ද්වාරය:ගණිතය

විකිපීඩියා වෙතින්

ගණිතය ද්වාරය

Mathematics icon

ගණිතය යන වදන විද්‍යාව, ඥානය හෝ ඉගෙනීම යන අරුත් දෙන ග්‍රීක μαθηματικά mathēmatiká සහ ඉගෙනීමට ඇති ලෝලය යන අරුත් ආදියෙන් බිඳී ආවෙකි. එය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉංග්‍රීසි ව්‍යවහාරයේ maths ලෙස ද උතුරු ඇමරිකා ඉංග්‍රීසි ව්‍යවහාරයේ math ලෙස ද කෙටියෙන් භාවිත වෙයි.

ගණිතය බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය, ව්‍යුහය, අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්‍ෂේත්‍ර ලෙස ය. ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්, ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි. ඕනෑම සමාජයක පාහේ, ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.

ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට, යෙදීම් ගැන සැලකීමකින් තොරව, රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ. සුවිශුද්ධ ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් ගණිතයෙහි අථක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි ස්වභාවික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය ක්‍ෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.

සිංහල විකිපීඩියාවෙහි ගණිතය පිලිබඳ ලිපි 23ක් පමණ තිබේ.

තෝරාගත් ලිපිය


Circle-trig6.svg
The trigonometric functions
Image credit: Steven G. Johnson

ගණිතයේදී, ත්‍රිකෝණමිතික ශ්‍රිත (වෘත්තාකාර ශ්‍රිත ලෙසද හැඳින්වේ) යනු කෝණයක ශ්‍රිත වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැති වල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි. ත්‍රිකෝණමිතික ශ්‍රිත පොදුවේ, කෝණය අඩංගු වන සෘජුකෝණි ත්‍රිකෝණයක පාද දෙකක දිග අතර අනුපාතයක් ලෙස අර්ථ දැක්විය හැක. එසේම ඒකක වෘත්තයක සිට විවිධ රේඛා කාණ්ඩවල දිග ලෙසද අර්ථ දැක්විය හැක. බොහෝ නවීන අර්ථ කථනයන් මගින් එය අපරිමිත‍ශ්‍රේණි ලෙස හෝ අභිමත ධන හෝ සෘණ අයන්ට හා සංකීර්ණ සංඛ්‍යාවලට පවා විස්තාරණය වූ අවල්‍ය සමීකරණ වල විසඳුම් ලෙස වඩාත් පුළුල් ලෙස දැක්විය හැක.මේම ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට ගණිතයේ වැදගත් තැනැක් හිමි වෙයි.

View all selected articles Read More...

තෝරාගත් පින්තූරය

LogisticMap BifurcationDiagram.png
Credit: PAR

A bifurcation diagram for the logistic map, an archetypal example of how complex, chaotic behavior can arise from very simple non-linear dynamical equations.

...Archive Read more...

ප්‍රවර්ග

ඔබ දැන සිටියාද...

Did you know...

                                       

Showing {{{show}}} items out of {{{total}}} More did you know

විකිව්‍යාපෘති

ගණිතය විකීව්‍යාපෘති යනු විකිපීඩියාවෙහි  ගණිතය ආශ්‍රිත සංස්කරණ සදහා වූ මධ්‍යස්ථානයකි. මෙම ව්‍යාපෘතියේ සාකච්ඡා පිටුවෙහි සාකච්ඡාව සදහා එක්වන්න.

ව්‍යාපෘති පිටු

නිබන්ධන

උප ව්‍යාපෘති

ආශ්‍රිත ව්‍යාපෘති

ඔබට කළ හැකි දේවල්

ගණිතයේ මාතෘකාවන්

ප්‍රධාන පදනම් සංඛ්‍යා වාදය විවික්ත ගණිතය
Nuvola apps bookcase.svg
Set theory icon.svg
Nuvola apps kwin4.png


Nuvola apps atlantik.png
Analysis Algebra Geometry and topology Applied mathematics
Source
Arithmetic symbols.svg
Nuvola apps kpovmodeler.svg
Gcalctool.svg

ගණිත ලිපිවල සුචිය

ARTICLE INDEX: A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z 0-9
MATHEMATICIANS: A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ආශ්‍රිත ද්වාර


References

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ගණිතය&oldid=387672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි