Jump to content

ගල්ෆ් යුද්ධය

විකිපීඩියා වෙතින්
Gulf War
the Cold War[5] හි කොටසකි

Clockwise from top: USAF F-15Es, F-16s, and an F-15C flying over burning Kuwaiti oil wells; British troops from the Staffordshire Regiment practicising casualty evacuation; camera view from a Lockheed AC-130; the Highway of Death; M728 Combat Engineer Vehicle
දිනය2 August 1990 – 17 January 1991
(Operation Desert Shield)
17 January 1991 – 28 February 1991
(Operation Desert Storm)
(මාස 6 ක්, සති 3 ක් සහ දින 5 ක්)
පිහිටුම
ප්‍රතිඵලය

Coalition victory

භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
  • State of Kuwait resumes self-governance over all Kuwaiti sovereign territory
  • Establishment of a demilitarized zone and construction of a separation barrier along the Iraq–Kuwait border
  • යුද්ධාවතීරයන්

     United States
     United Kingdom
     France
     Saudi Arabia
     Egypt
     Kuwait


     Iraq
    Diplomatic support:
    Diplomatic support:
    ආඥාපතියන් සහ නායකයන්
    හමුදාමය ප්‍රබලතාවය
    Over 950,000 soldiers Over 650,000 soldiers
    අපාතිකයන් සහ හානි
    Total:
    13,488

    Coalition:
    292 killed (147 killed by enemy action, 145 non-hostile deaths)
    776 wounded[8] (467 wounded in action)
    31 tanks destroyed/disabled[9][10][11][12]
    [13][14][15][16]
    28 Bradley IFVs destroyed/damaged
    [17][18]
    1 M113 APC destroyed
    2 British Warrior APCs destroyed
    1 artillery piece destroyed
    75 aircraft destroyed[තහවුරු කර නොමැත]
    Kuwait:
    420 killed
    12,000 captured
    ≈200 tanks destroyed/captured
    850+ other armored vehicles destroyed/captured
    57 aircraft lost
    8 aircraft captured (Mirage F1s)

    17 ships sunk, 6 captured[19]
    Total:
    175,000–300,000+

    Iraqi:
    20,000–50,000 killed[20][21]
    75,000+ wounded[8]
    80,000–175,000 captured[20][22][23]
    3,300 tanks destroyed[20]
    2,100 APCs destroyed[20]
    2,200 artillery pieces destroyed[20]
    110 aircraft destroyed[තහවුරු කර නොමැත]
    137 aircraft flown to Iran to escape destruction[තහවුරු කර නොමැත]
    19 ships sunk, 6 damaged[තහවුරු කර නොමැත]
    Kuwaiti civilian losses:
    Over 1,000 killed[24]
    600 missing people[25]
    Iraqi civilian losses:
    3,664 killed[26]
    Other civilian losses:
    75 killed in Israel and Saudi Arabia, 309 injured
    ගල්ෆ් යුද්ධය

    හැදින්වීම

    [සංස්කරණය]

    පළමු ගල්ෆ් යුද්ධ සමයේදී ඉරාක කුවේට අර්බුදය තුලදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම දක්නට ලැබේ. 1973 වසරේදි ඉරාකයේ හමුදා පළමු වතාවට කුවේටයේ දේශසීමා ආක්‍රමණය කිරිම තුළ ගැටුම ආරම්භ වීම දක්නට ලැබේ. ඉරාකය කුවේටය ආක්‍රමණය කිරිම හේතුවෙන් ජාත්‍යන්තර යුධ නීතියද උල්ලංඝනය කරනු ලැබිය. ඉරාකය සම්බන්ධයෙන් හැදින්වීමේදි ආගම, වර්ගය, භාෂාව මත පදනම් වු ගැටුමක් දක්නට ලැබේ. 1990 වසරේදී ඉරාක ජනාධිපති සදාම් හුසේන් විසින් තෙල් බිම් සම්බන්ධයෙන් කුවේටය ආක්‍රමණය කරනු ලැබු අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ මෙය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරිමක් වශයෙනි. එහිදී ඉරාක හමුදා කුවේටයෙන් ඉවත්කර ගත යුතු බවට ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කරනු ලැබීය.2003 වසරේදී නැවත ඉරාකය ආක්‍රමණය කරනු ලැබීය. එහිදී ඉරාකය තුල විශාල වශයෙන් මිනිස් ඝාතන සිදු විය.

    පළමු ගල්ෆ් යුධ සමය

    [සංස්කරණය]

    මැදපෙරදිග දේශපාලනය තුළ පවතින ගැටළු අතරින් ඉරාක සම්බන්ධ ගැටළුව ඉන් ප්‍රධාන වේ. ඉරාකය ගත් විටදී ඉරාකය හා ඉරානය අතර සත් අවුරුදු යුද්ධයක් පැවතිම, ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීම, ඇමරිකාව මැදපෙරදිගට මැදිහත්වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක විම මෙහි පැවතෙන ගැටළුවක් වී තිබේ. ඉරාක කුවේට අර්බුදය ගත්විටදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම දක්නට ලැබේ. ඉරාකය කියා සිටියේ මුල සිටම කුවේටය ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම දක්නට ලැබේ. ඉරාකය කියා සිටියේ මුල සිටම කුවේටය ඉරාකයට අයත් රටක් වශයෙනි. 1973 දී ඉරාකයේ හමුදා පළමු වතාවට කුවේටයේ දේශසිමා ආක්‍රමණය කරනු ලැබේ.

    සදාම් හුසේන් ප්‍රකාශ කර සිටිය ඓතිහාසික වශයෙන් භූ දේශපාලනික හේතුන් මත කුවේටය ඉරාකයට අයිති බවයි. ඉරාකයට මුහුදක් නොමැති වීම නිසාවෙන් කුවේටය හරහා ගල්ෆ් මුහුදට ඒමට සිදුවිය. සදාම් හුසේන් කුවේටයට විරුද්ධව කතා කරනු ලැබිය. කුවේටය වැදගත් වීමට හේතුවත් වී තිබුණේ තෙල් නිෂ්පාදන වැඩි පුර සිදු කරනු ලැබු නිසාවෙනි. එය ඉරාකයේ තෙල් මිල පහත වැටීමට හේතුවක් විය. බෑග්ඩෑඩ් සමුළුවේදී මෙම කාරණය ඉදිරිපත් කරනු ලැබීය. කුවේටය තෙල් නිෂ්පාදනය කිරිම නිසා ඉරාකයට පාඩු සිදු වීම නිසාවෙන් කුවේටය ආක්‍රමණය කිරිමට හේතුවක් විය. ඉරාකය කුවේටය සම්බන්ධකරගෙන විදේශ ඇමතිවු තරික් අයිස් කියා සිටියේ ඉරාන - ඉරාක යුද්ධ කාලයෙන් ගත් ණය කපා හැරිය යුතු බව හා ඒ වගේම කුවේටය තෙල් සොරකම් කරන බවයි. මෙලෙස තෙල් සොරකම් කිරීම ඉරාකයට එරෙහි යුද්ධයක් ලෙස ප්‍රකාශ කළහ. ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීම ගල්ෆ් යුධ සමයේදී මාස 7 ක් කුවේටය සතු කර ගත්තේය. 1990 දී ඉරාකය කුවේටය ආක්‍රමණය කළේය. කුවේටය මේ වන විට ඉරාකය සමඟ හොඳ සම්බන්ධතා ගොඩ නඟා ගෙන තිබුණ අතර ඉරානය සමඟ පැවැති යුද්ධයේදි මුදල් ද ලබා දුනි. නමුත් මේ ලබා දුන් මුදල කුවේටයට ආපසු අවශ්‍ය විය. මුදල් ආපසු ලබා දිම සම්බන්ධයෙන් සාකච්ඡා පැවතුනද මේ වන විට ඉරාකයේ ආර්ථීකය පහත වැටී තිබුණි. ඉරාකය මෙහිදී ගනු ලැබු තිරණයක් වුයේ තෙල් මිල ඉහළ දැමීමයි. OPEC සංවිධානයට මෙහිදී බලකර සිටිනු ලැබිය. කුවේටය විසින් තෙල් නිෂ්පාදනය 40% කින් පමණ වැඩිකිරිම හේතුවෙන් ඉරාකය මෙහිදි මෙය ආර්ථීක වශයෙන් කරනු ලැබු ආක්‍රමණයන් වශයෙන් හඳුන්වනු ලැබිය. මෙය ඉරානය විසින් කුවේටය ආක්‍රමණය කිරීමට බලපාන ලැබු හේතුවක් වශයෙන් හැදින්විමට පුළුවන.

    1990 වසරේදි අගෝස්තු 02 දින ඉරාක ජනාධිපති සදාම් හුසේන් විසින් තෙල් බිම් සම්බන්ධයෙන් කුවේටය ආක්‍රමණය කරන ලදී. මෙය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරිමක් වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හා ලොව බලවත් රටවල් ප්‍රකාශ කළ අතර ඉරාක හමුදා කුවේටයෙන් ඉවත් කර ගතයුතු බවට ප්‍රකාශ කරනු ලැබිය. 1991 ජනවාරි 15 ඉරාක හමුදා කුවේටයෙන් පලවා හැරිමට බහු ජාතික හමුදා යුද්ධයක් ආරම්භ විය.

    ඉරාක ගැටුම නිසා සමාජ පසුබිම ගත් විටදි ඉරාක හමුදාව විසිරවා හැරිමත් රාජ්‍ය ව්‍යවසායන් වසා දැමිමත් නිසාවෙන් විරුකියාව ඉහළ මට්ටමක පවතී. ප්‍රහාරයට කලින් ඉරකය තුළ විරුකියා තත්වය 50% ක් වු අතර ප්‍රහාරයෙන් පසුව ඒ තත්වය තව දුරටත් ඉහළ ගොස් තිබේ. සදාම් හුසේන් පාලන සමය තුළදි ගෙවීන්ට සහනාධාර ලබාදිම කපා හැරීම නිසා ගොවීන්ගේ තත්වයද පරිහානියට පත් විය.

    ඉරාකය ඉතා විශල රාජ්‍යන් වන අතර එහි ප්‍රමාණය වර්ග සැතපුම් 167, 975 ක් පමන් වේ. ඉරාකයේ ආර්ථීකය ගත් විටදී තෙල් අපනයනයෙන් වසරකට ඩොලර් කෝටි 200 ක ආදායමක් උපයාගනී.

    මෙහි ඈත ඉතිහාසය දෙස බැලිමේදී ඉරාකය 1984 දි ඉරාන හමුදාවට එරෙහිව රසායනික අවි භාවිතා කර ඇත. 1980 - 1988 දක්වා ඉරාකය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත. තවද උතුරු ඉරාකයේ කුර්දිස් කැරළිකරුවන්ට එරෙහිව රසායනික අවි ඉරාකය විසින් භාවිත කර තිබේ. නමුත් 1980 දී ඊශ්‍රායිල් හමුදාව විසින් මෙම න්‍යෂ්ටික බලාගාර වලට ප්‍රහාර එල්ල කිරීමක් සමඟම අවි නිපදවිම අඩ පණ විය. පළමු ගල්ෆ් යුද්ධය අති විශාල බිහිසුනුකාරී එකක් විය. මෙහිදි යටිතල පහසුකම් වලින් 86% ක් අධික ප්‍රමාණයක් විනාශ වී තිබිීම දක්නට හැකිය. මේ විනාශය එක්සත් ජාතින්ගේ සංවිධානය දකින්නේ ඉරාකය නැවතත් පුර්ව කාර්මික යුගයකට ආපස්සට ගොස් සිටින බවකි.

    1991 ගල්ෆ් යුද්ධයට බි්‍රතාන්‍ය හා ඇමරිකානු හමුදා විසින් න්‍යාම් බෝම්බ හා පොකුරු බෝම්බ යොදාගෙන තිබේ. ගල්ෆ් යුද්ධයේදි බස්රා නගරයට ඉරාක භටයින්ට පොකුරු හා න්‍යාම් බොම්බ භාවිතා කිරීම නිසා මියගිය සංඛ්‍යාව 20,000 ක් පමණ වේ. 1980 දි එක්සත් ජාති්න්ගේ සම්මුතියක් මගින් න්‍යාම් බෝම්බ භාවිතා කිරිම තහනම් කරනු ලැබුවත් මොවැනි බෝම්බ භාවිතාකිරිම තුලින් මිනිසුන්ගේ සිවිල් අයිතින් උල්ලංඝනය විම දක්නට ලැබේ.

    ඉරාක ජන ගහනයෙන් 1/5 ක් පමණ කුර්දිවරුන් වන අතර ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය 60% ක් පමණ වේ. දකුණු ඉරාකය තුළ බහුතරයක් සිටිනුයේ ෂියා මුස්ලිම් වරුන්ය. 1991 ගල්ෆ් යුද්ධයේ ප්‍රතිඵල වශයෙන් විශාල ලෙස පරිසරය විනාශ වී තිබේ. බොරතෙල් විශාල ලෙස පර්සියානු බොක්කට හමුදා හැරීම නිසා වෙරළ තීරය දුෂණය විම ඒ වගේම තෙල් ළිං ගිිනි ගැනිම නිසා වායුගෝලයට විශාල ලෙස කාබන්ඩයොක්සයිකඩ් පිටවීම හේතුවෙන් පාරිසරික වශයෙන් මේ යුද්දය නිසා විනාශ වී තිබීම දක්නට පුළුවන. 1991 පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව සදාම් පාලනය පෙරලා දැමිම සඳහා ෂියා මුස්ලිම්වරු නැඟී සිටියහ.

    1991 සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කිරිමෙන් අනතුරුව ඇමරිකාව ප්‍රමුඛ සංවර්ධිත රටවල් එක්සත් ජාතින්ගේ අනුමැතිය යටතේ ඉරාකයට එරෙහිව යුද්ධය දියත් කරනු ලැබීය. කුවේටය තුල ඉරාකයේ සිටි හමුදා ඉවත් කරනු ලැබීය. බැග්ඩෑඩ් නගරයටද ප්‍රහාර එල්ලකරනු ලැබිය. ගල්ෆ් යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරාකයේ තිඛෙන සමුල සංහාරක අවි විනාශ කිරිම සඳහා අන්කොන් සංවිධානය පිහිටුවනු ලැබීය. එහිදි 1998 අන්කොන් සංවිධානයේ වාර්තාව ඉදිරිපත් කරනු ලැබු අතර ඉරාකයේ පැවැති සමුල සංහාරක අවි වලින් 95% ක්ම ප්‍රමාණයක් හදුනාගෙන විනාශ කළ බවයි. 1991 ගල්ෆ් යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද නිල වශයෙන් ඉවත් වී ඇත. 2003 අගෝසතු ප්‍රහාරයෙන් පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ කිසිවෙකු ඉරාකය තුල නොවිය.

    පළමු ගල්ෆ් යුද්ධය හේතුවෙන් ඉරාකය සම්පුර්ණයෙන්ම විනාශ විය. එහිදි ඉරාකයට එරෙහිව යුද්ධයට නායකත්වය දුන් බහුජාතික හමුදාවේ සභාපති වු ජෙනරාල් ස්වාස්කෝ ප්‍රකාශ කර සිටියේ ඉරාකය දැන් ගල් යුගයකට තල්ලූ කර ඇති බවති. ඒ තුලින් ඉරාකයට තවදුරටත් න්‍යෂ්ටික අවි නිපදවිමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරයි.

    පළමු ගල්ෆ් යුද්ධයේදි ආරක්ෂක මණ්ඩලය ක්‍රියාකාරීත්වය

    [සංස්කරණය]
    ආරක්ෂක මණ්ඩලය

    පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරාකය සම්බන්දයෙන් ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානය ඉරාකයට එරෙහිව සම්බාධක පනවනු ලැබීය. එම සම්බාධක පරිපුර්ණ සම්බාධක විය. එම සම්බාධක හේතුවෙන් ඉරාකයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන තෙල් ආදායම සම්පුර්ණ ලෙසම පහත වැටුනි. මේ තුලින් ඉරාකයේ ආර්ථීකය බොහෝ සෙයින් පිරිහිම දක්නට ලැබේ. මෙවැනි හේතුන් තිබියදි ඉරාකයට න්‍යෂ්ටික අවි නිපදවිමට තරම් ශක්තියක් නෙමැති බව බොහෝ විචාරකයින් අදහස් ප්‍රකාශ කර තිබේ.

    පළමු ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබු ක්‍රියාමාර්ගය වුයේ ඇමරිකාව, බි්‍රතාන්‍යය සහ ප්‍රංශයද යෝජනා ඇතිව ඉරාකයට සම්බාධක පැනවිමට කටයුතු කළහ. එහිදී ඉරාකයට පරිපුර්ණ සම්බාධක පැනවිම, කුව්ටයට සිදුවු හානිය සඳහා ඉරාකයෙන් වන්දි ලබාගැනිම, ඉරාකයේ ඇති අවි විනාශ කිරිමයි. ඉරාකයට පරිපුර්ණ සම්බාධක පැනවිම නිසා ඉරාක ජනතාවට ආහාර, ඹෟෂධ හිඟ වු අතර තෙල් වෙළඳාම පහත බැස තිබුණි. යුනිස්කෝ වාර්තා අනුව ඉදිරිපත් කරන්නේ මෙම සම්බාධක හේතුවෙන් ඉරාක වැසියන් ගණන ලක්ෂ 15 ක් පමණ විය.

    1991 ගල්ෆ් යුද්ධයේදී මියගිය සාමාන්‍ය ජනතාව පිළිබඳව තවමත් නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නොමැත. මෙලෙස ජීවිත හා දේපල විශාල ලෙස පළමු ගල්ෆ් යුද්ධයේදී විනාශයට පත්ව ඇත.

    • ආරක්ෂක මණ්ඩලය ක්‍රියාකාරීත්වය
    • එකස්ත් ජනපදයේ නායකත්වය යටතේ 1991 ජනාවරි 16/17 ර්‍"ඔපරේෂන් ඩෙසර්ට් සෙටාර්ම්” ( Operation Desert S tome)මෙහෙයුම.
    • 42 වන වගන්තිය යටත් යුද්ධමය ක්‍රියාකාරීත්වයන් පිළිබඳ තම වගකිම වෙනත් අයට පවරා දිමට ආරක්ෂක මණ්ලඩයට හැකිවේද යන්නයි 7 වන පරිච්ඡෙදයේ 46 හ 47 වන වගන්ති ක්‍රියාමාර්ග ආරක්ෂක මණ්ඩලයේ හා යුද්ධමය කාර්ය මණ්ඩල කමිටුවේ පාලනය යටතේ තිබිය යුතු බැවින්, ආරක්ෂක මණ්ඩලය 7 වන පරිච්ඡෙදයට අනුකුලව ක්‍රියා නොකළ බවට තර්ක කළ හැක.
    • එක්සත් ජාතින්ගේ 51 වෙනි වගන්තියට අනුව සාමුහික ආත්ම ආරක්ෂක ක්‍රියාමාර්ග මගින් කුවේට් රාජ්‍ය වෙත මිත්‍ර පාර්ශවයන්ගෙන් සහයෝගය ලබාගැනිමට හැකියාව තිබුණි.
    • එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ 50 වෙනි වගන්තියට අදාළව ආරක්ෂක මණ්ඩලය අනුගමනය කරන බලාත්මක පියවර නිසා එම පියවර අනුගමනය කිරීමෙන් ඒ රටේ ආර්ථීක වශයෙන් යම් කිසි දුෂ්කරතාවලට මුහුණ දිමට සිදුවුවහොත් ආරක්ෂක මණ්ඩලයේ උපදේශකත්වය ලබාගැනිමට ඒ රටට අයිතිවාසිකම් ලබාදි ඇත. නමුත් ඉරාකයට සිදුවු හානි වෙනුවෙන් 50 වෙනි වගන්තියට අදාළව වන්දි ලබාගැනිමට උත්සාහ කළද එය අසාර්ථක විය. 50 වෙනි වගන්තිය තුළ මෙලෙස දක්වා ඇත.
    • 1991 අප්‍රියෙල් 3 වන දා සම්මත කරනු ලැබු 687 දරණ සටන් විරාම අභියෝජනාව තුලින් ඉරාකයට දැඩි ලෙස කොන්දේසි පනවනු ලැබීය.
    • 687 දරණ යෝජනාව මගින් ඉරාක - කුවේට දේශසීමා කොමිසම විසින් දෙරට අතර දේශසිමා තීරණය කිරිම, දේශ සිමා අධික්ෂණය කිරිම, කුවේටයට අයිති දේපල ආපසු බාරදිම සම්බන්දයෙන් හා ඉරාකයේ අවි ආයුධ හා වෙළෙඳ තහංචි පිළිබද එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක කමිටුව විසින් තීරණය කිරිම සිදු විය.
    • ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අනුව දින 90 කට වරක් බැගින් තෙල් හා තෙල් නිෂ්පාදිත ඉරාකයෙන් ආනයනය කිරිමට රාජ්‍යයන්ට අවසර ලබාදුන් අතර ඉරාකය තර්ක කරනු ලැබුවේ මෙහිදී ස්වාධිපත්‍යට හානියක් සිදු වන බවකි.
    • ආරක්ෂක මණ්ලඩය තවදුටත් කියා සිටියේ ඉරාකය කුවේටය ආක්‍රමණය කිරිමේදි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
    • අංක 687 දරණ අභියෝජනාව යටතේ 1991 මැයි 20 වන දින ආරක්ෂක මණ්ඩලය විසින් එක්සත් ජාතින්ගේ වන්දි කොමිසම හා වන්දි අරමුදල ජිනිවා නුවර පිහිටු වනු ලැබිය.

    මෙහිදි කරනු ලබන කාර්ය වනුයේ ඉරාකයට විරුද්ධව ඉදිරිපත් කර තිඛෙන යාචනයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමයි. තවද පාරිසරිකව කරනු ලැබු විනාශ වලට වන්දි ඉල්ලිම් ද කර තිබේ. වාර්ෂික තෙල් ආදායමෙන් තුනෙන් එකක් වන්දි අරමුදලට ගෙවිමටද ඉරාකයට නියම විය.

    ගල්ෆ් යුද්ධය නිසාවෙන් ඉරාකයේ සිටි කුර්දිවරුන් ඉරානයට හා තුර්කියට සරණගතයින් වශයෙන් පැන යාම දක්නට ලැබේ. මෙහිදි එක්සත් ජනාපදය, බි්‍රතන්‍යය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්පාඥය, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් මැදිහත් විම් දක්නට ලැබේ. උතුරු ඉරාකය තුල ආරක්ෂිත ස්ථාන පිහිටුවීම තුලින් සරණාගතයින් අවට රටවලට යාම වැලැක්වීමට කටයුතු කරනු ලැබිය. එනම් ඔපරේෂන් කොම්ෆට් ( Operation Conform) මෙහෙයුම තුලින් ආරක්ෂිත ප්‍රදේශ පිහිටු වීය. මෙහිදි රටක අභ්‍යන්තර ස්වාධිත්‍ය සම්බන්ධයෙන් ගැටළු මතු විමට බලපා තිබේ.

    බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඛෙල්ජියම හා ප්‍රංශය විසින් 1991 අප්‍රියෙල් 5 වෙනිදා ආරක්ෂක මණ්ඩලයේ න්‍යය පත්‍රයට අංක 688 වන අභියෝජනා පත්‍රය ඉදිරිපත් කිරිමේ බලාපොරොත්තු වුයේ ජාත්‍යන්තර සාමයට හා සුක්ෂිතභාවයට එල්ල වන තර්ජනයන් වැලැක්විමටත් සියලූම ඉරාක පුරවැසියන්ගේ මානුෂික හා දේශපාලන අයිතින් වලට ගරු කිරීමටත් සරණගතයින් හා අවතැන්වුවන් මෙන්ම ඉරාක පුරවැසියන්ගේ හදිසි අවශ්‍යතාවයන් සොයා බලාගැනිමටත්, සියලූම මානව වන්දි සංවිධාන වල සහයෝගය ලබා දෙන ලෙස හා ආරක්ෂක මණ්ඩලය හා මහලේකම්වරයා වෙත සහාය පළ කරන ලෙසට ඉරාකයට නියම කරනු ලැබිය. ආරක්ෂිත ස්ථාන පිහිටුවිම සම්බන්ධයෙන් ඉරාකයේ ෙසෙරී භාවයට හානියක් සිදු වේදැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය. එහිදි උතුරු ඉරාකයේ විදේශ හමුදා රදවා තබාගැනිමට ඉරාකයේ අකැමැත්ත අවශ්‍ය බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය. 1991 මැයි 17 හා 18 දිනවලදි ඉරාක රජ්‍ය හා එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සාක්ච්ඡාවලදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක භටයින් 500 ක් ඉරාකයේ රදවා තබාගැනිමට සිදුවුයේ ඉරාක රජයේ කැමැත්ත අනුවය.

    අංක 688 දරණ යෝජනාව ප්‍රයෝජනයට ගනිමින් ඉරාකය තුල හා ඉරාකයට එරෙහිව 1992 දි ගුවන් ප්‍රහාර එල්ල කළහ. නමුත් එම අභියෝජනාව මගින් එම ක්‍රියාව අනුමත නොවීය. මෙලෙස කුර්දිවරුනගේ ආරක්ෂාව සමබන්ධයෙන් මැදිහත්වීම නීත්‍යානුකුලවේද නැත්ද යන්න ප්‍රශ්නය වඩාත් සංකිර්ණය. ඒක පාර්ශ්වය මානවවාදී මැදිහත්වීම් මුලධර්මය යටතේ අවසරයක් නොමැතිව මැදිහත්විම මතභේදයට තුඩු දෙන ප්‍රශ්නයකි. ඉරාකය විරෝධය පළකළ නමුත් ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීම් සිදුවිය. ඒ අනුව අංක 688 දරණ අභියෝජනාව පිළිබඳව නෛතික ප්‍රශ්න මතු වී තිබේ.

    ඒ කෙසේ වෙතත් අංක 688 දරණ අභියෝජනාව පමණක් ගත් විට, එය නීිතිමය පදනමක් නොවු බවත් එහෙයින් 42 වන වගන්තිය යටතේ ආරක්ෂක මණ්ඩලය විසින් මානවවාදි සහන පියවර බලාත්කාරයෙන් ක්‍රියාත්මක කිරිම පිළිබඳව එය පුර්වාදර්ශයක් නොවන බවත් ප්‍රත්‍යක්ෂ වේ. (මලාන්සුක්,2002 : 580).

    මේ ආකාරයට ඉරාකය සම්බන්ධයෙන් එහි ඉතිහාසය, ආගමික ගැටුම් පැවතීම, 1991 ගල්ෆ් යුද්ධය සම්බන්ධයෙන් ඉරාක ජනතාවට විඳීමට සිදු වු ගැටළු රාශියක් දක්නට ලැබේ. පළමු ගල්ෆ් යුද්ධයේදී ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් මැදිහත් විම දක්නට ලැබේ ඉරාකය විසින් කූවේටය 1990 දී ආක්‍රමණය කිරිම නිසා එක්සත් ජාතින්ගේ සංවිධානය විවිධ යෝජනා සම්මත කර ගනිමින් ඉරාක අර්බුදය විසදිමට උත්සාහ කළද එය සාර්ථක වී නොමැත. ආරක්ෂක මණ්ඩලයේ තිරණ ඒ ආකාරයෙන්ම පිළිනොගැනිම දක්නට ලැබේ. ඉරාකයට අධික ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්බාධක පැනවීම නිසා ඉරාකයේ ආර්ථීක, සමාජ, දේශපාලන තත්වය තවදුරටත් පිරිහි තිඛෙනු දක්නට ලැබේ.

    දෙවන ගල්ෆ් යුධ සමය

    [සංස්කරණය]
    දෙවන ගල්ෆ් යුද්ධයේ අවස්ථා

    2003 මාර්තු මාසයේදී ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එකතුව ඉරාකය ආක්‍රමණය කරනු ලැබීය. මෙය ආක්‍රමණයන් වශයෙන් හැදින්වීමට පුළුවන. විශේෂයෙන්ම එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකත්වය ගනු ලැබු ඇමරිකාව හා බ්‍රීතාන්‍ය රාජ්‍යන් මෙලෙස තවත් රටක ‍සෛවරී භාවයට අභියෝගයක් ලක් කළ අවස්ථාවක් වශයෙන්ද හැදින්විය හැකිය. ඉරාක ආක්‍රමණය පිළිබඳව ඇමරිකානු ජනාධිපති හා ටෝනි බ්ලෙයාර් දක්වන අදහස් කිහිපයක් උපුටා දැක්විමේදී, ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හා එංගලන්තයේ අගමැති ටෝනි බ්ලෙයාර් , ඉරාක ආක්‍රමණයට හේතු දක්වා සිටියේ ඉරාකය නිරායුධ කිරිම සඳහා(weapons of Mass Destruction) සදාම් හුසේන් ත්‍රස්තවාදයට සහායදීම නතර කිරීම සහ ඉරාක ජනතාවට නිදහස ලබාදීමයි. බ්ලෙයාර් දක්වන පරිදි ඉරාකයේ න්‍යෂ්ටික, රසායනික සහ ජිව විද්‍යාත්මක අවි නිරායුධකරණය කළ යුතු බවත් ඒ වගේම ඇමරිකාව හා එහි පාලන මණ්ඩලය ප්‍රකාශ කර සිටින්නේ ඉක්මනින්ම මෙය කළ යුතු වන්නේ ලෝක සාමයට තර්ජනයක් වන නිසාවෙනි. (2003 .invation of Irak Wikipedia, 2009).

    මෙවැනි හේතුන් ඉදිරිපත් කරමින් 2003 වර්ෂයේදි ඉරාකය ආක්‍රමණය කිරිම දක්නට ලැබේ. 2003 වර්ෂයේදී ඉරාකය ආක්‍රමණය කිරිම දක්නට ලැබේ. 2003 මාර්තු 20 ඉරාකය නිදහස් කර ගැනිමේ යුද්ධය ආරම්භ විය. සදාම් හුසේන් ජනාධිපතිවරයාට ඉරාකයෙන් පිටත් වන ලෙසට ෙජ්ර්ජ් බුෂ් ජනාධිපතවරයා ලබාදී තිබුණ කාලය අවසන්වීමත් සමඟම 2003 මාර්තු 30 ග්‍රිනිච් වෙලාවෙන් පෙරවරු 2.35 ට බෑන්ඩෑඩය වෙත පළමු ප්‍රහාරය එල්ල විය. මධ්‍යධරණී මුහුද හා පර්සියානු බොක්කේ රඳවා තිබු යුධ නැව්වලින් කෲස් මිසයිල එලල් විය. සදාම් හුසේන් සැඟවී සිටින ලෙසද සැක කළ බැග්ඩෑඩ් මාලිගයට මෙන්ම උතුරු ඉරාකයේ මොසුල් නරගයටද ගුවනින් ප්‍රහාර එල්ලකරනු ලැබිය.

    2003 වසරේදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ එක්ව ඉරාකය ආක්‍රමණය කිරිමේදී 2003 ජුනි 30 වැනිදා ෆලූජා නගරයේ බෝම්බ පිපිරීම, ජුලි 05 ඉරාක පොලිස් භටයින් පිරිසකට ප්‍රහාර එල්ල කිරීම , අගෝස්තු 19 වෙනි දින එක්සත් ජාතින්ගේ කාර්යාලයට ප්‍රහාර එල්ල කිරිම, අගොස්තු 29 නජා්ෆ් ෂියා මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරිම මෙැවනි බෝම්බ ප්‍රහාර නිසාවෙන් ඉරාක සාමාන්‍ය සිවිල් වැසියන්ගේ මානව හිමිකම් උලල්ලංඝනය විම දක්නට ලැබේ. මිනිස් ජීවිත විශාල ලෙස අහිමි විය.

    ඉරාකය මෙලෙස මැද පෙරදිග රටවල් කෙරෙහි විශාල ලෙස අත පෙවිමට හේතුවක් වී ඇත්තේ මැදපෙරදිග පවතින තෙල් සම්පත නිසාවෙනි. ඇමරිකාවේ ජනාධිපති ධුරය හෙබවු අයිසන් හවර් ප්‍රකාශ කර සිටියේ තෙල් සම්පත පාලනය කරනු ලබන්නේ කවරෙකු විසින්ද ඔහු විසින් මුළු ලොවම පාලනය කරනු ලබන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. දැනට ලොව ඛනිජ තෙල් සම්පත අත්‍යවශ්‍ය සම්පත් මෙන්ම ඛනිජ තෙල් සම්පත් වලින් 65% ක් පමණ ගල්ෆ් ප්‍රදේශයේ පිහිටා තිබිම නිසා බලවත් රටවල් මැදපෙරදිග ගල්ෆ් ප්‍රදේශයේ පිහිටා තිබිම නිසා බලවත් රටවල් මැදපෙරදිග ගල්ෆ් කලාපය කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වි තිබේ. ඇමරිකාවේ නව අධිරාජ්‍යවාදී බලපැම් හේතුවෙන් සැමවිටම උත්සාහ දරනු ලබන්නේ මැදපෙරදිග තෙල් සම්පත ඔවුන්ට අත්පත් කර ගැනිමට හා මැදපෙරදිග ආර්ථීක, දේශපාලනික වශයෙන් ඔවුන්ට නතු කර ගැනිමටය.

    2003 මාර්තු 20 වෙනිදා දකුණු ඉරාකයේ උම්සකර් වරායේ කොටසක් ඇමරිකානු හමුදා විසින් අල්ලා ගනු ලැබීය. ඉරාක තෙල් සම්පත සම්බන්ධයෙන් ඉරාකය හා කුවේටය අතර කලක සිටම මතභේද පැවතුණි. උම්සකර් වරාය ස්ථීර වශයෙන්ම ඒකාබද්ධ හමුදාව යටතට පත් වු බව මාර්තු 25 වෙනිදින වාර්තා විය. මාර්තු 20 කුවේට් දේශසීමාවේ සිටින ඒකාබද්ධ හමුදා වෙත ඉරාකයෙන් ස්කඩ් මිසයිල එල්ලා කළ අතර එම මිසයිල විනාශ කිරිමට ඇමරිකානු පෙට්‍රෝලියම් මිසයිල එල්ල කරන ලද බවද ප්‍රකාශ වේ. තවද මාර්තු 27 උතුරු ඉරාකයේ හමුදා පුහුණු කඳවුරක් විනාශ කළ බව පෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා විසින් පැවසීය. මාර්තු 30 බස්රා නගරය අසලදී ඉරාක ජෙනරාල්වරයෙකු බි්‍රතාන්‍ය හමුදා යටතට පත් කරගෙන තිබීම දක්නට ලැබේ.

    ගල්ෆ් යුද්ධය ඇති වීමට හේතු

    [සංස්කරණය]

    ඉරාකය ආක්‍රමණය කිරිමට බලපෑ තෙල් සාධකය

    [සංස්කරණය]

    ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරිම සම්බන්ධයෙන් විවිධ හේතු දැක්විමට පුළුවන. එක් හේතුවක් වුයේ ඉරාකය සතුව තෙල් සම්පත් තිබීමය. ඛනිජ තෙල් සම්පත් අයිතය තහුවරු කර ගැනීමෙන් අධික ලෙස ලාභ ලබාගැනිමටත් අඩු මිලට ඛණිජ තෙල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමටත් ඇමරිකාව උත්සාහ කළේය. අනෙක් කාරණාව වුයේ පශ්චාත් සදාම් හුසේන් අවදියේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරිමයි. ඉරාකය තුළ තෙල් නිෂ්පාදනය ඇරැඹුනේ 1928 දීය. 1961 දක්වා ඉරාක තෙල් සම්පත් මත ඒකාධිකාරය හිමිකරගෙන සිටියේ ප්‍රධාන වශයෙන්ම බි්‍රතාන්‍ය සතුව පැවැති ඉරාක පෙට්‍රොලියම් සමාගමයි. 1972 දී ඉරාක බාත් පක්ෂ රජය විසින් එරට තෙල් කර්මාන්තය මුළු මනින්ම ජනසතු කර තිබේ.

    • මැදපෙරදිග 65%
    • සෞදි අරාබිය 25%
    • ඉරාකය 12%
    • ඉරානය 9%
    ගොනුව:Iraq Oil Graph.jpg

    මෙලෙස ඉරාකය තුළ ස්වභාවික සම්පතක් ලෙස ඛනිජ තෙල් පිහිිටා තිබීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ආක්‍රමණය කිරිමට බලපානු ලැබු සාධකයක් වශයෙන් හැදින්වීමට පුළුවන. ,2002 කාලය තුලදි ඇමරිකාව විසින් ඉරාකයෙන් තෙල් බැරල් මිලියන 1.3 ක් පමණ අපනයනය කරනු ලබයි., ( Importance of Iraqi oil to u.s, 2009).

    ඉරාකය තුළ අභ්‍යන්තර ගැටුමක් වශයෙන් පවතින ආගමික ගැටුම

    [සංස්කරණය]

    ඉරාකය තුළ සුන්නි හා ෂියා භක්තිකයින් අතර ගැටුම් පවති. විශේෂයන්ම ඉරාකයෙන් පිට රටවලත් ෂියා හා සුන්නි ආගම් දෙකෙහි පවතින වෙනස ගත්විටදි එය ඉතා ඈත ඉතිහාසයකට දිව යයි. එනම් ෂියා හා සුන්නි ආගම් දෙකෙහි පවතින වෙනස ගත් විට දී එය ඉතා ඈත ඉතිහාසයකට දිවයයි. එනම් ෂියා හා සුන්නි ආගම් දෙකෙහි පවතින වෙනස ගත්විටදී එය අල් කුරාණයේ දක්වා ඇත. අල් කුරාණයට අනුව සර්ව බලධාරී දෙවියන් හඳුන්වා ඇත්තේ අල්ලාහ් යනුවෙනි. දේව පුත්‍රයන් එක එක කාල වලදි සිටින අතර ආදම්, නොවා , මොසෙස්, ‍‍ජේසුස් හා මහම්මත් ලෙස හඳුන්වා ඇත. දෙවියන් වහන්ස්ගේ අවසාන පුත්‍රයා වන්නේ මහම්මත්ය. ඉස්ලාම් ආගමට අනුව අල්ලාහ් හැර වෙන දෙවියෙකු නැති අතර ශාස්තෘවරයා වන්නේ මහ්ම්මත්ය. මහ්ම්මත් තුමා ක්‍රි. ව. 570 දී මක්කම උපත ලැබු අයෙකි. මහ්ම්මක්තුමා කඩීජාන් නම් කාන්තාව සමඟ විවාහ වු අතර පුත්‍රන් දෙදෙනෙක් හා දියණියන් දෙදෙනෙක් ලැබීය. පුතුන් තිදෙනා මියගිය අතර ක්‍රී. ව. 632 දි මහ්ම්මත්තුමා මියගිය අතර ඉන් පසුව පැහැදිලි අනුප්‍රාප්ති කරයෙකු නොවිය. ඉන් පසුව මහ්ම්මත්තුමාගේ මිත්‍රයෙකු වු ‍"අබුබකර්” හා ‍"කලිෆ්” නම් නායක තනතුර ලබා දීමයි. මෙහිදී අනුප්‍රාප්තිකයන් තෝරා ගැනීමේදි ෂියා, සුන්නි ඛෙදීම ඇති විය. අබුබකර් හා ඔහුගෙන් පසුව බලයට පත් වු මිතුරන් දෙදෙනා මහ්ම්මත්තුමාගේ නිත්‍යානුකුල ලෙස පිළිගත් කොටස සුන්නි භක්තිකයින් විය. ෂියා භක්තියතයන් අනුප්‍රාප්තිකයන් ලෙස සැලකුවේ මහම්මත්තුමාගේ බෑණා වු අලි බවයි. මෙලෙස පැහැදිලි ලෙස අනුප්‍රාප්තිකයෙකු පත් නොවිමේ සිදුවිම හරහා ගැටම් රාශයික් ඇති විය. මෙය වර්තමානය වන විට නොවිසිදුනු දික් ගැස්සුණු සමාජ ගැටුමක් දක්වා වර්ධනය වි ඇත. ඉරාකය තුල රඳවා සිටින ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව විශාල ලෙස කටයුතු සිදු කරන ලබන්නේ සුන්නි භක්තික මුස්ලිම්වරුන්ය. සුන්නි භක්තිකයින් ගේ ප්‍රදේශ ලෙස ෆලූජා, රමාදි සහ සමාරා ඔවුන්ගේ වාසභුමි අතර ප්‍රධාන තැනක් ගනු ලබයි. ඇමරිකාව විසින් ෆලූජා නගරයට ප්‍රහාර එල්ල කළ අතර ප්‍රහාරයට පෙර ලක්ෂ 4 ක් පමණ ජනතාවක් වාසය කළ අතර බුෂ්ගේ ආක්‍රමණයෙන් පසුව ෆලූජාහි ජීවත් වන්නේ ඉතා සීමිත පිරිසකි. ගලූජාහි වැඩි පිරිසක් අසල පිහිටි බැග්ඩෑඩ් නගරයේ ජීව්ත වෙති.

    ඉරාකය තුළ ප්‍රාදේශීය වශයෙන් ආගමික ගැටුම් නිරන්තරයෙන්ම දක්නට ලැබේ. ෂියා ආගමික බහුතරය දේශපාලන නියෝජනය, ආගමික ස්වාධිනතාවය ලබා ගැනීමට මෙන්ම ඇමරිකානු ආධිපතයට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් වශයෙන් කටයුතු කරයි. ෂියා වරුන් බහුල ලෙස වාසය කරන ප්‍රදේශ වන්නේ දකුණු ඉරාකයේ බස්රා නසිිරියා කූට හා නජාෂ් නගර වේ. ෂියා මුස්ලිම්වරුනගේ නායකයා ලෙස කටයුතු කරන්නේ මුක්ටාඩා අල් සදර්ය. ෂියා ආගමිකයන්ගේ ශුද්ධ වු නගරයක් වශයෙන් නජාෂ් නගරය හැඳින්වීමට පුළුවන ෂියා වරුන් ඉරාක ආක්‍රමණයෙන් පසුව විදේශික හමුදාවන්ට එරෙහිව නව සටන් පෙරමුණක් විවෘත කළහ. ඉරාකය තුළ ප්‍රාදේශීය ඛෙදිම්ද දක්නට පුළුවන. එනම් උතුරු ඉරාකයේ තුර්කි දේශසිමාවට ආසන්න ප්‍රදේශයේ තුර්කි සම්භවයකින් පැවත එන කොටස් ද ඇමරිකානු පාලනයට එරෙහිව නැඟි සිටීම දක්නට හැකිය. මෙලෙස ඉරාකය තුල ආගමික ඛෙදිම් හේතුවෙන් රට අභ්‍යන්තරයේ ගැටුම් දක්නට ලැඛෙන අතර ප්‍රාදේශීය වශයෙන් විවිධාකරයේ ඛෙදිම් ද දක්නට පුළුවන.

    ගොනුව:Muslim Sunni and Shia.jpg

    මයිකල් ඊ බ්‍රවුන් විසින් අභ්‍යන්තර ගැටුමකට බලපාන සාධක වශයෙන් ව්‍යුහාත්මක, සමාජ, ආර්ථීක, දේශපාලන හා සංස්කෘතික සාධක දක්වා තිබේ. සංස්කෘතික කාරණා යටතේ ඉරාකයේ ෂියා , සුන්නි ආගමිකයින් ඔවුන්ගේ ඉතිහාසය වඩා උසස්යැයි කියමින් ගැටුම් ඇති කර ගනු ලැබීම දක්නට පුළුවන. කණ්ඩයාම් අතර ඇති වන දේශපාලන ප්‍රශ්නද ඉරාකයේ පවතින අභ්‍යන්තර ගැටුමට හේතු වී ඇත. ව්‍යුහාත්මක කාරණ යටතේ දුර්වල රාජ්‍යක් වීමද රට අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවිමට බලපා තිඛෙන දක්නට පුළුවන.

    2001 අමරිකාවට එල්ල කරන ලැබු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ ඔසාමා බින් ලාඩ්න් වැනි ත්‍රස්තවාදියන්ට එරෙහිව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය වෙනස් විය. ඉරාක නායක සදාම් හුසේන් ඔසාමා බින් ලාඩන්ට සහාය දක්වන ඇතැයි ඇමරිකාව ප්‍රකාශ කරන අතර ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කරනු ලැබීය. එහිදී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ඉරිදිපත් කරන ප්‍රකාශයක් වැදගත් වේ. ,ජාතිය ගොඩනැගීමේ පරමාර්ථය ඇතිව අපි අපගේ හමුදා ලෝකය පුරා පැතිර විම නැවැත්තු වේ නැතිනම් අපිට බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණදිමට සිදු වේවි, ( Cost of Iraq war and nation Building, 2009).යනුවෙන් දක්වා ඇත. ඒ වගේම ඉරාකයේ පවතින ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ ප්‍රජාව CIA, FBI, DIA යනාදින් දක්වන්නේ මෙවැනි අදහසකි.

    ඉරාකයේ නව ත්‍රස්තවාදි පරම්පරාව බිහිවෙමින් පවතින බවයි. එමගින් ඇමරිකාව කෙරෙහි තරහ ගොඩ නගයි. තව ලෝක ජිහාඩ් වාදින්ගේ පැතිරීම බල ගන්වනවා. මොවුන් මෙය සත්‍යක් නොවේ නම් කවරදාකවත් මොවුන් මෙවැනි ප්‍රකාශයක් නොකරනු ඇත.( Iraq war making us less safe from terrorism, 2009).

    ඉරාකය ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වන බවට ඇමරිකාව චෝදනා කර සිටියි. බුෂ් පාලන සමයේදි මෙලෙස ඉරාකයට එරෙහිව කරනු ලැබු ප්‍රබල ප්‍රහාර හේතුවෙන් ඉරාකයේ සංස්කෘතික වැදගත්කම්න් යුක්ත වු ස්ථාන විනාශ විය. ඉරාකයේ පවතින ගැටුම්කාරි වාතාවරණය නිසාවෙන් විශාල ලෙස දේපල විනාශයන් හා පරිසර විනාශයන්ද දක්නට ලැබේ. මෙලෙස ඉරාකය තුල පවතින අභ්‍යන්තර ගැටුම ජාත්‍යන්තරීකරණය විමේ ස්වරූපයද දක්නට ලැබේ.

    ඉරාකයේ ප්‍රචණ්ඩත්වය හා ෆලූජා සිදුවීම

    [සංස්කරණය]
    ගොනුව:Faluja 15nov04.jpg


    ඉරාකය තුළ සිදුවන ආක්‍රමණ නිසාවෙන් ඉරාකයේ ප්‍රචණ්ඩත්වය දක්නට ලැබුණි. ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ඉරාකයේ හමුදා නැවත ගෙන්වා ගැනිමට හැකි වි නොමැත. 2004 වන විටත් ඇමරිකා හමුදාවන් ඉරාකයෙන් නැවත ආපසු ගෙන්වා ගැනිමට නොහැකි විම බුෂ්ගේ දේශපාලන ජනප්‍රියත්ව යට මෙය විශාල කැළලක් වී තිබේ. සදාම් හුසේන් කෲර පාලකයෙකු ලෙස හදුන්වා දුන් බුෂ් සදාම් හුසේන් අත් අඩංගුවට ගනු ලැබුවද ඉරාකය තුළ සාමය හා ප්‍රජත්නත්‍රවාදය ස්ථාපිත කිරිමට හැකි වි නොමැත. ඒ වෙනුවට ඉරාකය තුළ ආගමික, වාර්ගික ගැටුම් ඇති වී තිබේ. ඉරාක යුද්ධය සම්බන්ධයෙන් බොහෝ යුරොපීයන් දකින්නේ අනවශ්‍ය මැදිහත්විමක් ලෙසයි.

    ඇමරිකාවේ සෙනෙට්, රහස් ඔත්තු සේවා කමිටුව පෙන්වා දුන්නේ සි. අයි. ඒ. සංවිධානයේ වැරදි තොරතුරු නිසාවෙන් ඉරාකය සමඟ ගැටුමකට යාම වැරදි බවයි. සී.අයි.ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ටෙනට්ට අනුව එම තනතුරෙන් ඉල්ලා අස් විය. ඉරාකයට ප්‍රමාණවත්තරම් සි.අයි.ඒ. ඔත්තුකරුවන් යැවිමට නොහැකි වීම, ඒ ඔත්තුකරුවන් විසින් ලබා දුන් තොරතුරු නිවැරදි ලෙස විශ්ලේෂණය නොකිරිම වැනි හේතුන් නිසා සී.එවි.ඒ. සංවිධානය ලෝකයට පෙන්වා ඇත්තේ වැරදි තොරතුරුය. මේ තුලින් පෙනී යන්නේ ඉරාකය සමඟ යුද්ධයකට යාමට තරම් හේතු සිදු වී නොමැති බවයි.

    ඇමරිකා ආක්‍රමණය ගත් විටදී ප්‍රථමයෙන්ම ෆලූජා නගරයට දැඩි ප්‍රහාර එල්ල කරනු ලැබිය. ඉරාකය තුළ පවතින ප්‍රචණ්ඩක්‍රීයා සංඛ්‍යාව වැඩිවීම දක්නට ලැබේ.

    ඔවුහු මුලින්ම නගරය් ප්‍රධාන රොහල් අත්පත්කර ගත්හ. දෙවනුව යුප්‍රටීස් ගංඟාවේ පාලම් දෙකක් අල්ලා ගත්හ. නගරයටම ප්‍රහාර එල්ල කිරිම ඇරඹුණේ ඒ. සී. 130 වර්ගයේ යුධ ටැංකි මඟිනි. රාත්තල් 500 1000, 2000 ප්‍රමාණයේ බෝම්බ එක දිගට ෆලූජා නගරයට වැටෙමින් තිබේ. එහි ක්‍රියාත්මක වන්නේ හදිසි තත්වයකි. අවුරදු 15 සිට 55 දක්වා කිසිවෙකුට මහ මඟට බැසිමට නොහැකිය. කඩ සාප්පු සියල්ල වසා දමා ඇත. මාර්ග සියල්ල වසා දමා ඇත. දැඩි අන්තවාදින් සිය අභිමානය රැක ගැනිම සඳහාද ඇමරිකානුවක් සිය බල පරාක්‍රමය සදහාද සටන් වැද සිටිති. (තෙන්නෙකෝන්, 2004).

    ෆලූජා සංහාරය නිසාවෙන් විශාල පිරිසක් මියගොස් තිබේ. මෙම ෆලූජා සංහාරය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරනු ලැබු අවි යොදා ගැනීම දක්නට පුළුවන. 2004 වසරේදී නැවතත් ඇමරිකානු ජනාධිපති ලෙස ජෝර්ජ් බුෂ්ජනාධිපති වශයෙන් පත්විමත් සමඟම ඉරාකය තුලට ප්‍රහාරයන් දියත් කිරිම දක්නට ලැබේ.

    ඇමරිකන් බල ඇණි විසින් පොකුරු බෝම්බ හෙලිමට අමතරව ප්‍රහාරවලට ගොදුරු වන පුද්ගලයින්ගේ සිරුරු පිච්චි යාමට සලස්වන ෆොස්පරස් ආයුධ පවා ෆලූජා නගරයට පහරදීමේදි යෙදා ගනු ලැබිය. නාගරික ප්‍රදේශයක සටන් සඳහා වියට්නාම් යුද්ධයෙන් පසු ෆෝස්පරස් ආයුධ යොදගත් පළමු අවස්ථාව මෙය විය. දින 10 ක් ඇතුලත ෆලූජා නගරය අමුසොහොනක් බවට පත් විය (ෆරූක්, 2007:123).

    ඉරාකය තුළ විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයවිම දක්නට ලැබේ. එනම් ෆලූජා සිදුවිම ගත්විට එහිදි වෛද්‍යවරුන් හා හෙඳ නිලධාරින් පවා ඝාතනය කිරිම සිදු කළහ. මෙයට හේතුවක් වශයෙන් හැදින්වීමේදී 2003 අප්‍රියෙල් මාසයේදි සිදු කළ සංහාරයේ තෙරතුරු රොහල් වල වෛද්‍යවරුන් හා හෙදනිලධාරීන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබා දෙතැයි යන බියනි. මෙම සංහාරය ලෝකයාගෙන් වසන් කිරිම සඳහා ඇමරිකාව ගනු ලැබු තවත් සිදු වීමක් වුයේ පුවත්පත් කලාවේදීන්ට ෆලූජා නගරයට ඇතුල්විමට අවසර ලබා නොදිම සහ දේවගැතියන් මරා දැමීමයි.

    ඉරාකයේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරිම සඳහා විනාශකාරී අවි භාවිතා කර තිබේ. ඉරාක සිදු වීම වියට්නාමය රැවන්ඩා, කාම්බෝජයේ පොල් පොට් ගෙනගිය ක්‍රියාමාර්ග මෙන්ම ස්පාඥයේ ඒකාධිපති පාලකයෙකු වු ෆැන්සිස්කෝ ෆැන්කෝ වැනි අයගේ බිහිසුනු කි්‍රියාවලට සමාන කළ හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධනාය තහනම් කර තිඛෙන නපාම් වායුවද ඇමරිකාව විසින් ෆලූජා සංහාරය සදහා භාවිතා කර තිබේ.

    ඇමරිකන් හමුදා විසින් අහිංසක සිවිල් මැසියන් මරා දැමිම සඳහා තහනම් කරන ලද නපාම් බෝම්බ විෂ වායු සහ වෙනත් නීති විරෝධි අවි ආයුධ පාව්ච්චි කර තිඛෙන බව පසුව ඉදිරිපත් කරන ලද වාර්තාවලින් පෙනී ගියේය. නපාම් ගෑස් වායුව යොදා ගෙන තිබුණු බව දිය වී ගිය මළ සිරුරු වලින් ඔප්පු විය. ෆලූජා නගරය පොළාවට සමතලා කර දැමිම පිණිස ඇමරිකානුවන්ට යුධ ටැංකි, කාලතුවක්කු , පාබල සේනාව ජල වායු සහ අනෙකුත් සම්ප්‍රදායට අනුකුල නොවු ආයුධ උපයෝගි කරගත් බව නගරවැසියේ ප්‍රකාශ කළහ. යෝද බිම්මලක් මෙන් දැවැන්ත දුම් ගුලියක් නිර්මාණය කරමින් පුපුරා යන බිහිසුණු බෝම්බ ඔවුහු මෙම ප්‍රහාරය සඳහා යොදා ගත්හ. බෝම්බ පිපිරිමක් සමඟ දිග දුම් වලි සහිත කුඩා බෝම්බ කැබලි බිම පතිත වන්නට විය. (ෆරූක්, 2007:122)

    මෙම ආක්‍රමණය හේතුවෙන් ෆලූජා නගරයේ මියගොස් සිටින සිවිල් ජනයාගේ සංඛ්‍යාව 15,000 ක් පමණ වේ. ෆලූජා නගරය පුරා ත්‍රස්තවාදීන් නිරන්තරයෙන් සැරිසැරීම දක්නට ලැුබේ. ෆලූජා සටන ඇරඹ්ම ප්‍රථම ඇමරිකානු හමුදාවන්ට කියා සිටියේ වියට්නාම යුද්ධයට පසුව දරුණුම ගරිල්ලා ප්‍රහාරයකට සුදානම් වන බවයි. ෆලූජාහි දහස් ගණන් පල්ලි දක්නට ලැඛෙන මේවා විනාශ කිරීමට ඇමරිකානු හමුදා භටයින් ක්‍රිය කර ඇත.

    ඇමරිකන් හමුදා භටයකු ලෙස කටයුතු කළ ෆලූජා සටහන සහභාගී වු රායි ෆලූජා සංහාරය පිළිබදව ඉදිරිපත් කර තිඛෙන්නේ පහත පරිදිය.

    ෆලූජා නගරයට ප්‍රහාර එල්ල කරද්දි සුදු ෆෝස්පරස් යොදාගැනිමට තිරණයකර තිඛෙන නිසා හමුදාව විසින් අණදෙනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයකින් පසුවන ලෙස අපට දක්වා තිබුණි. සුදුසු ෆොස්පරස් හේතු කොටගෙන සිරුරු පිළිස්සි ඇට පමණක් ඉතිරිවන සේ මස් සියල්ලදිය වි යයි...(ෆරූක් , 2007:122).

    තවද ජීව විද්‍යාඥයකු වන මොහොමඩ් ටාරෙක් ප්‍රකාශ කරන අදහස්ද වැදගත් වේ.

    ගිනි වර්ෂවක් නගරයට ඇද හැල්නනට පටන් ගත්තේය. විවිධ වර්ණයන්ගෙන් යුකත් වු මෙම ද්‍රව්‍ය කොටස් වැදුණු මිනිසුන්ගේ සිරුරු පිලිස්සෙන්ට විය. මියගිය මිනිසුන්ගේ සිරුරුවල පුදුමාකර තුවාල දක්නට තිබුණි. සමහරෙකුගේ සිරුරු පිලිස්සී තිබුණද ඔවුනගේ ඇදුම්වල කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත(ෆරූක්, 2007:123).

    මෙවැනි තොරතුරු වලින් හෙලි වන්නේ ඉරාකයේ සිටින සිවිල් වැසියන්ගේ මානුෂිය අයතීන් උල්ලංඝනය වී තිඛෙන බවයි. ලෝක සාමයට හා ආරක්ෂාව ඇති කිරීමේ ප්‍රබල සංවිධනායක් වන එක්සත් ජාතින්ගේ සංවිධනායටද මෙම ප්‍රහාරයන් නතර කිරිමට අපොහොසත් වී තිබේ. ආරක්ෂක මණ්ඩලයේ අණ නොතකා ඇමරිකාව හා බි්‍රතාන්‍ය මෙම ගෙන යන ක්‍රියාවලිය හේතුවෙන ආරක්ෂක මණ්ඩලය පිළබඳ ලෝක ජනතාව තබා සිටින විශ්වාසය පලූදුවීමට හේතු වී තිබේ. ජාත්‍යන්තර නීිතිය ක්‍රියාත්මක වුවද ඉරාකය සම්බන්ධ ප්‍රහාර හා මිනිස් ඝාතන නිසාවෙන් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය වීම දක්නට ලැබේ.

    ෆලූජා නගරයට එරෙහිව ප්‍රහාර එල්ල කිරිම අන්තර්ජාතික නීතිිය උල්ලංඝනය කිරිමක් බව තෝමස් ජෙෆර්සන් නීති විද්‍යාලයේ මහාචාර්ය, ජාතික නීති සංගමයේ උප සභාපති, ඇමරිකාවේ ජුලි සභිකයන්ගේ සම්මේලනයේ විධායක කමිටුවේ (American of Jurist) ඇමරිකානු නියෝජිත මාජරී කොහොන් ( Marjoric Cohn) ප්‍රකාශ කළාය.

    ඔවුහු තුවාලකරුවන්ට සාත්තු කිරිම සඳහා ඉදිරිපත්වු වෛද්‍යවරුන්ට සහ ගිලන් රථවලට නගරයට ඇතුල් විමට ඉඩ දුන්නේ නැත. එසේකිරීම ජිනිවා සම්මුතිය සෘජු ලෙස උල්ලංඝනය කිරිමත් වේ... (ෆරූක්, 2007:130)

    ෆලූජා සංහාරය තුලින් ඉරාකයේ සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය සම්පුර්ණයෙන්ම අඩාල වි ඇති අතර මිනිස් අයිතීන් උල්ලංඝනය වි ඇත. ප්‍රබල රාජ්‍යයන් මෙලෙස මැදිහත්වීමෙදී එක්සත් ජාතින්ගේ සංවිධානයටද මෙවැනි ක්‍රියාවන් නතර කිරිමට නොහැකි වීම එහි පැවැත්ම සම්බන්ධයෙන් ගැටළු පැන නගිනු ඇත. ජාත්‍යනතර වශයෙන් නීති තිබුණද ඒවා උල්ලංඝණය කිරිම කළ විට එයට නිසි දඩුවම් ලබා දීම සම්බන්ධයෙන් ගැටළු පැන නගී.


    ඉරාක ආක්‍රමණය සම්බන්ධ විශ්ලේශණයක්

    [සංස්කරණය]

    2003 වසරේදී ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරිමට හේතු වශයෙන් ෙජ්ර්ජ් බුෂ් ජනාධිපතිවරයා විසින් එය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන ආකාරය ඔහුගේ පහත ප්‍රකාශය තුලින් පැහැදිලි වේ.

    ඇමරිකානු හමුදා බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති පරිදි ඉරාකය තුළ ජෛව විද්‍යාත්මක අවි නිපදවීම සඳහා යොදාගනු ලබන ඇන්ත්‍රෑක්ස් ලීටර් 25,000 ක්, ඩෙටුලි ලිමොන් ටොක්සින් ලිටර 38,000 ක් සහ අතිශය භයානක විෂ වායුවක් වන සාරීන් ටොන් 500 ක් ඇති බව ජෝර්ජ් බුෂ් ප්‍රකාශ කළේය (දිනමිණ).

    මෙලෙස විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් 2003 ඉරාකයට කරනු ලැබු ආක්‍රමණයට හේතු ඉදිරිපත් කරමින් කියා සිටියහ.

    2003 වසරේදී ඇමරිකාව රාජ්‍ය ලේකම් වු කොලින් පවෙල් විසින් කියා සිටියේද ඉරාකය තුල බියකරු සමුහ සංහාරක අවි විශාල වශයෙන් ගබඩා කර තබා ගන්නා බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතා ඇය මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විස්තර කරනු ලැබීය.

    ඉරාකයට එරෙහිව කරනු ලැබු ආක්‍රමණය තවදුරටත් සාධාරණීකරණය කිරිමට බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් ඉදිරිපත් කරනු ලැබු අදහස් මෙසේය.

    සදාම් හුසේන් සතුව මහා පරිමාණ විනාශකාරී අවි තිඛෙනවා පමණක් නොව, ඒවා විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළ පහදීම සදහා සුදානම් කළ හැක බවද පැවසු ඔහු ඒ සම්බන්ධ ඇස්තමේන්තු හා සංඛ්‍යාලේඛන ඇතුලත් ලිපි ලේඛණ පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය (දිණමිණ).

    මෙවැනි ප්‍රකාශ ඉදිරිපිත් කිරිම තුලින් ජාත්‍යන්තරය තුළ සදාම් හුසේන් බියකරු පුද්ගලයෙක් බවට භීතියක් ඇති කිරිමට උත්සාහ ගෙන තිඛෙනු දක්නට හැකිය.

    2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව තුල සිටින අති මහත් බහුතරයකගේ උදඝෝෂණ විරෝධතා එල්ලවු අතර පාප් වහන්සේ එමෙන්ම ලෝක නායකයින් විසින් කරනු ලැබු ඉල්ලිම් නොසලකා හරිනු ලැබුණි.

    නමුත් අද වන විට කොලින් පවෙල් පවා ප්‍රකාශ කර සිටින්නේ ඔහුට ලැබුණු තෙරතුරු සත්‍ය ඒවා නොවන බවයි. ජෝර්ජ් බුෂ්ටද ඉරාකයේ සමුලසංහාරක අවි නොමැති බවට සාක්ෂි ලැබුණ විටදී ඔහුටද එරට ජනතා අප්‍රසාදයට ලක් විමට සිදුවිය. 2008 වසරේ මැතිවරණයේදී බැරක් ඔබාමා ජනාධිපති ලෙස තේරී පත්විමට මේ ඉරාකය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබු අප්‍රසාදය මිට හේතු විය. එක්සත් ජනපද ආරක්ෂක උපෙද්ශිකාව වන කොන්ඩලීසා රයිස්ද ප්‍රකාශ කර සිටියේ යුද්ධය ක්‍රියාත්මක කිරීමට ලැබුණු තොරතුරු ඇතැම් විට නිවැරදි විමට නොහැකිවු බවකි. බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු හමුදාවන්ට ඉරාකයෙන් සමුල ඝාතන අවි සොයා ගැනිමට නොහැකිවීමත් සමඟම පෙනියන කාරණයක් වන්නේ බලවත් රටවල් විසින් ඉරාකයේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල කර තිබීම සම්බන්ධවයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හත්වෙනි මහ ලේකම්වරයා වන කොෆී අන්නන්ද ඉරාකය සම්බන්ධයෙන් සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කිරිම දක්නට ලැබේ. අන්නන්ට පෙර මහ ලේකම් ධුරය දැරැවේ ඊජිප්තුවේ බුත්‍රොස් බුත්‍රොස් ඝාලිවිසිනි. අන්නන් ඉරාකය සම්බන්ධයෙන් කළ වැදගත් මෙහෙයක් වුයේ 1998 දී බැග්ඩෑඩ් නුවරට ගොස් සදාම් හුසේන් සමඟ සාකච්ඡා කර ඔහුට කරුණු අවබෝධ කරදී අවි නිරීක්ෂනයට ඉරාකයට යැමට ඉඩ ලබා ගැනීමට පෙළඹවිමයි. 1997 ජනාවරි මස 1 වැනිදා එක්සත් ජාතින්ගේ නව ලේකම්වරයා ලෙස වැඩ බාර ගත් අතර 2002 දී ඔහු තවත් වසර 5 ක් දක්වා මහ ලේකම්වරයා වශයෙන් තේරී පත්විය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත ප්‍රතිසංස්කරණය කළයුතු බවට ප්‍රකාශ කළේය. 1992 - 1993 වසරේදී එක්සත් ජාතින්ගේ සාමය සුරැකිමේ වැඩපිළිවෙල බාර සහකාර මහලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කර ඇත. 1990 දී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරනු ලැබු අවස්ථාවේදී ඉරාකයේ සිටි බටහිර රටවල 900 ක් පමණ ඉරාකයෙන් පිටතට රැගෙන යාමේ වගකිම ඔහුට බාර වි තිබුණි. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ඉරාකයට සම්බාධක පැනවු අවස්ථාවේදි මානුෂික අවශ්‍යතා මිලදී ගැනිමට ඉඩ සැලසුන ගිවිසුමක් සකස් කිරීමේදි එක්සත් ජාතින්ගේ නියෝජිතයා ලෙස නායකත්වය ගෙන ක්‍රියාකිරිමට කොෆි අන්නන් සමත් විය. මහ ලේකම්වරයා පත් කරනු ලබන්නේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශය මතය. මහ ලේකම්වරයා සතු බලතල ලෙස ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ අවදානයට යෙමු කිරීමට බලය ලබා දී ඇත.

    ඉරාකය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි අදහසකි. එනම්,

    ඉරාකය ඇමරිකාවට එරෙහි එදිරිවාදිකම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන අතර ත්‍රස්තවාදයට ද උඩගෙඩි දෙයි. ඇන්ත්‍රැක්ස්, ස්නායු වායු සහ න්‍යෂ්ටික අවි නිපදවිම දැනට දශකය පමණ කාලයක් මුළුල්ලේ කරගෙන ගොස් ඇති අතර 1998 සිට කිසිදු අවි නිරික්ෂකයෙකුට රට තුලට ඒමට ඉඩදී නොමැත. මෙවන් ක්‍රියාවක් සිදු කිරිමට ඉරාකයට ඉඩදිමෙන් මැද පෙරදිග කලාපයේ පමණක් නොව ලෝකයේ යහ පැවැත්මටද තර්ජනයක් එල්ල විම වැලැක්විය නොහැක. එසේ වුවද ඒක පාර්ශ්වික ක්‍රියා මාර්ගයකට යනවාට වඩා බහු පාර්ශ්වික එකඟතාවක් ඔස්සේ ත්‍රස්තවාදි තර්ජනයකට මුහුණදිමට අපි කැමැත්තෙමු (වි‍ජේසිංහ, 2003 :16).

    ඇමරිකානු රාජ්‍ය ලේකම්ද ඉරාකය සම්බ්නධයෙන් ප්‍රකාශ කර සිටින්නේ ඉරාකයේ න්‍යෂ්ටික ආයුධ ඇති බවත් එය ලෝක සාමයට තර්ජනයක් බවත්ය.

    ඉරාකය තමන් සතුව ජීව හෝ රසායනික අවි ද න්‍යෂ්ටික අවි ද නැතැයි පවසයි. එහෙත් එම කියමන විහිළුවකි. මෙය වඩාත්ම බැරෑරුම් අවස්ථාවක් වන අතර අන්තර්ජාතික ප්‍රජාව මෙම තර්ජනයට එරෙහිව නැගී සිටිය යුතු වෙයි. (විජේසිංහ, 2003 : 16).

    එක්සත් ජාතින්ගේ මහලේකම්ව වන කොෆි අන්නන් ඉරාකයේ සදාම් හුසේන්ට මරණ දඩුවම ලබා දීමට විරුද්ධ විය. ඉරාක ආක්‍රමණය ආරම්භයේ සිට මේ වන තෙක් ද ජාත්‍යන්තර නිිතිය හෝ ජිනිවා සම්මුතිය ගැන කිසිදු තැකිමක් කර නොමැති අතර ඇමන්ස්ටි ඉන්ටනැෂනල් ආයතනය මගින් ඉදිරිපත් කරන මානව හිමිකම් ගැන ඇමරිකාව කිසිදු තැකිමක් කර නොමැත. කොෆී අන්නන් මෙම ඉරාකයේ ආක්‍රමණය හෙලා දකින බව ප්‍රකාශ කර සිටියි.

    ඇමරිකානු රාජ්‍ය ලේකම් වු කොලින් පවෙල් ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙන් තොරතුරු හෙලි කිරීමේදී ඔහුගේ සාක්ෂි වලට පදනම් වුයේ ඉරාක ජාතික කොංග්‍රසයේ නායක අහමඩ් චලාබ් ලබා දුන් තොරතුරුය. නමුත් මේ චලාබ් ලබා දුන් තෙරතුරු පිළිගත නොහැකි බව දක්වා තිබේ.

    ඉරාක ආක්‍රමණයට පෙර 2003 පෙබරවාරි මාසයේදි ඉරාකය සතුව සමුහ ඝාතන අවි තොග පවතින බවත් විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුලදී ඒවා අවශ්‍ය ඉලක්ක කරා යොමු කිරිමේ හැකියාවක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි සමඟ පැවසුවේ කොලින් පවෙල්ය.(ගමගේ:2004).

    2003 මාර්තු 20 ඉරාකය ආක්‍රමණය කිරීමත් සමඟ නැවත යුද්ධය ආරම්භ විය. ඇමරිකාව ඇතුළු බි්‍රතාන්‍ය හමුදා ඉරාකය ආක්‍රමණය කිරිමත් සමඟ ඉරාකයේ සාමජ, දේශපාලන ආර්ථීක තත්වය තුල ගැටළු වර්ධනය විම දක්නට ලැබුණි. ඉරාකය ආක්‍රමණය කිරිමට බලපෑ සාධකයන් වශයෙන් තෙල් සාධකය හා ඉරාකය සතුව න්‍යෂ්ටික අවි පවතින බවක් සාමකාමි ඉරාකයක් ගෙඩ නැඟිමට ආක්‍රමණිකයින්ට අවශ්‍ය විය. ඉරාකය තුල අභ්‍යන්තරික වශයෙන්ද ෂියා, සුන්නි ඛෙදීම තුළ ගැටුම දක්නට ලැබේ. ඉරාන ආක්‍රමණයේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම ගත්විටදී ඉරාක ගැටුම සමථයට මෙන්ම ගැටුම තවදුරටත් උග්‍ර කිරීමට එම මැදිහත්වීම් බලපා තිඛෙන දක්නට පුළුවන. විශේෂයෙන්ම ෆලූජා සිදුවිම හරහා ඉරාක වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය විම හා එය ඉරාකයේ ස්වෛරීභාවයට විශාල තර්ජනයක් එලල් වි පවතින්නකි. සදාම් හුසේන් අත් අඩංගුවට ගනු ලැබුවද ඉරාකය තුල සාමකාමි වාතාවරණයන් ඇති වී නොමැති බව පශ්චාත් සදාම් යුගය තුල දක්නට ලැඛෙන ප්‍රචණ්ඩත්වය තුලින් සනාථ වි ඇත. ඇමරිකාවේ මැදිහත්විමෙන් ඉරාකයේ පැවැති අන්තර් ආණ්ඩුවටද ඉරාකයේ ස්වෛරීභාවය රැක ගැනිමට නොහැකි විය. ඉරාක අන්තර්වාර ආණ්ඩුවේ ජනාධිපති ලෙස කටයුතු සුන්නි මුස්ලිම් භක්තිකයෙකු වන ගාසි අල් යාවර් යටතේද ඉරාකය තුළ පවතින ත්‍රස්තක්‍රියාවන්, මානව හිමිකම් උල්ලංඝනය වීම් නවතා ලීමට හැකි නොවිය. 2005 වසරේ පැවැත්විමට නියමත මැතිවරණය සම්බන්ධයෙන් සුන්නි හා ෂියා භක්තිකයින් එකිනෙකට පරස්පරර විරෝධී අදහස් ඉදිරිපත් කරන්නට වුහ. 2005 ඉරාකයේ පැවැති මැතිවරණයේදී කුර්දි වාර්ගිකයෙකු වු ජලාල් තලබානි ජනාධිපති ධුරයට පත්විය. නමුත් මෙම මැතිවරණයෙන් පසුවද ඉරාකය තුල පැවැති ගැටුම් වල නිමාවක් දක්නට නොැබුණි. ෂියා සුන්නි ඛෙදීම් නිසා රට තුල අභ්‍යන්තර යුධ ගැටුම තත්වයක්ද උද්ගතවී ඇත.

    ඉරාකය තුල පවතින සමාජ, ආර්ථීක , දේශපාලනික තත්වය ගත්විටදී දේශපාලනික වශයෙන් අවුල් වු ආර්ථීකය පහතට වැටුණු හා සමාජමය වශයෙන් ගත් විට ඛෙදීම් සහිත ගැටමුකාරී පරිසරයක් නිර්මාණය වී තිබීම දක්නට පුළුවන. ඉරාකය තුල දරිද්‍රතාවය දක්නට ලැබුණද එක්සත් ජාතින්ගේ සංවිධානයද එයට විසදුමක් ලබාදිමට සමත්වී නොමැත. ඉරාකය තුළ විදේශීය හමුදාවන් රැදි සිටීම තුල ඉරාකයේ ස්වෛරීභාවයට තවදුරටත් තර්ජනයක් වී ඇත. එක්සත් ජාතීන්ගේ ආයතනයේ යම් යම් ප්‍රඥප්ති කඩ කිරිමක්ද මේ තුලින් දක්නට ලැබේ. ඇමරිකානු, බි්‍රතාන්‍ය, ඉතාලිය, පෝලන්තය වැනි රටවල හමුදාවන් මෙලෙස ඉරාකය තුළ රැදී සිටිම ගැටළු මතු කරයි.

    ඉරාකය සම්බන්ධයෙන් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, කොලින් පවෙල්, ටෝනි බ්ලෙයාර් , කොෆී අන්නන් වැනි රාජ්‍ය නායකියන්් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් දක්වන අදහස් විශ්ලේෂණයේදී පෙනි යන්නේ ඇමරිකාව හා බි්‍රතාන්‍ය රජයන් විසින් ඉරාක ආක්‍රමණය කිරීම සාධාරණීකරනය කිරිමට උත්සාහ ගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විමේදි උපරිම උත්සාහයක් දරා තිබුණද ආරක්ෂක මන්ඩලයේ අක්‍රිය ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවකි. ඉරාකය තුල ආඥාදායක පාලනයක් මහා මිනිස් ඝාතනයක් සිදු වේ නම් එය වෙනස් කිරීම ලෝක ප්‍රාජවගේ වගකීමයි. නමුත් එහිදී එම රට ආක්‍රමණයකර මහා මනුෂ්‍ය ඝාතන සිදුකිරිම යුක්ති සහගත නොවන්නේය.

    ආශ්‍රිත ග්‍රන්ථ

    [සංස්කරණය]
    • එක්සත්ජාතීන්ගේ ප්‍රඥප්තිය.(2004)(Basic Facts About the united Nations ISBN:92-1-100850-6)කොළඔ 07:එක්සත් ජාතීන්ගේ පරිශ්‍රය
    • කරුණාදාස.ඩබ්ලිව්.එම්.9(2000).ජාත්‍යන්තර සංවිධානය.දෙහිවල:ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ.
    • කටුගම්පොල,රජා(2007).එක්සත්ජාතීන්ගේ සංවිධානය.කොළඔ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
    • මලාන්සුක්,පීටර්(2002).ඇක්හර්ටස්ගේ නුතන ජාත්‍යන්තර නීති ප්‍රවේශය,නු‍ෙග්ගොපෙියසිරි සින්ටමින්.
    • ෆාරුක්, ලතීෆ් (2007). ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ සැබෑ මුහුණුවර (සිංහල පරිවරත්නය කේ.ඒ.එන්. පෙරේරා) මහරගම: රාවය ප්‍රකාශකයෝ.
    • Ashraf.F., Rafique, N., &Rahaman, F.U.(2000). STRATEGC STUDIES. Islamabad: Institute of Stratergic Studies.
    • Cortright, D., Millar, A. & Lopes, G.A. (2001). Smart Sanctions. Indiana: TheFourth Freedom Forum.
    • Kramer, steven philip (2003). FOREIGN AFFAIRS AFTER SADAM. New york: 58 East 68th Street.
    • Pickering, Thomas R. (2008). Servial-global politics and strategy. Uk: Routledge Journals.
    • Robert, Adam (2003). Survial – The 11ss quarterly. UK:oxford university press.
    • The united Nations Today (2008). New york: united Naitons Department of public Informations.
    • Vignard, Kerstin (2001). The Middle East. Switzerland: united Nations Institute.
    • World Report (2001). Iraq and Iraqi Kurdufstan. Human Rights Watch.


    ආශ්‍රිත ලිපි

    [සංස්කරණය]

    සටහන්

    [සංස්කරණය]
    උපුටාදැක්වීම් දෝෂය: <references> හි "numbering" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

    මූලාශ්‍ර

    [සංස්කරණය]
    1. ^ "The Gulf War: Moscow's role". CNN. 2001. සම්ප්‍රවේශය 18 October 2020.
    2. ^ "DESERT SHIELD AND DESERT STORM A CHRONOLOGY AND TROOP LIST FOR THE 1990–1991 PERSIAN GULF CRISIS" (PDF). apps.dtic.mil. 12 April 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 2018-12-18.
    3. ^ a b "Myths & Facts - The Gulf Wars". www.jewishvirtuallibrary.org.
    4. ^ Ziad Swaidan; Mihai Nica (June 2002). "The 1991 Gulf War And Jordan's Economy". Middle East Review of International Affairs. 6 (2). 2002-08-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
    5. ^ Chardell, Daniel (29 June 2023). "The Origins of the Iraqi Invasion of Kuwait Reconsidered". Texas National Security Review.
    6. ^ Persian Gulf War, the Sandhurst-trained Prince
      Khaled bin Sultan al-Saud was co-commander with General Norman Schwarzkopf
      www.casi.org.uk/discuss සංරක්ෂණය කළ පිටපත 3 මාර්තු 2016 at the Wayback Machine
    7. ^ General Khaled was Co-Commander, with US General Norman Schwarzkopf, of the allied coalition that liberated Kuwait www.thefreelibrary.com සංරක්ෂණය කළ පිටපත 30 අප්‍රේල් 2011 at the Wayback Machine
    8. ^ a b "Persian Gulf War". MSN Encarta. 1 November 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
    9. ^ 18 M1 Abrams, 11 M60, 2 AMX-30
    10. ^ CheckPoint, Ludovic Monnerat. "Guerre du Golfe: le dernier combat de la division Tawakalna".
    11. ^ Scales, Brig. Gen. Robert H.: Certain Victory. Brassey's, 1994, p. 279.
    12. ^ Halberstadt 1991. p. 35
    13. ^ Atkinson, Rick. Crusade, The untold story of the Persian Gulf War. Houghton Mifflin Company, 1993. pp. 332–3
    14. ^ Captain Todd A. Buchs, B. Co. Commander, Knights in the Desert. Publisher/Editor Unknown. p. 111.
    15. ^ Malory, Marcia. "Tanks During the First Gulf War – Tank History". 3 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 July 2016.
    16. ^ M60 vs T-62 Cold War Combatants 1956–92 by Lon Nordeen & David Isby
    17. ^ "TAB H – Friendly-fire Incidents". 1 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 July 2016.
    18. ^ NSIAD-92-94, "Operation Desert Storm: Early Performance Assessment of Bradley and Abrams". සංරක්ෂණය කළ පිටපත 21 පෙබරවාරි 2014 at the Wayback Machine US General Accounting Office, 10 January 1992. Quote: "According to information provided by the Army's Office of the Deputy Chief of Staff for Operations and Plans, 20 Bradleys were destroyed during the Gulf war. Another 12 Bradleys were damaged, but four of these were quickly repaired. Friendly fire accounted for 17 of the destroyed Bradleys and three of the damaged ones
    19. ^ Iraqi Invasion of Kuwait; 1990 (Air War) සංරක්ෂණය කළ පිටපත 6 ඔක්තෝබර් 2014 at the Wayback Machine. Acig.org. Retrieved on 12 June 2011
    20. ^ a b c d e Bourque (2001), p. 455.
    21. ^ "Appendix - Iraqi Death Toll | The Gulf War | FRONTLINE | PBS". www.pbs.org. සම්ප්‍රවේශය 2021-07-24.
    22. ^ Tucker-Jones, Anthony (31 May 2014). The Gulf War: Operation Desert Storm 1990–1991. Pen and Sword. ISBN 978-1-4738-3730-0. 5 December 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 April 2022.
    23. ^ "Human Rights Watch". 22 April 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 April 2022.
    24. ^ "The Use of Terror during Iraq's invasion of Kuwait". The Jewish Agency for Israel. 24 January 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 June 2010.
    25. ^ "Kuwait: missing people: a step in the right direction". Red Cross. 7 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 March 2014.
    26. ^ "The Wages of War: Iraqi Combatant and Noncombatant Fatalities in the 2003 Conflict". Project on Defense Alternatives. සම්ප්‍රවේශය 9 May 2009.
    උපුටාදැක්වීම් දෝෂය: <references> හි "VUA Citation" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

    භාහිර සබැඳි

    [සංස්කරණය]
    "https://si.wikipedia.org/w/index.php?title=ගල්ෆ්_යුද්ධය&oldid=708244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි