බැසිල් රාජපක්ෂ
ගරු බැසිල් රෝහණ රාජපක්ෂ | |
---|---|
| |
කැබිනට්දූර ආර්ථික සංවර්ධන අමාත්‍ය | |
Member of the Sri Lanka Parliament for ගම්පහ දිස්ත්‍රික්කය | |
In office 23 අප්‍රියෙල් 2010 – 08 ජනවාරි 2015 | |
හිටපු ජනාධිපති උපදේශක | |
Personal details | |
උපක | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය |
![]() |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා(යන්) | පුෂ්පා රාජපක්ෂ |
නිවහන |
C 79, Gregory Avenue, Colombo 07, Sri Lanka. |
උගත් ශාස්ත්‍රාලය | ආනන්ද විද්‍යාලය |
වෙබ් අඩවිය | Official Website |
බැසිල් රෝහණ රාජපක්ෂ (බැසිල් රාජපක්ෂ) මහතා ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කය තුලින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා හා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වේ. මීට පෙර 2005 වසරේ පැවැති ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පලමු ධූර කාලය තුලදී බැසිල් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කලේය. ඉන්පසු 2010 වසරේ පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුනු බැසිල් මහතා එහිදී පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ධූරය ඔහුට හිමිවිය.[1] බැසිල් රාජපක්ෂ මහතාගේ පියා වූවේ කීර්තිමත් දේශපාලඥයෙක් වූ ඩී. ඒ. රාජපක්ෂ මහතායි. බැසිල් මහතා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලය යෙනි .
දේශපාලන දිවිය[සංස්කරණය]
1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල්කිරිගල ඡන්ද බල පෙදෙසට තරඟ කල බැසිල් මහතා ඉන් පරාජයට පත්විය.[2] පසුව 1982 දී ශ්‍රී ලංකාවේ පලමු විධායක ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන සමයේ පැවැති ජන මත විමසුමට සහය දක්වමින් බැසිල් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විය.[3] පසුව පැමිණි ගාමිණි දිසානායක මහතා යටතේද වැඩ කල බැසිල් මහතා, රණසිංහ ප්‍රේමදාස මහතාගේ දෝශාභියෝගය බිඳවැටීමෙන් පසු එක්සත් ජනපදය වෙත යන ලදී.
පසුව නැවතත් මව් බිම කරා පැමිණි බැසිල් මහතා 2010 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැද ඉතිහාසගත ලෙස මනාප ඡන්ද ලක්ෂ 4 කට (400000 +) වඩා ලබා ගනිමින් ශ්‍රී ලංකා දේෂපාලනයේ සුවිශේෂී ස්ථානයක් ගොඩනගා ගන්නා ලදී. එලෙසම ඔහු ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්ථවාදය තිබූ අවදියේ, සොයුරු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සවියක් වෙමින් විශාල වැඩ කොටසක් ඉටු කල බව සඳහන්ය.
පෞද්ගලික ජීවිතය[සංස්කරණය]
පුෂ්පා රාජපක්ෂ සමග විවාහ වූ බැසිල් මහතා වර්ථමානයේ තිදරු පියෙකි.
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ New Cabinet sworn in Daily Mirror (Sri Lanka), Retrieved on 23rd April 2010.
- ↑ 1977 Parliamentary Elections Results.
- ↑ Can Basil rescue Mahinda’s sinking ship?.
භාහිර සබැදි[සංස්කරණය]