Jump to content

ද්වාරය:යුරේනස්

විකිපීඩියා වෙතින්
(ද්වාරය:Uranus වෙතින් යළි-යොමු කරන ලදි)


හැඳින්වීම

යුරේනස් යනු සූර්යයාගේ සිට හත් වැන්නට පිහිටා ඇති ග්‍රහලොව වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් තෙවන ස්ථානය හා ස්කන්ධයෙන් හතරවන ස්ථානය ලබාගනී. එය නම් කරන ලද්දේ අහසට අධිපති දෙවියාගේ නමිනි. එනම් යුරේනස්ය. ඔහු ක්‍රෝනෝස් (සෙනසුරු) ගේ පියා වන අතර සියුස් (බ්‍රහස්පති‍) ගේ සීයා ද වේ. නූතන කාලය තුළ සොයාගත් මුල්ම ග්‍රහ වස්තුව ද මෙය වේ. මුලින්ම සොයාගත් ග්‍රහයින් පස්දෙනා මෙන්ම පියවි ඇසට දර්ශනයවුවත් පැරණි නිරීක්ෂකයන් එය ග්‍රහලොවක් ලෙස හඳුනා නොගත්තේ එහි තිබූ අඳුරු ගතිය නිසාවෙනි. නූතන ඉතිහාසයේ ප්‍රථම වරට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව දැන සිටි සීමා මායිම් පුළුල් කරමින් 1781 මාර්තු 13 වන දින සර් විලියම් හර්ෂෙල් විසින් යුරේනස් සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය දුරේක්ෂ‍යක් යොදාගනිමින් සිදු කළ ප්‍රථම සොයාගැනීම ද විය.

යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයින් දෙදෙ‍නා අභ්‍යන්තරික හා වායුගෝලීය සංයුතීන් අනුව විශාල වායු යෝධයින් වන බ්‍රහස්පති හා සෙනසුරුගෙන් වෙනස් වේ. අභ්‍යාවකාශ විද්‍යාඥයින් ඇතැම් විට ඒවා අයිස් යෝධයන් ලෙස වෙනස් වූ වර්ගීකරණයට ඇතුළත් කරයි. යුරේනස්ගේ වායුගෝල‍ය බ්‍රහස්පති හා සෙනසුරුට සමාන වන මුලිකවම හයිඩ්‍රජන් හා හීලියම්වලින් සමන්විත වන අතර ජලය , ඇමෝනියා හා මීතේන් වැනි අයිස් විශාල ප්‍රමාණ වලින්ද සාමාන්‍ය හයිඩ්‍රොකාබන ශේෂයන් ‍ෙගන්ද සමන්විතවේ. තවද එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්‍රහලෝකය ද වේ. එහි අවම උෂ්ණත්වය 49K (-224oC) පමණ වේ. එයට ස්ථරවලින් යුත් සංකීර්ණ වලාකුළු අකෘතියක් පවතී. එහිදී ජලය එහි පහළින්ම ඇති වළාකුළු ස්ථරය සාදන බවත් මීතේන් එහි ඉහළින්ම ඇති වලාකුළු ස්ථරය සාදන බවට උපකල්පනය කර ඇත. (තව දුරටත්...)

තෝරාගත් ලිපි

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට Uranus සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:යුරේනස්&oldid=622851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි