ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1
මාකේ මාකේ (සංකේතය: ) වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි. (තව දුරටත්...) -
Image 2
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 3
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 4
-
Image 5
ගැනිමේඩ්, බ්‍රහස්පතිගේ ස්වාභාවික උපග්‍රහයෙකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලම ස්වාභාවික උපග්‍රහයා ද වේ. එයට කක්ෂයේ එක් වටයක් යාමට දින හතකට (7) වඩා ස්වල්ප කාලයක් ගතවේ. එය බ්‍රහස්පති ග්‍රහයාගේ සිට හත් වන උපග්‍රහයා මෙන්ම ගැලීලියානු උපග්‍රහයා ද වේ. ගැනිමේඩ්, යුරෝපා හා අයෝ යන චන්ද්‍රයින් සමඟ පිළිවෙලින් 1:2:4 කක්ෂීය අනුනාදය දරයි. එය විෂ්කම්භයෙන් බුධ ග්‍රහයාට වඩා විශාල වුව ද එහි ස්කන්ධය බුධ ග්‍රහයාගෙන් අඩක් පමණ වේ.
ගැනිමේඩ් ග්‍රහයා මූලිකව සකස් වී ඇත්තේ සිලිකේට පාෂාණවලින් හා ජලීය අයිස් වලිනි. එහි අභ්‍යන්තරය යකඩවලින් යුත් ද්වී හරයකින් යුක්තය.එසේම එහි අයිස් ස්ථරවලට මැදිව 200km පමණ පහළින් ලවණ ජලයෙන් යුත් මුහුදක් ඇති බවට ද විශ්වාස කෙරේ. එහි පෘෂ්ඨය ප්‍රධාන භූ ලක්ෂණ දෙකකින් යුක්ත වේ. එහි අඳුරු කොටස වසර බිලියන 4කට වඩා පැරණි යමහල් විවරවලින් සමන්විතය. එය ග්‍රහලෝකයෙන් තුනෙන් පංගුවක් ආවරණය කරයි. එහි ආලෝකමත් කලාපය එතරම් පැරණි නැත. කැපුම් හා ගැටි වලින් වලින් යුක්ත එය ග්‍රහලොවේ ඉතිරිය ආවරණය කරයි. එයට භූ විද්‍යාත්මක හේතුව එතරම් හොදින් නොදන්නා නමුත් එය උදම් උෂ්ණත්වය නිසා ඇති වූ චලන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විය හැක. (තව දුරටත්...) -
Image 6
-
Image 7“වාමන ග්‍රහලෝකයක්” යනු ග්‍රහලෝක-ස්කන්ධීය වස්තුවක් වන අතර එය එහි අභ්‍යවකාශ කලාපයේ ආධිපත්‍යය නොපෙන්වයි (සත්‍ය හෝ සම්භාව්‍ය ග්‍රහලෝකයක් මෙන්) එය චන්ද්‍රයෙක් ද නොවන්නේ ය. එනම්, එය සූර්යයාගේ ඍජු කක්ෂයේ පිහිටා ඇති අතර එය ඝනමය වීමට තරම් විශාල ය. එහි ගුරුත්වාකර්ෂණය නිසා එය ජල ස්ථිතික සමතුලිත හැඩයක් (සාමාන්‍යයෙන් ගෝලාකාර) පවත්වා ගෙන යාමට සමත්වූ නමුත් එහි කක්ෂය වටා ඇති “අසල්වැසි ආකාශවස්තූන්” ඉවත් කරලීමට තරම් හැකියාවක් නැත. . මූලාකෘති වාමන ග්‍රහලෝකය ලෙස ප්ලූටෝ දැක්විය හැකි ය.
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වාමන ග්‍රහලෝක ගණන නොදන්නා බැවින් විභව ග්‍රහ වස්තුවක් වාමන ග්‍රහලෝකයක්ද යන්න තීරණය කිරීම සඳහා සමීප නිරීක්ෂණයක් අවශ්‍ය වේ. එම ආකාශවස්තු අතර දුසිම් භාගයකම පමණ විශාල අපේක්ෂකයින්ට අවම වශයෙන් එක් සඳක්වත් ඇති අතර එමඟින් ඔවුන්ගේ ස්කන්ධය තීරණය කිරීමට ඉඩ ලබා දේ. ග්‍රහලෝක භූ විද්‍යාඥයින්ට වාමන ග්‍රහලෝක කෙරෙහි ඇති උනන්දුව නම්, මෙම වාමන ග්‍රහලෝක, අවකලනය හා සමහර විට භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී වස්තූන් වන බැවින් සහ ඒවා ග්‍රහලෝක සතු භූ විද්යාවත්මක අංග ප්‍රදර්ශනය කිරීමට ඉඩ ඇති නිසාවෙනි. උදාහරණ ලෙස 2015 නිව් හොරයිසන්ස් මෙහෙයුම මගින් ප්ලූටෝවල (New Horizons mission to Pluto) සහ ඩෝන් මෙහෙයුම මඟින් සෙරස්(වාමන ග්‍රහලෝකය)වල (Dawn mission to Ceres.) කරන ලද මෙහෙයුම් දැක්විය හැක.
වාමන ග්‍රහලෝකය යන යෙදුම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, ස්කන්ධ, වස්තු ත්‍රිත්ව වර්ගීකරණය, කිරීමේ කොටසක් බව ග්‍රහලෝක විද්‍යාඥ “ඇලන් ස්ටර්න්”( Alan Stern) පවසන ලදි. ඔහු පවසන පරිදි සම්භාව්‍ය ග්‍රහලෝක (විශාල ග්‍රහ ලෝක අට), වාමන ග්‍රහලෝක සහ චන්ද්‍රිකා ග්‍රහලෝක එම වර්ගීකරණ ත්‍රිත්වයයි. වාමන ග්‍රහලෝක මුලින් නිර්වචනය කරන ලද්දේ නමට අනුව ය. කෙසේ වෙතත්, 2006 දී “වාමන ග්‍රහලෝක” යන යෙදුම ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) විසින් උප-ග්‍රහලෝක වස්තු කාණ්ඩයක් ලෙස සම්මත කරන ලදී. වමන ග්‍රහලෝක සූර්යයා වටා කක්ෂගත වන ග්‍රහවස්තුවක් මෙන්ම ත්‍රිත්ව වර්ගීකරණය කිරීමේ කොටසක් බව ද, ඉතා දුරින් පිහිටි “එරිස්” ග්‍රහවස්තුව සොයා ගැනීමෙන් වඩාත් සනාථ විය. නමුත් මෙහිදී එරිස් ට වඩා, ප්ලූටෝ විශාල වන නමුත් සම්භාව්‍ය ග්‍රහලෝකවලට වඩා ඉතා කුඩා වන අතර නෙප්චූන් වලට වඩා සූර්යයාගෙන් ඈත්වී ඇති අතර, ප්ලූටෝගේ ලක්ෂණවලට වඩා ප්‍රතිවිරුද්ධ වෙනත් ග්‍රහවස්තූන් ගණනාවක්ම සොයා ගැනීමෙන් පසුව ප්ලූටෝ යනු ග්රහලොවක් ද නැද්ද යන්න නැවත සලකා බැලීමට බල කෙරුණි. මේ අනුව “ස්ටර්න්”(Stern) සහ තවත් බොහෝ ග්‍රහලෝක භූ විද්‍යාඥයින් වාමන ග්‍රහලෝක සම්භාව්‍ය ග්‍රහලෝක වලින් වෙන්කර හඳුනාගත් නමුත් 2006 සිට IAU සහ තාරකා විද්‍යාඥයින්ගෙන් බහුතරයක් එරිස් සහ ප්ලූටෝ වැනි ග්‍රහවස්තු ග්‍රහලෝක ලැයිස්තුවෙන් බැහැර කර ඇත. ග්‍රහලෝකයක් යනු කුමක්ද යන්න පිළිබඳ මෙම නැවත අර්ථ දැක්වීම (ග්‍රහලෝක නිර්වචනය) ප්‍රශංසාවට හා විවේචනයට ලක්ව ඇත. . (තව දුරටත්...) -
Image 8
-
Image 9
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව