විකිපීඩියා:තෝරාගත් ලිපිය/17

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලාංකිකයන් වන අපගේ අභිමානය ලොවට පෙන්වීමේදී අපගේ අතීත වාරි කර්මාන්තයන්ට ඇත්තේ සුවිශාල වූ වටිනාකමකි. එවැනි වටිනාකමක් එයට හිමිව ඇත්තේ එම නිර්මාණයන් සතු උසස් තාක්ෂණික කුසලතාවය හේතුවෙනි. විශේෂයෙන් වර්තමාන ලෝකයේ කෙතරම් දියුණු තාක්ෂණික ක්‍රම පැවතියද ඒකී තාක්ෂණික ක්‍රමවේදයන් පවා පරයමින් බිහිකළ නිර්මාණයක් වශයෙන් අපගේ අතීත වාරි නිර්මාණයන් හැදින්විය හැක. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවන මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් අර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම,උපතිස්ස ග්‍රාම,විජිත ග්‍රාම,උරුවෙල ජනපදය,දීඝායු,කතරගම,සදුන්ගම,මාගම,රාමගොණ්ණ,කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය,කලා ඔය,දැදුරු ඔය,මහවැලි ගඟ,ගල් ඔය,කුඹුක්කන් ඔය,මැණික් ගඟ,කිරිදි ඔය,වලවේ ගඟ,කැළණි ගඟ යන ගංඟා මටියාවත් අශ්‍රිතව පිහිටා තිබේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය