Jump to content

කොරියන් යුද්ධය

විකිපීඩියා වෙතින්
(කොරියානු යුද්ධය වෙතින් යළි-යොමු කරන ලදි)
කොරියානු අර්ධද්වීපය
කොරියන් යුද්ධය
සීතල යුද්ධය සහ කොරියානු ගැටුම හි කොටසකි

ඉහළ සිට දක්ෂිණාවර්තව:
  • එක්සත් ජනපද 1 වන නාවික අංශයේ පාබල හමුදාවේ තීරුවක් සහ සන්නාහයක් චොසින් ජලාශයෙන් බිඳී යාමේදී චීන සීමාව හරහා ගමන් කරයි
  • ඉන්චියොන් සටනේ ආරම්භක ස්ථානය වන ඉන්චියොන් වරායට එක්සත් ජාතීන්ගේ ගොඩබෑම
  • කොරියානු සරණාගතයින් US "M46 Patton" ටැංකියක් ඉදිරිපිට
  • පළමු ලුතිනන් බල්ඩොමෙරෝ ලෝපෙස්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද මැරීන් භටයින් ඉන්චියොන් වෙත ගොඩ බැස්සේය
  • "F-86 Sabre" ප්‍රහාරක ගුවන් යානය
දිනය
  • 1950 ජූන් 25 – 1953 ජූලි 27 (de facto)
    (වසර 3 ක්, එක් මාසයක් සහ දින 2 ක්)
  • 1950 ජූනි 25 – වර්තමානය (de jure)
    (වසර 73 ක්, මාස 11 ක්, සති 3 ක් සහ දින 4 ක්)
පිහිටුම
කොරියානු අර්ධද්වීපය, කහ මුහුද, ජපාන මුහුද, කොරියානු සමුද්‍ර සන්ධිය, චීන-උතුරු කොරියානු මායිම
ප්‍රතිඵලය

අවිනිශ්චිත, මිලිටරි ඇනහිටීම

  • උතුරු කොරියානු දකුණු කොරියාව ආක්‍රමණය පලවා හැර ඇත
  • එක්සත් ජනපදය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ උතුරු කොරියාව ආක්‍රමණය පලවා හැර ඇත
  • දකුණු කොරියාවේ චීන සහ උතුරු කොරියානු ආක්‍රමණය පලවා හැර ඇත
  • කොරියානු සටන් විරාම ගිවිසුම 1953 දී අත්සන් කරන ලදී
  • කොරියානු ගැටුම් තවදුරටත් තිබීම
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්

කොරියානු යුද මුක්ත කලාපයක් පිහිටුවන ලදී

  • උතුරු කොරියාව කේසොං නගරය අත්පත් කර ගනී, නමුත් සොක්චෝ නගරය ඇතුළුව 0.001506 km2 (1,506 m2) ශුද්ධ එකතුව දකුණු කොරියාවට අහිමි වේ.[14]
යුද්ධාවතීරයන්
 දකුණු කොරියාව  North Korea
ආඥාපතියන් සහ නායකයන්
  • එක්සත් ජාතීන් ට්‍රිග්වේ ලියේ
  • එක්සත් ජාතීන් ඩැග් හැමස්කොද්
  • එක්සත් ජනපද හැරී තෲමන්
  • එක්සත් ජනපද ඩ්වයිට් ඩී.
  • එක්සත් ජනපද ජෝර්ජ් මාර්ශල්
  • එක්සත් ජනපද ‍‍‍‍‍‍‍‍‍රොබර්ට් ලොවෙට්
  • එක්සත් ජනපද ඩග්ලස් මැක්-ආතර්
  • එක්සත් ජනපද මැතිව් රිජ්වේ
  • එක්සත් ජනපද මාර්ක් ක්ලාක්
  • එක්සත් රාජධානිය ක්ලෙමෙන්ට් ඇට්ලී
  • එක්සත් රාජධානිය වින්ස්ටන් චර්චිල්
  • චීනය මාවෝ සෙදොං
  • චීනය සාඕ සෙන්ලානි
  • චීනය පෙං ඩිහුවායි
  • චීනය චෙං ගෙං
  • චීනය ඩෙං හුවා
  • චීනය හොං සුවේහි
  • චීනය සොං ශිලුං
  • චීනය හං ස්‍යංචූ
  • සෝවියට් සංගමය ජොසප් ස්ටාලින්
  • සෝවියට් සංගමය පවෙල් සිගර්වේ
හමුදාමය ප්‍රබලතාවය

සැවොම එකට: 972,334

මුළු එකතුව:
එක්සත් ජනපද 1,780,000[23]
උච්ච ශක්තිය:

සැවොම එකට: 1,742,000

මුළු එකතුව:
චීනය 2,970,000[28]
සෝවියට් සංගමය 72,000[27]
අපාතිකයන් සහ හානි

මුළු මරණ සහ අතුරුදන් වීම්:මරණ 170,927 සහ 32,585 අතුරුදන්[lower-alpha 2]
තුවාල ලැබූවන්: 566,434

දත්ත

මුළු මරණ සහ අතුරුදන්: මරණ 398,000–926,000 සහ 145,000+ අතුරුදන්[lower-alpha 4]
මුළු තුවාල ලැබූවන්: 686,500ක්

දත්ත
  • සම්පූර්ණ සිවිල් මරණ: මිලියන 2–3 (ආසන්නව)[47][48]
  • දකුණු කොරියානුවන්:
    ජීවිත හානි 990,968ක්[20]
  • උතුරු කොරියානුවන්:
    ජීවිත හානි 1,550,000ක් (est.)[20]

1950 සිට 1953 අතර කාලයේ කොරියානු අර්ධද්වීපය තුල පවති යුදමය වාතාවර කොරියානු යුද්දය වේ.

1950 ජුනි 25 දින සෝවියට් යුධ ආධාර ලබන උතුරු කොරියාව සෝවියට් යුද ටැංකි සමගින් 38 සමාන්තර දේශ සිමාව ඔස්සේ දකුණු කොරියාවට ඇතුළු විය. දකුණු කොරියාව ඇමෙරිකානු ආධාර හා අනුබලය ලැබුවත් ඒවා සීමිත විය එයට හේතුව වූයේ ඇමෙරිකාව එවක ජපානය දියුණු කිරීමට වැඩි අවදානයක්‌ යොමු කර තිබීමයි. නොනවතින උතුරු කොරියානු ප්‍රහාර හමුවේ දකුණු කොරියානු හමුදාව පසුබැස ගියේය.මේ සමගම උ. කොරියානු හමුදාව දකුණු කොරියාවේ අගනගරය වූ soul නගරය අල්ලාගනිමින් දකුණු කොරියානු හමුදාව කොරියානු අර්ධද්වීපයේ කොනක පිහිටි නගරයක් වූ බුසාන් නගරයට කොටු කිරීමට උ. කොරියානු හමුදාව සමත් විය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති හැරී ටෘමන් විසින් ජපානයේ රදවා සිටි ඇමෙරිකානු භට පිරිස් දකුණු කොරියාවට එව්වත් එය ප්‍රමාණවත් නොවුනි එයට හේතුව වූයේ ඔහුන් සිටියේ සුළු ප්‍රමාණයක් පමණයි. මේ සමගම කොරියාවට විශාල හමුදාවක් යැවීමට එක්සත් ජාතීන්ගේ අවසරය හා සහය අවශ්‍ය වුණා. එක්සත් ජාතින්ට යොමුකල යෝජනාව සම්මත වූ අතර එක්සත් ජනපදය සමග එංගලන්තය. ඕස්ට්‍රේලියාව සමග තවත් රටවල් 15 එකතු විය.

හැඳින්වීම[සංස්කරණය]

කොරියාව දෙකට බෙදීමෙන් අනතුරුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර හටගත් ව්‍යාකූල දේශපාලන තත්වය වඩාත් ම ප්‍රකට වූ අවස්ථාවක් වූයේ කොරියන් යුද්ධය යි. මෙම අර්බුදයට සෝවියට් දේශය, චීනය සහ ඇමරිකාව ද සම්බන්ධ වීම හේතුවෙන් යුරෝපයේ හටගත් තුෂ්ණි යුදමය තත්වය ආසියාවට පැතිරුණු අවස්ථාවක් වශයෙන් ද කොරියන් යුද්ධය සැලකේ.


අර්බුදයේ පසුබිම[සංස්කරණය]

1910 දී ජපානය විසින් කොරියාව ඈඳා ගැනීමත් සමග කොරියානු ජාතිකවාදය ආරම්භ වේ. කොරියානු නිදහස් සටනේ නායකයෝ 1919 න් පසු ඇමරිකාව දෙසට යොමු වන්නට වූහ. නමුත්, කොරියානු අර්බුදය ඇමරිකාවට වැදගත් ගැටලුවක් බවට පත් වූයේ ජපානය විසින් පර්ල් වරායට පහර දීමෙන් අනතුරුව ය. 1943 දෙසැම්බර් මස ඇමරිකාව විසින් ඉදිරිපත් කළ කයිරෝ ප්‍රකාශනය මගින් කොරියාව නිදහස් රටක් විය යුතු බව අවධාරණය කෙරුණි. නමුත්, 1945 පෙබරවාරි මාසයේ දී රූස්වෙල්ට්, චර්චිල් සහ ස්ටාලින් ගේ සහභාගිත්වයෙන් පැවති යාල්ටා සමුළුවේ දී 38 වන සමාන්තරය ඔස්සේ කොරියාව දෙකට බෙදීමට තීරණය විය. ඒ අනුව, කොරියාවේ උතුරු කොටස සෝවියට් රුසියාව විසිනුත් එහි දකුණු කොටස ඇමරිකාව විසිනුත් පාලනය කිරීමට එකඟතාවක් ඇති විය. 1945 පෙබරවාරි මස පැවති මොස්කව් සමුළුවේ දී බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ සෝවියට් දේශය කොරියාව සඳහා සෝවියට් - ඇමරිකානු ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට තීරණය කළහ. දෙපාර්ශ්වය අතර වූ මතවාදීමය වෙනස්කම් මත මෙම කොමිසම අසාර්ථක වූ අතර 1947 සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාව කොරියානු ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන ගියේ ය.

ඒ අනුව, මහා මණ්ඩලය විසින් පිළිගත් යෝජනා සම්මතයක් වූයේ කොරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමක අධීක්‍ෂණය යටතේ ජාතික සභාවක් පිහිටුවීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු බව සහ අනතුරුව එහි පදිංචි වී සිටින සියලු ම සේනා වහා ඉවත් විය යුතු බවයි. නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම යෝජනාවන්ට සෝවියට් රුසියාවෙහි සහය නොලැබුණි. 1948 මැයි 10 වන දින දකුණු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසමේ නිරීක්‍ෂණය යටතේ මැතිවරණය පැවැත්වූ අතර එහිදී කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රථම ජනාධිපති වශයෙන් සින්ග්මන් රී තේරී පත් විය. ඉන් අනතුරුව, සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවෙන් තම හමුදා ඉවත් කර ගත්හ. නමුත්, 1948 සිට 1950 දක්වා ම උතුරු - දකුණු සබඳතා තව දුරටත් අයහපත් අතට හැරුණි. 1949 දී දකුණු කොරියාව දිගින් දිගටම දේශ සීමා පහරදීම් පිළිබඳ පැමිණිලි කරමින් ඇමරිකානු යුද ආධාර ඉල්ලා සිටියහ.


උතුරු කොරියානු ආක්‍රමණය[සංස්කරණය]

මෙවැනි පසුබිමක් තුළ 1950 ජුනි 25 වන දින උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට එරෙහිව සැලසුම් සහගත යුද්ධයක් දියත් කළහ. සෝවියට් රුසියාවෙහි නිෂ්පාදිත යුද ටැංකි සහිතව උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරය ඔස්සේ ගමන් කළහ. දින 4ක් තුළ දී ඔවුහු දකුණු කොරියානු අගනුවර වන සෝල් නගරය අල්ලා ගත්හ. ඇමරිකානු ජනාධිපති ටෲමන් ඒ වන විට ජපානයේ රඳවා සිටි භට පිරිස් දකුණු කොරියාවට එවන ලද නමුත් ඉන් ආක්‍රමණය මැඬලිය නොහැකි විය. අනතුරුව ජනාධිපතිවරයා දකුණු කොරියාවට සහය දීම සඳහා ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආක්‍රමණිකයන් පළවා හැරීමට ඇමරිකාව සමග තවත් ජාතීහු 15 ක් එකතු වූහ. මෙලෙස සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට නායකත්වය සැපයුවේ ඩග්ලස් මැක් ආතර් නම් ඇමරිකානු ජෙනරාල් වරයා ය. මේ වන විට ඇමරිකානු යුද, ගුවන් සහ නාවික බලකායන් දකුණු කොරියාවේ ස්ථානගතව සිටි අතර බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රටවලින් එක්සත් ජාතීන්ගේ හමුදාවන් පැමිණීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹුණි. මේ වන විට ඇමරිකානු සහ කොරියානු හමුදා දකුණු කොරියාවේ ඊසාන දිග පිහිටි පූසාන් නම් වරායේ කුඩා ප්‍රදේශයකට කොටු කරනු ලැබ සිටියහ. සැප්තැම්බර් 15 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා ඉන්චන් වෙත ගොඩ බසිමින් දකුණේ සිටි උතුරු කොරියානු හමුදාවන් විනාශ කළහ. සැප්තැම්බර් මස අවසානය වන විට උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඉහළට පළවා හැරීමට එක්සත් ජාතීන්ගේ හමුදාව සමත් විය.

මීළඟට ගැටළුව වූයේ උතුරු කොරියාව අල්ලා ගෙන මුළු රට ම එක්සත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා ද යන්නයි. ඒ අනුව, 1950 ඔක්තෝබර් 07 වන දා 38 වන සමාන්තරය ඉක්මවා ගොස් කොරියාව එකමුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය. නමුත්, මැක් ආතර්ගේ අදහස වූයේ කොරියාව එක්සත් කිරීමට අමතරව යාලු නදිය දක්වා හමුදා මෙහෙයවමින් චීනය දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ය. යාලු නදියේ සීමාව දක්වා හමුදා මෙහෙයවන නමුත් චීන හෝ සෝවියට් බලපෑමක් ඇති වුවහොත් වහා ම පසු බසින ලෙසට මැක් ආතර්ට උපදෙස් ලැබුණි. ඒ අනුව, ඔක්තෝබර් 19 වන දින එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානු අගනුවර වන පියොන්ජියැන්ග් අල්ලා ගත්හ. නමුත්, එම හමුදා චීන දේශ සීමාවේ පිහිටි යාලු නදිය වෙත ළඟා වීමත් සමග දෙපාර්ශ්වය අතර නව ගැටුමක් ඇති විය.

චීන හමුදාව 1950 නොවැම්බර් 26 වන දින මහා පරිමාණ ප්‍රහාරයක් මෙහෙයවූහ. දෙසැම්බර් මාසය වන විට උතුරු කොරියාව නිදහස් කර ගත් චීන හමුදාව සෝල් නගරය ද තමන් යටතට ගත්හ. එහෙත් 1951 ජනවාරි වන විට ඇමරිකානු හමුදාවන් විසින් චීන හමුදා මැඬලමින් ක්‍රමයෙන් උතුරු කොරියානු හමුදා 38 වන සමාන්තරයෙන් ඔබ්බට පළවා හරිනු ලැබ දේශ සීමාව අසල දකුණු කොරියානු තත්වය ස්ථාවර කර ගත්හ. මේ අතර තුර මහා මණ්ඩලය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සටන් විරාමයක් ඇති කිරීමටත්, ඔවු'නොවුන්ගේ හමුදා ආපසු කැඳවා ගැනීමටත් නිර්දේශ කළ ද එම යෝජනා චීනය ප්‍රතික්‍ෂේප කළේ ය. මේ තත්වය යටතේ 1951 පෙබරවාරි මස මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් මගින් චීනය "කොරියානු ආක්‍රමණිකයා" ලෙස හඳුන්වනු ලැබීය.

සටන් විරාම සාකච්ඡා[සංස්කරණය]

සටන් විරාමයක් සඳහා ඇමරිකානු සහ උතුරු කොරියානු නියෝජිතයන් අතර සාකච්ඡා 1951 ජුලි මස 10 වන දින ඇරඹුණ ද, එය අසාර්ථක වීම හේතුවෙන් ඔවුහු නැවත ඔක්තෝබර් 25 වන දින රැස් වූහ.මෙකී පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා තවත් වසර දෙකක කාලයක් දක්වා දික් ගැසුණි. යුද සිරකරුවන් හුවමාරු කිරීම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට නොහැකි වීම ඒ සඳහා විශේෂයෙන් හේතු විය. 1953 මාර්තු වන විට දෙපාර්ශ්වය අතර වරින් වර කෙරුණු සටන් නතර වූ හෙයින් ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර යුද විනිර්මුක්ත කලාපය ද හඳුනා ගනු ලැබූහ. යුද සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය 1952 වසර පුරා ම නොවිසඳුණු එකක් විය. යුද සිරකරුවන් තම තමන්ගේ රට වලට යැවිය යුතු බව කොම්යුනිස්ට්වාදී කණ්ඩායම කියා සිටි අතර ඔවුන්ට තමන් කැමති රටක් තෝරා ගැනීමට ඉඩ දිය යුතු බව එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ප්‍රකාශ කළහ. කෙසේ වුවත් 1953 ජනවාරි මාසය වන විට ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය බලයට ඒමෙන් සහ මාර්තු මාසයේ ස්ටාලින් මිය යාමෙන් කොරියන් යුද්ධය කෙළවර කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් සහිත පසුබිමක් සකස් විය. ඒ අනුව යුද සිරකරුවන් සම්බන්ධයෙන් ඒ තාක් නොවිසඳුණු මැදිහත් ජාතීන්ගේ අධීක්‍ෂණ සහ ඒකාබද්ධ යුද සබඳතා කොමිසමක් යටතේ යුද සිරකරුවන්ගේ තත්වය තීරණය කිරීමට දෙපාර්ශ්වය ම එකඟ වූහ. 1953 ජුලි 27 වන දින යුද සමාදාන ගිවිසුම අත්සන් කිරීම එහි ප්‍රතිඵලයක් විය.


කොරියාව එක්සත් කිරීමේ ප්‍රයත්න[සංස්කරණය]

කොරියාව පිළිබඳ දේශපාලන විසඳුමකට ඒමේ අරමුණෙන් යුතුව 1954 අප්‍රේල් මස රටවල් 19ක සහභාගිත්වයෙන් පැවති ජිනීවා සමුළුවේ දී එක්සත් කොරියාවක් බිහි කිරීම පිළිබඳ දෙපාර්ශ්වයන් දැඩි ස්ථාවරත්වයක් දැක්වූහ. බටහිර රටවල් දැරූ මතය වූයේ එක්සත් සහ නිදහස් කොරියාවක් බිහි කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ නිදහස් මැතිවරණයක් පවත්වා මුළු කොරියාවම නියෝජනය වන මණ්ඩලයක් තෝරා ගත යුතු බවයි. නමුත්, චීනය සහ උතුරු කොරියාව දැරූ මතය වූයේ එක්සත් කොරියාවක් බිහි කිරීමට ගත යුතු පළමු පියවර නම් සියලුම විදේශ හමුදා ආපසු කැඳවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ හමුදා කුමන අයුරකින් හෝ කොරියානු ප්‍රශ්නයට සම්බන්ධ නොවිය යුතු බවත්ය. මෙම දැඩි ස්ථාවරය නිසා ජුනි මාසය මැද වන විට ජිනීවා සාකච්ඡා කෙළවර වූයේ උතුරු සහ දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකක පැවැත්ම පිළිබඳ විසඳුම පිළිගැනීමට සිදු කරමිනි.


යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව[සංස්කරණය]

ඇමරිකානු ප්‍රහාරයක්
රට මිය ගිය සංඛ්‍යාව තුවාල ලැබූ සංඛ්‍යාව
දකුණු කොරියාව 227800 717100
එක්සත් ජනපදය 54229 103248
එක්සත් රාජධානිය 710 2278
තුර්කිය 717 2246
ඕස්ට්‍රේලියාව 291 1240
කැනඩාව 309 1055
ප්‍රංශය 288 818
තායිලන්තය 114 794
ග්‍රීසිය 169 543
ඕලන්දය 111 589
කොළොම්බියාව 140 452
ඉතියෝපියාව 120 536
පිලිපීනය 92 299
බෙල්ජියම 97 350
නවසීලන්තය 34 80
දකුණු අප්‍රිකාව 20
චීනය 132000 238400
උතුරු කොරියාව 215000 303000
සෝවියට් රුසියාව 315

පින්තූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • ජාත්‍යන්තර අර්බුද : මහාචාර්ය ‍ඩබ්ලිව්. එම්. කරුණාදාස

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Italian Red Cross Hospital". 2012-08-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-06-02.
  2. "6.25전쟁 당시 대한민국에 도움의 손길 내밀었던 이탈리아". Newsis. 2016-08-26. 12 April 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-04-04.
  3. "독일, 62년만에 6.25 전쟁 의료지원국에 포함…총 6개국으로 늘어". 해럴드 경제. 2018-06-22. සම්ප්‍රවේශය 2021-04-04.
  4. 임, 성호 (2020-06-19). "[6.25전쟁 70년] 이역만리 한국서 수백만명 살리고 의술 전파까지". Yeonhap News. සම්ප්‍රවේශය 2021-04-04.
  5. Young, Sam Ma (2010). "Israel's Role in the UN during the Korean War" (PDF). Israel Journal of Foreign Affairs. 4 (3): 81–89. doi:10.1080/23739770.2010.11446616. S2CID 219293462. 24 August 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. 6.0 6.1 6.2 Morris-Suzuki, Tessa (July 29, 2012). "Post-War Warriors: Japanese Combatants in the Korean War". The Asia-Pacific Journal: Japan Focus. 10 (31).
  7. Whan-woo, Yi (16 September 2019). "Pakistan's Defense Day rekindles Korean War relief aid". The Korea Times. 27 November 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 May 2020.
  8. "Uruguay's little-known but important role in the Korean War". Korea.net. 2022-02-10. සම්ප්‍රවේශය 2022-09-04.
  9. Edles, Laura Desfor (1998). Symbol and Ritual in the New Spain: the transition to democracy after Franco. Cambridge, UK: Cambridge University Press. p. 32. ISBN 978-0521628853.
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; rozhlas cz නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. 11.0 11.1 Edwards, Paul M. (2006). Korean War Almanac. Almanacs of American wars. New York: Infobase Publishing. p. 528. ISBN 978-0816074679. 4 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  12. Kocsis, Piroska (2005). "Magyar orvosok Koreában (1950–1957)" [Hungarian physicians in Korea (1950–1957)]. ArchivNet: XX. századi történeti források (හන්ගේරියානු බසින්). Budapest: Magyar Országos Levéltár. 10 May 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 November 2016.
  13. "Romania's "Fraternal Support" to North Korea during the Korean War, 1950–1953". Wilson Centre. December 2011. 21 February 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 January 2013.
  14. Birtle, Andrew J. (2000). The Korean War: Years of Stalemate. U.S. Army Center of Military History. p. 34. සම්ප්‍රවේශය 21 August 2021.
  15. Millett, Allan Reed, ed. (2001). The Korean War, Volume 3. Korea Institute of Military History. U of Nebraska Press. p. 692. ISBN 978-0803277960. සම්ප්‍රවේශය 16 February 2013. Total Strength 602,902 troops
  16. Kane, Tim (27 October 2004). "Global U.S. Troop Deployment, 1950–2003". Reports. The Heritage Foundation. 28 January 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 February 2013.
    Ashley Rowland (22 October 2008). "U.S. to keep troop levels the same in South Korea". Stars and Stripes. 12 May 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 February 2013.
    Colonel Tommy R. Mize, United States Army (12 March 2012). "U.S. Troops Stationed in South Korea, Anachronistic?" (PDF). United States Army War College. Defense Technical Information Center. 8 April 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 February 2013.
    Louis H. Zanardi; Barbara A. Schmitt; Peter Konjevich; M. Elizabeth Guran; Susan E. Cohen; Judith A. McCloskey (August 1991). "Military Presence: U.S. Personnel in the Pacific Theater" (PDF). Reports to Congressional Requesters. United States General Accounting Office. 15 June 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 February 2013.
  17. 17.00 17.01 17.02 17.03 17.04 17.05 17.06 17.07 17.08 17.09 USFK Public Affairs Office. "USFK United Nations Command". United States Forces Korea. United States Department of Defense. 11 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 July 2016. Republic of Korea – 590,911
    Colombia – 1,068
    United States – 302,483
    Belgium – 900
    United Kingdom – 14,198
    South Africa – 826
    Canada – 6,146
    Netherlands – 819
    Turkey – 5,453
    Luxembourg – 44
    Australia – 2,282
    Philippines – 1,496
    New Zealand – 1,385
    Thailand – 1,204[පැහැදීම ඇවැසිය]
    Ethiopia – 1,271
    Greece – 1,263
    France – 1,119
    {{cite web}}: line feed character in |quote= at position 473 (help)
  18. Rottman, Gordon L. (2002). Korean War Order of Battle: United States, United Nations, and Communist Ground, Naval, and Air Forces, 1950–1953. Greenwood Publishing Group. p. 126. ISBN 978-0275978358. සම්ප්‍රවේශය 16 February 2013. A peak strength of 14,198 British troops was reached in 1952, with over 40,000 total serving in Korea.
    "UK-Korea Relations". British Embassy Pyongyang. Foreign and Commonwealth Office. 9 February 2012. සම්ප්‍රවේශය 16 February 2013. When war came to Korea in June 1950, Britain was second only to the United States in the contribution it made to the UN effort in Korea. 87,000 British troops took part in the Korean conflict, and over 1,000 British servicemen lost their lives
    Jack D. Walker. "A Brief Account of the Korean War". Information. Korean War Veterans Association. සම්ප්‍රවේශය 17 February 2013. Other countries to furnish combat units, with their peak strength, were: Australia (2,282), Belgium/Luxembourg (944), Canada (6,146), Colombia (1,068), Ethiopia (1,271), France (1,119), Greece (1,263), Netherlands (819), New Zealand (1,389), Philippines (1,496), Republic of South Africa (826), Thailand (1,294), Turkey (5,455), and the United Kingdom (Great Britain 14,198).
  19. "Land of the Morning Calm: Canadians in Korea 1950–1953". Veterans Affairs Canada. Government of Canada. 7 January 2013. 23 March 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 February 2013. Peak Canadian Army strength in Korea was 8,123 all ranks.
  20. 20.00 20.01 20.02 20.03 20.04 20.05 20.06 20.07 20.08 20.09 20.10 20.11 20.12 20.13 20.14 20.15 20.16 20.17 20.18 20.19 20.20 20.21 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ROK Web නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  21. 21.0 21.1 21.2 Edwards, Paul M. (2006). Korean War Almanac. Almanacs of American wars. Infobase Publishing. p. 517. ISBN 978-0816074679. සම්ප්‍රවේශය 22 February 2013.
  22. Ramachandran, D. p (19 March 2017). "The doctor-heroes of war". The Hindu – via www.thehindu.com.
  23. Fact Sheet: America's Wars". U.S. Department of Veteran Affairs, Washington D.C., May 2017.
  24. Zhang 1995, p. 257.
  25. Xiaobing, Li (2009). A History of the Modern Chinese Army Lexington: University Press of Kentucky. p. 105: "By December 1952, the Chinese forces in Korea had reached a record high of 1.45 million men, including fifty-nine infantry divisions, ten artillery divisions, five antiaircraft divisions, and seven tank regiments. CPVF numbers remained stable until the armistice agreement was signed in July 1953."
  26. Shrader, Charles R. (1995). Communist Logistics in the Korean War. Issue 160 of Contributions in Military Studies. Greenwood Publishing Group. p. 90. ISBN 978-0313295096. සම්ප්‍රවේශය 17 February 2013. NKPA strength peaked in October 1952 at 266,600 men in eighteen divisions and six independent brigades.
  27. 27.0 27.1 Kolb, Richard K. (1999). "In Korea we whipped the Russian Air Force". VFW Magazine. 86 (11). සම්ප්‍රවේශය 17 February 2013. Soviet involvement in the Korean War was on a large scale. During the war, 72,000 Soviet troops (among them 5,000 pilots) served along the Yalu River in Manchuria. At least 12 air divisions rotated through. A peak strength of 26,000 men was reached in 1952.[permanent dead link]
  28. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; xu නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  29. 29.0 29.1 29.2 "U.S. Military Casualties – Korean War Casualty Summary". Defense Casualty Analysis System. United States Department of Defense. 29 April 2020. සම්ප්‍රවේශය 29 April 2020.
  30. "Defense POW/MIA Accounting Agency > Our Missing > Past Conflicts". www.dpaa.mil.
  31. "How Many Americans Died in Korea?". www.cbsnews.com.
  32. "Records of American Prisoners of War During the Korean War, created, 1950–1953, documenting the period 1950–1953". Access to Archival Databases. National Archives and Records Administration. 1 November 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 February 2013. This series has records for 4,714 U.S. military officers and soldiers who were prisoners of war (POWs) during the Korean War and therefore considered casualties.
  33. 33.0 33.1 Office of the Defence Attaché (30 September 2010). "Korean war". British Embassy Seoul. Foreign and Commonwealth Office. සම්ප්‍රවේශය 16 February 2013.
  34. "Korean War WebQuest". Veterans Affairs Canada. Government of Canada. 11 October 2011. 30 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013. In Brampton, Ontario, there is a 60-metre long "Memorial Wall" of polished granite, containing individual bronze plaques which commemorate the 516 Canadian soldiers who died during the Korean War.
    "Canada Remembers the Korean War". Veterans Affairs Canada. Government of Canada. 1 March 2013. 6 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 May 2013. The names of 516 Canadians who died in service during the conflict are inscribed in the Korean War Book of Remembrance located in the Peace Tower in Ottawa.
  35. Aiysha Abdullah; Kirk Fachnie (6 December 2010). "Korean War veterans talk of "forgotten war"". Canadian Army. Government of Canada. 23 May 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013. Canada lost 516 military personnel during the Korean War and 1,042 more were wounded.
    "Canadians in the Korean War". kvacanada.com. Korean Veterans Association of Canada Inc. 11 May 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 May 2013. Canada's casualties totalled 1,558 including 516 who died.
    "2013 declared year of Korean war veteran". MSN News. The Canadian Press. 8 January 2013. 2 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013. The 1,558 Canadian casualties in the three-year conflict included 516 people who died.
  36. Ted Barris (1 July 2003). "Canadians in Korea". legionmagazine.com. Royal Canadian Legion. 20 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 May 2013. Not one of the 33 Canadian PoWs imprisoned in North Korea signed the petitions.
  37. Australian War Memorial Korea MIA සංරක්ෂණය කළ පිටපත 28 මාර්තු 2012 at the Wayback Machine Retrieved 17 March 2012
  38. 38.0 38.1 Sandler, Stanley, ed. (2002). Ground Warfare: H–Q. Volume 2 of Ground Warfare: An International Encyclopedia. ABC-CLIO. p. 160. ISBN 978-1576073445. සම්ප්‍රවේශය 19 March 2013. Philippines: KIA 92; WIA 299; MIA/POW 97
    New Zealand: KIA 34; WIA 299; MIA/POW 1
  39. "Two War Reporters Killed". The Times. London. 14 August 1950. ISSN 0140-0460.
  40. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Rummel1997 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  41. "Korean War | Combatants, Summary, Years, Map, Casualties, & Facts". Encyclopedia Britannica.
  42. 42.0 42.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Hickey නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  43. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Li111 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  44. Xu, Yang (30 October 2014). "抗美援朝烈士新确认为197653人 副军长儿子到场" [Martyrs from the War to Resist America and Aid Korea are newly identified as 197,653, and the deputy commander's son is present]. People's Daily Online (Chinese (China) බසින්). Central Committee of the Chinese Communist Party. සම්ප්‍රවේශය 16 July 2021. 在安葬仪式上,记者获悉,现已确认的抗美援朝烈士共有197653名。确认的抗美援朝烈士名录包括抗美援朝战争期间牺牲和失踪的志愿军官兵、支前民兵民工、支前工作人员,以及停战后至志愿军回国前帮助朝鲜民主主义共和国生产建设牺牲和因伤复发牺牲的人员。 [At the burial ceremony, the reporter was informed that there are now 197,653 confirmed martyrs of the War to Resist America and Aid Korea. The list of confirmed martyrs includes the officers and soldiers of the volunteer army who died and went missing during the War to Resist America and Aid Korea, the militia and militia workers who supported the front, the staff who supported the front, as well as those who died after the armistice until the return of the volunteer army to help the Democratic People's Republic of Korea in production and construction and those who died due to recurrence of injuries.]
  45. "180,000 Chinese soldiers killed in Korean War, says Chinese general" සංරක්ෂණය කළ පිටපත 3 ජූනි 2013 at the Wayback Machine. China Daily, 28 June 2010. State Council Information Office, Chinese government, Beijing. "According to statistics compiled by the army's medical departments and hospitals, 114,084 servicemen were killed in military action or accidents, and 25,621 soldiers had gone missing. The other about 70,000 casualties died from wounds, illness and other causes, he said. To date, civil affairs departments have registered 183,108 war martyrs, Xu said."
  46. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Krivosheev1997 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  47. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Cumings p. 35 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  48. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Lewy pp. 450-453 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=කොරියන්_යුද්ධය&oldid=591817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි