Jump to content

ක්ෂීර පථය

විකිපීඩියා වෙතින්

ක්‍ෂීරපථය යනු අප සූර්යග්‍රහ මණ්ඩලය අඩංගු මන්දාකිණිය හෙවත් චක්‍රාවාටයයි;මෙම නම සෑදී ඇත්තේ එය අඳුරු, අවිනිශ්චිත, කිරි වැනි දිලිසෙන පටියක් ආකාරයට රාත්‍රී අහසේ වක්‍රව දිස් වන නිසා ය. 'Milky Way' යන පදය ලතින් බසින් 'milky road' (ක්ෂීර මාවත) යන තේරුමැති Via Lactea යන වචනයෙන් සෑදී ඇති අතර එම වචනයට ග්‍රීක බසින් 'milky circle'(ක්ෂීර මණ්ඩලය) තේරුමැති "kyklos galaktikos " යන්න මුල් වී ඇත. 'Milk' (කිරි, ක්ෂීර) යන වචනය, ග්‍රීක බසෙහි 'galaxy' (චක්‍රාවාට), γαλαξίας ("galaxias") යන වචනය සෑදීමට මූලික වී ඇත.

මෙම චක්‍රාවාටය මෙයාකාරයෙන් දිස් වන්නේ, මන්දාකිණි තලය තුල, මන්දාකිණි කේන්ද්‍රයේ සිට 2/3 ක් ඈතින්, "Orion–Cygnus Arm" හි අභ්‍යන්තර මායිමෙහි, චක්‍රාවාටයෙන් වැඩි ප්‍රමාණයක් කෙලවරින් පෙනෙන පරිදි, පෘථිවියෙහි ස්ථාන ගත වීම නිසා යි. මෙම දුර්වල අලෝක පටිය තරු වලින් නිමැ වී ඇති ය, යන සංකල්පය, 1610 දී ගැලීලියෝ ගැලිලි (Galileo Galilei) ඔහුගේ දුරේක්ෂය භාවිතා කරමින් වෙන වෙන ම තාරුකා වෙන් කර ගැනීමේ දී තහවුරු වුණි. 1920 දශකයේ සිදුකළ නිරීක්ෂණයන්හි දී තාරකා විද්‍යාඥ එඩ්වින් හබ්ල් (Edwin Hubble) පෙන්වා දුන්නේ, ක්ශීරපථය, නිරීක්ෂණය කළ හැකි විශ්වයේ ඇති බිලියන 200ක් පමණ වූ මන්දාකිණි වලින් තවත් එක මන්දාකිණියක් පමනක් බව ය.

ක්ශීරපථය, විශ්කම්භය ආලෝක වර්ෂ 100,000 - 200,000 ක් වූ, තරු බිලියන 200 - 600 ක් අඩංගු තීරු ආකාර සර්පිලාකාර චක්‍රාවාටයකි. නිමානයන්ට අනුව ක්ෂීරපථය ග්‍රහලෝක බිලියන 50 කින් පමණ සමන්විත අතර ඉන් මිලියන 500ක් පමණ පවතින්නේ එහි සූර්යයාගේ සිට වාසයට සුදුසු කලාපයකයි. ක්ෂීරපථයෙහි ව්‍යූහයට අනුව සමස්ත චක්‍රාවාටයට එක් භ්‍රමණයක් (එක් වටයක් කැරකවීම) සඳහා වර්ෂ මිලියන 15 - 50 ක පමණ කාලයක් ගත වේ. මන්දාකිණිය තත්පරයට කිලෝමීටර 552 - 630 ක වේගයකින් ගමන් චලනය වන මුත් එය සබැඳි රාමුව මත රඳා පවතී. ක්ෂීරපථය අවුරුදු බිලියන 13.2ක් පමණ වයස බව, එනම් ආසන්න වශයෙන් විශ්වය තරම් ම පරණ බව නිමානය කර ඇත.

දර්ශනය වන අයුරු

[සංස්කරණය]

රාත්‍රී අහසේ දැකිය හැකි සියළු ම තාරකා ක්ෂීරපථය චක්‍රාවාටයේ කොටසක් වුව ද, තාරකා විද්‍යාත්මක ක්‍රියාකාරකමක් වන අභ්‍යවකාශ ගෝලය නිරීක්ෂණයේ දී ක්ෂීරපථය, රාත්‍රී අහස පුරා දිස්වන දුන්නක ආකාරයෙන් යුතු, සියුම් මීදුමැති, කිරි පැහැ ආලෝක පටියට පමණක් සීමා වේ. මෙම ආලෝකය හට ගන්නේ, තාරකා මණ්ඩල තලයෙහි පිහිටි අනිශ්චිත තාරකා හා අනෙකුත් ද්‍රව්‍යන්ගෙනි. Great Rift සහ Coalsack වැනි අඳුරු කලාප සම වන්නේ, ඈත තාරකා වලින් එන ආලෝකය අඳුරු/ කළු නිහාරිකා වලින් අවහිර කිරීමෙන් ඇතිවන අවකාශයන්ට ය. ක්ෂීරපථයේ මතුපිට දීප්තිය +4.5 සිට +5 ක පමණ පැහැදිලිව පෙනෙන විශාලත්වයක තිබෙන අතර, සාපේක්ෂව එම දීප්තිය අඩු ලෙස සැලකේ. ක්ෂීරපථයේ දර්ශනය වීමට, ආලෝක අපවිත්‍රකරණය, සඳෙන් පැමිනෙන ආලෝකය ආදිය නිසා ඇතිවන රාත්‍රී අහසේ දීප්තිමත් බව අතිශයින් බලපායි. +5.1 හෝ ඊට වැඩි සීමාකාරී විශාලත්වයන්හි දී ක්ෂිරපථය දෘෂ්‍යමාන වන අතර +6.1 ට වැඩි විට බොහෝ විස්තරාත්මකව දිස් වේ. නාගරික හා නගරාසන්න ප්‍රදේශයන් හි ආලෝක දූෂණය හේතුවෙන් ක්ෂීරපථය දර්ශනය අපහසු වන අතර, ඉතා විශිෂ්ඨ දර්ශනයක් ග්‍රාමීය ප්‍රදේශ වල දී ලැබේ.

විශාලත්වය

[සංස්කරණය]

ක්ෂීරපථ මන්දාකිණියෙහි තාරකාමය තැටිය දළ වශයෙන් ආලෝක වර්ෂ 100,000 (30 කිලෝපාර්සෙක්, 9×1017 කිමී) විෂ්කම්භයෙන් යුතු අතර, සාමාන්‍ය වශයෙන් 1,000 ආව (0.3 කිපාසෙ) ඝනකමකින් යුතු යැයි සැලකේ.

ආයු කාලය

[සංස්කරණය]

ක්‍ෂීරපථයේ අායු කාලය දීර්ග ජීව කාලයක් අැති විකිරණශීල මූලද්‍රව්‍ය වන යුරේනියම් 238 හා තෝරියම් 232 හරහා නිර්ණය කොට අැත. මෙම ක්‍රමවේදය න්‍යශ්ටික කොස්මොලොජි ලෙස හැදින්වේ.මෙයට අනුව ක්‍ෂීරපථයේ වයස අව්රුදු බිලියන 12.5 ± 3 පමණ වේ.

නිර්මාණය හා ව්‍යූහය

[සංස්කරණය]

වායු, දූවිලි සහ තරු මණ්ඩලයකින් වටවී ඇති දණ්ඩක හැඩයකින් යුත් මධ්‍ය ප්‍රදේශයකින් ක්ෂීරපථය සමන්විත වේ.ක්ෂීරපථය තුල ස්කන්ධය බෙදී යෑම සලකු විට පෙනී යන්නේ ආසන්න වශයෙන් එය හබල්  වර්ගීකරණයේ Sbc වර්ගය ලෙසයි. 

චක්‍රාවාට කේන්ද්‍රය

[සංස්කරණය]

මන්දාකිනි හෙවත් චක්‍රාවාට ලෙස හදුන්වන්නේ විශ්වයේ පවතින සුන්දරතම වස්තුන්ය.බිලියන ගණනක් වන තාරකාවන්ගෙන් මන්දාකිනි වලට ලැබෙන්නේ සුන්දරණීය දායකත්වයකි.අපගේ කිරි සයුර නම් මන්දාකිනියෙහි ද තාරකා බිලියන 200ක් වූ අති විශාල සංඛ්‍යාවක් පවතී.මේ තරු වලට අමතරව කිරි සයුර තුල තවත් විශේෂ යමක් වේද? අප මේ සැරසෙන්නේ එය සෙවීමටයි කිරි සයුරේ මධ්‍යට චාරිකා කිරීමටයි.

රෑ අහස නැරඹීමේදී ධනු හා වෘශ්චික යන තාරකා රාශීන් මේ වන විටත් ඔබ හදුනනවා විය හැකිය.අහස නිරීක්ෂණය කිරීමේදී මෙම රාශීන් දෙක අතරින් දැකිය හැකි අහසේ ඉහලට විහිදුනු අඳුරු සුදු පැහැති වලාවක් සැම විටම පවතිනවා ඔබ විසින් නිරීක්ෂණය කර ඇතුවාට සැක නැත.මෙය අපගේ ක්‍ෂීරපථයෙන් එක් කොටසකි.අප සුර්යාද ඇතුළුව තාරකා බිලියන 200කට අධික ප්‍රමාණයක් කිරි සයුර නැතිනම් ක්‍ෂීරපථය ලෙසින් හැදින්වෙන මෙම ව්‍යුහය තුල අන්තර්ගතය.මෙම චක්‍රාවාටය සර්පිලාකාර චක්‍රාවාටයකි.මෙහි සර්පිලාකාර බාහු 8ක් දක්නට හැකිය.

ඒවා නම් ධනු රාශිය පසු බිමෙන් දක්නට ලැබෙන ධනු බාහුව,පර්සියස් බාහුව,ඔරායන් බාහුව,සෙන්ටෝරස් බාහුව,ස්කුටම් බාහුව,කැරීනා බාහුව,සිග්නස් බාහුව සහ නෝමා බාහුවය.අප ජීවත් වන බව පෘතුවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ඔරායන් බාහුව තුළය.මෙම බාහුන් සියල්ලම එක් වී ඇත්තේ ක්‍ෂීරපථයේ කේන්ද්‍රයටය.ක්‍ෂීරපථයේ කේන්ද්‍රය පිහිටා ඇත්තේ අප පෘතුවියේ සිට ආලෝක වර්ෂ 26000ක් ඈතිනි.

මෙය අධික ලෙස දුහුවිලි වලාවන්ගෙන් ගහනය.එබැවින් අප ක්‍ෂීරපථයේ කේන්ද්‍රය නොපෙනේ.එයට හේතුව මෙම දුවිලි වලාව මගින් කේන්ද්‍රයේ සිට නිකුත් කරන ආලෝකයට බාධා කිරීමය.පසුගිය දශක දෙකක කාලය තුලදී තාරකා විද්‍යාවේ සිදු දියුණුව හේතුකොට ගෙන අපට X කිරණ,අධෝරක්ත කිරණ සහ රේඩියෝ කිරණ ආධාරයෙන් මෙම අද්භූත ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී ඇත.

මෙම ක්‍ෂීරපථය කේන්ද්‍රයේ ඉතා අධික ඝනත්වයකින් යුතුව තරු පිහිටා ඇත.නමුත් මෙම ප්‍රදේශයේ පවතින තරු වලට සාපේක්ෂව නිකුත් කරන ආලෝකය මදය.එයට හේතුව ලෙස සැලකෙන්නේ පවතින අධික දුවිලි ප්‍රමාණයයි.මෙම දුවිලි මගින් තරු වලින් ලැබෙන ආලෝකය උරා ගැනීම නිසා රතු පැහැයක් ගෙන ඇත.කේන්ද්‍රයේ ඇති අධික ඝනත්වය නිසා මෙම පෙදෙස ඉලිප්පීමකට භාජනය වී ඇත.එම පෙදෙසෙහි විෂ්කම්භය දළ වශයෙන් ආලෝක වර්ෂ 500කි.මෙම නෙරුමෙහි ඇති ඉතාම දීප්තිමත් පෙදෙසෙහි චක්‍රාවාට කේන්ද්‍රය පිහිටා ඇත.

එම ප්‍රදේශයේ පළල ආලෝක වර්ෂ 30ක් පමණ වන අතර එම ඉඩ ප්‍රමාණයේ තාරකා මිලියන ගණනක් පවතී.මෙම ප්‍රදේශය සැජිටේරියස් A ලෙස හදුන්වයි. මෙහි කේන්ද්‍රය අප මෙතෙක් දන්නා ප්‍රබලතම රේඩියෝ තරංග ප්‍රභවය ලෙස විද්‍යාඥයන් හදුන්වයි.

සැජිටේරියස් A ලෙස හදුන්වා ඇති පෙදෙස ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.ඒවා නම් නැගෙනහිර සැජිටේරියස් A සහ බටහිර සැජිටේරියස් A වේ,මෙම නැගෙනහිර සැජිටේරියස් A පෙදෙසේ විශාල වශයෙන් ඇත්තේ අති විශාල තාරකා පිපිරී ගිය පසු ඉතිරි වූ වායුන්ය.එසේම සැජිටේරියස් A බටහිර පෙදෙසේ කුඩා සර්පිලාකාර ව්‍යුහයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකිව තිබේ.මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 7ක් පමණය.මෙම කුඩා සර්පිලාකාර ව්‍යුහය තුල ක්‍ෂීර පථයේ කේන්ද්‍රය පිහිටා ඇත.එය අප සැජිටේරියස් A* ලෙස හදුන්වයි.

සිදු කර ඇති ගණනය කිරීම් වලට අනුව එහි ස්කන්ධය සුර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන තුනක් වන අතර මෙහි ඇත්තේ අධික ඝනත්වයකින් යුතු කළු කුහරයකි.මෙම කුඩා සර්පිලාකාර ව්‍යුහයේ බාහුන් දෙකක් දැකිය හැකිය.ඒවා නැගෙනහිර බාහුව සහ උතුරු බාහුව වේ.මීට අමතරව බටහිර චාප කොටසක්ද හා දණ්ඩක ස්වරුපයක්ද දැකිය හැකිය.මේවා අධික ඝනත්වයකින් යුතු තාරකා සහ දුව්ලි වලින් සැකසි පවතින ව්‍යුහයකි.මෙම කුඩා සර්පිල් වලින් ක්‍ෂීරපත චක්‍රාවාටයේ සර්පිල බාහු පවත්වා ගෙන යාමට සහයක් ලබා දෙන බව විද්‍යාඥයන්ගේ අදහසයි.


සර්පිලාකාර බාහු

[සංස්කරණය]

සර්පිලාකාර බාහු වටා විශාල තැටියක් හෝ වළල්ලක් පිහිටා ඇත.මෙම වළල්ල මගින් කුඩා සර්පිලාකාර ව්‍යුහයට පදාර්ථ ඇතුල් කිරීම සිදු කරනු ලබයි.මෙය Circumnuclear Disk or Ring ලෙස හදුන්වයි.කුඩා සර්පිලාකාර ව්‍යුහය තත්පරයට කිලෝමීටර 100 ක වේගයක් පවත්වා ගන්නා අතර එමගින් සැගව පවතින සැජිටේරියස් A* නම් කළු කුහරයට පදාර්ථ අඛණ්ඩව ලබා දීම සිදු කරයි.විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් නිවැරදි නම් එක් තත්පරයකට සුර්යය ස්කන්ධය මෙන් 1000ක් ගුණයක් පමණ ස්කන්ධයකින් යුත් පදාර්ථ ප්‍රමාණයක් මෙම කළු කුහරය තුලට කුඩා සර්පිලාකාර බාහු මගින් ඇතුල් කරනු ලැබේ.

මෙම කුඩා සර්පිලාකාර බාහු වටා තරු පොකුරු දැකිය හැකිය.මේවා අධෝරක්ත තරංග ආයාමයන් සහිත දුරේක්ෂ මගින් නිරීක්ෂණය කල හැකි අතර මේවා IRS යන නාමකරණයෙන් හදුන්වනු ලැබේ.මෙම තරු පොකුරු උතුරු බාහුවට එබ්බ වූ ස්වරූපයකින් දිස් වේ.M වර්ගයේ සුපිරි යෝධ තරු ගණයට මෙම පොකුරු වල ඇති තාරකා වර්ග කරනු ලබයි.IRS 8 ලෙස හදුන්වන තරු පොකුර වටා අස්ව ලාඩමක හැඩයට විසිරුණු දුවිලි වලාවක් දැකිය හැකිය.



ප්‍රභා මණ්ඩලය


ගැමා-කිරණ බුබුළු

[සංස්කරණය]

සූර්යයාගේ පිහිටීම සහ අවට

[සංස්කරණය]

ඔරායන් බාහුවේ ආසන්නම අභ්‍යන්තර වළල්ලෙහි සූර්යයා පිහිටා තිබේ 

වටපිටාව

[සංස්කරණය]

කිරි සයුර හා ඇන්ඩ්‍රෝමීඩා චක්‍රාවාට යනු  ප්‍රාදේශීය පොකුර තුල ඇති යෝධ සර්පිලාකාර ද්විතියික චක්‍රාවාට පද්ධතියකි.      

ප්‍රවේගය

[සංස්කරණය]

විශේෂ සාපේක්ෂතා වාදයට අනුව සාපේක්ෂව බැලිය හැකි රාමුවක් නොමැති නිසා ප්‍රවේගයක් නොපවති.

ඉතිහාසය

[සංස්කරණය]

අමතරව

[සංස්කරණය]

යොමුව

[සංස්කරණය]

http://spaceplace.nasa.gov/solar-system-explorer/en/

"https://si.wikipedia.org/w/index.php?title=ක්ෂීර_පථය&oldid=482376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි