පාර්ලිමන්ට් ජෝක්ස්

විකිපීඩියා වෙතින්
පාර්ලිමන්ට් ජෝක්ස්
අධ්‍යක්‍ෂණයරන්ජන් රාමනායක
රචනයරන්ජන් රාමනායක
තිර රචනයරන්ජන් රාමනායක
කතාවස්තුවරන්ජන් රාමනායක
නිශ්පාදනයලාල් කළු අරච්චි(ලක් චිත්‍රපට)
රංගන ශිල්පීන්ටෙනිසන් කුරේ

බන්දු සමරසිංහ

රන්ජන් රාමනායක
සිනෙමාරූපණයජයනාත් ගුණවර්ධන
සංස්කරණයඩෙන්සිල් ජයවීර
සංගීතයසෝමපාල රත්නායක
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 23, 2002 (2002-02-23)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

කතාව[සංස්කරණය]

දේශපාලනයේ දූෂණය භීෂණය පැතිරුණු කාල වකවානුවකි. එක්තරා ගම්මානයක ජනතාවට තමන්ගේ නායකයා පත්කර ගැනීම පිළිබඳ දේශනයකි. මෙය හසුරුවන්නේ ගමේ නායක හිමි විසිනි. ජාති ආගම් භේද නොසලකා පල්ලියේ පියතුමාද, ඉස්ලාමීය මුදලි මහත්මයෙකුද නායක හිමිට සහයෝගය ලබා දෙයි. තම රට ජාතියට ආදරය කල උත්තරීතර මිනිසුන් ගැන කියා දී ලඟ එන මැතිවරණයට එවන් අපේකයෙකු බිහි කිරීම ගැන කථිකාව ගියේය. එහෙත් එතැනට හිටිවනම කඩා වදිනුයේ දාමරික දේශපාලකයෙකු වන වලිසුන්දර නැමැත්තාය. තම මැර බලය පෙන්වා නායක හිමියන් හට තර්ජනය කොට බිය වද්දා එ හිමියන්ගේම මුවින් වලිසුන්දර හට මනාපය ලබා දෙන්නැයි පැවසීය.

මෙම ගම්මානයේ තවත් පෙදෙසක සුපුරුදු පරිදි පා පිට පා තබමින් සෙමෙන් සෙමෙන් හොර රහසේ හොර පොල් කැඩීමට ගසට බඩගාන්න දඟලන හොරෙකි.(ටෙනී) පය ලෙස්සා යාමෙන් බිම ඇද වැටුණු සොර තෙමේ නැතහොත් අමාරිස් සහයක් පැතීමට තම සහෝදරයා කරෝලිස්ව සොයයි. ඈත කෙලවරක කප් රුකක් මුල වාඩි ගෙන රා පානය කරමින් සිටින සහෝදරයා දුටීය.(බන්දු) කොපමණ හඬ නඟා කෑ ගැසුවද ප්‍රතිචාරයක් නොමැති හෙයින් වහා පය පාමුල වැටී තිබූ බැට්ටියක්/ඇට්ටියක් අතට ගෙන එයින් වැර යොදා විසි හලේය. අදික වේගයෙන් ඇදී ආ ඇට්ටිය රා බොමින් සිටියවුන්ගේ මුට්ටිය පාසා කරගෙන මුව තුලට් රිංගා ගියේය. හදිසියේ සිදු වූ නස්පැත්තිය සිතා ගැනීමට නොහැකි වූ බේබද්දා වහා නැඟිට වෙරි මතේම තම මුවට ඇට්ටියෙන් ගැසූ අයව සොයාගෙන යයි. කෙසේ වෙතත් තම සහෝදරයා හමු වූ ඔහු පොල් කැඩීම සඳහා ඔහුට සහය වීය. එම උත්සාහයද ව්‍යර්ථ වී ගියෙන් දෙදෙනාම රූටා බිම ඇද වැටුණි. දෙදෙනාගේ කර්තව්‍යයට සහයට යොදා ගැනීම සඳහා ඔවුන්ගේ බාල සොහොයුරා පේන මානෙක ඇත්දැයි බැලීය. කෙලවරෙහි වූ ගහක මුදුනේ සිට ගඟ දෙස බලා සිටින කඩවසම් තරුණයෙකි.(රන්ජන්) ගඟෙහි දිය නාමින් සිටින කතුන් දැක මොහු කුල්මත් වන අයුරු පෙනෙයි. අමාරිස් සහ කරෝලිස් අසුරු ගසා සංඥා නිකුත් කලද ඔහුගේ අවදානය දිය නාමින් සිටින ලලනාවන් දෙසය. විකල්පයක් නොමැති හෙයින් වැඩිමල් සොහොයුරා පෙර වූ ඇට්ටිය මද්දුමයා වෙත දී බාල සොහොයුරා වෙත සංඥාවක් ලබා දෙන්නට යැයි නියෝග කිරීය. වහා අතට ගත් ඇට්ටිය දකුණතට ගෙන වට කිහිපයක් කරකවා වේගයෙන් අහසට යොමු කිරීය. ගස මුදුනේ වූ අනංගයා ජබෝස් ගා ගඟට ඇද වැටුනේ තත්පර කිහිපයකිනි. හෙණ ගහන්නාක් මෙන් තමන් දිය නාමින් සිටි ගඟින් පිරිමියෙකු මතු වූවෙන් බිය වූ කතුන් සී සී කඩ විසිරී ගියේ දිය රෙද්ද පිටිනි. කාන්තාවන් බිය වැදි දිවූයේ ඇයි දැයි සොයා බැලීමට මත්තෙන් තමා නිරුවත් බවත් තම සරම ගහේ අත්තක ලෙල දෙමින් තිබෙන අයුරුත් දැකගත හැකි විය. කරගන්නට දෙයක් නොමැති හෙයින් කාන්තාවක විසින් දමා ගිය වස්ත්‍ර දැක ඒ වෙත ඇදුණි.

ඈතින් ඇදී එන සුරූපිනියක් දකින වැඩිමලා සහ මද්දුමයා සුද්දියකැයි සිතා ඇය තමන් වෙත ඇදී එනතුරු බලා සිටියි. දත් සැටිය මුව පුරා පාමින් ඔවුන් දෙසට ඇදී එන සුරූපිනිය හදුනා ගැනීමට හැකි වූයේ තම ආසන්නයට ආ විටයි. බලාපොරොත්තු සුන් වූවෙන් කුපිතව හේතු කාරණා විමසීය. තමන් පාඩුවේ ගඟෙහි දිය නාමින් සිටින විට ඒ දෙස ගහක සිට සැඟවී බලා සිටි තරුණියන් කිහිප දෙනෙක් ඇට්ටියක් හිසේ වැදීමෙන් ගඟට වැටුණු බවත් ඔවුන් විසින් මේ අසරණයාට ගවුම ඇන්දවූ බවත්ය. එයිනුදු තවත් කිපුණු දෙදෙන ඔහුට පහර දෙන්නට විය. යලිදු තිදෙනාගේම සහයෝගයෙන් පොල් කඩන්නට යොමු වූයේ ඇනකොටා ගැනීම් මාධ්‍යයේය.

කුඹුරේ තවත් කෙලවරකින් ඇදී එනුයේ කෙහෙල් කැනක් කරින් ගත් ගුනේරිස් සහ ඔහුගේ බිරිඳය. තම බලපුළුවන්කාරකම් පුරාජේරු බිරිඳට කියවමින් පිය මනින ඔහුට මෑත මානයේ අපේ සොහොයුරන් තිදෙනා දිස් වේ. තම හාමිනේට ඒ ගැන කියමින් ඒ දෙසට ඇදෙන අතර වාරයේ සුරූපී ලලනාවක දැකිය යැයි සිතා තවත් වේගවත් විය. පොල්, වෑවර සහ කඩේට දී ආප්ප කෑමට හනසුද කැඩීය. බාලයා, මද්දුමයා, වැඩිමලා එකා මත එකා පිට වැඩිමලා කොණ්ඩුවෙහි විය. තම වැඩිමල් සහෝදරයන් දෙදෙනගේ බර දරමින් දඟලන සුරූපිනියයේ පස්සට යමක් ඇණුනු හෙයින් මර ලතෝනි දෙමින් පසෙක බැලීය. ගුනේරිස් තම අත වූ කැත්ත තම පස්සට අමෝරා ගෙන සිටින යුරු දැකගත හැකි විය. බාලයාගේ සද්දය කිම දැයි හිතාගත නොහැකි දෙදෙන සුපුරුදු කර්තව්‍යයේ යෙදෙමින් සිටියි. ගුනේරිස් සහ ඔහුගේ ගෑනිය නොපෙනෙන ඔවුන් දෙදෙන ගුනේරිස්ගේ පවුල ගැන කථිකාව ගෙන ගියේය. කථිකාව වෙත අවදානය යොමු වූ මොහොතේ සර්පයෙකු ගසේ පොල් අතු අතර මුදුනෙහි එහා මෙහා විය. වැඩිමලා විසින් දෙන දේ නිදහසේ බිම දැමූ බාලයා ගුනේරිස් දැකීමෙන් ඔහුගේ දෑතටම කඩා වඩාගන්නා දෙය දිගු කිරීය. ගුනේරිස් එය හාමිනේටද හාමිනේ බිමටද දැමීය. තම බිරිය ගැන වැරදි ආකාරයෙන් කතා කරන්නවුන් දෙස ඉවසිල්ලෙන් බලා සිටින අතරවාරයේ වැඩිමලාගේ අත ගියේ සර්පයා වෙතයි.

සර්පයා ඒ අතින් මේ අත පාස් වූයේ හනස්සක් ලෙසය. පියවි සිහියේ සිටි ගුනේරිස් මායියා පිඹුරෙක් කියා කෑ ගැසුවේ එය තම පුරුෂයා අතට ආ පසුවය. සර්පයා ආපිට බාලයා වෙත දමා ගැසුවෙන් ඔහු මද්දුමයා සමඟ බිමට රූටා වැටුණි. සර්පයා දුටු කරෝලිස් සර්පයා හඳුනාගෙන පොළඟෙක් යැයි කෑ ගසමින් පොළඟකු එවුයේ ඇයිදැයි අයියාගෙන් ඇසීය. ගහේ එල්ලී සිටි ඔහුද එය ඇසීමෙන් බිම ඇද වැටීය. බාලයා වෙත විසිකල පොළඟා තමා වෙත ආවෙන් අමාරිස් වෙත පාස් කිරීය.

තිදෙනා තුන් අතක ඈඳී ගියෙන් ඔවුන් හසුකර ගැනීමට ගුනේරිස් සේවකයන්ට කීය. ලවාරිස්ගේ පසු පස සේවකයන් හඹා එද්දී දිව ගියේ ඉදිරියෙන් ආ ගුනේරිස්ගේ සරොම ද ගලවාගෙනය. බේරීමට දඟලන මද්දුමයා සහ බාලයාගේ ග්‍රහණයෙන් මිදීමට ගුනේරිස් මායියාටද වෙහෙසක් ගැනීමට සිදු විය. ලවාරිස් පසු පස ගුනේරිස් හඹා එද්දි අසල වූ වැසිකිළියකට රිංගා එහි වූ කාන්තාවකද සහයෝගයෙන් වතුර බාල්දිය දමා ගැසුවේ ගුනේරිස් දොර පියන හරින සැනින්ය.

තමන් පසුපස හඹා එන හාමිනේ සහ වැඩකාරයන් මඟ හරවා ගැනීමට පේන මානයේ තිබූ කඩයෙහි වූ මේසය යටට රිංගා ගත් අමාරිස් පැන යාමට පොටක් බැලුවේය. කඩය අසලට ඔවුන් ආ බව දැක මේසය අසල හිඳගෙන සිටි මුදලාලිව බිය වද්දා මේසයහි වූ කෑම තැටිය ගෙන ඉන් එක එක හාමිනේගේ පස්සට දමා ගසන්නට විය. තමන් හට වනචර කම් කලා යැයි කියා සේවකයන් හට මුදලාලිව අල්ලාගන්නට යැයි කීය. මුදලාලිගේ බෙල්ලෙන් අල්වාගෙන උඩට අදිද්දී ඔහුගේ සරොම ගලවාගෙන අමාරිස් නිවෙස වෙත පිය මැන්නේය.

නිවෙස වෙත පැමිණි ලවාරිස් විසින් අනෙක් සහෝදරයන් දෙදෙනාගේද බත් පතද කා නිම කල අතර එය දුටු අම්මා බැන වැදී ගේ තුලට ගියේ අනෙක් දෙදෙනා එන්නට මත්තෙන් බතක් උයන්නට කියායි. වෙලාවක් ගත වන්නට පෙර ඔවුන් දෙදෙනාද එතැනට කඩාපාත් විය. අධික ලෙස බඩගිනිව තිබූ කරෝලිස් තම ආදරණීය අම්මාගෙන් කන්නට බත් ඉල්ලුවේය. තිදෙනාගේම කෑම මලයා විසින් තනිව අනුභව කලා යැයි ඇසීමෙන් කුපිත වූ දෙදෙන බාල සහෝදරයා හට තඩිබාන්නට පටන් ගැනිනි. ඇණ බැනගෙන අවසානයේදි බඩගින්න අදික හෙයින් තම පියාගේ බත් පත කෑමට කුස්සියට ඇදුනි.

නොබෝ වෙලාවකින් ඔවුන්ගේ පියා දෑස මානයෙහි දිස් විය. කුඹුරු වැඩ කොට මහන්සි හෙයින් බිරියගෙන් කෑමට බත් ඉල්ලන්නට වූයෙන් සහෝදරයන් දඟලන්නට විය. තම සැමියාට කෑම වෙන් කල බඳුන පුත්‍රයන් තිදෙනා සන්තකයේ තිබෙනු දැක අදෝනා දෙන්නට විය. සිදු වූයේ කුමක්දැයි විමර්ශනය කිරීමෙන් පසු ලවාරිස් හට දඬුවම් කිරීමට දඬු කැබැල්ලක් අතට ගත් අතර අමාරිස් සහ කරෝලිස් පියාගේ සහයට ලවාරිස් තදකොට අල්ලා ගැනීය.

මස් කඳක් වූ බාලයාගේ සිරුර වෙත පියා එක් පහරක් යොමු කල අතර දෙවැනි පහරට මත්තෙන් සිහිසුන් වී බිම ඇඳ වැටින. තිදෙනා එක්ව පියාව යහනෙහි හාන්සි කරවයි. අපහසුතාවෙන් හෝ පියාගේ ඉල්ලීම වූයේ යෝධයන් වගේ ඉන්න උඹලා තුන් දෙනා ඇයි රස්සාවක් නොකරන්නේ? මම උඹල තුන්දෙනාට උදලු තුනක් ලැහැස්ති කරලා ඇති ගිහින් කුඹුරක් කොටාපන් යන්නයි.

පියාගේ ඉල්ලීම අනුව පුතුන් තිදෙනා කුඹුරු කෙටීම සඳහා නිවෙසින් නික්ම යයි. නිවෙසහි වූ බිරිය බොහෝ අසීරු තත්වයෙන් සිටි සැමියා හිටි සැටියේම හිස ඔසවා කලබලයෙන් උන් තුන්දෙනා ගියාද ඇසීමෙන් අන්දමන්ද වූයේය. කුඹුර වෙත පිය නැගූ දෙදෙන කුඹුර කොටමින් දේශපාලන කථිකාවක් ගෙන ගියේය. තිදෙනාගේ සංවාදයට බාදා කරමින් ඔවුන් වෙත ලඟා වූයේ ඡන්ද පෙළපාලියකි. මෙගොඩට ආ තිදෙන වෙත අපේක්ෂකයා යොමු කල ආයුබෝවන් කීමෙන් කුපිත වූයේ මද්දුමයාය. ආයේ බොන්ඩ කලින් බොන්ඩ දෙන්න එපෑ දැයි විමසීය. ඔවුන්ගේ පක්ෂය කිමැක්දැයි ඇසීමේදී පස්සා පෙන්වූ හෙයින් ඔවුන්ගෙන් ඉස්කෝලේ ගොස් ඇත්දැයි විමසීමේදී හෙළිවූයේ ඔවුන් දිනක් වැස්සට ඉස්කෝලයට ගිය බවයි. කෙසේ හෝ මෙවර මැතිවරණයට ඔහුට ඡන්දය ලබා දෙන ලෙස අපේක්ෂකයා සහෝදරයන්ගෙන් ඇයද සිටියේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අමාරිස් එලෙස පොරොන්දු වූයේ අත මිට මුදල් මිටක්ද බෝතලයක්ද ඉල්ලා ගනිමිනි.

මේ අතර වාරයේ වලිසුන්දරගේ ඡන්ද ප්‍රචාරක කටයුතු ඉතා වංචනික අයුරින් ගෙනයමින් පවතියි. තම ජනමාධ්‍ය උපදේශක සමඟින් ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව විමසා බැලීය. තම එදිරිවාදියා වූ පුෂ්පකුමාර කරුණාතිලක මරා දැමීමට සූදානම් වුවත් උපදේශක කීවේ ඔහුගේ බිරිඳ අනුකම්පා ඡන්ද ගෙන ජයග්‍රහණය කරයි යන්නයි. කිසියම් පිලියමක් මේ සඳහා යෙදීමට ඔහු ඉටා ගත්තේය.

කරුණාතිලක සූදානම් වූයේ වලිසුන්දර සමඟ මුහුණට මුහුණ සටන් කොට මැතිවරණයෙම් ජය ගැනීමටයි. ඒ සඳහා ඔහු ප්‍රහාරක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. පුහුණුව සඳහා ගෝල බාලයන්ද යොදා ගනියි. තම ගෝලබාලයින් මත විශ්වාසය තබා වලිසුන්දරගේ බල පෙදෙසට ඇතුලු වූයේ ගේම ඉල්ලන්නටය.

බෝතලය කට ගාමින් සිටින අපේ සොහොයුරන් තිදෙනාගේ සාකච්ඡාව වූයේ මුදල් සෙවීම ගැනය. ජනාධිපති උසස්ම තනතුර හෙයින් ලවාරිස්ගේ අදිටන වූයේ ජනාධිපති වීමයි.ජනාධිපතිකම සඳහා ඔවුන් පොරකද්දී තවත් පක්ෂයක ප්රචාරණ රැලියක් ඔවුන් වෙත ලඟා විය. ඔවුන් සහෝදරයින්ගේ පක්ෂයක් වූ අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති මොවුන්ට විරුද්ධ හෙයින් එතැනින් එම පිරිස පන්නා එලවා දැමීය.

වලිසුන්දරගේ රාජධානියට ඉල්ලං කෑම සඳහා ගිය කරුණාතිලකගේ ඉරණම පරිදි පාලමක් මධ්‍යයෙහි දෙදෙනා මුහුණට හමුවීම සිදු විය. වලිසුන්දර තමන්ගෙ බලප්‍රදේශයට පැමිණීම සම්බන්ධව අවවාද කලද උද්දච්චකම වැඩි වූ හෙතෙම වලිසුන්දරගේ කෝපය අවුස්සා ගුටි කෙලියක් මැද දිය බුං ගැසුවේ වලිසුන්දරගේ ගෝලයන්ගේ සහයෝගයෙනි.

බී මත් වූ සහෝදරයින් තිදෙන ඇඟපත සෝදා ගැනීමට ගඟ ලෙසට ලං විය. ඈත දිය නාමින් සිටින කතුන් පිරිසක් දැක ලවාරිස් ඒ දෙස ඇදෙන්නට වූයේය. ගඟට යමු කියා අමාරිස් ගස් බඩගාන්නට විය. ඇඟපත සෝදාගනිමින් සිටින මොවුන් දෙසට කරුණාතිලකගේ දේහය රැගත් පාරුවක් පැමිණේ. කවුද කින්ද මන්ද කියා තොටියාද සහෝදරයින්ද නොදන්නා නමුත් අමාරිස් ඇස ගැසුණු ඔහුගේ රත්‍රං ආභරණ දැක නැති බාප්පොච්චි තනතුරක් කඩා වැටුණි. තොටියා හට බැන වැදි පන්නා ගත් අතර, සොරුන් තිදෙන අභරණ අතපත ගා ගන්නට සැරසුනි. හදිසියේම පියවි සිහියට ආ බාප්පා කවුරුන්දැයි තම රත්‍රන් බඩු ගලවන්නේ යැයි ඇසීය. සැනින් පාට මාරු කර අපි රත්තරං බඩු පලන්දනවා යැයි පැවසුවේ අමාරිස්ය.

කපටි රජෙකු වූ අමාරිස් කරුණාතිලකව රවටා අනුකම්පාව තමන් වෙත ගැනීය. ඔහු ලඟ සිටි ගෝලයින් ඔහුව රැවටූ බවත් ඔවුන් අහිංසක දැහැමෙන් සෙමෙන් ජීවත් වන්නා වූ සුජාත පුත්‍රයක් බව ඒත්තු ගැනිවීය. රත්‍තරං වටින කොල්ලන් තිදෙනෙකු යැයි ගුණ වර්ණනා කරමින් කරුණාතිලක ඔවුන්ව තම නිවෙස කරා කැඳවාගෙන යන්නට වූයේ තම නියත ආරක්ෂක තනතුරු ලබා දීමටය. ඒ අසා සහෝදරයන් දෙදෙන බිම හොවා වැද වැටීමට මත්තෙන් කරුණාතිලකගේ සරමද කඩා බිම හෙලුවේය. මා පසු පස එව කි සැනිනි ඔහු පසු පස සහොදර තිදෙන පියනගන්නට වූයේය. කරුණාතිලකගේ සරම ඇහිඳගත් බීමත් කරෝලිස් තම කරෙහි එල්ලා ගත්තේය.

අතුරුදන් වූ තම ස්වාමියා ගේට්ටුව අසල කෑ ගැසනවා දැක තිගැස්සි ගිය සේවකයින් ඔවුන්ව ඇතුලට ගෙන්වා ගැනීය. වැද්දන් තිදෙන සේම කරුණාතිලකද සරම නොමැතිව දුටු සේවකයන් හට සිනහව නවතගත නොහැකි විය. ඈතමානයේ පෙනෙන සුවිසල් නිවාසය තමන්ගේ බවත් එය පගාව ගෙන සෑදු නිවාසයක් බවත් එවන් නිවෙස් තවත් ඇති බවද පවසයි. බැද්දේ සිට කැටුව ආ වැද්දන් තිදෙනා නිවෙස තුලට ගෙන ගිය ඔහු තම බිරියට නියෝග කරන්නට වූයේ ඔවුන් තිදෙනාව පොෂ් කර ගන්නා ලෙසය. හිටිවනම එතැනට කඩාපාත් වන්නේ සුරූපී තරුණියකි. තරුණිය පසුපස සහෝදරයන් හඹා ගියද ඇය ඔවුන් පිලිකුල් කර ඉවත එලවා දමන්නට විය.

හැඩ වැඩ කොට ඉංග්‍රීසිද උගන්වා එලියට ගත් කඩවසම් තරුණයන් තිදෙන දැක පෙර කී තරුණියද විශ්මයට පත් විය. ඔවුන් තිදෙන මේ තරුණියට පෙම් කිරීමට විය. සහෝදරවරුන් කරුණාතිලකගේ සියලු සැප සම්පත් ලැබුවද ඔවුන්ගේ අරමුණ වූයේ කරුණාතිලක හා වලිසුන්දර භේද බින්න කොට ජනාධිපති දක්වා යෑම්ටයි. මැතිවරණ සමයේ ඡන්ද ප්‍රචාරණ කටයුතු කාලය අවසන් වෙමින් පවතිද්දි කරුණාතිලක තම අවසන් මැතිවරණ රැලිය දියත් කිරීය. තම රැස්වීම් වලට මිනිසුන් නොමැති නිසාවෙන් මෙවර සහෝදරයින් තිදෙනට සැලසුමක් දියත් කිරීමට නියෝග දිය.

කී පරිදිම අවසන් සැසියේ කරුණාතිලක ජනයා ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී බෝම්බ ගසා ශරීරයේ කිහිප පොළකට පිහි ඇනුම් දී ඇත. එය සැලසුම වූ අතර එහි වගකීම වලිසුන්දර වෙත පටවා අනුකම්පා ඡන්ද සියල්ල් දිනා ගැනුනේ වලිසුන්දර හට ඡන්ද 3ක අන්ත පරාජයක් අත් කර දෙමිනි.

රු.150ක් වැනි සුළු මුදලකින් තම ජයග්‍රහණය සඳහා උපකාර කල ගෝලයන් තිදෙනාට මුදල් තෑගි පිරිනැමීය. ඊලඟට ඔවුන් ඇදුනේ වලිසුන්දර වෙතයි. ඔහුගෙන්ද මුදල් කඩාගත් ඔවුන් තම ගම කරා පිටත් විය. ගමට පය තැබූ සැනින් ඔවුන් ගම්මු විසින් අල්ලා ගත් අතර ඔවුන් විසින් කල හොරකම් වලට දඬුවම් කිරිමට ලැහැස්ති විය. දඬුවම් දීමට මත්තෙන් ඔවුන්ගේ සියළු හොරකම් හි අලාභයන් ගෙවා දැමීය. අවසන ගම්වැසියන්ගේ මනාපය ඔවුන් වෙත ඉල්ලන්නට වූයේ කටුසු ලකුණ නව පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින නිසාවෙනි. තමන් උස් මහත් කල දෙමව්පියන් ඔවුන් ලඟට ගෙන සැප සම්පත් දීමටද අමතක නොකළෝය.

අමාරිස්, ලවාරිස් සහ කරෝලිස් පෙම් බඳින තරුණිය තමන්ගේ කර ගැනීමට කරෝලිස් වෑයම් කරන අතර ඉන් කුපිත වූ අනෙක් දෙදෙනාද සණ්ඩු සරුවල් ඇති විය. කෙසේ හෝ තම පෙම්වතිය දිනා ගැනීමට කරෝලිස් හට හැකි විය. ඉදිරියේ පැමිණෙන මැතිවරණය සඳහා සහෝදරවරුන් සහභාගි කරවීමට කරුණාතිලක කටයුතු කලේය.

2001 ජනාධිපතිවරණය සඳහා අමාරිස් තරඟ වදින්නට වූයේ සහෝදරයන් දෙදෙනාගේ සහය ඇතිවය.

ගීතයන්[සංස්කරණය]

ගීත තනු / ගී ප්‍රබන්ධය සහ ගායනය, සංගීතය - නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම

  1. දෙයියන්ගෙත් දෙයියා
  2. මනාපේ ඉල්ලා අපි ආවේ

රංගනය[සංස්කරණය]

  • රන්ජන් රාමනායක - හි.කේ. ලවාරිස් (
  • බන්දු සමරසිංහ - ඊ.කේ. කරෝලිස් (ඉද්දවල කේවට්ටෙලාගේ කරෝලිස්)
  • ටෙනිසන් කුරේ - පූ.කේ. අමාරිස් (පුවක්පිටිය කේවට්ටෙලාගේ අමාරිස්)
  • ආනන්ද වික්‍රමගේ - පුෂ්පකුමාර කරුණාතිලක
  • විල්සන් කරු - වලිසුන්දර
  • ෆ්‍රෙඩී සිල්වා - ජනාධිපති අපේක්ෂක - ගරු රඟපෑම්
  • මැණිකේ අත්තනායක - ආරච්චි මායියා
  • රත්නා සුමනපාල - අම්මා
  • ජානකී විජේරත්න
  • සනෝජා බිබිලේ - පුෂ්පකුමාර ඇමති භාර්‍යාව
  • සසන්ති ජයසේකර
  • ජී. ආර්. පෙරේරා - තාත්තා
  • ඩී. බී ගංගොඩතැන්න - මුදලාලි
  • රාජා සුමනපාල
  • ජනේෂ් ද සිල්වා
  • චතුර පෙරේරා
  • සිසිර කුමාරතුංග
  • ටිරෝන් මයිකල්
  • සුමිත් මුදන්නායක
  • බෙන්ජමින් සෝලංගආච්චි
  • සිරිල් ආරියපාල
  • අනුර බණ්ඩාර රාජගුරු - නිවේදක
  • ආරියරත්න ගමගේ - මුස්ලිම් දේශකයා
  • උපාලි කීර්තිසේන - වලිසුන්දර ජනමාධ්‍ය උපදේශක
  • රෝයි ජයවර්ධන
  • සඳුන් විජේසිරි - පියතුමා
  • සංඛ අමරජිත් පෙරේරා
  • රාජසිංහ ලෝලුවාගොඩ
  • දොන් ගයි - බෝතල් පත්තරකාරයා
  • රොහාන් ෆොන්සේකා
  • ටෙරන්ස් ප්‍රියංකර
  • නිශාන්ත මහතුන්
  • සුනිල් බමුණුආරච්චි
  • පියතිලක අතපත්තු
  • සංජීව පෙරේරා
  • නිශාන්ත විමලසිරි
  • නෙරංජන් පෙරේරා

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ
  • අංග රචනය - රංජිත් මතඟවීර
  • කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • දෙබස් පටිගත කිරීම හා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
  • ශබ්ද සහාය - විමල් රණවක, කුමාරසිරි ද සිල්වා, සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
  • නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
  • නිෂ්පාදක විධායක - රන්ජන් කළුආරච්චි, දුනේෂා කළුආරච්චි
  • නිෂ්පාදන සම්බන්ධීකරණය - එච්. සී. අනුර, අයි. එම්. එස්. ඩබ්ලිව්. බණ්ඩාර
  • සම්බන්ධිකරණ කළමනාකරු - ඇන්ටන් නිහාල් ප්‍රනාන්දු
  • සහකාර සම්බන්ධීකරණ කළමනාකරු - ඒ. එම්. රත්නායක
  • කොණ්ඩා සැකසීම - ලලිත් ධර්මවර්ධන
  • වෙඩි පිපිරවීම - රසික කුමාර අතුරුගිරිය
  • නාමාවලිය - ප්‍රේම් දිසානායක
"https://si.wikipedia.org/w/index.php?title=පාර්ලිමන්ට්_ජෝක්ස්&oldid=421370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි