Jump to content

අභ්‍යවකාශ තරඟය

විකිපීඩියා වෙතින්
tiny globe
1957 වසරේ ඔක්තෝබර් 04 වැනි දින ස්පුට්නික් (Sputnik) 1 ලොව ප්‍රථම කෘත්‍රීම යානය අභ්‍යවකාශ ගත කිරීම

අභ්‍යවකාශ තරඟය යනු අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති තරඟයයි. මෙය දළ වශයෙන් 1957 වර්ෂයේ පටන් 1975 වසර දක්වා ක්‍රියාත්මක විය. ප්‍රථම චන්ද්‍රිකා මඟින් අභ්‍යවකාශය ගවේෂණය, අභ්‍යවකාශය වෙත මිනිසුන් යැවීම සහ සඳ මතට මිනිසුන් යැවීම සඳහා වු උත්සාහයන් මෙයට අන්තර්ගත විය.

සෝවියට් සංගමය 1957 වසරේ ඔක්තෝබර් 04 වැනි දින ස්පුට්නික් 1 යානය අභ්‍යවකාශ ගත කිරීමත් සමග අභ්‍යවකාශ තරඟය ඇරඹුණු බව සැලකිය හැක. අභ්‍යවකාශ තරඟය යන යෙදුම අවිආයුධ තරඟය යන යෙදුම ඇසුරෙන් ඊට ප්‍රතිසමව නිර්මාණය කරගන්නා ලද්දකි. අභ්‍යවකාශ තරඟය සීතල යුධ සමය තුළ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති සංස්කෘතික, තාක්ෂණික සහ අදහස් මය ප්‍රතිවිරුද්ධ බවෙහි වැදගත් කොටසක් බවට පත්විය. මෙම ක්ෂේත්‍රය තුළ අභ්‍යවකාශ තාක්ෂණය අතිශය වැදගත් වීමට එහි හමුදාමය යෙදුම් සදහා පැවති විභවයත් සමාජීය වශයෙන් අභිමානය ඉහළ නැංවීමේ හැකියාවත් හේතු විය.

අභ්‍යවකාශ තරඟයේ කෘත්‍රීම චන්ද්‍රිකා

[සංස්කරණය]

1957 වසරේ ඔක්තෝබර් 4 වැනි දින අභ්‍යාවකාශ තරඟය ආරම්භ කරමින් සෝවියට් සංගමය විසින් ස්පුට්නික් 1 යානය සාර්ථකව ගුවන් ගත කළ අතර එය පෘථිවිය වටා කක්ෂ ගත වූ ප්‍රථම චන්ද්‍රිකාව බවට පත් විය. මෙම යානයත් සමඟ ඇති වූ යුදමය සහ ආර්ථිකමය වාතාවරණය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ බියක් හටගත් අතර දේශපාලනික මත ගැටුම් ද ආරම්භ විය. මේ හේතුවෙන් එවකට පාලනයේ යෙදුණු අයිසන් හවර් පාලන යාන්ත්‍රණයට නාසා ආයතනය ආරම්භ කිරීම ඇතුළු පියවර කිහිපයක් ක්‍රියාවේ යෙදවීමට මුල් විය. ඒත් සමඟම සෝවියට් සංගමය විසින් ස්පුට්නික් යානය ගුවන්ගත කිරීම සිය විද්‍යාත්මක සහ ඉංජිනේරුමය හැකියාවන්ගේ සලකුණක් ලෙස සලකන ලදී.

එවකට යුද්ධය නිසා දැඩි හානිවලට ලක්ව සිටි සෝවියට් සංගමය ස්පුට්නික් යානය ගුවන්ගත කිරීම සහ එතැන් සිට ආරම්භ කළ අභ්‍යාවකාශ ගවේෂණ වැඩසටහන හේතුවෙන් එහි ජනතාව ප්‍රමෝදයට පත්ව සිටියහ. තවද මෙම වැඩසටහන නව යුගයක තාක්ෂණික හැකියාවන් සෝවියට් සංගමයේ රටවැසියන්ට ඔප්පු කෙරෙන සාධකයක් වූ අතර එය ඉතා වැදගත් මෙන්ම ධෛර්ය නංවන ක්‍රියාවලියක් ද විය.

ස්පුට්නික් 1 යානය ගුවන්ගත කිරීමට පළමුව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ අදහස වූයේ සියළු තාක්ෂණික ක්ෂේත්‍ර තුළ එක්සත් ජනපදය ඉදිරියෙන්ම සිටින බවයි. ස්පුට්නික් වැඩසටහනට ප්‍රතිචාරයක් ලෙස පාසල් විෂය නිර්දේශය පවා වෙනස් කරමින් තාක්ෂණයෙහි පෙර ගමන්කරුවා වීමේ දැවැන්ත වැඩසටහනක් එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලදී. මින් වසරක් ගතවීමට ද ප්‍රථම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසින් ජාතික ආරක්ෂක අධ්‍යාපන පනත නීතිගත කළ අතර එය එක්සත් ජනපද ඉතිහාසය තුළ ඉදිරිපත් වූ ෆෙඩරල් අනුග්‍රහය සහිත වඩාත් විශාලතම අධ්‍යාපනික වැඩසටහන විය. මෙම පනත මඟින් විශාල පරාසයක ක්‍රියාවලීන් සමූහයක් සඳහා ඩොලර් බිලියන 1 කට වැඩි මුදලක් වෙන් කරන ලදී. මේ අතරට නව පාසල් ඉදි කිරීම, දක්ෂ සිසුන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ණය ආධාර ලබා දීම සහ අධි ශිෂ්‍යත්ව සැපයීම, ආරක්ෂක කර්මාන්ත තුළ පැවති මිනිස් බල හිඟය පියවීම සඳහා නව වෘත්තීය පුහුණ වැඩසටහන් ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් විශාල සංඛ්‍යාවක් අයත් විය. මෙම ප්‍රතිචාරය වර්තමානයේ දී ස්පුට්නික් අර්බුධය ලෙස හැඳින්වේ.

සෝවියට් සංගමයේ වැසියන් මෙන්ම එක්සත් ජනපදවාසීන් ද ගුවන් ගත කිරීම් සමූහය පිළිබඳ අවධානයෙන් සිටි අතර රොකට්වල අනුරූ තැනීම ප්‍රචලිත විනෝදාංශයක් බවට පත් විය.

tiny globe
නාසා ආයතනයේ පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කෙරුණු Explorer 1 යානයේ ආකෘතියක්

ස්පුට්නික් 1 යානය ගුවන් ගත කිරීමෙන් මාස 4 ක් ගෙවීමට ආසන්න වත්ම එක්සත් ජනපදය විසින් සිය ප්‍රථම චන්ද්‍රිකාව වූ Explorer 1 යානය ගුවන්ගත කරන ලදී. කෙසේ නමුත් මේ අතරතුර කේප් කැනවරල් හි දී අසාර්ථක ගුවන් ගත කිරීමේ උත්සාහයන් කිහිපයක් ද සිදු විය.

ආරම්භක චන්ද්‍රිකා පවා විද්‍යාත්මක අරමුණු සඳහා භාවිතා විය. ස්පුට්නික් යානය ඉහළ වායුගෝලයේ ඝනත්වය නිර්ණය කර ගැනීම සඳහා ආධාර විය. එසේම Explorer 1 යානයේ ගුවන්ගතකිරීම් දත්ත ජේම්ස් වෑන් ඇලන් හට වෑන් ඇලන් විකිරණශීලී පටිය සොයා ගැනීමට ආධාර විය.

චන්ද්‍රිකා සන්නිවේදනය

[සංස්කරණය]

පළමු ඇමරිකානු සන්නිවේදන චන්ද්‍රිකාව වූ Project SCORE යානය 1958 වසරේ දෙසැම්බර් 18 වැනි දින ගුවන්ගත කරන ලදී. එමඟින් ජනාධිපති ඩිවයිට් ඩී. අයිස්න්හවර්ගේ නත්තල් පණිවුඩයක් ලොව පුරා විකාශය කරන ලදී. චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණයට සම්බන්ධ අභ්‍යාවකාශ තරඟය හේතුවෙන් හටගත්, එසේත් නැතහොත් ඒ කාලය තුළ ළඟා කර ගන්නා ලද අනෙකුත් විශේ‍ෂිත ඉලක්කයන් පහත දැක්වේ.

  • 1962 – Telstar - ප්‍රථම සක්‍රීය සන්නිවේදන චන්ද්‍රිකාව වේ. (පර්යේෂණ මට්ටමේ සාගර හරහා සන්නිවේදක චන්ද්‍රිකාවක් ද විය.)
  • 1972 – Anik 1 - ප්‍රථම දේශීය සන්නිවේදන චන්ද්‍රිකාව (කැනඩාව)
  • 1974 – Westar - ප්‍රථම ඇමරිකා එක්සත් ජනපද දේශීය සන්නිවේදන චන්ද්‍රිකාව
  • 1976 – Marisat - ප්‍රථම ජංගම සන්නිවේදන චන්ද්‍රිකාව

එක්සත් ජනපදය විසින් ලොව ප්‍රථම භූ සමමුහුර්ත චන්ද්‍රිකාව වූ Syncom 2 යානය 1963 වසරේ ජුලි 26 වන දින අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම චන්ද්‍රිකාවෙහි සාර්ථකත්වය හේතුවෙන් තවදුරටත් චන්ද්‍රිකා ප්‍රතිග්‍රාහක තැටි චන්ද්‍රිකාවක ගමන්මගට අනුරූපව චලනය වීමේ අවශ්‍යතාවක් නොවීය. ඊට හේතුව වූයේ මෙම චන්ද්‍රිකා භූ ස්ථායී කක්ෂයක පිහිටීමයි. මෙතැන් පටන් සාමාන්‍ය ජනතාවට එක්වරක් සකස් කිරීමකින් අනතුරුව මෙම තාක්ෂණය ඔස්සේ රූපවාහිනී සඳහා චන්ද්‍රිකාවලින් විකාශය කෙරෙන සන්නිවේදන තොරතුරු භාවිතා කිරීමේ හැකියාව හිමි විය.

ජීවීන් අභ්‍යාවකාශගත කිරීම

[සංස්කරණය]

අභ්‍යාවකාශයේ සතුන්

[සංස්කරණය]
tiny globe
1959 නිකුත් කරන ලද ලයිකාගේ රුව ඇති රුමේනියානු මුද්දරයක්

1946 දී ඇමරිකානුවන් විසින් අත්පත් කර ගත් ජර්මානු V-2 රොකට්ටු මඟින් පලතුරු මැස්සන් මුදා හැරීම, විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා වාර්තා ගත සතුන් අභ්‍යාවකාශයට මුදා හැරීමේ ප්‍රථම අවස්ථාව විය.

නමුත් කක්ෂයකට යවන ලද ප්‍රථම සත්වයා වූයේ ලයිකා බැල්ලියයි. 1957 මේ සිදුවීමට දායක කරගන්නා ලද්දේ ස්පුට්නික් 2 අභ්‍යාවකාශ යානයයි. එම බැල්ලිය නැවතත් පෘථිවිය කරා ගෙන ඒමට කිසිදු අදහසක් හෝ ක්‍රමයක් නොතිබූ අතර එමනිසා අභ්‍යාවකාශයට ළඟා වීමෙන් පසුව දින කිහිපයකට පසුව ආතතියෙන්, අධික තාපයෙන් හා විජලනය නිසා ඇය මරණයට පත් විය. 1960 දී සෝවියට් අභ්‍යාවකාශ සුනඛයන් වන බෙල්කා හා ස්ට්‍රෙල්කා පෘථිවිය වටා කක්ෂගත වී නැවත සාර්ථකව පෘථිවිය කරා පැමිණියහ.

ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන මඟින් අප්‍රිකාවෙන් චිම්පන්සීන් ගෙනවිත් ප්‍රථමවරට මිනිසෙක් කක්ෂගත කිරීමට ප්‍රථම අවම තරමින් චිම්පන්සීන් දෙදෙනෙක් අභ්‍යාවකාශයට යවා අත්හදා බලා ඇත. 1968 දී සෝවියට් සංගමය විසින් සොන්ඩ් 5 යානය සමඟ ඉබ්බන් අභ්‍යවකාශයට යවන ලදී. සඳ වටා පියාසර කිරීමට වරම් ලත් ප්‍රථම සතුන් වූයේ ඔවුන්ය.

අභ්‍යවකාශ තරඟය 1960

[සංස්කරණය]

අභ්‍යවකාශයේ මිනිසුන්

[සංස්කරණය]
tiny globe
අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා යූරි ගගාරින් වේ.

සෝවියට් අජටාකාශගාමී යුරි ගගාරින් අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා බවට පත් වූයේ 1961 අප්‍රේල් 12 වන දා වොස්ටොක් 1 යානය මඟින් කක්ෂයට ඇතුළත් වීමත් සමඟය. මෙම දිනය වර්තමානයේ දී රුසියාව හා වෙනත් බොහොමයක් රටවල්වල නිවාඩු දිනයක් ලෙස සැලකේ. ඔහු මිනිත්තු 108ක් පුරාවට පෘථිවිය වටා කක්ෂගත වී සිටියේය.

දවස් 23 කට පසු ෆ්‍රීඩම් 7 ලෙස හැඳින්වූ උප කක්ෂීය මෙහෙයුමක දී ඇමරිකාව වෙනුවෙන් ඇලන් ෂෙපර්ඩ් අභ්‍යාවකාශයට ඇතුළු විය. 1962 පෙබරවාරි 20 වැනිදා කක්ෂ 3ක් සම්පූර්ණ කරමින් පෘථිවිය වටා කක්ෂගත වූ ප්‍රථම ඇමරිකානුවා වීමට ජෝන් ග්ලේන් සමත් විය. මේ සඳහා උපකාරී වූයේ ෆ්‍රෙන්ෂිප් 7 යානයයි.

පළමුවරට මිනිසුන් දෙදෙනෙකුගෙන් යුත් ගුවන් ගමන් ද මුලින්ම ඇරඹුණේ සෝවියට් සංගමයෙනි . ඒ 1962 අගොස්තු 11 - අගෝස්තු 15 යන කාලය අතරතුරය. සෝවියට් හි වැලන්ටිනා තෙරෙශ්කෝවා 1963 ජූනි 16 වැනිදා වොස්ටොක් 6 යානයේ නැගී අභ්‍යාවකාශයේ සංචාරය කරමින් අභ්‍යාවකාශයට යන ලද ප්‍රථම කාන්තාව බවට පත් වූවාය. කොරලව් විසින් වැඩි කාලාන්තරයකින් යුත් තවත් වොස්ටොක් මෙහෙයුම් සැලසුම් කරනු ලැබ තිබුණ ද ඇපලෝ වැඩසටහන ප්‍රකාශයට පත්වීමෙන් පසුව අගමැති කෘෂෙව්ට තවත් ප්‍රථම ස්ථාන අවශ්‍ය විය. දෙදෙනෙකුට වඩා වැඩි කාර්ය මණ්ඩලයකින් යුත් ප්‍රථම ගුවන් ගමන වූයේ සෝවියට් එකමුතුවෙහි වොස්ක්හොඩ් 1 යි. වොස්ටොක් යානාවල නවීකරණය කරන ලද අංගයක් වූ මෙය 1964 ඔක්තෝබර් 12 වැනිදා ෆියොක්ටිස්ටොව්, කොමරව් හා යෙගොරොව් රැගෙන අභ්‍යාවකාශගත විය. මෙය කාර්ය මණ්ඩලය අභ්‍යාවකාශ ඇඳුම් නොඇඳ සිටි ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වේ.

සෝවියට් සංගමය මඟින් 1965 මාර්තු 18 නිකුත් කරන ලද වෝස්ක්හොඩ් 2 හි ඇලෙක්සි ලියනෝෆ් ප්‍රථම අභ්‍යාවකාශ මත ඇවිදීම සිදු කරන ලදී. මෙම මෙහෙයුමේ අවසානයේ ව්‍යසනයක් වීමට ඉතා වැඩි ඉඩ ප්‍රස්ථාවක් පැවතුණි. දුර්වල රෙට්‍රො රොකට් දහනයක් නිසා යානය ඉලක්කයෙන් 1600km එපිටින් පතිත වූ අතර ලියනොෆ් හට කැප්සුලයට පැමිණීමට හැකි වූයේ යන්තමිනි. මෙම අවස්ථාව වන විට කෘෂෙව් තම තනතුරෙන් අස්වී තිබූ අතර නව සෝවියට් නායකත්වය දුර්වලතා සහිත චන්ද්‍ර ගොඩබෑම් උත්සාහයකට කැමැත්තක් දැක්වූයේ නැත.

අභ්‍යාවකාශ යානාවලින් ග්‍රහලෝකවල ඡායාරූප පෘථිවිය කරා සම්ප්‍රේෂණය

[සංස්කරණය]

1962 දෙසැම්බර් 14 වැනි දින අභ්‍යාවකාශ යානයක් සිකුරු ග්‍රහයා පසුකරමින් ගමන් ගත්තේය. මෙලෙස අභ්‍යාවකාශ යානයක් ග්‍රහලෝකයක් පසු කරමින් ගමන් ගත් ප්‍රථම අවස්ථාව මෙය විය.1960 දී සෝවියට් එකමුතුව මඟින් පළමුව අඟහරු හා සිකුරු කරා ග්‍රහලෝක ප්‍රෝබ යවන ලදී. සිකුරු ආසන්නයෙන් සාර්ථකව ගමන් ගත් ප්‍රථම අභ්‍යාවකාශ යානය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි මැරිනර් 2 අභ්‍යාවකාශ යානයයි. එය සිකුරුහි අති විශාල මතුපිට උෂ්ණත්වය හා වායු ඝනත්වය පිළිබඳ පුදුම සහගත දත්ත පෘථිවිය කරා එවන ලදී. කැමරා රැගෙන නොගිය නිසා එහි සොයා ගැනීම් අභ්‍යාවකාශ ප්‍රෝබවලින් ලබා දුන්, තාරකා විද්‍යාඥයන්ගේ පෘථිවියෙහි පිහිටුවා ඇති දුරදක්නවල ධාරිතාව අතිශයින් ඉක්මවූ පින්තූර තරම් මහජන අවධානයට ලක් නොවිණි.

1971 දී නිකුත් කරන ලද සෝවියට් එකමුතුවෙහි විනේරා 7 අභ්‍යාවකාශ යානය සිකුරු මත ගොඩ බෑ ප්‍රථම යානය බවට පත් විය. විනේරා 9 වෙනත් ග්‍රහලෝකයක මතුපිටෙහි ඡායාරූප පෘථිවියට එවූ ප්‍රථම අභ්‍යාවකාශ යානය බවට පත් විය. මෙමඟින් නිරූපණය වන්නේ දිගු විනේරා ශ්‍රේණියේ යානා 2ක් පමණි. වෙනත් විනේරා අභ්‍යාවකාශ යානා කිහිපයක් සිකුරු අසලින් ගමන් කිරීමේ මෙහෙයුම් සිදු කළ අතර සමහරක් ගොඩ බෑමට තැත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී. තවත් විනේරා ලෑන්ඩර 7ක් මින් පසුව ක්‍රියාත්මක විය.

1974 දී ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ මැරිනර් 10 අභ්‍යාවකාශ යානය බුධ කරා ගමන් කර වූ අතර එහි ගමන අතරතුර සිකුරු අසලින් පියාසර කරන ලදී. එය ඊළඟ වසර 34 පුරාම බුධ අසලින් පියාසර කළ ප්‍රථම හා එකම අභ්‍යාවකාශ යානය බවට පත් විය.

එක්සත් ජනපදය මඟින් 1965 දී නිකුත් කරන ලද මැරිනර් 4 අභ්‍යාවකාශ යානය අඟහරු අසලින් පියාඹා ගිය ප්‍රථම ප්‍රෝබය බවට පත් විය. එමඟින් සම්පූර්ණයෙන්ම අපේක්ෂා නොකළ ආකාරයේ ඡායාරූප සම්ප්‍රේෂණය කරන ලදී. අඟහරු මත පතිත වීම සඳහා වු ප්‍රථම අභ්‍යාවකාශ යානය, මාස් 3, සෝවියට් සංගමය මඟින් 1971 දී අභ්‍යාවකාශ ගත කරන ලද අතර එමගින් පෘථිවිය කරා ඡායාරූප නොඑවන ලදී. ප්‍රථමවරට එවැනි ඡායාරූප සම්ප්‍රේෂණය කරන ලද්දේ 1976 එක්සත් ජනපදයේ වයිකිං ලෑන්ඩර්ස් මඟිනි.

අභ්‍යාවකාශ ගතකිරීම් හා තටාකනය කිරීම් (Docking)

[සංස්කරණය]

1965 දෙසැම්බර් 15 වැනිදා ඇමරිකානු ජෙමිනි 7 හා ජෙමිනි 6 අභ්‍යාවකාශ ගමන් මඟින් මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානා 2 ක් අතර ප්‍රථම අභ්‍යාවකාශ සංකේත ස්ථාන (Rendezvous) මෙහෙයුම සම්පූර්ණ කරන ලදී. අභ්‍යාවකාශ යානා මීටරයක් පමණ ආසන්නය දක්වා පැමිණි අතර කක්ෂ කිහිපයක් යන තෙක් එකිනෙක සමඟ ස්ථාවරව තිබිණි.

එක්සත් ජනපද අභ්‍යාවකාශ යානාවක් වන ජෙමිනි 8,1966 මාර්තු 16 දින ප්‍රථම කක්ෂීය අභ්‍යාවකාශ තටාකනය කිරීම සිදු කරන ලදී. ප්‍රථම ස්වයංක්‍රීය අභ්‍යාවකාශ තටාකනය කිරීම 1967 ඔක්තෝබර් 30 වැනිදා සෝවියට් එකමුතුවෙහි කොස්මෝස් - 186 හා කොස්මෝස් - 188 (මිනිසුන් රහිත සෝයුස් අභ්‍යාවකාශ යානා 2 ක්) යානා එකිනෙක සම්බන්ධ කිරීමත් සමඟ සිදුවුණි.

1967 අප්‍රේල් 26 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේදී මෙම අභ්‍යවකාශගත කිරීම සිදුවිය. ස්කවුට් B, ප්‍රථම වතාවට මුහුදෙහි සිට අභ්‍යවකාශයට නිකුත් කළ යානය බවට ස්කවුට් පත් විය. ප්‍රථම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (සෝවියට් එකමුතුවෙහි සැල්යුට් 1) එහි ක්‍රියාවලි 1971 ජුනි 7 වැනි දින ආරම්භ කරන ලදී.

චන්ද්‍ර මෙහෙයුම්

[සංස්කරණය]

ඇ.එ.ජ සහ සෝවියට් සංගමය සාක්ෂාත් කරගත් ආකාශ පරීක්ෂණ, ඔවුන් ගෞරවනීය ජාතීන් බවට පත් කෙරුවද, ආකාශ තරගය ,පළමු මිනිසා සද මත ගොඩ බැසීම දක්වාම නොකඩවා පැවතුණි. මෙම ජයග්‍රහණයට පෙර මිනිසුන් රහිත යානා මගින් ලබාගත් ජායාරූප හරහා සද මත සුරක්ෂිතව ගොඩ බැසීමට ඇති හැකියාව තහවුරු කර ගන්නා ලදී.

සද මත ගොඩ බැසීම

[සංස්කරණය]
tiny globe
නීල් ආම්ස්ට්‍රොන්ග්, සඳ මත පා තැබු ප්‍රථම මිනිසා, 1969

සෝවියට් සංගමය සාර්ථක වීමෙන් පසු ඇ.එ.ජ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි හා උප ජනාධිපති ලින්ඩන්. බී.ජොන්සන්, මහජන අවධානය තමා වෙත යොමු කර ගත හැකි ව්‍යාපෘතියක් වෙත අවධානය යොමු කරන්නට විය. "ඇපලෝ" ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ අරමුණු බොහොමයක් සාක්ෂාත් කර ගැනීමට සමත් වූ අතර, වාමවාදී(සමාජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළ) සහ දක්ෂිණ වාදී(හමුදා ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළ) දේශපාලකයන්ගේ විවාදයන් පරාජය කිරීමටද හේතු විය.

ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රයෝජන

  • ඊළග මැතිවරණයේදී ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීමට හැකි වීම
  • 1960 මැතිවරණයේදී කෙනඩි ප්‍රකාශ කළ, ද්විත්ව ක්‍රියාකාරී තාක්ෂණයෙන් යුතු "මිසයිල හිඩැස පිරවීම".
  • නව තාක්ෂණික දියුණුව අත්කර ගැනීම

ආදිය වැදගත්ය.

නාසා ආයතනය සමග සාකච්ජාවකදී එහි අධ්‍යක්ෂ, ජේම්ස් වෙබ්, කෙනඩි දක්වන පරිදි,

"අපි කළ සියල්ලම සිදු කිරීමට වූයේ රුසියානුවන් විසින් පළමුව සඳුට පා තැබීම සීමාකිරීමටයි."

එසේ නැතිනම් අපට එතරම් මුදලක් වියදම් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. මන්ද යත් මම ආකාශ පරීක්ෂණ සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් දක්වන්නෙකු නොවන නිසාවෙනි. වැය කළ මුදල් සම්බන්ධයෙන් වන එකම සාධාරණීකරණය නම්, සෝවියට් සංගමයට මේ පිළිබඳව තිබූ ආධිපත්‍යට පහර දීමයි.

කෙනඩි සහ ජොන්සන් මහජන මතයේ ආන්දෝලනය කළමනාකරණය කරගැනීමට සමත් විය. 1965 දී ඇමෙරිකානුවන්ගෙන් 58% ඇපලෝ ව්‍යාපෘතියට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එය 1963 සිට බලන විට 33% ක ඉහළ යාමකි. 1963දී ජොන්සන් ඇ.එ.ජ ජනාධිපති වීමෙන් පසුවද මේ සදහා ඔහුගේ සහයෝගය ලබා දුණි.

අභ්‍යවකාශ තරඟයේ අවසානය

[සංස්කරණය]

ස්පුට්නික් 1 දියත් කිරීම අභ්‍යවකාශ තරගයේ ආරම්භය ලෙස පැහැදිලිව කිව හැකි නමුත් එහි අවසානය විවාදාත්මක වේ. 1960 ගණන්වලදී උණුසුම් ලෙස තරඟ වැදුණු අභ්‍යවකාශ තරඟය 1969 ඇපලෝ චන්ද්‍ර ගොඩ බෑම වන විටද අඛණ්ඩව පැවතුණි. මිනිසුන් 3 ක් සහිත ඇපලෝ 11 චන්ද්‍ර ගොඩබෑමත් සමඟ ඇමෙරිකානු අභ්‍යවකාශ විද්‍යාඥයන් නව අංශ දෙසට යොමු කරවන ලදී. දත්ත රැස්කිරීම සඳහා ස්කයිලැබ් තිබූ අතර අභ්‍යවකාශ ගමන්වලට හවුල් නොවූ අභ්‍යවකාශ යානා නැවත ගෙන ඒමට අභ්‍යවකාශ ෂටල සාදන ලදී. ප්‍රථම වරට අභ්‍යවකාශයට මිනිසකු යැවීම තුළින් ඔවුන් විසින් මෙම තරගය ජයගත් බවට රුසියානුවන් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් ඇමෙරිකානුවන් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රථමවරට සඳ මතට මිනිසකු ගොඩ බැස්සවීමට සමත් වූයේ ඔවුන් නිසා මෙම තරගය ජයගත්තේ ඔවුන් බවයි. සීතල යුද්ධයේ දී මෙන් ඕනෑම අවස්ථාවකදී අනෙකුත් ජාතීන් ඔවුන්ගේම අභ්‍යවකාශ වැඩසටහන් දියුණු කිරීමත් සමග බලවන්තයන් දෙදෙනා අතර පවතින තරගය ක්‍රමයෙන් හීන වී යයි.

ජාතීන් දෙකම මිනිසුන් සහිත යුධමය අභ්‍යවකාශ වැඩසටහන් දියුණුකර ඇත. එක්සත් ජනපද ගුවන් හමුදාව සතු චන්ද්‍රිකා විනාශකිරීම සඳහා භාවිත කිරීමට ඩයිනා සෝ අධි ධ්වනික සැහැල්ලු ගුවන් යානා නිකුත් කිරීම සඳහා ඒවායේ ටයිටන් මිසයිල භාවිතා කිරීමට යෝජනා කර ඇත. මිනිසුන් සහිත කක්ෂ ගත කර ඇති විද්‍යාගාරයක් සඳහා වු සැලසුම (ජෙමිනි වැඩ සටහන මත පදනම් වූ උපකරණ යොදා ගෙන බේරා ගැනීම් මෙහෙයුම් සිදුකිරීම සඳහා) ඩයිනෝ අවලංගු කළ නමුත් පසුව එයද අවලංගු විය. සෝවියට් රුසියාවද ඒහා සමානව මිනිසුන් සහිත යුධමය අභ්‍යවකාශ ස්ථානයක් සඳහා වූ ඇල්මස් වැඩසටහන ඉදිරිපත් කළ අතර එය සැලියුට් වැඩ සටහන සමග කරලියට පැමිණියේය.

ඇපලෝ සඳ මත ගොඩබෑමෙන් පසු අභ්‍යවකාශ තරග මන්දගාමී වූ අතර එය බොහෝමයක් නිරීක්ෂකයන් විසින් එහි උච්ච ස්ථානය හෝ අවසානය ලෙස හඳුන්වයි. අභ්‍යවකාශ ඉතිහාසඥයන් වන කැරෝලිස්කොට් හා රෝමේනියම් විසින් Dr. ෆෝරින් ෆෝග්ගේ සීතල යුධ ව්‍යාපෘති 1975 ඇපලෝ සොයුෆ් ඒකාබද්ධ මෙහෙයුම සමග සිදුවූ බව විශ්වාස කරයි . සෝවියට් අභ්‍යවකාශ යානයක් වූ සොයුස් 19 ඇමරිකාවෙහි ඇපලෝ සමග අභ්‍යවකාශයේදී සම්බන්ධ වූ අතර එයින් එකිනෙකට විරුද්ධ ජාතීන්ට එකිනෙකාගේ යානාවලට ගමන් කිරීමට ඉඩ සැලැස්වූ අතර සංයුක්ත පරීක්ෂණවලට සහභාගි වීමටද ඉඩ සලස්වන ලදී. එක් එක් රටෙහි අභ්‍යවකාශය පිළිබඳව උනන්දුව එලෙසම පැවතියත් ඔවුන් විශාල වශයෙන් වෙනස් දිශා ඔස්සේ තම කටයුතු සිදු කරන ලදී. ඒ සමගම ඇපලෝ සොයුස්ගෙන් පසු ජාතීන් දෙක අතර වූ තරගය තරඟකාරි බව අඩුවිය.

කෙසේ නමුත් රුසියානු නායකත්වය අභ්‍යවකාශ ෂටල වැඩසටහන්වලට එක්සත් ජනපද ගුවන් හමුදාවේ මැදිහත් වීම පිළිබඳව අවධානය යොමු කළ අතර ඒ නිසා බුරන් හා එනර්ජියා ව්‍යාපෘති දියත් කරන ලදී. 1980 මුල් භාගයේදී එක්සත් ජනපද යුද්ධෝපාය පිළිබඳව වූ ආරක්ෂා වීමේ මුල්පිරීම ප්‍රකාශයට පත් කිරීම මඟින් තවදුරටත් තරගය වැඩි කළ අතර 1980 බටහිර කොටසේ බිඳ වැටීමත් සමග එම ප්‍රශ්නය නිරාකරණය විණි.

සංවිධානය, අරමුදල් සහ ආර්ථික බලපෑම

[සංස්කරණය]
tiny globe
අභ්‍යාවකාශ තරඟයන්හි අවසානය Apollo-Soyuz පර්යේෂණ ව්‍යාපෘති(1975) ලාංජනය

අභ්‍යාවකාශ ගවේෂණයට අවශ්‍ය අති විශාල පිරිවැය හේතුවෙන් ජාතික අභ්‍යාවකාශ ඒජන්සි බිහිවුනි. මෙහි විද්‍යාත්මක හා කාර්මික අවශ්‍යතා අරමුණු කරගත් වැඩසටහන් සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය ක්‍රියාත්මක වුහ.

1958 ජුලි 29 දින ජනාධිපති අයිසන් හොවර් විසින් ජාතික ගගනගාමී හා අභ්‍යාවකාශ පනතට අත්සන් තැබූ අතර ජාතික අභ්‍යාවකාශ යාත්‍රා විද්‍යා සහ අභ්‍යාවකාශ පරිපාලනය (National Astronautics and space Act/NASA) පිහිටුවනු ලැබීය. 1958 ඔක්තෝබර් පළවෙනිදා අරඹන ලද නාසා ආයතනය සතුව විද්‍යාගාර 4 ක් ද වයස අවුරුදු 46 ක් වයසැති රජයේ ආකාශ යාත්‍රා විද්‍යා ඒජන්සියේ (NACA) සේවකයින් 8000 ක් ද සිටියහ. ඇමරිකානු ඩොලර් මිලියන5 ක මුළු අයවැයට ක්‍රියාත්මක වූ (NACA) ඒජන්සිය වසරක‍ට ඩොලර් මිලියන 5 ක අයවැයක් සහිත NASA ආයතනය බවට හැරිණි. ඇප‍ලෝ යානාව චන්ද්‍රයා මතට ගොඩබැස්වීම NASA ආයතනයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වූ අතර ඒ සඳහා ‍ඩොලර් බිලියන 20 – 25 ක් පමණ වැය වුනි.

විශ්වාසදායී සංඛ්‍යාලේඛනවල හිඟකම නිසා ඇමරිකානු සහ සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වියදම සංසන්දනය කිරිමට අපහසු ය. 1989 වසරේ දී සෝවියට් දේශය විසින් රූබල් මිලියන 6.9 ක් අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වැය කල බව එරටින් වාර්තා විය.

සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වෑයම සඳහා රට අභ්‍යන්තරයේ ඇතිවුනු විරුද්ධවාදීකම් බලපාන්නට විය. NASA වැනි සංවිධානයක් එවකට සෝවියට් දේශයේ බිහිවී තිබුනේ නැත. විද්‍යාව සමඟ දේශපාලනය ඕනෑවට වඩා සම්බන්ධ වීම නිසාත් එකිනෙකාගේ පෞද්ගලික මතිමතාන්තර නිසාත් සෝවිය‍ට් දේශයේ අභ්‍යාවකාශ දියුණුව කඩාකප්පල් වුනි. 1964 දී අභ්‍යාවකාශ යානා නිර්මාණය කිරිමේ වැඩසටහන් 30 ක් විවිධ නිර්මාණකරුවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණි. කෙසේ නමුත් ඇමරිකාව සමඟ කරට කර සටනක් ගෙනයාටම සෝවියට් දේශයට නැවතත් අවස්ථාවක් ලැබුනු අතර 1974 දී එනර්ජියා නමැති ව්‍යාපෘතිය මඟින් ඇමරිකානු අභ්‍යාවකාශ ෂටලය වැනිම ෂටලයක් (බියුරාන් ෂටලය) නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වුනි.

සෝවියට් දේශය ක්‍රියාත්මක වුයේ ආර්ථික අවාසියක් ද ඇතිවය. ඇමරිකානු ආර්ථිකය ලොව පළමු තැන ගත් අතර සෝවියට් ආර්ථිකයට හිමිවුයේ දෙවෙනි ස්ථානයයි. අභ්‍යාවකාශ තරඟය සඳහා වැය වුනු විශාල ආර්ථික පිරිවැයද 1970 අගභාගය සහ 1980 අතර ඇති වූ ‍සෝවියට් ආර්ථිකයේ බිඳ වැටීමට දායක වූ බවත්, ආර්ථිකය බිඳ වැටීම සෝවියට් සංගමය කඩාවැටීමටත් එක් හේතුවක් බවත් ඇතැම් නිරීක්ෂකයින් විසින් පෙන්වා දෙන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=අභ්‍යවකාශ_තරඟය&oldid=490973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි