විකිපීඩියා:තෝරාගත් ලිපිය/19

විකිපීඩියා වෙතින්
Christmas Tree Ornament 2006 - 146F.jpg

නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය