winners-saarc-film-festival-2016/, ප්‍රතිෂ්ඨාපනය 2016-07-24 
  19. "ද ග්ලැමර් ඇන්ඩ් ස්ප්ලෙන්ඩර් ඇට් ද දෙරණ සන්සිල්ක් ෆිල්ම් අවෝර්ඩ්ස් 2016 – බියුටිෆුල් යූ". Beautifulu.lk. සම්ප්‍රවේශය 2016-05-23.
  20. http://www.sundaytimes.lk/160327/magazine/ho-gana-pokuna-passes-100th-day-187254.html
  21. "කාස්ට් ඇන්ඩ් කෲ". Hogaanapokuna.com. සම්ප්‍රවේශය 2016-05-23.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හෝ_ගානා_පොකුණ&oldid=613356" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි