Jump to content

මුල් පිටුව

විකිපීඩියා වෙතින්
ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 21,629 කි.

විශේෂාංග ලිපිය

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවත් බිඳක්

    අතීතයේ අද වැනි දිනෙක ...

    නොවැම්බර් 7: බෙලාරූස් හා පැරණි සෝවියට් සංගමයෙහි වෙනත් බොහෝ ප්‍රදේශ විසින් සමරනු ලබන ඔක්තොම්බර් විප්ලව දිනය

  • 1665 – දැනටද ප්‍රකාශයට පත් වන පැරණිතම ඉංග්‍රීසි-භාෂා පුවත්පත වන ලන්ඩන් ගැසට්, පළමුවරට ඔක්ස්ෆර්ඩ් ගැසට් ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.
  • 1867 – රේඩියම් හා පොලෝනියම් සොයාගත් හා, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන ක්ෂේත්‍ර දෙකම සදහාම නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් මාරි කියුරි මැතිණියගේ 144 වන ජන්ම දින සංවත්සරය අදට යෙදී ඇත.
  • 1917 – ඇලෙක්සැක්ඩර් කෙරෙන්ස්කිගේ රුසියානු යාවකාලීන රජය එරෙහිව ව්ලැඩිමියර් ලෙනින්(සේයාරුව) විසින් මෙහෙයවනු ලැබූ බොල්ෂෙවික් කැරැල්ල හා සමගින් බොල්ෂෙවික් විප්ලවය ඇරඹිනි.
  • 1985එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නාමල්වත්ත ගම්මානයේ සිටි කුඩා දරුවන් ඇතුළු 10 දෙනෙකු ඝාතනය කිරීම.
  • 1991ඇමෙරිකානු වෘත්තීය පැසිපන්දු ක්‍රීඩක මැජික් ජොන්සන් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ ඔහු එච්යිවී ආසාදනයෙන් පෙලෙන බැවිනි.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 6නොවැම්බර් 7නොවැම්බර් 8

    විශේෂාංග පින්තූරය

    ටාගස් නදිය

    මෙහි පෙනෙන ටාගස් නදිය ලෝක උරුම ලැයිස්තු ගත නගරයක් වන ස්පාඤ්ඤයේහි, ටොලේඩෝ හරහා ගලා යයි. 1,038 කිලෝමීටර (645 සැත) දිග එය අයිබීරියානු අර්ධද්වීපයේ දිගම ගංගාව වෙයි.

    ඡායාරූපය: David Iliff

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සොයුරු ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂාවන්

    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=667040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි