ප්ලූටෝ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ප්ලූටෝ Astronomical symbol of Pluto
Pluto by LORRI and Ralph, 13 July 2015.jpg
Pluto
සොයාගැනීම
සොයාගත් තැනැත්තේක්ලේඩ් ඩබ්. ටෝම්බෝ
සොයාගත් දිනයපෙබරවාරි 18 , 1930
නිලනාමයන්
MPC නිලනාමය134340 ප්ලූටෝ (134340 Pluto)
ශබ්දනැගීම/en-us-Pluto.oggˈplt/,[note 1]
නම් කෙරුණේප්ලූටෝ
සුළු ග්‍රහ වර්ගයවාමන ග්‍රහලොවකි,
TNO,
plutoid,
KBO,
plutino
විශේෂණයPlutonian
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය J2000
විහේලිකය7,375,927,931 km
49.305 032 87 AU
අපහේලිකය4,436,824,613 km
29.658 340 67 AU
අඩ-මහා අක්ෂය5,906,376,272 km
39.481 686 77 AU
උත්කේන්ද්‍රියතාවය0.248 807 66
කක්ෂීය කාලාවර්තය90,613.305 days
248.09 years
14,164.4 Pluto solar days[1]
චන්ද්‍ර කාලාවර්තය366.73 days
සාමාන්‍යය කක්ෂීය වේගය4.666 km/s
ආනතිය17.141 75°
11.88° to Sun's equator
ආරෝහණ මංසලෙහි දේශාංශකය110.303 47°
පරිතාරාන්තිකයේ විස්තාරය113.763 29°
චන්ද්‍රිකා3
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය1,153 ± 10 km[2]
0.18 Earths
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය1.665×107 km²[note 2]
0.033 Earths
පරිමාව6,39×109 km³[note 3]
0.0059  Earths
ස්කන්ධය(1.305 ± 0.007)×1022 kg[2]
0.002 1 Earths
0.178 moon
මධ්‍යන්‍යය ඝණත්වය2.03 ± 0.06 g/cm³[2]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.658 m/s²[note 4]
0.067 g
මිදුම් ප්‍රවේගය1.229  km/s[note 5]
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය−6.387 230 day
6 d 9 h 17 m 36 s
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය47.18 km/h
ආක්ෂක ආනතිය119.591 ± 0.014° (to orbit)[2][note 6]
North pole right ascension133.046 ± 0.014°[2]
North pole declination−6.145 ± 0.014°[2]
ප්‍රභානුපාතය0.49–0.66 (varies by 35%)[3][4]
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
කෙල්වින් 33 K 44 K 55 K
දෘශ්‍ය විශාලත්වය13.65[4] to 16.3[5]
(mean is 15.1)[4]
නිරපේක්ෂ විශාලත්වය (H)−0.7[6]
කෝණික විෂ්කම්භය0.065" to 0.115"[4][note 7]
වායුගෝලය
පෘෂ්ඨීය පීඩනය0.30 Pa (summer maximum)
සංයුතියනයිට්‍රජන්, මීතේන්

ප්ලූටෝ 134340 Pluto වශයෙන් නම් කර ඇති අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම වාමන ග්‍රහලෝව වේ(ඒරිස්ට පසුව). එය සූර්යයා වටා සෘජුවම කක්ෂ ගතවී ඇති දසවැනි විශාලතම ග්‍රහලෝව වේ. එය මුලින්ම ග්‍රහලොවක් වශයෙන් හඳුනාගන්නා ලද මුත් ප්ලූටෝ දැන් හඳුන්වන්නේ (kuiper belt) කුයිපර් වළල්ලේ විශාලතම සාමාජිකයා වශයෙනි. කුයිපර් වළල්ලේ ඇති අනෙකුත් වස්තු මෙන්ම ප්‍රාථමිකව ගල් කැබලි හා අයිස්වලින් සැදී ඇති අතර එය සාපේකෂව ප්‍රමාණයෙන් කුඩාවේ සද මෙන් පහෙන් එකක ස්කන්ධයෙන් හා තුනෙන් එකක පරිමාවෙන් ප්ලූටෝ සමන්විත වේ. එයට අධික ලෙස විකේන්ද්‍රික හා ඇලවූ කක්ෂයක් තිබේ. විකේන්ද්‍රිකතාව. ප්ලූටෝ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 30 – 49 (AU) (4.4 – 7.4 billion km) දුරකින් පිහිටි අතර එම නිසා ඇතැම් විට එය නෙප්චූන්ට වඩා සූර්යයාට ආසන්න වේ. ප්ලූටෝ හා එහි විශාලතම චන්ද්‍රයා වන කාරෝන් ද්විත්ව යුගලයක් ලෙස සලකයි මන්ද එවිට එම යුගල‍ෙය් පොදු ගුරුත්ව කේන්ද්‍ර වස්තු දෙකෙන් එකක් තුලවත් නොපිහිටයි.

අන්තර් ජාතික අභ්‍යවකාශ සංගමය [(International Astronomical Union (IAU)] විසින් ද්විත්ව වාමන ග්‍රහලෝකවලට අර්ථ දැක්වීමයක් තවමත් ඉදිරිපත් කර නොමැති අතර එය නීති‍යක් වශයෙන් ප්‍රකාශ වන ‍තෙක් පවතී. කාරෝන් ප්ලූටෝගේ චන්ද්‍ර‍යෙක් වන අතර 2005 දී සොයාගන්නා ලද තවත් කුඩා චන්ද්‍රයින් දෙ‍දෙනෙකු වන නික්ස් හා හයිඩ්‍රා ද ප්ලූටෝගේ චන්ද්‍රයන්‍ වේ.

1930 ප්ලූටෝ සොයාගැනීමේ සිට 2006 දක්වාම එය සෞරග්‍රහ මණ්ඩලයේ 9 වන ග්‍රහලොව විය. ඉන්පසු 20 වන සියවස අගභාගයේ දී හා 21 වන සියවස මුල් භාගයේ දී ප්ලූටෝට සමාන වෙනත් වස්තු විශාල ප්‍රමාණයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට සොයාගන්නා ලදී. එහිදී විසිරුණු තැටියෙහි වූ ඒරිස්ගේ සොයාගැනීම සඳහන් කළ යුතු වේ. එය ප්ලූටෝ මෙන් 27% විශාල විය. 2006 අගෝස්තු 24වන දින IAU විසින් ග්‍රහලොවකට අර්ථ දැක්වීමක් සපයන ලදී. එහිදී ප්ලූටෝ එම අර්ථ දැක්වීමට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් විය. එම නිසා එය වාමන ග්‍රහලොවක් වශයෙන් එරිස් හා සිරිස් සමග වෙන් කරන ලද අතර ඉන් පසුව ප්ලූටෝ කුඩා ග්‍රහලොවක් වශයෙන් නම්කොට 134340 අංකය ලබා දෙන ලදී.

සොයාගැනීම[සංස්කරණය]

'ලොවෙල්' (Lowell) සහ ඔහුගේ නිරීක්ෂණාගාරය 1905 සිට ඔහුගේ මරණය වන 1916 තෙක් මේ පිළිබදව පර්යේෂණ කළත් පලක් නොවීය. ඔහුගේ මිතුරෙකු පවසන පරිදි “X ග්‍රහලොව” ලෙස නම් කළ මෙම ග්‍රහලොව සොයාගැනීමට නොහැකි වීම පිළිබඳව ලොවෙල් තුළ වූ තදබල කළ කිරීම ඔහුගේ මරණයට හේතුවක් විය.

පර්සිවල් ලොවෙල්ගේ වැන්දඹුව වන කොන්ස්ටන්ස් ලොවෙල් පසුව ලොවෙල්ගේ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් නිරීක්ෂණගාරයෙන් ඩොලර් මිලියනයක මුදලක් ලබා ගැනීමට දශකයක් පමණ ගත වන නඩුවක පැටලිණි. එම නිසා X ග්‍රහලොව පිළිබඳ නිරීක්ෂණ ආරම්භ කිරීම 1929 තෙක් පමා විය. එම වර්ෂයේදී නිරීක්ෂකාගාර අධ්‍යක්ෂක “වෙස්ටෝ මෙල්වින් ස්ලීෆර්” විසින් X ග්‍රහලොව සොයාගැනීමේ කාර්යය වයස විසිදෙක වන “ක්ලඩ් ටොම්බෝ” නමැති කැන්සාස්හි ගොවිපලක වැඩුණු තරුණයෙකුට භාර දෙන ලදී. මොහු ලොවෙල් නිරීක්ෂණාගාරයට පැමිණි විගසම මෙම වගකීම භාර දුන් අතර මේ සඳහා ප්‍රධාන හේතුව වූයේ ටොම්බෝ අඳින ලද තාරකා විද්‍යා චිත්‍ර සටහනක් පිළිබඳව අධ්‍යක්ෂක “ස්ලීෆර්” තුළ වූ පැහැදීමයි.


“ටොම්බෝ”ගේ කාර්යය වූයේ සති දෙකක් තුළ ක්‍රම ක්‍රමයෙන් රාත්‍රී අහස විවිධ කොටස්වලට ජායාරූප ගතකොට රාත්‍රී අහස නිර්මාණය කිරීමයි. ඉන් පසු එම සෑම කොටසක්ම නිරීක්ෂණය කොට එම සති දෙක තුළ ස්වකීය පිහිටීම වෙනස් කළ වස්තූන් අධ්‍යයනය කිරීමයි. “බ්ලින්ක් කොම්පැරටර්” (blink comparator) නම් උපකරණය භාවිතා කර වේගයෙන් ඉදිරියට සහ පිටුපසට ජායාරූප වෙනස් කිරීම මගින් ස්වකීය පිහිටීම හෝ දර්ශකය වෙනස් කරන වස්තූන් පිළිබදව දර්ශනයක් නිර්මාණය කිරීමයි. 1930 පෙබරවාරි 18 දින ආසන්නව වසරක පමණ නිරීක්ෂණවලින් පසු “ටොම්බෝ” විසින් ජනවාරි 23 සහ 29 යන දින අතර ලබා ගත් ජායාරූප තල අතරින් පිහිටීම වෙනස් කරන වස්තුවක් සොයාගන්නා ලදී. ජනවාරි 20 ගන්නා ලද අඩු ගුණාත්මක භාවයෙන් යුතු ඡායාරූපයක් එය ස්ථිර කර ගැනීමට ඉවහල් විය එම ස්ථිර කර ගැනුමෙන් පසු ස්ලිෆර් වෙත ගිය ටොම්බෝ ප්‍රකාශ කර සිටියේ “ආචාර්ය ස්ලිෆර් , මම ඔබගේ X ග්‍රහලොව සොයාගත්තා” ලෙසය. තවදුරටත් ජායාරූප අධ්‍යයනය කර මේ පිළිබඳ තව දුරටත් තහවුරුකර ගැනීමෙන් පසු මෙම සොයාගැනීම පිළිබඳ විස්තර 1930 මාර්තු 30 දින හැවඩ් කොලේජ් නිරීක්ෂණාගාරය වෙත විදුලි පණිවිඩයකින් දන්වන ලදී. මෙම නව වස්තුව පසුව 1915 මාර්තු 19 දින ගන්නා ලද ජායාරූප වලද දක්නට ලැබූ බව පසුව හෙළි විය.

මෙම සොයාගැනීමෙන් අනතුරුව ප්ලූටෝගේ අතිශය ‍මද දීප්තභාවය සහ එහි ප්‍රමාණයෙන් කුඩා බව නිසා මෙය ලොවෙල් විසින් අධ්‍යයනය කළ X ග්‍රහලොවම විය හැකි බවට මතයක් පළ විය. 20 වන සියවසේ මැද භාගයේ කරන ලද ඇස්තමේන්තු අනුව ප්ලූටෝගේ ස්කන්ධය නිතරම අඩුවන ලෙසින් සංශෝධනය විය. 1978 දී ප්ලූටෝගේ චන්ද්‍රයෙකු වන “චාරෝන්” සොයාගැනීමත් සමග ප්‍රථමවරට ප්ලූටෝගේ මිණුම් ලබා ගැනීමට හැකිවිය. එහි ස්කන්ධය දළ වශයෙන් පෘථිවිය මෙන් 0.2% ප්‍රතිශතයක් වූ අතර යුරේනස්ගේ කක්ෂීය අපගමනයන් සඳහා හේතුවක් ලෙස හැඳින්වීමට නොහැකි තරම් මෙය ඉතා කුඩා ස්කන්ධයක් විය.



Appearance and surface[සංස්කරණය]

Pluto's visual apparent magnitude averages 15.1, brightening to 13.65 at perihelion.[4]

Notes[සංස්කරණය]

  1. In US dictionary transcription, us dict: plōō′·tō. From the Latin: Plūto
  2. Surface area derived from the radius r: .
  3. Volume v derived from the radius r: .
  4. Surface gravity derived from the mass m, the gravitational constant G and the radius r: .
  5. Escape velocity derived from the mass m, the gravitational constant G and the radius r: 2Gm/r.
  6. Based on the orientation of Charon's orbit, which is assumed the same as Pluto's spin axis due to the mutual tidal locking.
  7. Based on geometry of minimum and maximum distance from Earth and Pluto radius in the factsheet

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Seligman, Courtney. "Rotation Period and Day Length". Retrieved 2009-08-13.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 M. W. Buie, W. M. Grundy, E. F. Young, L. A. Young, S. A. Stern (2006). "Orbits and photometry of Pluto's satellites: Charon, S/2005 P1, and S/2005 P2". Astronomical Journal. 132: 290. doi:10.1086/504422. arXiv:astro-ph/0512491.CS1 maint: multiple names: authors list (link)
  3. Calvin J. Hamilton (2006-02-12). "Dwarf Planet Pluto". Views of the Solar System. Retrieved 2007-01-10.
  4. 4.0 4.1 4.2 4.3 4.4 D. R. Williams (September 7, 2006). "Pluto Fact Sheet". NASA. Retrieved 2007-03-24.
  5. "AstDys (134340) Pluto Ephemerides". Department of Mathematics, University of Pisa, Italy. Retrieved 2010-06-27.
  6. "JPL Small-Body Database Browser: 134340 Pluto". Retrieved 2008-06-12.
"https://si.wikipedia.org/w/index.php?title=ප්ලූටෝ&oldid=437238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි