ජෝසුන්හි තේජෝ රජ

විකිපීඩියා වෙතින්
(යි සොන්ග්-ග්යේ වෙතින් යළි-යොමු කරන ලදි)
යි සොං-ග්යේ
යි දන්
ජොසොන්හි තේජෝ රජුගේ ආලේඛය සිතුවමක්
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1392 අගෝස්තු 5 – 1398 ඔක්තෝබර් 14
අභිෂේකය1392 අගෝස්තු 5
පූර්වප්‍රාප්තිකයාරාජවංශය පිහිටුවීම
ගෝර්යෝවේ රජු ලෙස ගොංග්යැං
අනුප්‍රාප්තිකයාජොංජොං (යි ග්යොං)
ජොසොන්හි හිටපු රජ
භුක්තිය1398 ඔක්තෝබර් 14 – 1400 නොවැම්බර් 28
අනුප්‍රාප්තිකයාජොංජොං (යි ග්යොං)
ජොසොන්හි මහා හිටපු රජ
භුක්තිය1400 නොවැම්බර් 28 – 1408 ජූනි 18
අනුප්‍රාප්තිකයාජොංජොං (යි ග්යොං)
උපත1335 ඔක්තෝබර් 27
හම්හ්‍යුං, හම්ග්යොං, ගෝර්යෝ පළාත, යුවාන් රාජවංශය
මරණය1408 ජූනි 18 (72 වියේ දී)
චංදොක් මාලිගය
භූමදානයගොන්වොල්ල්‍යොං, දොංගුර්යොං සොහොන් සමූහයේ කොටසකි.
බිසවඅගබිසව
  • අන්බ්යොන් හන් වංශයේ
    සින්-උයි
  • ගොක්සන් කං වංශයේ
    සින්දොක්

රාජකීය උපබිසව

  • සොං බිසව
  • ජොංග්යොං ආර්යාව
  • චිල්ජොම්සොන්
  • ජු චන්දොක් ආර්යාව
දරුවන්යි බං-වූ, ජිනාන් ප්‍රධාන කුමරු
යි බං-ග්වා, ජොංජොං රජු
යි බං-වොන්, තේජොං රජු
මරණාපර නාමය
ජොසොන්හි මහා තේජෝ කංහොන් ජිඉන් ග්යේවුන් සොංමුන් ෂින්මු රජ
태조강헌지인계운성문신무대왕
太祖康獻至仁啓運聖文神武大王
විහාර නාමය
තේජෝ
වංශයජොන්ජු යි
පියායි ජා-චුන්
මවචෝයි ආර්යාව
ආගමබුදු දහම
කොරියානු නම
හංගුල්태조
හන්ජා太祖
ප්‍රතිශෝධිත රෝමානුකරණයTaejo
මැකූන්–‍රයිෂවර්T'aejo
ලේඛන නාමය
හංගුල්송헌
හන්ජා松軒
ප්‍රතිශෝධිත රෝමානුකරණයසොංහොන්
මැකූන්–‍රයිෂවර්සොංහෝන්
උපන් නාමය
හංගුල්[이성계 පසුව 이단 ] Error: {{Lang}}: text has italic markup (help)
හන්ජා[李成桂 පසුව 李旦 ] Error: {{Lang}}: text has italic markup (help)
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ සොංග්යේ පසුව ඉ දන්
මැකූන්–‍රයිෂවර්යි සෝංක්යේ පසුව යි තන්
Courtesy name
හංගුල්중결
හන්ජා仲潔
ප්‍රතිශෝධිත රෝමානුකරණයජුංග්යොල්
මැකූන්–‍රයිෂවර්චුංග්යෝල්
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ජොසොන්හි තේජෝ (1335 ඔක්තෝබර් 27 – 1408 ජූනි 18) යනු 1392 සිට 1398 දක්වා රාජ්‍ය පාලනය කළ කොරියාවේ ජොසොන් රාජවංශයේ ආරම්භක පාලකයායි. ඔහුගේ උපන් නාමය යි සොං-ග්යේ වූ අතර, පසුව එය යි දන් ලෙස වෙනස් කරගන්නා ලදී. ඔහු බලයට පත් වූයේ ගෝර්යෝ රාජවංශය බලයෙන් පහ කිරීමෙනි. 1897දී කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කළ ග්වංමු අධිරාජයා වූ ගෝජොං විසින් 1899දී තේජෝ රජුව මරණාපරව අධිරාජ තනතුරට ඔසවා තබන ලදී. 1910දී ජපානය විසින් කොරියාව ඈඳාගැනීමෙන් පසු ප්‍රකාශිත කොරියානු අධිරාජ්‍යයේ අවසානය සනිටුහන් විය.

තේජෝගේ පියා වූ යි ජා-හ්යුන් කොරියානු සම්භවයක් ඇති මොංගෝලියානු සුළු නිලධාරියකු විය. ගෝර්යෝ හමුදාවට බැඳුණු තේජෝ ක්‍රමයෙන් නිලයෙන් උසස් වීම් ලද අතර, 1392දී සිහසුනට පත්වීමට ඔහුට හැකි විය. 1398දී ඔහුගේ පුතුන් අතර පැවති බල අරගලයේ දී ඔහුට සිහසුන අත්හැරීමට සිදු වූ අතර, 1408දී තේජෝ මියගියේ ය.

බලයට පත්වීම සම්බන්ධ ඓතිහාසික පසුබිම[සංස්කරණය]

14වන සියවස අගභාගය වන විට, 918දී වං ගොන් විසින් පිහිටවූ වසර 400ක් පැරණි ගෝර්යෝ රාජවංශය ක්‍රමයෙන් දුර්වල වන්නට වූ අතර, වර්ෂ ගණනාවක් පැවති යුද්ධය නිසා එහි පදනම බිඳවැටෙන්නට විය. සැබැවින්ම එය පැවතියේ කැඩීයමින් තිබූ මොංගෝලියානු අධිරාජ්‍යයෙන් යැපෙමිනි. කොරියාවේ ස්වාධිපත්‍යය රාජසභාව තුළ නොයෙකුත් වාදවිවාදයන්ට ලක් වූ තේමාවක් විය. රාජකීය ගෘහය රාජධානිය සාධනීයව පාලනයට අපොහොසත් වූ අතර, මොංගෝලියානු යුවාන් රාජවංශයේ රාජකීය සාමාජිකයන් සමග සිදු වූ අන්තර්විවාහ හේතුවෙන් රජපෙළපත කිලිටි විය. එසේම ගෝර්යෝ රාජවංශයේ නොයෙකුත් රාජකීය පවුල් අතර අමනාපකම් වර්ධනය විය. (යු රජුගේ මව සාමාන්‍ය කාන්තාවක වුවද, ඔහු ගොංමින් රජුගෙන් පැවත එන්නකු ද යන්න පිළිබඳ සැකපහළ විය)

රාජධානිය තුළ බලවත් වංශවතුන්, සෙන්පතීන්, සහ අග්‍රාමාත්‍යවරුන් පවා රාජකීය ප්‍රසාදය දිනා ගැනීමට අරගල කළ අතර, මාලිගයේ ප්‍රමුඛත්වය ගැනීමට තරග වැදීම නිසා දේශපාලන පක්ෂ අතර ප්‍රබල බෙදීම් ඇති විය. ගෝර්යෝව කෙරෙහි ජපන් මුහුදු කොල්ලකරුවන් (වකෝ) සහ රතු ජටාකරුවන්ගෙන් එල්ල වූ ආක්‍රමණ ප්‍රමාණය ඉහළ ගියේ ය. ප්‍රතිසංස්කරණවාදී සින්ජින් වංශවතුන් සහ ප්‍රතිපාක්ෂික ග්වොන්මුන් වංශවතුන් මාලිගයේ රාජසභාවේ මූලිකත්වය ගත් අතර, විදේශ ආක්‍රමණවලට එරෙහිව සටන් කළ සෙන්පතීන්—විශේෂයෙන්ම යි සොං-ග්යේ සහ ඔහුගේ එදිරිවාදී චෝයි යොං වැනි සෙන්පතීන්ගේ ද බලය වර්ධනය විය. හිටපු භික්ෂුවක් වූ ෂු යුවෑන්ෂෑං (හොංවු අධිරාජයා) ගේ නායකත්වය යටතේ මිං රාජවංශය නැගී ඒමත් සමග, මොංගෝලියානු හමුදා අන්තරායට ලක් විය. 1350 දශකය වන විට ගෝර්යෝව, බිඳ වැටෙමින් තිබූ මොංගෝලියානු අධිරාජ්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස ලබා ගැනීමට සමත් විය. නමුත් ශේෂ වූ මොංගෝලියානුවන් ඊසානදිග භූමි පෙදෙස් අල්ලා ගැනීමට සමත් විය.

යුධ වෘත්තිය[සංස්කරණය]

ඉතිරි මොංගෝලියානු හමුදා අර්ධද්වීපයෙන් පලවා හරිමින් සහ ක්‍රමානුකූලව ජපන් මුහුදු කොල්ලකරුවන් නෙරපා දමමින් 1370 දශකයේ අගභාගය සහ 1380 දශකයේ මුල්කාලය වන විට යි සොං-ග්යේ සෙන්පතියා බලය සහ කීර්තිය අතින් වර්ධනය වන්නට විය. යුවාන් රාජවංශයට එරෙහිව ගොඩනැගුණු රතු ජටාකරුවන් සිය ව්‍යාපාරය කොරියානු අර්ධද්වීපය වෙත යොමු කරන විට යි ඔවුනව මෙහෙවීය. ෂු යුවැන්ෂෑංගේ නායකත්වය යටතේ චීනයේ මිං රාජවංශය නැගී ඒමත් සමග, ගොර්යෝ රාජසභාව පක්ෂ දෙකකට බෙදිණි: එනම් යිගේ නායකත්වය දැරූ (මිං රාජවංශයට සහාය දැක් වූ) පක්ෂය සහ ඔහුගේ සතුරා වූ චෝයි සෙන්පතිගේ (යුවාන් රාජවංශයට සහාය දැක් වූ) පාර්ශ්වයයි.

1388දී (යු රජුගේ 14වන වර්ෂය) ගෝර්යෝවේ උතුරු භූමියේ සැලකිය යුතු කොටසක් නැවත භාර දෙන ලෙස ප්‍රකාශ කරමින් මිං දූතයකු පැමිණීමත් සමග, ‍චෝයි සෙන්පති අවස්ථාව ලබා ගත් අතර, ගොඩනැගෙමින් පැවති මින්-විරෝධී පසුබිම මත ඔහු ලියාඕදොං අර්ධද්වීපය ආක්‍රමණය කිරීමට වාදකළේ ය. (ගෝර්යෝව පුරාතන රාජධානියක් වූ ගොගුර්යෝහි අනුප්‍රාප්තිකයකු ලෙස පැවසිණි; එම පැරණි රාජ්‍යයට මැංචූරියාව ද අයත් බව අතීතයේ පිළිගැනිණි)

මෙම ආක්‍රමණය මෙහෙයවීමට තෝරාගැනුණේ ප්‍රතිවාදී යි සෙන්පතියායි. කෙසේනමුත් අම්රොක් ගංගාවේ විහ්වා දූපතේ දී ඔහු බැරෑරුම් තීරණයක් ගත් අතර, එය "විහ්වා දූපතේ දී හමුදාව නැවත හැරීම" ලෙස හඳුන්වයි. මෙය කොරියානු ඉතිහාසය වෙනස් කරලීමට සමත් විය. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගෙන්, මහජනයාගෙන් තමන්ට ලැබෙන සහාය මෙන්ම හොංවු අධිරාජයා යටතේ මිං අධිරාජ්‍යයෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගෙන ඔහු කැරැල්ලක් ආරම්භ කිරීමට තීරණය කළ අතර, රජයේ පාලනය සුරක්ෂිත කිරීමට ගේසොං අගනුවර වෙත ගමන් කළේ ය.

විප්ලවය[සංස්කරණය]

යි සෙන්පතියා යාලු ගංගාවේ සිට කෙළින් අගනුවර දෙසට හමුදා මෙහෙයවා, රජුට පක්ෂපාතී හමුදා (චෝයි සෙන්පති විසින් මෙහෙයවූ) පරාජය කොට, යු රජු බලයෙන් පහකළේ ය. නමුත්, ඔහු අනතුරුව සිහසුනට පත් වූයේ නැත. ඒ වෙනුවට ඔහු යු රජුගේ පුත් චං රජු බලයට පත්කළ අතර, පැරණි රාජ්‍ය බලය ස්ථාපිත කිරීම අසාර්ථක වූ හෙයින් යි විසින් එම දෙදෙනාවම මරාදමන ලදී. මෙකල සිහසුනට පසුපස සිටි සැබෑ බලවේගය යි සෙන්පතියා විය. ඔහු බලෙන්ම ගෝර්යෝ රාජකීය නාමයක් වූ “යෝ” නාමය හිමි කරගත් අතර, ගොංග්යං රජුව (공양왕; 恭讓王) සිහසුනට පත්කළේ ය. රූකඩ රජෙකු මාර්ගයෙන් රාජසභාව අපහසුවෙන් පාලනය කළ යි, ජොං දෝ-ජොන් සහ ජෝ ජුන් වැනි සින්ජින් වංශවතුන් සමග මිත්‍ර විය. 1392දී (ගොංග්යං රජුගේ 4වන වර්ෂය) ගොංග්යං රජුව සිහසුනෙන් නෙරපා වොන්ජු (පසුව මෙහී දී ඔහු සහ ඔහුගේ පවුල රහසේම මරාදමන ලදී) වෙත පිටුවහල් කොට, යි සිහසුනට පත් විය.‍ මෙලෙසින් වසර 475ක පාලනයෙන් පසු ගෝර්යෝ රාජවංශය අවසන් විය.

1392දී ගෝර්යෝ රාජවංශයේ බිඳ වැටීමත් සමග, තේජෝගේ පස්වන පුත්‍රයා වූ යි බං-වොන් (පසුව තේජොං රජු) විසින් ප්‍රකට විද්වතකු, කවියකු සහ දේශපාලඥයකු වූ ජොං මොං-ජු ‍හට සාදයක් පැවැත්වී ය. පැරණි රාජවංශයේ ප්‍රබල හිතවතකු වූ සහ යිගේ සිහසුනට පත්වීමේ ප්‍රකාශයට විරුද්ධ වූ, ජොං මොං-ජුගේ පක්ෂපාතීත්වය දිනාගැනීමට යි ඔහු සමග කාව්‍යානුසාරයෙන් ලිපි හුවමාරු කළ ද එය අසාර්ථක විය. ජොං, ගෝර්යෝව තුළ මෙන්ම යි බං-වොන්ගේ ද ගෞරවයට පාත්‍ර වූ තැනැත්තකු වුවත්, ඔහු නව රාජවංශය පිහිටුවීමට බාධාවක් වූ හෙයින් ඔහුව ඉවත් කළ යුතු විය. මෙම සාදයෙන් පසු නැවත නිවස බලා එන අතරතුර, ගේසොංහි සොන්ජුක් පාලම (선죽교; 善竹橋) මත දී මිනිසුන් පස් දෙනකු විසින් ඔහුව මරා දමන ලදී. මෙම පාලම අදවන විට උතුරු කොරියාවේ ජාතික උරුමයක් වන අතර, එහි ගල් මත ඇති දුඹුරු පැහැ සලකුණ ඔහුගේ රුධිරය නිසා ඇති වූ බවත්, වර්ෂාව ඇති විට එය රතු පැහැයට හැරෙන බවත් පැවසේ.

රාජ්‍ය සමය[සංස්කරණය]

1392-1393 අතර කාලයේ යි සොං-ග්යේ විසින් නව රාජවංශය ජොසොන් යන නාමය යටතේ ප්‍රකාශයට පත්කැන ලදී. මෙය ජනප්‍රවාද අනුව, වසර තුන් දහසකට පමණ පෙර තිබූ ජොසොන් නැමැති පුරාතන රාජධානියේ යළි උපත ලෙස සැලකිණි. ඒ අනුව නව රාජ්‍යය "මහා ජොසොන් රාජධානිය" ලෙස නම්කරන ලදී. නව රජුගේ මුල්ම කාර්යයන් අතුරින් එකක් ලෙස චීනය සමග සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම සැලකෙයි. සැබැවින්ම ජොසොන් රාජ්‍යය බිහි වූයේ චීන මංකොල්ලකරුවන්ට ප්‍රතිචාර ලෙස චීනයට පහර දීම යි සෙන්පති ප්‍රතික්ෂේප කිරීම නිසායි.[1] රජුගේ සිංහාසනාරූඪයෙන් මඳ කලකට පසු, රජු විසින් නව රාජවංශයක් ස්ථාපිත කළ බව දැන්වීමට නැන්ජිංහි මිං රාජ මාලිගය වෙත දූතයන් පිටත් කර හරින ලදී.[2]

1392, 1394 සහ 1397 යන වර්ෂවල ර්යූකූ රාජධානියේ දූතයින් ද පැමිණියේ ය. 1393දී සියම විසින් රාජදූතයකු එවා ඇත.[2] නව රාජවංශයේ විදේශ සබඳතා ස්ථාපනයේ දී, මිත්‍ර සබඳතා යළි ස්ථාපිත කිරීම පිණිස ජපන් දේශය වෙත දූතයන් පිටත් කර හැරිණි. මෙම මෙහෙයුම සාර්ථක වූ අතර, අෂිකගා යොෂිමිට්සු ෂෝගුන්වරයා විසින් වාරතාකොට ඇත්තේ තමන් මෙම ආරම්භක තානාපතිවරුන්ට ප්‍රිය කරන බවයි.[3]

1394දී, නව රාජ්‍යයේ අගනුවර හන්සොං (සෝල්) හි ස්ථාපනය කෙරිණි.[4] මෙම නව රාජවංශය ප්‍රකාශයට පත් කොට නිල වශයෙන් ආරම්භ වන විට, තේජෝ සිය කුමන පුතු අනුප්‍රාප්තික ලෙස නම්කළ යුතු දැයි කල්පනා කළේ ය. සින්‍යුයි බිසවට දාව තේජෝට උපන් පස්වන පුත්‍රයා වූ යි බං-වොන් සිය පියාට සිහසුනට පත් වීමට බෙහෙවින් ආධාර වී තිබිණි. නමුත් ඔහු සිය පියාගේ මාලිගයේ ප්‍රබල හිතවාදීන් වූ අග්‍රාමාත්‍ය ජොං දෝ-ජොන් සහ නම් ඉයුන්ගේ ද්වේශයට ලක් විය.

යි බං-වොන් සිහසුනට නියම සුදුස්සා බව පැහැදිළි වීමත් සමග, ජොං දෝ-ජොන් රජුට ඒත්තු ගැන්වූයේ වඩාත් බුද්ධිමත්ම තීරණය වන්නේ රාජධානියට හොඳ යැයි තේජෝ සිතන පුත්‍රයා නොව, තේජෝ වඩාත්ම ප්‍රිය කරන පුත්‍රයාව සිහසුනට තේරීම බවයි.

1392දී තේජෝ රජුගේ අටවන පුත්‍රයා වූ (සින්දොක් අගබිසවගේ දෙවන පුත්‍රයා) උයාන් ප්‍රධාන කුමරු (යි බං-සොක්) කිරුළහිමි කුමරු ලෙස පත්කෙරිණි. නමුත් අගබිසව මියයාමත් සමග, රජු සිය දෙවන අගබිසව වෙනුවෙන් ශෝකවෙමින් සිටි කාලයේ, මාලිගය තුළ සිය තනතුර රැකගනු පිණිස ජොං දෝ-ජොන් විසින් යි බං-වොන් හා ඔහුගේ සොයුරන් මරා දැමීමට කුමන්ත්‍රණය කළේ ය.

1398දී මෙම සැලසුම පිළිබඳ දැන ගැනීමෙන් පසු, යි බං-වොන් විසින් ක්ෂණිකව කැරැල්ලක් ආරම්භ කොට මාලිගය වැටලූ අතර, ජොං දෝ-ජොන් සහ ඔහුගේ අනුගාමිකයන්ව ඝාතනය කරන ලදී. මෙහි දී, සින්දොක් අගබිසවගේ පුතුන් දෙදෙනා ද ඝාතනය කෙරිණි. මෙම සිදුවීම කුමාරවරුන්ගේ ප්‍රථම ආරවුල ලෙස ඇඳින්විණි. සිය දෙවන බිරිඳගේ මරණය හේතුවෙන් මානසික පීඩනයකින් පෙළෙමින් සිටි තේජෝ රජු කිරුළ වෙනුවෙන් සිය පුතුන් එකිනෙකා මරා ගන්නා බව දැක බියපත් වී, ක්ෂණිකව සිය දෙවන පුතු වූ යි බං-ග්වා (පසුව ජොංජොං රජු වූ) සිහසුනට පත් කළේ ය. අනතුරුව තේජෝ රජු විශ්‍රාම ගෙන හම්හුං රාජකීය මැඳුර බලා පිටත්ව ගියේ ය.

1400දී, ජොංජොං රජු සිය සොහොයුරා වූ යි බං-වොන් සිහසුනට සුදුසු බව කල්පනා කොට සිය කැමැත්තෙන්ම රජකම අත්හැරී ය. එම වර්ෂයේ දී ම, යි බං-වොන් තේජොං රජු ලෙස ජොසොන් දේශයේ සිහසුනට පත් විය.

සිය සිහසුන අත්හැර වසර දහයකට පසු, 1408 ජූනි 18 දින චංදොක් මාලිගය තුළ දී තේජෝ රජු මියගියේ ය. ඔහුගේ දේහය ගුරි නගරයේ ගොන්වොන්න්‍යොං (건원릉, 健元陵) සොහොන්ගැබෙහි භූමදාන කරන ලදී.[5]

පෙළපත[සංස්කරණය]

පූර්වජයන්[සංස්කරණය]

පවුල[සංස්කරණය]

  • පියා:[6] යි ජා-චුන්[7] (이자춘, 1315-ජනවාරි 1361)[8]
  • මව: යොංහ්‍යුං චෝයි වංශයේ චෝයි ආර්යාව (영흥 최씨, දින නොදනී)[8][9]
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. අන්බ්යොන් හන් වංශයේ ෂින්’උයි අගබිසව (신의왕후 한씨, චන්ද්‍ර දිනය සැප්තැම්බර් 1337- ඔක්තෝබර් 21, 1391)[10][11]
    1. යි බං-වූ, ජින්'අන්-දේගුන් කුමරු (이방우 진안대군, 1354 - ජනවාරි 15, 1394), 1වන පුත්‍රයා[12]
    2. යි බං-ග්වා, යොං'අන්-දේගුන් කුමරු (이방과 영안대군), 2වන පුතු - ජොසොන්හි ජොංජොං
    3. යි බං-උයි, ඉක්'අන්-දේගුන් කුමරු (이방의 익안대군, 1360-1404), 3වන පුතු
    4. යි බං-ගන්, හ්වෝඉයන්-දේගුන් කුමරු (이방간 회안대군, 1364-1421), 4වන පුතු
    5. යි බං-වොන්, ජොං'අන්-දේගුන් කුමරු (이방원 정안대군), 5වන පුතු - ජොසොන්හි තේජොං
    6. යි බං-යොන්, දොක්'අන්-දේගුන් කුමරු (이방연 덕안대군, දින නොදනී), 6වන පුතු
    7. ග්යොංෂින් කුමරිය (경신공주, ?-අප්‍රේල් 29, 1426), 1වන දියණිය[13]
    8. ග්යොංසොන් කුමරිය (경선공주, දින නොදනී), 2වන දියණිය[14]
  2. ගොක්සන් කං වංශයේ සින්දොක් අගබිසව (신덕왕후 강씨, ජූලි 12, 1356 – සැප්තැම්බර් 15, 1396)[15][16][17]
    1. යි බං-බොන්, මු'අන්-දේගුන්[18] (이방번 무안대군, 1381-ඔක්තෝබර් 6, 1398[19]), 7වන පුත්‍රයා
    2. යි බං-සොක්, උයි'අන්-දේගුන් කුමරු[18] (이방석 의안대군, 1382-ඔක්තෝබර් 6, 1398[19]), 8වන පුත්‍රයා
    3. ග්යොංසුන් කුමරිය (경순공주, ?–සැප්තැම්බර් 8, 1407), 3වන දියණිය[20][21]
  3. වොන්ජු වොන් වංශයේ සොං බිසව[22] (성비 원씨, ?-ජනවාරි 12, 1450)[23] - දරුවන් නැත.
  4. යු වංශයේ ජොංග්යොං ආර්යාව[24] (정경궁주 유씨, දින නොදනී)[25] - දරුවන් නැත.
  5. චිල්ජොම්සොන්, කිම් වංශයේ හ්වා’උයි කුමරිය[26] (칠점선 김씨 화의옹주, ?-1428)
    1. සුක්ෂින් කුමරිය (숙신옹주, ?-1453), 4වන දියණිය[27]
  6. ජු ආර්යාව චන්දොක්[28] (찬덕 주씨, දින නොදනී)
    1. උයිර්යොං කුමරිය (의령옹주, ?-1466), 5වන දියණිය[29]

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • ජොසොන්හි මහා තේජෝ ජිඉන් ග්යේවුන් සොංමුන් ෂින්මු රජ[30]
    • 태조지인계운성문신무대왕
    • 太祖至仁啓運聖文神武大王
  • ජොසොන්හි මහා තේජෝ කංහොන් ජිඉන් ග්යේවුන් සොංමුන් ෂින්මු රජ[31]
    • 태조강헌지인계운성문신무대왕
    • 太祖康獻至仁啓運聖文神武大王
  • කොරියානු අධිරාජ්‍යයේ තේජෝ ජිඉන් ග්යේවුන් ඉයුංචොන් ජෝතොං ග්වංහුන් යොංම්යොං සොංමුන් ෂින්මු ජොං’උයි ග්වංදොක් අධිරාජයා[32]
    • 태조지인계운응천조통광훈영명성문신무정의광덕고황제
    • 太祖至仁啓運應天肇統廣勳永命聖文神武正義光德高皇帝

උරුමය[සංස්කරණය]

ඔහුගේ වැදෑමහ සොහොන්ගැබ කොරියානු සමූහාණ්ඩුවේ, දකුණු චුංචොං පළාතේ, ග්‍යුම්සන්-ගුන්හි මන්-ඉන්-සන් ස්ථානයේ පිහිටා ඇත. ඔහු ගෝර්යෝ රාජවංශය සිහසුනෙන් පහ කර පැරණි රජයට හිතවත් නිලධාරීන්ට දඬුවම් පැමිණවුවද, බොහෝ විද්වතුන් පිළිගන්නේ ඔහු විප්ලවාවාදී දක්ෂ පාලකයකු බවත්, ඔහු විසින් අදක්ෂ, යල් පිනූ පාලන ක්‍රමයෙන් සහ විදේශ බලපෑම්වලින් ජාතිය මුදාගත් බවයි.

අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කළ නිසා කොරියානුවන්ට සිය සංස්කෘතිය ගොඩනැගීමට අවස්ථාව හිමි විය. සතුරු යුවාන් සහ මිං රාජවංශ මධ්‍යයේ ජොසොන් රාජවංශය වරක් මොංගෝලියානුවන් විසින් හානිකර තිබූ ජාතික අනන්‍යතාව ගොඩනගා ගැනීමට වෙහෙසුණේය. කෙසේනමුත්, ඇතැම් විද්වතුන්, විශේෂයෙන්ම උතුරු කොරියානු විද්වතුන්[33] දකින්නේ ඔහු පැරණි රජයට ද්‍රෝහී වූ ධනවාදියකු ලෙසයි. එසේම සෙන්පති චෝයි යොං යනු පැරණි ගෝර්යෝ රාජධානියට දිවි පුදා සේවය කළ යුධ වීරයකු ලෙස ඔවුහු සලකති.

මුල්කාලීන නූතන යුගය තුළ කොරියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු ගත් රාජ්‍යෝපාය ප්‍රතිපත්තිය සාර්ථක විය.[34]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. හුසේන්, ටාරික්. (2006). ඩයමන්ඩ් ඩිලෙමා: ෂේපිං ක‍ොරියා ෆෝ ද 21ස්ට් සෙන්චරි, පි. 45; හොජ්, කාල් කැවනැග්. (2008). එන්සයික්ලොපීඩියා ඔෆ් ද ඒජ් ඔෆ් ඉම්පීරියලිස්ම්, 1800-1914: A-K, පි. 401.
  2. 2.0 2.1 ගුඩ්රිච්, එල්. කැරිංටන් ඇතුළු පිරිස. (1976). ඩික්ෂනරි ඔෆ් මිං බයෝග්‍රැෆි, 1368-1644 (明代名人傳), වෙළුම. II, පි. 1601.
  3. ටිට්සිං, අයිසැක්. (1834). Annales des empereurs du japon, පි. 320; ඊසානදිග ආසියානු ඉතිහාස පදනම: Korea-Japan relations> Early Modern Period> Foreign Relations in Early Joseon සංරක්ෂණය කළ පිටපත 2009-10-28 at the Wayback Machine.
  4. සෝල් නගරසභා වෙබ්අඩවිය සංරක්ෂණය කළ පිටපත 2011-05-15 at the Wayback Machine: About Seoul> History> General Information> Center of Korean Culture. සංරක්ෂණය කළ පිටපත 2012-12-03 at archive.today
  5. සෝල් නගරසභාව: News> Features> Royal Tombs of the Joseon Dynasty> Ggureung Tomb Complex at Guri-si, Gyeonggi-do. සංරක්ෂණය කළ පිටපත 2012-07-10 at archive.today
  6. මිං සහ මුල්කාලීන ජොසොන් අතර සම්බන්ධය නිරූපණය කරන එක් කරුණක් ලෙස තේජෝගේ පෙළපත පිළිබඳ විවාදය දැක්විය හැක. මෙම විවාදය 1394 තරම් ඈත කාලයේ ආරම්භ වූවකි. [තේජෝ සිලොක්, වෙළුම.6, 14 ජූලි 1394, සටහන 1] එමගින් ඇති වූ විද්වත් ඝට්ටනය වසර 200ක් පමණ පැවතිණි. මහා මිං රාජ්‍යයේ එකතු කළ ව්‍යවස්ථා (එකල හැඳින්වුණේ සරල චීන:大明會通; සම්ප්‍රදායික චීන:大明会通; පින්යින්:Dà Míng Hùitōng) තුළ වැරදි ලෙස සටහන් කොට ඇත්තේ "යි දන්" (이단; තේජෝගේ සැබෑ නම) යනු යි ඉන්-ඉම් (이인임)ගේ ප්‍රත්‍රයා බවයි. එසේම "යි දන්" විසින් ගෝර්යෝවේ අවසන් රජවරුන් සිව් දෙනා (ගෝර්යෝහි ගොංග්යැං, ගෝර්යෝහි චං, ගෝර්යෝහි යු සහ ‍ගෝර්යෝහි ගොංමින්) මරා දැමූ බවත්, ඒ හේතුවෙන් මිං රාජ්‍යය ඔහු රාජ්‍ය පැහැර ගන්නකු ලෙස සැලකූ බවත්, හොංවු අධිරාජයාගේ සමයේ ඔහුව කොරියානු අර්ධද්වීපයේ නව රජු ලෙස පිළිගැනීම කිහිපවරක්ම ප්‍රතික්ෂේප වූ බවත් සඳහන් වේ. (1373-1395) මෙම දෝෂය පිළිබඳ පළමුවරට සඳහන් වන්නේ 1518 (මෙය ප්‍රකාශනය නිකුත් වී වසර 9කට පසු; ජුංජොං සිලොක්, වෙළුම.32, 03 ජූනි 1518, සටහන 1]) දී, වන අතර මෙම ප්‍රකාශනය දුටු තැනැත්තන් විසින් මිං රාජ්‍යය වෙත පෙත්සම් යවා එය නිවරදි කරන ලෙස දැන්වූහ. මේ අතර සිව්වන රාජ්‍ය අමාත්‍ය (좌찬성) ලී ග්යේ-මෙං (이계맹) සහ එකල චාරිත්‍ර අමාත්‍ය (예조판서) නම් ගොන් ද විය. ඔවුන්ගේ පෙත්සම වූ "ජොං'ග්යේ බ්යොන්මු" (종계변무 宗系辨誣) [ජුංජොං සිලොක්, වෙළුම.33, 03 ජූලි 1518, සටහන 1] 1584 තෙක් (බොහෝ චීන දූතයින් එය නිරීක්ෂණය කිරීමෙන් පසු) පැවතිණි. ප්‍රධාන විද්වත් (대제학) හ්වං ජොං-උක් (황정욱) හරහා මෙම වාදවිෂය අවසානයට සඳහන් වන්නේ සොන්ජෝ සිලොක් තුළ ය, 02 දෙසැම්බර් 1584, සටහන 2]; වැන්ලි අධිරාජයා විසින් 1576දී එහි දෙවන සංස්කරණයක් එළිදැක්වීමට නියෝග කරන ලදී. (1479 සහ 1584 අතර කාලය ආවරණය කරමින්) එය සම්පූර්ණ කොට වසරකට පසු, යූ හොං (유홍) එහි සෝදුපත් නැරඹූ අතර, එම සුබ පුවත සමග ඔහු නැවත ජොසොන් වෙත පැමිණියේ ය. [සොන්ජෝ සිලොක්, වෙළුම.22, 23 අප්‍රේල් 1588, සටහන 1; 19 මැයි 1588, සටහන 1].
  7. ඔහුගේ මොංගෝලියානු නම වන "උලුස් බුකා" (吾魯思不花/吾魚思不花) ‍යන නමින් ද හැඳින් වේ.
  8. 8.0 8.1 තේජෝ පළමුව ඔහුගේ 4වන මට්ටම දක්වා මෑතකාලීන පීතෘපාර්ශ්වීය මුතුන්මිතු පියවරුන් සහ ඔවුන්ගේ නීත්‍යානුකූල බිරියන්හට "රජ" (왕 වං) සහ "බිසව" (비 බි) යන මරණාපර ගෞරව නාමයන් පුදකොට ඇත්තේ 1392 අගෝස්තු 16 දිනයි. [තේජෝ සිලොක්, වෙළුම. 1, වර්ෂ. 1, සටහන 2], 1392 නොවැම්බර් 20 දින මෙය තවදුරටත් ස්ථිර කරන ලදී. [තේජෝ සිලොක්, වෙළුම. 2, වර්ෂ. 1, සටහන 1]. 1411 මැයි 14 දින තේජොං මුලින් ගෞරව කළ මුතුන්මිත්තන්ට නැවත ගෞරව නාම ලෙස විහාර නාමයක් වූ "මුතුන්මිත්තා" (조 ජෝ) යන්නට වූ මරණාපර ශෛලීය නාමය වූ "මහා (රජ)" (대왕 දේවං), සහ "රැජින" (왕후 වංහු) යන මරණාපර නාමයන් ලබා දී ඇත. [තේජොං සිලොක්, වෙළුම.21, වර්ෂ. 11, සටහන 1]. යි ජා-හ්යුන් සහ ඔහුගේ බිරිඳ වූ චෝයි ආර්යාවට ඔවුන්ගේ පුත් තේජෝ විසින් මරණාපරව පිළිවෙලින් "හ්වන් රජ" (환왕) සහ "උයි බිසව" (의비) යන ගෞරව නාමයන් ද, ඔවුන්ගේ මුණුපුරු තේජොං විසින් පිළිවෙලින් "මහා හ්වන්ජෝ" (환조대왕; සරල. "හ්වන්ජෝ") යන විහාර නාමයත්, "උයිහ්යේ අගබිසව" (의혜왕후) යන මරණාපර නාමයත් ප්‍රදානය කොට ඇත.
  9. ජොංහ්යෝ ආදිපාදවරයා (정효공) සහ යොංහ්‍යුං මැතිතුමා (영흥부원군) ලෙස හැඳින්වුණු චෝයි හන්-ගි (최한기, දින නොදනී; සැබෑ නම ජෝ ජෝ (조조)) ගේ සහ ජොසොන්ගුක් (조선국대부인) ආර්යාව වූ ලී මැතිණියගේ (이씨) දියණියයි.
  10. තේජෝ පළමුව සිය මියගිය බිරිඳට 1393දී "ජොල් බිසව" (절비) යන මරණාපර නාමය ප්‍රදානය කළ අතර, ඔවුන්ගේ දෙවන පුත්‍රයා වූ ජොංජොං රජු සිය රාජ්‍ය සමයේ දී, එනම් 1398 දෙසැම්බර් 19 දින ඇයව "ෂින්’උයි අගබිසව" යන මරණාපර නාමයට ඔසවා තබන ලදී. [තේජෝ සිලොක්, වෙළුම. 15, වර්ෂ. 7, සටහන 1]. 1408 සැප්තැම්බර් 25 දින, තේජොං විසින් සිය මෑණියන්ව "අගබිසව" සිට "මහා (අගබිසව)" (왕태후 වංතේහු) යන නාමයට ඔසවා තැබූ අතර, පසුව 1683 ජූලි 6 දින සුක්ජොං රජු විසින්ඇයව නැවත "අගබිසව" යන මරණාපර නාමයට පත්කළේ ය. 1897 කොරියානු අධිරාජ්‍යයේ දී, ඇයව "ෂින්’උයි, ගෝ අධිරාජිනිය" (신의고황후) ලෙස නිලයෙන් ඔසවා තැබිණි.
  11. ගොංමින් ආදිපාද (경민공) සහ අන්චොන් මැතිතුමා (안천부원군) වූ හන් ග්යොං (한경) ගේ සහ සම්හව්ගුක් ආර්යාව (삼한국대부인) යන නාමය දැරූ ෂින් මැතිණියගේ (신씨) දියණියයි.
  12. ඔහුගේ බිසවගේ (ජි ආර්යාව, සම්හන්ගුක් ආර්යාව (삼한국대부인 지씨)) සොයුරියන් දෙදෙනා ඔහුගේ බාල සොයුරා වූ ජොංජොංගේ උපබිසෝවරුන් (රාජකීය සොං උපබිසව (성빈) සහ (විනීත රූමතිය (숙의)) බවට පත් විය.
  13. පසුව මුන්දෝ ආදිපාද (문도공) සහ සෝවොන් මැතිතුමා (서원부원군) යනුවෙන් හැඳින්වුණු යි ගෝ-යි (이거이, උයි'අන්-දේගුන් කුමරුගේ ඝාතකයා) ගේ පුත්‍රයා වූ, යි ඒ (이애; සැබෑ නම් යි බෙක්-ග්යොං (이백경)) සමග විවාහ විය; වල්ලභ සංදං කුමරුන්ව (상당부원군) බිහිකළා ය.
  14. පසුව ෂිම් දොක්-බු (심덕부, 1328-1401) එනම් ජොං’අන් ආදිපාද (정안공) හෙවත් චොංසොං සිටුවරයාගේ (청성백) 6වන පුත්‍රයා වූ ෂිම් ජොං (심종) සමග විවාහ විය; වල්ලභ චොංවොන් කුමරුගේ (청원군) මවයි. ඇගේ වැඩිමහල් මස්සිනා වූ ෂිම් ඔන් (심온) ගේ වැඩිමහල් දියණිය පසුව සේජොං රජුගේ අගබිසව බවට පත් විය.
  15. සෝල් නගරසභාව: About Seoul> History> Historical Sites> Royal Tombs & Shrines> Jeongneung. සංරක්ෂණය කළ පිටපත 2012-07-26 at archive.today
  16. "හ්යොන් බිසව" (현비) යනුවෙන් පමණක් අමතන ලදී. තේජොං රජු තුළ ඇය සහ ඇගේ පුතුන් කෙරෙහි තිබූ වෛරය හේතුවෙන ඇයට කිසිදින මරණාපර නාමයක් ප්‍රදානය නොකෙරිණි. 1669දී, සොං සි-යොල්ගේ නිර්දේශ මත, හ්යොන්ජොං රජු විසින් අගෝස්තු 30 දින ඇයට රාජකීය විහාරයේ සුදුසු ස්ථානය ප්‍රදානය කොට සැප්තැම්බර් 14 දින "සින්දොක් අගබිසව" යන මරණාපර නාමය ලබාදිණි. කොරියානු අධිරාජ්‍ය සමයේ දී, ඇයව අධිරාජිනී තත්ත්වයට උසස් කොට 1899දී "සින්දොක්, ගෝ අධිරාජිනිය" (신덕고황후) යන නාමය ලබා දිණි.
  17. මුන්ජොං ආදිපාදවරයා (문정공) සහ සංසන් මැතිතුමා (상산부원군) නම් වූ කං යූන්-සොං (강윤성, දින නොදනී) ගේ සහ ජින්සන් ආර්යාව (진산부부인) වූ කං මැතිණියගේ (진주 강씨) ලාබාලතම දියණියයි.
  18. 18.0 18.1 1406 සැප්තැම්බර් 14 දින තේජොං රජු සිය මරාදැමුණු අර්ධ සොයුරන් වූ යි බං-බොන් සහ යි බං-සොක්හට පිළිවෙලින් "ගොංසුන්-ගුන්" කුමරු (공순군) සහ "සොදෝ-ගුන්" කුමරු (소도군) යන මරණාපර නාමයන් ලබාදුන්නේ ය; තේජොං සිය ලාබාලතම සොයුරා කිරුළහිමි කුමරුන් ලෙස නම් කළ බව සැලකිල්ලට ගත්තේ නැත. (1392 සැප්තැම්බර් 07; පළමු කුමාර ආරවුලේ දී යි බං-ග්වා විසින් ඔහුව ධුරයෙන් ඉවත් කරන ලදී). 1680 අගෝස්තු 21, සුක්ජොං රජු විසින් ඔවුන්ගේ මරණාපර නාමයන් පිළිවෙලින් "මු'අන්-දේගුන් කුමරු" සහ "උයි'අන්-දේගුන් කුමරු" ලෙස ඔසවා තබන ලදී.
  19. 19.0 19.1 මෙම කුමාරවරුන් පළමු කුමාර අරගලයේ දී (제1차 왕자의 난) ඝාතනය කෙරිණි. ජෝ ජුන් (조준) විසින් යි බං-බොන් කුමරුන්ව නගර දොරටුවෙන් පිටත දී මරාදමන ලදී. ඔහුගේ කිරුළහිමි කුමරු තනතුර ඉවත් කළ පසු, යි ගෝ-යි (ඔහුගේ වැඩිමහල් අර්ධ සොයුරිය වූ ග්යොංෂින් කුමරියගේ මාමණ්ඩිය) සහ සෙස්සන් ග්යොංබොක්ගුං මාලිගයේ යොංචුමුන් දොරටුව අසල රැක සිට ඔහුව මරා දැමූහ. ඔවුන්ගේ ලාබාල සොයුරිය වූ ග්යොංසුන් කුමරියගේ සැමියා වූ යි ජේ ව, ජොං දෝ-ජොන්ගේ පාර්ශ්වයෙන් මරාදමන ලදී.
  20. යි ජේ (이제, 1365-ඔක්තෝබර් 06, 1398) සමග විවාහ වූවා ය. යි ජේ යනු යි ඉල්-ලිප්ගේ (이인립) පුත්‍රයායි. යි ඉන්-ඉම්ගේ (이인임, ?-1388) බෑණායි; යහපත් හ්‍යුං'අන් කුමරුන්ව (흥안군) බිහිකළා ය. ඔහුව තේජෝගේ ජොසොන්හි පදනම දැමූ කාලයේ සේවා සඳහා ප්‍රදානය කෙරිණි.
  21. පළමු කුමාර අරගලයේ දී, යි බං-ග්වා විසින් ග්යොංසුන් කුමරියට මාලිගයෙන් පිට වන ලෙස අණකළේ ය.
  22. තේජෝගේ උපබිසවක වූ අතර, 1398 මාර්තු 13වන දින මාලිගයට ඇතුළු වූවා ය. [තේජෝ සිලොක්, වෙළුම. 13, වර්ෂ. 7, සටහන 2] පළමුව "රාජකීය උපබිසව" (빈 බින්) යන ධුරය දැරුවා ය. 1406 දී, තේජොං විසින් ඇගේ තනතුර බිසව (비 බි; ගෝර්යෝහි ඉහළම උපබිසෝ තනතුරට සමාන ය) ලෙස උසස් කරන ලදී.
  23. 1398දී තේජෝ හා විවාහ විය. හුයිජොං ආදිපාද (희정공) වොන් සං (원상, දින නොදනී) සහ සොහ්න් ආර්යාවගේ (손씨, ?-1414) වැඩිමහල් දියණියයි.
  24. යු ආර්යාව සින්දොක් අගබිසවගේ පාලිකාවක් ලෙස කටයුතු කළා ය. 1398 ජනවාරි 25 දින චිල්ජොම්සොන් සමග තේජෝ ඇයට "ජොංග්යොං කුමරිය" (정경옹주) [තේජොං සිලොක්, වෙළුම. 13, වර්ෂ. 7, සටහන 1] යන නාමය පදානය කළේ ය. තේජොං රජු විසින් 1406 මැයි 29 දින ඇයව "ජොංග්යොං ආර්යාව" ලෙස නිලයෙන් උසස් කරන ලදී. [තේජොං සිලොක්, වෙළු. 11, වර්ෂ. 6, සටහන 3].
  25. යු ජුන්‍ගේ (유준) දියණියයි. ඇය පිළිබඳ අවසන් වරට වාර්තා වන්නේ සේජොං රජුගේ 1වන වර්ෂයේ දී ය. [සේජොං සිලොක්, වෙළු. 5, 15 ඔක්තෝබර් 1419, සටහන 5].
  26. චිල්ජිම්සොන් උපත ලැබූයේ ගිම්හේහි අබිසරුලියකට දාව ය. 1398 ජනවාරි 25 දින, යු ආර්යාව සමග තේජෝ ඇයට "හ්වා'උයි කුමරිය" යන තනතුර ලබාදුන්නා ය. [තේජෝ සිලොක්, වෙළුම. 13, වර්ෂ. 7, සටහන 1].
  27. පසුව හොං ඉයොන්-සූගේ (홍언수) පුත්‍රයා වූ හොං හේ (홍해) සමග විවාහ වූවා ය; දංසොං මැතිතුමන්ගේ (당성위) මෑණියන් ය.
  28. චන්දොක් (찬덕) යනු ජොසොන් රාජවංශයේ මුල් කාලයේ ඇතුළු මාලිගයේ කාන්තාවන්ගේ (내명부) තනතුරක කොටසකි. මෙය 3වන මට්ටමේ විය. (3품) [තේජොං සිලොක් වෙළුම.1, 23 මාර්තු 1401, සටහන 2; වෙළුම.9, 14 පෙබරවාරි 1405, සටහන 3]. මෙය ජොසොන් රාජවංශයටම අනන්‍ය වූ තනතුරක් නොවේ. ටෑංහි ගඔෂොං අධිරාජයාගේ පාලන සමයේ දී, ඔහු විසින් රාජකීය බිසෝවරුන්ගේ තනතුරු ප්‍රතිසංස්කරණය කරන ලදී. එහි දී අධිරාජිනිගේ තනතුරට පමණක් දෙවැනි වූ 2 සැන්ටෙහ් (贊德) නම් නිලයක් විය. තේජොංගේ සමයේ නිර්මාණය වූ මෙම තනතුර සේජොං පාලන සමය සහ ජු ආර්යාවගේ මරණයත් සමග අතුරුදන් විය.
  29. පසුව යි ගේ (이개) ගේ පුත් යි ද්‍යුං (이등) සමග විවාහ විය; ග්යේචොන් වංශාධිපතියාගේ (계천위) මෑණියන් ය.
  30. තේජොං සිලොක් වෙළුම.16, 07 අගෝස්තු 1408, සටහන 3.
  31. තේජෝ සිලොක් සඳහා සංඥාපනය, සටහන 1. "කංහොන්" (강헌 康獻) යන මරණාපර නාමය මිං දේශයෙන් ප්‍රදානය කෙරුණකි. එය තේජෝගේ මරණාපර නාමයට එක්කෙරිණි. [තේජොං සිලොක් වෙළුම.16, 13 ඔක්තෝබර් 1408, සටහන 1].
  32. ගෝජොං සිලොක් වෙළුම.39, 23 දෙසැම්බර් 1899, සටහන 1. ගෝජොං විසින් විශේෂයෙන්ම චීනය විසින් ක්විං දේශයෙන් අධිරාජ්‍යය "නිදහස්" බවට ලබා දුන් නාමය තේජෝගේ නාමයට එකතු කොට නැත.
  33. සංරක්ෂිත පිටපත, http://newfocusintl.com/chosun-north-korea-history/, ප්‍රතිෂ්ඨාපනය 2016-11-05 
  34. කං, ජේ-ඉයුන් ඇතුළු පිරිස. (2006). ද ලෑන්ඩ් ඔෆ් ස්කොලර්ස්, පි. 172; Northeast Asian History Foundation සංරක්ෂණය කළ පිටපත 2009-03-03 at the Wayback Machine > Korea-China relations> Early Modern Period> Korea-China relations during the Joseon සංරක්ෂණය කළ පිටපත 2009-10-26 at the Wayback Machine.

මූලාශ්‍ර[සංස්කරණය]

  • බ්යොංහ්යොන්, චෝයි (2014). ද ඇනැල්ස් ඔෆ් කිං තේජෝ: ෆවුන්ඩර් ඔෆ් කොරියා’ස් චොසෝන් ඩයිනාස්ටි. කේම්බ්‍රිජ්, MA: හාවර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. ISBN 978-0-674-28130-1.
  • ගුඩ්රිච්, ලුතර් කැරිංටන් සහ ෂාඕයිං ෆැං. (1976). Dictionary of Ming biography, 1368-1644 (明代名人傳), වෙළුම. I; Dictionary of Ming biography, 1368-1644 (明代名人傳), වෙළුම. II. නිව් යෝක්: කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්. ISBN 9780231038010; ISBN 9780231038331
  • හුසේන්, ටාරික්. (2006). Diamond Dilemma: Shaping Korea for the 21st Century. (다이아몬드딜레마). සෝල්: රැන්ඩම් හවුස්. 10-1-430-30641-6/ISBN 978-1-430-30641-2; OCLC 180102797 (ඉංග්‍රීසි); OCLC 67712109 (කොරියානු)
  • කං, ජේ-ඉයුන් සහ සුසෑන් ලී. (2006). The Land of Scholars : Two Thousand Years of Korean Confucianism. පැරමස්, නිව් ජර්සි: හෝමා ඇන්ඩ් සෙකී බුක්ස්. ISBN 978-1-931-90737-8; OCLC 60931394
  • ටිට්සිං, අයිසැක්, සංස්. (1834). Nipon o daï itsi ran; ou, Annales des empereurs du Japon. (සම්පාදනය හයාෂි ගහෝ විසිනි 1652). පැරිස්: මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ පෙරදිග පරිවර්තන අරමුදල. OCLC 251800045 (ප්‍රංශ)
ජෝසුන්හි තේජෝ රජ
උපත: 11 ඔක්තෝබර් 1335 මරණය: 24 මැයි 1408
රාජ පදවි නාමයන්
නව තනතුරකි
ජොසොන්හි රජ
අගෝස්තු 5, 1392 - ඔක්තෝබර් 14, 1398
අනුප්‍රාප්තික
ජොංජොං (යි ග්යොං)
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_තේජෝ_රජ&oldid=653602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි