Jump to content

නිරවි යුද්ධය

විකිපීඩියා වෙතින්
සීතල යුද සමයේ උතුරු අර්ධගෝලයේ බෙදීම:   උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය   වෝර්සෝ ගිවිසුම් සංවිධානය (නැගෙනහිර යුරෝපා සමාජවාදී කඳවුර)

නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය (ඉංග්‍රීසි:  Cold War) යනු 1945 සිට 1991 දක්වා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, නේටෝ ව ඇතුළු අපරදිග ලෝකයේ රජ්‍යයන් හා සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර යුරෝපා සමාජවාදී (වෝර්සෝ ගිවිසුම් සංවිධානය) කඳවුර අතර පැවති බල අරගලයයි. මේ සදහා බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස දෙවන ලෝක යුද සමය තුල මිත්‍ර පාක්ෂික ජාතිකයෝ විසින් ඇතිකරගත් එකඟතා නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම සේ හඳුනාගත හැකිය. යුරෝපය තුල ආරම්භ වූ මෙම සීතල යුද්ධය පසුව ආසියාව, මැද පෙරදිග මෙන්ම ලතින් ඇමෙරිකාව දක්වා ද ව්‍යාප්ත විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු තුන්වන ලෝක යුද්ධයකට ආසන්නයට ලෝකය ගෙන ගිය අවස්ථාවක් ලෙස මෙම සීතල යුද්ධය නොහොත් තුෂ්ණි යුද්ධය හැඳින්විය හැකිය. සීතල යුද්ධයේ ප්‍රධාන පාර්ශ්ව දෙක වූ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියානු සමූහාණ්ඩුව සෘජුව එකිනෙකට විරුද්ධව යුද්ධ නොකෙරුවත් එක පාර්ශ්වයකට විරුද්ධව කරන සටනකදී හෝ යුද්ධයකදී අනෙකා එම සටනේදී අනෙක් පර්ශ්වයේ විරුද්ධ කරුවට යුදමය හා මුල්‍යමය සහය ලබා දීම ප්‍රසිද්ද රහසක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=නිරවි_යුද්ධය&oldid=799761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි