සියම් මහ නිකාය
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "සියම් මහ නිකාය" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR |
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති ['විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලී නිකාය උපාලි නම් ස්වාමින් වහනසේ නමක් විසින් ආරම්භ කරනු ලදුව, සිංහල රාජධානි සමයේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භව වර්තමානයේ ශ්‍රී ලංකාව පුරා පැතිර පවතී. එම නිකාය තායිලන්තයේ (තායිලන්තය පෙර හැඳින්වුයේ සියාම් රාජ්‍යය නමිනි)හටගත් නිසා මෙම නම ලැබී ඇත. සියම් නිකායේ මල්වතු හා අස්ගිරි යනුවෙන් ප්‍රධාන පාර්ශව දෙක වන අතර මෙම කොටස් දෙක තුළ කොටස් 5 ට බෙදී පවතී. මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක සඳහා වෙන වෙනම මහා නායක වහන්සේලා වැඩ සිටිති.
ඉතිහාසය
[සංස්කරණය]ගරු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ (1698 - 1778) ආරාධනාව පරිදි උපාලි නම් තායිලන්ත ස්වාමින් වහන්සේ කීර්ති ශ්‍රී රාජ්‍ය සමයේදී (1742 - 1782) මහනුවරට 1753 වැඬම කර උපසම්පදා උත්සවය පවත්වන ලදී. (සාමනේර භික්ෂුන් වහන්සේලා අධි ශීලයේ පිහිටුවීම) ශ්‍රී ලංකාවේ බුදු සසුන වසර 500 තුළ තුන්වරක් නැතිවී ගිය අතර I වන විමලධර්මසුරිය (1591 - 1604) හා II වන විමලධර්මසුරිය (1687 - 1707) රාජ්‍ය කාලවලදි බුදු සසුන නැවත පිහිටුවන ලදී. නමුත් මෙය ඉතා කෙටිකාලීන විය.
මහානායක හිමිවරු
[සංස්කරණය]පාර්ශවය | මහානායක හිමි | අනුනායක හිමි |
---|---|---|
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවය | අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින් වහන්සේ මල්වතු මහා විහාරය,මහනුවර |
|
ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය | අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නායක මින් වහන්සේ අස්ගිරි මහා විහාරය,මහනුවර |
|
ශ්‍රී ලංකා කළ්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව | පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර අනුනායක ස්වාමින් වහන්සේ ශ්‍රී සුගතබිම්බාරාම රජමහා විහාර,රණාල |
|
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව | අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරය,පන්නිපිටිය | මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ බෝධි රජමහා විහාරය,වාද්දූව |
ස්‍යාමෝපාලි මහ නිකායේ ඌව ස්‍යාම වංශික පාර්ශ්වය | පූජ්‍ය වැටහිරේ සෝරත මහානායක ස්වාමින් වහන්සේ විවේකාරාමය,කැප්පටිපොල | පූජ්‍ය ශාස්ත්‍රපති අඹේවෙල වජිරඥාණ ස්වාමින් වහන්සේ පූර්වාරාමය,කැප්පටිපොල |
රංගිරි දඹුලු රජමහාවිහාර සංඝ සභාව (මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වය) | අතිපූජ්‍ය ඉනාමළුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී ආනන්ද සුමංගලාභිධාන මහානායක ස්වාමින් වහන්සේ රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය,දඹුල්ල | ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්දාභිධාන නායක ස්වාමින් වහන්සේ රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය,දඹුල්ල |
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය | අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නායක ස්වාමින් වහන්සේ සිත්තම්ගල්ලෙන රජමහා විහාරය,වලස්මුල්ල | පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්වාමින් වහන්සේ ඉඩම්ගොඩ පුරාණ රාජමහා විහාරය,කඹුරුපිටිය |
ස්‍යාමෝපාලි මහ නිකායේ වනවාස පාර්ශ්වය | අතිපූජ්‍ය පස්ගොඩ ජිනවංශ මහානායක ස්වාමින් වහන්සේ එඩේරගල වන සෙනසුන,දඹුල්ල | පූජ්‍ය මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන අනුනායක ස්වාමින්වහන්සේ වනවාස සංඝ මූලස්ථානය,කහදූව |
උපාලි ස්වාමීන්වහන්සේ
[සංස්කරණය]මහනුවර සංඝ සමාජය එවිට ජ්‍යොතිශ ශාස්ත්‍රය වැනි බුදුදහමට නුසුදුසු ක්‍රම අනුගමනය කරමින් සිටි අතර උපාලි තෙරුවන්ගේ අභිප්‍රාය වුයේ සංඝ සමාජයේ වත්පිළිවෙත් සුපිරිසිදු කිරීමයි. මහනුවර දළදා පෙරහැරේ ආරම්භය සිදුවුයේද උපාලි තේරුන්ගේ මැදිහත් විමෙනි. වාර්ෂිකව බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව කේන්ද්‍රකරගත් මෙම පෙරහැර වාර්ෂිකව පැවැත්වේ. මෙම පෙරහැර පළමුව ආරම්භ වුයේ බුදුදහම හා සම්බන්ධ හින්දු දෙවියන්ට ගෞරව දැක්වීමට වුවද බෞද්ධ ජාතියකට මෙය නුසුදුසු යැයි සැලකු උපාලි තෙරණුවන්ගේ ආභාෂය හේතුවෙන් රජතුමා 'මින් පටන් දෙවියන් හා මනුෂ්‍යයන් සියළු දෙනාම බුදුරජාණන්වහන්සේගේ සරණ යා යුතුයි' යන ප්‍රකාශය නිකුත් කළේය.
පාර්ශව
[සංස්කරණය]- මල්වතු පාර්ශවය
- අස්ගිරි පාර්ශවය
- ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම පාර්ශවය
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි පාර්ශවය
- රන්ගිරි දඹුළු විහාරය
- වනවාසී පාර්ශවය
- ශ්‍රී රෝහණ පාර්ශවය
- වනවාස සංඝ සභාව
- ඌවේ ස්‍යාමවංශික නිකාය