බ්‍රහස්පතිගේ චන්ද්‍රයෝ
5 පෙබරවාරි 2024[update] වන විට දත්තවලට අනුව, බ්‍රහස්පති ග්‍රහ ලොව සතුව කක්ෂය තහවුරු කරන ලද චන්ද්‍රයන් අනූ පහක් (95) පවතියි.[1][note 1]
බ්‍රහස්පතිට නම් කරන ලද ස්වාභාවික උපග්‍රහයින් 63 ක් ඇත. මෙයින් 47 ක විශ්කම්භය කිලෝමීටර් 10 ට වඩා අඩු අතර මේවා අනාවරණය කොට ගෙන ඇත්තේ 1975 වර්ෂයෙන් පසුවය. “ගැලීලියානු” චන්ද්‍රයන් ලෙස හැඳින්වෙන බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් සතර අයෝ, යුරෝපා, ගැනිමිඩ්, කැලිස්ටෝ යන නම් වලින් හඳුන්වයි.
ගැලීලියානු චන්ද්‍රයින්
[සංස්කරණය]සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම උපග්‍රහයින් අතරින් තුනක් වන අයෝ, යුරෝපා හා ගැනිමිඩ්හි කක්ෂ “ලාප්ලේස් අනුනාදය” නම් රටාවක් මවයි. අයෝ බ්‍රහස්පතිට වටා සම්පූර්ණ කරන සෑම කක්ෂ 4 කටම යුරෝපා හරියටම කක්ෂ දෙකක් ද ගැනිමිඩ් හරියටම එක් කක්ෂයක් ද සම්පූර්ණ කරයි. මේ ක්‍රියාවලිය මෙම විශාල චන්ද්‍රයන් 3 හි ගුරුත්වාකර්ෂණ ආචරණයට හේතු වී ඇත. මන්දයත් එක් එක් සඳ එය සමමුහුර්ත කරන සෑම කක්ෂ වටයකදීම එකම ලක්ෂ්‍යයකදී එහි අසැල්වැසියන්ගෙන් අමතර ඇදීමකට භාජනය වේ. අනෙක් අතට බ්‍රහස්පතිගෙන් එල්ලවන උදම් බලය ඒවායේ කක්ෂ වෘත්තාකාර කිරීමට ක්‍රියා කරයි.
ඒවායේ කක්ෂවල විකේන්ද්‍රිකතාව සදවල් තුනෙහි හැඩයේ නිරන්තරයෙන් විකෘති වීමකට හේතුවේ. බ්‍රහස්පතිගේ ගුරුත්වය ඒවා ළංවනවාත් සමග චන්ද්‍රයන් ඇදීමකට ලක්කරන අතර චන්‍ද්‍රයින් ඇදීමකට ලක්කරන අතර චන්ද්‍රයන් ඈතට ගමන් කරන විට වඩාත් ගෝලාකාර හැඩයකට සකස් වීමට ඉඩ දේ. මෙම ක්‍රියාවලිය නිසා ඇතිවන ඝර්ෂණයෙන් චන්‍ද්‍රයින්ගේ අභ්‍යන්තරය තාපනයකට ලක්වේ. මෙම ක්‍රියාවලිය වඩාත් විචිත්‍ර ආකාරයකට දක්නට ලැබෙන්නේ අයෝහි අභ්‍යන්තරයේ සිදුවන විශ්මය ජනක ගිනි කඳු ක්‍රියාවලිවලිනි. (ප්‍රබලවම උදම් බලවලට ලක්වන්නේ අයෝය) තවද යුරෝපයෙහි භූගෝලයට නැවුම් මතුපිටහිද මෙය යන්තම්න් දක්නට ලැබේ. (එහි බාහිරය මෑතකදී පිටතට ඒම හඟවමින්)
ගැලීලියෝ චන්ද්‍රයින්, පෘතුවි චන්ද්‍රයා සමග සංසන්දනාත්මකව
[සංස්කරණය]
චන්ද්රයින්ගේ වර්ගීකරණය
[සංස්කරණය]වෙයෙජර් ක්‍රියාන්විතවල අනාවරණයන්ට පෙර, බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් චන්ද්‍රයින් සතරකින් යුත් කණ්ඩායම් 4කට වෙන්කර තිබුණි. ඒ ඒවායේ කක්ෂීය මුලධාතුවල සමානාත්මතාවය මත පදනම්වය. එතැන් පටන් නව කුඩා, පිටින් පිහිටි චන්ද්‍රයින් විශාල සංඛ්‍යාවක් විසින් මෙම සැකසුම වඩාත් සංකීර්ණ කොට තිබිණි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ හයක් තිබෙන බව අදහස් කෙරෙන මුත් මේවායින් සමහරක් අනෙක් ඒවාට වඩා බොහෝ සෙයින් වෙනස්වේ .
මූලික උප බෙදීමක් නම් අභ්‍යන්තරයේ චන්ද්‍රයින් 8 දෙනා කාණ්ඩ කිරීමවන අතර ඒවාට බ්‍රහස්පතිගේ සමක තලය අසල බොහෝදුරට වෘත්තාකාර කක්ෂ පවතින අතර මේවා බ්‍රහස්පති නිර්මාණයත් සමගම ඇති වන්නට ඇති බව විශ්වාස කෙරේ. ආතන හා ඉලිප්සාකාර පථවලින් යුක්ත අවිධිමත් ලෙස පවතින ඉතිරි චන්ද්‍රයින් විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒවා ග්‍රාහක හෝ ග්‍රාහක කැබලි බවට විශ්වාස කරයි. ආසන්නව කක්ෂ මූලිකාංග හා එවැනි ආසන්නව සමාන ලක්ෂණ මෙම දරන අවිධිමත් චන්ද්‍රයින් හට විනාශ වූ එක් විශාල චන්ද්‍රයෙක් හෝ ගුරුත්වාකර්ෂණයට හසුවූ වෙනස් වස්තුවක් වැනි එකම සම්භවයක් තිබීම ඉඩ ඇති බවට විශ්වාස කෙරේ.
විධිමත් චන්ද්‍රයින්
[සංස්කරණය]අභ්‍යන්තර කාණ්ඩ
[සංස්කරණය]අභ්‍යන්තර කාණ්ඩයට අයත් කුඩා චන්ද්‍රයින් 4ට 200km ට අඩු විශ්කම්භය හා 200000 km ට අඩු කක්ෂ පවතින අතර කක්ෂ ඇලවීම අංශක භාගයකටත් වඩා අඩුය.
ගැලීලියානු චන්ද්‍රයින්
[සංස්කරණය]ගැලීලියෝ ගැලිලි හා සයිමන් මෙරිසස් විසින් අනාවරණය කර ගන්නා ලද අතර මෙම චන්ද්‍රයින් 4 ට 400000 – 2000000 km කක්ෂ පවතින අතර සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයින් කිහිපයක්ද අන්තර්ගත වේ.
අවිධිමත් චන්ද්‍රයින්
[සංස්කරණය]තෙමිස්ටෝ
[සංස්කරණය]මෙයට අයත් වන්නේ මෙම චන්ද්‍රයා පමණකි. එහි කක්ෂය ගැලීලියානු චන්ද්‍රයින් හා හිමාලියා කාණ්ඩය අතරින් ගමන් කරයි.
හිමාලියා කාණ්ඩය
[සංස්කරණය]බ්‍රහස්පතිගෙන් 11000000 – 12000000 km පමණ ඈතින් පිහිටි කක්ෂවලින් යුක්ත එකිනෙකට ඉතා ළගින් එක් රොක් වූ චන්ද්‍රයින් සමූහයකි.
කාර්පෝ - මෙයද තනිවූ චන්ද්‍රයෙකි. ඇනකී කාණ්ඩයේ අභ්‍යන්තර කෙළවරෙහි පිහිටා ඇත සෘජු අර්ථයකින් පරිභ්‍රමණය වේ.
ඇනකී කාණ්ඩය - මෙම කාණ්ඩයට පැහැදිලිව වෙන්කර ගත නොහැකි සීමාවන් පවතින අතර 1490 ක මධ්‍යයතන ඇලයක් පවතී. බ්‍රහස්පති සිට 21276000km මධ්‍යන්‍ය දුරකින් පිහිටයි.
කාර්මේ කාණ්ඩය - සාමාන්‍යයෙන් අනෙක් ඒවායෙන් වෙන්ව පවතින කාණ්ඩයකි. බ්‍රහස්පති සිට 2340400km මධ්‍යන්‍යය දුරකින් පිහිටන අතර 1650 ක මධ්‍යන්‍යය ඇලයක් පවතී.
පැසිෆී කාණ්ඩය - විසිරුණු හා නොපැහැදිලි කාණ්ඩයක් වන අතර බාහිරවම පවතින සියලු චන්ද්‍රයින් අයත් වේ.
අමතර අවධානයට
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ The most-recently announced moons of Jupiter are S/2022 J 1, S/2022 J 2, and S/2022 J 3, published in MPECs 2023-D44 to 2023-D46.[2] These add three more to the previous count of 92 from January 2023, bringing the total up to 95.[3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Planetary Satellite Discovery Circumstances". JPL Solar System Dynamics. NASA. 15 November 2021. 27 September 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 January 2022.
- ^ "MPEC 2023-D46 : S/2022 J 3". Minor Planet Electronic Circulars. Minor Planet Center. 22 February 2023. 5 March 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 February 2023.
- ^ Hecht, Jeff (31 January 2023). "Astronomers Find a Dozen More Moons for Jupiter". Sky & Telescope. 31 January 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 February 2023.