අභ්‍යවකාශ පියසැරි

විකිපීඩියා වෙතින්
(අභ්‍යවකාශ ගමන් වෙතින් යළි-යොමු කරන ලදි)
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා කක්ෂගතව පවතී.
SpaceX's Crew Dragon capsule approaching the International Space Station in Earth orbit

අභ්‍යවකාශ පියසැරි, අභ්‍යවකාශ චාරිකා, අභ්‍යවකාශ ගමන් (ඉංග්‍රීසි:  Spaceflight, space flight) යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි.

අභ්‍යවකාශ පියසැරි, අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම අභ්‍යවකාශ විනෝද ගමන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට ද යොදා ගනී. අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට අභ්‍යවකාශ ගවේෂණය චන්ද්‍රිකා සෝදිසි කරබැලීම් සහ අනෙකුත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ද ඇතුළත් වේ.

අභ්‍යවකාශ ගමනක් රොකට් ගුවන්ගත කිරීමකින් ආරම්භ වේ. එමගින් අභ්‍යවකාශ යානයට පෘථිවි ගුරුත්වය අභිබවා අභ්‍යවකාශයට ප්‍රචාලනය වීමට අවශ්‍ය ආරම්භක තෙරපුම ලබාදේ. අභ්‍යවකාශ යානයක චලිතය ( ප්‍රචාලනය සිදු නොවන අවස්ථාවේදී සහ සිදුවන අවස්ථාවේදී ) ගැන අධ්‍යයනය කිරීම තාරකා ගති විද්‍යාව මගින් සිදු වේ. සමහර අභ්‍යවකාශ යානා දින වකවානු වලින් තොරව අභ්‍යවකාශයේ රැඳී පවතී. සමහරක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී කොටස්වලට කැඩී යයි. අනෙක්වා ග්‍රහලෝකයක් මතට හෝ චන්ද්‍රයෙක් මතට ගොඩබැස්සවීම හෝ ගැටීම සිදුවේ.

ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • Aerospace engineering at Wikiversity
  • Encyclopedia Astronautica
  • Basics of Spaceflight
  • Tedd E. Hankins; H. Paul Shuch (1987-03-04). "Reflections – manned vs. unmanned spaceflight" (PDF). සම්ප්‍රවේශය 2011-04-15.
"https://si.wikipedia.org/w/index.php?title=අභ්‍යවකාශ_පියසැරි&oldid=547758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි