Jump to content

ඩී බී නිහාල්සිංහ

විකිපීඩියා වෙතින්

ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ යනු ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්වරයෙකි. ඔහු 1939, මැයි, 27දා උපත ලැබුවේය. ආදි ආනන්දයෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන නිහාල්සිංහ මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සමාරම්භක සාමාන්‍යාධිකාරීවරයා ද වේ.වැලි‍කතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ නිර්මාණ අතරින් වැඩි ජන ප්‍රසාධයක් ලැබූ නිර්මාණ අතර වේ.දිමුතු මුතු ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේද ප්‍රථම වර්ණ ටෙලි නාටීය වේ. එමෙන්ම, විප්ලවවාදී සිනමාරූපී බවක්‌ ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට හස්‌ත ගත කැමරා කරණය' (HAND HELD CAMERA OPERATING) වෘත්තිය මට්‌ටමින් නිර්මාණාත්මකව - හඳුන්වා දෙනු ලබන්නේද - වැලිකතරෙනි.ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා මිය යනවිට 77 වන වියේ පසුවූ අතර හෙතේම ශ්‍රී ලාංකීය සිනමාවේ විප්ලවීය සලකුණ වශයෙන් හැඳින්විය හැක.හෙතේම 2016-04-21 වැනි දින කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රිප්ත විය.

සිනමා ගතවීම

[සංස්කරණය]
වසරචිත්‍රපටක්‍රියාන්විතය
1967සත් සමුදුරසංස්කරණය
1971වැලිකතරඅධ්‍යක්ෂණය / නිෂ්පාදනය
1981සාගරයක් මැදසංස්කරණය
1986මල්දෙණියෙ සිමියොංඅධ්‍යක්ෂණය / කැමරාකරණය
1991කෙළිමඬලඅධ්‍යක්ෂණය

සම්මාන

[සංස්කරණය]

සරසවිය සම්මාන

[සංස්කරණය]
  • 1968 - හොඳම අධ්‍යක්ෂණය - සත් සමුදුර
  • 1982 - හොඳම සංස්කරණය - සත් සමුදුර
  • 1987 - හොඳම අධ්‍යක්ෂණය - මල්දෙණියෙ සිමියොං
  • 1987 - හොඳම කැමරාකරණය - මල්දෙණියෙ සිමියොං
  • 1992 - හොඳම අධ්‍යක්ෂණය - කෙළිමඬල

සිග්නිස් සම්මාන

[සංස්කරණය]
  • 1987 - හොඳම කැමරාකරණය - මල්දෙණියෙ සිමියොං
"https://si.wikipedia.org/w/index.php?title=ඩී_බී_නිහාල්සිංහ&oldid=468945" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි