ටයිටන් (චන්ද්‍රයා)
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | ක්‍රිස්ටියාන් හයිගන්ස් |
සොයාගත් දිනය | 1655, මාර්තු 25 |
කක්ෂීය ලක්ෂණ | |
පරිදුරාන්තිකය | 1186680 km |
විදුරාන්තිකය | 1257060 km |
අඩ-මහා අක්ෂය | 1221870 km |
උත්කේන්ද්‍රියතාවය | 0.0288 |
කක්ෂීය කාලාවර්තය | 15.945 d |
සාමාන්‍යය කක්ෂීය වේගය | තත්පරයට කි.මී. 5.57 (ගණනය කරන ලද) |
ආනතිය | 0.34854° (සෙනසුරුගේ නිරක්ෂයට සාපේක්ෂව) |
මෙහි චන්ද්‍රිකාවකි | සෙනසුරු |
භෞතික ගුණාංග | |
මධ්‍යන්‍යය අරය | 2574.73±0.09 km |
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 8.3×107 km2 |
පරිමාව | 7.16×1010 km3 |
ස්කන්ධය | (1.3452±0.0002)×1023 kg |
මධ්‍යන්‍යය ඝණත්වය | 1.8798±0.0044 g/cm3 |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 1.352 m/s2 |
මිදුම් ප්‍රවේගය | 2.639 km/s |
ආක්ෂක ආනතිය | 0° |
ප්‍රභානුපාතය | 0.22 |
උෂ්ණත්වය | 93.7 K (−179.5 °C) |
දෘශ්‍ය විශාලත්වය | 8.2 සිට 9.0 දක්වා |
වායුගෝලය | |
පෘෂ්ඨීය පීඩනය | 146.7 kPa |
සංයුතිය | වෙනස්වනසුලුය
අපරිවර්තී ගෝලය: 95.0% N2, 4.9% CH4; 97% N2, 2.7±0.1% CH4 |
ටයිටන් යනු සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා මෙන්ම සෞරග්‍රහ මණ්ඩයලයේ දෙවැනියට විශාලම ස්වභාවික චන්ද්‍රිකාව ය. එය සෞරග්‍රහ මණ්ඩලයෙහි සැලකිය යුතු ඝන වායුගෝලයක් සහිත එකම චන්ද්‍රයා ලෙස සැළකේ. එමෙන්ම පෘථිවියට අමතරව මතුපිට ද්‍රවයන් පවතින බවට පැහැදිළි සාක්ෂි ඇති එකම ග්‍රහ වස්තුව එය වේ.
සෙනසුරුට අයත් උපග්‍රහයන්ගෙන් ගුරුත්වාකර්ෂනය හේතුවෙන් ගෝලාකාර හැඩයක් ගත් චන්ද්‍රයන් 7ක් ඇති අතර, ටයිටන් එයින් එකකි. එය පෘථිවියෙහි චන්ද්‍රයාට වඩා 50% ක් විශාල වන අතර (විෂ්කම්භයෙන්) එහි ස්කන්ධය සඳෙහි ස්කන්ධයට වඩා 80% කින් වැඩි ය. බ්‍රහස්පති ගේ ගැනිමීඩ් චන්ද්‍රයාගෙන් පසුව සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාලතම චන්ද්‍රයා වන ටයිටන් බුධ ග්‍රහයාටත් වඩා විශාල ය. ටයිටන් නිරන්තරයෙන් ම ග්‍රහලොවක්-වැනි උපග්‍රහයෙකු ලෙස හැඳින්වෙයි.
1655 දී ඕලන්ද ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ ක්‍රිස්ටියාන් හයිගන්ස් විසින් සොයාගත් ටයිටන්, සෙනසුරුගේ පලමුවැනියටම සොයාගත් උපග්‍රහයා විය. එමෙන්ම පෘථිවියේ චන්ද්‍රයා සහ බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයන් ගෙන් පසුව සොයාගත් හයවෙනි ස්වභාවික චන්ද්‍රිකාව ටයිටන් ය. ටයිටන් සෙනසුරුගේ අරය මෙන් විසි ගුණයක් දුරින් සෙනසුරු වටා කක්ෂ ගත වී ඇත.