මඩිහේ පඤ්ඤාසීහ හිමි
අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි | |
---|---|
ආගම | බෞද්ධ |
ගුරුකුලය | ථේරවාද |
මඩිහේ පඤ්ඤාසීහ | |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
උපත | ජුනි 21, 1913 මඩිහේ, මාතර |
මරණය | September 9, 2003 | (වයස 90)
Senior posting | |
පදවියන් | අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අග්ග මහා පණ්ඩිත |
ආගමික වෘත්තිය | |
ගුරුවරයා | පූජ්‍ය. පලානේ ශ්‍රී වජිරඥාණ මහ නායක හිමි |
මෙම ලිපිය |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි (පාලි: Paññāsīha) (1913 ජුනි 21 - 2003 සැප්තැම්බර් 9) ශ්‍රී ලංකාවේ වැඩසිටි කීර්තිමත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ 1969 ජූලි 13 වන දින සිට, අපවත් වී වදාල 2003 සැප්තැම්බර් 9 වනදා තෙක් අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක වශයෙන් කටයුතු සිදු කරන ලදී.
මුල් අවධිය
[සංස්කරණය]1913 වසරේ ජුනි 21 වන දින, මඩිහේ ලෙස හඳුන්වන මාතර පිහිටි ගම්මානයකදී බෙන්සන් විල්මට් යන නමින් උපත ලත් උන්වහන්සේ, පස්දෙනෙකුගෙන් යුතු එම පවුලේ බාලම දරුවා විය.[1][2] ඔහු සිය අධ්‍යාපන කටයුතු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ ගාල්ල, මහින්ද විද්‍යාලය වෙතින් හැදෑරූ අතර,[3][4] වයස අවුරුදු 13 දී, බුදු සසුන වෙත පැවදි විය. පැවිදි කිරීමේ පුණ්‍ය කටයුතු කඹුරුගමුව, දේවගිරි විහාරස්ථානයේදී 1926 ජුනි 24 වැනි දිනදී සිදුකෙරුණු අතර, සසුනේ පැවිදි භාවය ලත් උන්වහන්සේ ඉන්පසු 'මඩිහේ පඤ්ඤාසීහ' යන නාමයෙන් හැඳින්වීය.
මහ නායක තනතුරට පත්වීම
[සංස්කරණය]පූජ්‍ය. පලානේ ශ්‍රී වජිරඥාණ මහ නායක හිමිගෙන් පසු, එම මහ නායක තනතුරට පත්විය යුතු නාහිමියන් වහන්සේ තෝරා ගැනීම උදෙසා, 1955 වසරේ නොවැම්බර් 27 වන දින බම්බලපිටියේ වජිරාරාම විහාරයේදී රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු සිද්ධ වූ අතර, ඊට නිකායික භික්ෂූන්වහන්සේලා 141 දෙනෙකු සහභාගී විය. මෙහිදී සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 109 ක බහුතර කැමැත්තක් හිමිකරගත් පූජ්‍ය. මඩිහේ පඤ්ඤාසීහ හිමියන්, එහිදී අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත නිකායේ මහ නායක හිමිපාණන් බවට තෝරා පත්විය.
මහ නායක හිමි තනතුර සඳහා අක්තපත්‍ර පිරිනැමීමේ කටයුත්ත බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේදී සිදු වූ අතර, ඊට සියම්, අමරපුර සහ රාමඤඤ යන නිකායන් නියෝජනය කරමින් නායක හිමිවරු රැසක් වැඩ සිටි බව සඳහන් වෙයි.
උත්තරීතර මහනායක තනතුරට පත්වීම
[සංස්කරණය]පඤ්ඤාසීහ හිමියන් මහ නායක හිමිපාණන් බවට පත්ව දවස් කිහිපයකින් අනතුරුව, සර් සිරිල් ද සොයිසා සහ රණසිංහ ප්‍රේමදාස යන මහත්වරු වෙන්වෙන් වශයෙන් පැමිණ උන්වහන්සේට සුභ ප්‍රාර්ථනා කොට, අනතුරුව අමරපුර නිකායට අයත් උප නිකායන් එකකට සංයුක්ත කරන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලීමක් සිදුකර සිටි බවට සඳහන් වෙයි. ඒ අනූව වැඩ කටයුතු සිද්ධ වෙමින් 1969 වසරේ ජූලි 13 වන දින මහරගමදී, ඊට අදාල පළමු විනය කර්ම කටයුතු සිද්ධ වූ අතර, එහිදී පඤ්ඤාසීහ නාහිමියන් අමරපුර නිකායේ මහනාහිමියන් වශයෙන් තෝරා පත් කර ගැනුණි.
බෞද්ධ කමිටු සඳහා එක්වීම
[සංස්කරණය]1954 අප්‍රියෙල් හීදී ලංකා බෞද්ධ කොංග්‍රසය විසින්, බොදු සමාජයේ එවක තත්වය හා වැදෑරුම් පිළිබඳව පැහැදිලිව දැන හඳුනාගැනීම උදෙසා බෞද්ධ ගිහි-පැවිදි කමිටුවක් පත් කල අතර, එම කමිටුවේ සාමාජිකවරයෙකු වශයෙන් පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්ද ඊට සම්බන්ධ විය. එම කමිටුවට අදාල වාර්ථාව 1956 පෙබරවාරි 4 වනදා නිකුත් කෙරිණි.
ආණ්ඩුකාර ජෙනරල් සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1957 මාර්තු 4 වන දිනදී , පූජ්‍ය කලුකොණ්ඩයාවේ පඤ්ඤාසේකර නාහිමියන්ගේ සභාපතීත්වයෙන් යුත් බුද්ධ ශාසන කොමිසමක් පත් කෙරුණු අතර, එහිලාද පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් සාමාජිකවරයෙකු ලෙස කටයුතු සිදුකරන ලදී. විදෙස් බෞද්ධ රාජ්‍යයන්හී සංචාර සිදුකිරීමෙන් අනතුරුව, අවසානයේ එම කමිටු වාර්ථාවද නිකුත් කෙරිණි.
කමිටු වාර්ථාව නිකුත් වීමෙන් පසු මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් විසින්, සනාථ පාසල් රජයට පවරා ගැනීම සහ පෝය දිනවල් රජයේ ප්‍රසිද්ධ නිවාඩු බවට පත්කිරීම වෙනුවෙන් කටයුතු යෙදූ බව සඳහන් වෙයි.
ධර්මය ප්‍රචාරණය
[සංස්කරණය]- 1946 වසරේදී මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්, ථේරවාදී බුදුධහම ප්‍රචාරණය කරනු වස් චීනයේ සංචාරයක් සිදුකරන ලදී.
- 1951 වසරේදී කත්මණ්ඩු හී උපසම්පදා පුණ්‍යකර්මයකට සහ 1954 වසරේදී ලලිත් පුර හී සීමාමාලකයක් පිහිටුවීම වෙනුවෙන්, මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් නේපාලය ට වැඩම කරවූ අතර, එහිදී එතෙක් කල් "යන්ග් සුමංගල විහාරය" ලෙස හැඳින්වූ බෞද්ධ විහාරය "ශ්‍රී සුමංගල විහාරය" ලෙස වෙනස් කිරීමටද උන්වහන්සේ පියවර ගන්නා ලදී.
- 1954 වසරේ ජනවාරි 4 වනදා බුරුමය ට වැඩි උන්වහන්සේ, එහිදී සයවන බෞද්ධ කවුන්සිලයටද වැඩම කරන ලදී. 2500 බුද්ධ ජයන්තියට සමගාමීව සීමාමාලකයක් පිහිටුවීම වෙනුවෙන් පැවැති පුණ්‍යකර්මයකටද 1956 වසරේදී උන්වහන්සේ සහභාගී විය.
- 1964 මාර්තු 27 වැනිදා, ආසියා පදනමෙන් ලත් ආරාධනාවක් පිළිගනිමින් ඇමරිකාවට වැඩි මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් වහන්සේ, එහිලා පැතිර පවත්නා අධ්‍යාපනික පුහුණුවන් පිළිබඳව තේරුම් ගැනීමටත්, ග්‍රාමීය සංවර්ධන සිදුකිරීමේ මාර්ග සහ උපක්‍රමයන් හඳුනාගැනීමටත්, සහ ථේරවාද බුදුධහම ප්‍රචලිත කිරීමටත් කටයුතු සිද්ධකරන ලදී. මාස 5 ක් පමණ එහි වැඩ විසූ නාහිමියන්, එම වසරේදීම වොෂිංටන් නුවර විහාරයක් පිහිටුවීමටද කටයුතු සම්පාදනය කරන ලදී.
- මීට අමතරව උන්වහන්සේ ධර්ම ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙවුව, ස්කොට්ලන්තය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, වියට්නාමය, හොංකොං සහ සිංගප්පූරුව වැනි විදෙස් රාජ්‍යයන් වෙත වැඩම කොට තිබෙයි.
ආපසු ගමනේදී මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් විසින්, බෞද්ධ ධර්මයේ තොරතුරු දැනගැනීමට රිසි ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වන බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක්, කොළඹ ග්‍රීන්පාත් හී පිහිටුවීමට පියවර ගන්නා ලදී. මෙම තොරතුරු මධ්‍යස්ථානය මගින් පසුව, ලෝක බෞද්ධ නාමාවලිය ප්‍රකාශයට පත්කරන ලදී.
සමාජ සේවයන්
[සංස්කරණය]තුරුණු සවිය
[සංස්කරණය]ඇමරිකා එක්සත් ජනපදයේ සිට වැඩම කිරීමෙන් අනතුරුව, මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සංවිධානයට සහ පුහුණුවෙන් බලගැන්වීම උදෙසා මහරගමදී "තුරුණු සවිය" අරඹන ලදී. මෙමගින් ශ්‍රී ලාංකික තරුණ පරපුර නිවැරදි මාර්ග වෙත යෙමුකරවීම සඳහා, උන්වහන්සේගේ අවධානය යොමුව තිබුණි. මෙම ව්‍යාපාරය මෙරට බොහෝ තරුණ ප්‍රජාව අතර ආකර්ෂණයට ලක්වූ අතර, 1974 වසරේ "සම්මා ආජීව සංගමය" බිහිවීමටද එය හේතුවක් විණි. දේශීය තරුණ ප්‍රජාව තුල මත් ඖෂධ සහ මධ්‍යසාර භාවිතය අඩුකිරීමට එය උපකාරී වූ බව සඳහන් වෙයි. 1971 කැරැල්ලෙන් පසු තරුණ ප්‍රජාව පුනරුත්ථාපනය කිරීමටද උන්වහන්සේ විශාල කැපවීමක් කල බවද පැවසේ. තරුණ ප්‍රජාව පුහුණුකරවීම සඳහා මෙම තුරුණු සවිය සතුව මණ්ඩල 10 ක් පවතී.
ධර්ම විජය පදනම
[සංස්කරණය]1979 වසරේදී මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්ගේ අනුග්‍රාහකත්වයෙන් ධර්ම විජය පදනම පිහිටවූ අතර, ශ්‍රී ලංකා දිවයින ධර්මද්වීපයක්/ ධර්මිෂ්ඨ සමාජයක් වසන දේශයක් බවට පත්කිරීම, දේශයෙහි සංස්කෘතිය සහ ආර්ථිකය සමගාමීව ගොඩනැංවීම සහ දුප්පතුන්ගේ සාමාජයීය අවශ්‍යතා සහ අධ්‍යාපනය පිරිමැසීමට දායකවීම, මෙම පදනමෙහි වූ ප්‍රධාන අරමුණු අතර විය.
අමද්‍යප ව්‍යාපාරය
[සංස්කරණය]පූජ්‍ය. කලුබොඳයාවේ පඤ්ඤාසේකර නාහිමිගෙන් පසුව, ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාපාරයේද සභාපතිවරයා බවට පත්වූ මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්, එම ව්‍යාපාරය තුල විවිධ යහපත් කටයුතු ඉෂ්ටසිද්ධ කිරීම ඇරඹූ බව සඳහන් වෙයි.
ගරුබුහුමනට පාත්‍රවීම
[සංස්කරණය]පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් නාහිමියන්ට 1987 වර්ෂයේදී ගෞරව ආචාර්ය උපාධියක් (Ph.D.) පිරිනැමූ අතර, 1996 වසරේදී බුරුමය විසින් උන්වහන්සේට අග්ග මහා පණ්ඩිත බුහුමන් පදවිය පිරිනමණ ලදී.
අපවත් වීම
[සංස්කරණය]මඩිහේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වහන්සේ 2003 සැප්තැම්බර් මස 9 වැනිදා අපවත් වූ අතර, අපවත් වන විට උන්වහන්සේ 90 වැනි වියෙහි පසුවිය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ E. Weerapperuma , "මඩිහේ පඤ්ඤාසීහ තෙරො" සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine, Newsfinder.org
- ^ "මෝස්ට් වෙන්. මඩිහේ පඤ්ඤාසීහ තෙරො පාසස් එවේ", ඩේලි නිව්ස් (ශ්‍රී ලංකා), dailynews.lk, 9 සැප්තැම්බර් 2003
- ^ Wimalaratne, K. D. G. (ජුනි 21, 2003). "90ත් බර්ත් ඇනිවසරි ඔෆ් මඩිහේ පඤ්ඤාසීහ මහ නායක තෙරො ටුඩේ : ද බීකන් ඔෆ් දි බුද්ධ සාසන". ඩේලි නිව්ස් - ෆීචර්ස්. The Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය September 17, 2012.
- ^ Peiris, Manjari (ජුනි 21, 2002). "වෙන්. මඩිහේ පඤ්ඤාසීහ තෙරො ඉස් 90 ටුඩේ". Daily News. සම්ප්‍රවේශය ජුලි 02, 2014.
{{cite web}}
: Check date values in:|accessdate=
(help)
බාහිර සබැඳි
[සංස්කරණය]- ලෑම්ප් ඔෆ් ධම්ම ලිටි ඇට් වජිරාරාමය බයි අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක තෙරො
- සෙක්ෂන් ඔන් වෙන්. මඩිහේ පඤ්ඤාසීම මහනායක තෙරෝ ඇට් ශාක්‍යමුණි සම්බුද්ධ විහාර සංරක්ෂණය කළ පිටපත 2012-12-03 at archive.today
- ෆේස්බුක් ගුණානුස්මරණ පිටුව