2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය
රුසියානු යුක්‍රේන යුද්ධයෙහි කොටසකි
2022 Russian invasion of Ukraine.svg
28 මැයි 2022 වනවිට හමුදාමය තත්වය
   යුක්‍රේනය විසින් පාලනය වන ප්‍රදේශ
   රුසියාව සහ රුසියාවේ මිත්‍ර හමුදාවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ
(වඩාත් සවිස්තරාත්මක සිතියමක් සඳහා මෙම පිටුව බලන්න.)
දිනය24 පෙබරවාරි 2022 (2022-02-24) – වර්තමානය (මාස 3 ක් සහ දින 4 ක්)
ස්ථානයයුක්‍රේනය
තත්ත්වය

සිදුවෙමින් පවතින

රණපත්හු
ආඥාපතීන් සහ නායකයන්
ප්‍රබලතාව
  • රුසියාව රුසියාව:
    ~175,000[7]–190,000[8] (යුක්‍රේන දේශසීමාව අසළ)
  • ඩොනෙට්ස්ක් ම.ජ.:
  • 20,000[9]
  • ලුහාන්ස්ක් ම.ජ.:
  • 14,000[9]
  • යුක්‍රේනය යුක්‍රේනය:
  • 209,000 (සන්නද්ධ හමුදා)
  • 102,000 (පැරාමිලිටරි)
  • 900,000 (අතිරේක)[9]
ආපතිකයන් සහ හානියන්
ආපතිකයන් සහ හානි ගැන තොරතුරු වාර්තා අනුව වෙනස් වේ. වැඩි විස්තර සඳහා ආපතිකයන් සහ මානුෂීය බලපෑම බලන්න.

2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව එහි නිරිතදිග අසල්වැසියා වූ යුක්‍රේනය වෙත මහා-පරිමාණයේ ආක්‍රමණයක් දියත් කරන ලදී. 2014 ආරම්භ වූ රුසියානු-යුක්‍රේන යුද්ධයේ උච්ඡතම අවස්ථාව මෙය වෙයි. දෙවැනි ලෝක යුද්ධයට පසුව යුරෝපයේ ඇතිවූ විශාලතම සරණාගත අර්බුදය ඇති කළ[10][11] මෙම ආක්‍රමණය නිසා යුක්‍රේන ජාතිකයින් ලක්ෂ 43 කට රට හැරදා යාමට සිදු වූ අතර,[12] ජනගහනයෙන් හතරෙන් එකක් පමණ අවතැන් විය.[13][14]

2014 යුක්‍රේන විප්ලවයට අනතුරුව රුසියාව යුක්‍රේනයට අයත්ව තිබූ ක්‍රිමියානු අර්ධද්වීපය අත්පත් කරගන්නා ලද අතර, රුසියාව විසින් අනුබල ලත් බෙදුම්වාදී කණ්ඩායම් යුක්‍රේනයෙහි ඩොන්බාස් ප්‍රදේශයෙන් කොටසක් අත්පත් කර ගන්නා ලදී. මෙය ඩොන්බාස් යුද්ධයට හේතු විය.[15][16] 2021 මුල් භාගයේ සිටම රුසියාව තම හමුදාව යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රැස් කරන ලදි. ආක්‍රමණයට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ, 1997 න් පසු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඒ නිසා යුක්‍රේනය නේටෝ සංවිධානයට එකතු වීම තහනම් විය යුතු බවත් ය. මෙම චෝදනාව නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කොට ඇත.[17] මීට අමතරව යුක්‍රේනය නව-නාසිවාදීන් විසින් පාලනය කෙරෙන බවටත්, ඔවුන් යුක්‍රේනයෙහි සුලු ජනවර්ගයක් වන රුසියානු ජාතිකයින් හට වෙනස්කම් සිදු කරන බවටත්[18] පුටින් අසත්‍ය[19] චෝදනා එල්ල කළේය.

ආක්‍රමණයට දින කිහිපයකට පෙර රුසියාව විසින් ඩොන්බාස් හී බෙදුම්වාදීන් පිහිටුවා ගත් ස්වයං-ප්‍රකාශිත රාජ්‍යයන් දෙකක් (ඩොනෙට්ස්ක් මහජන ජනරජය සහ ලුහාන්ස්ක් මහජන ජනරජය) ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගනු ලැබීය.[20] 2021 පෙබරවාරි 21 වැනිදා රුසියානු සන්නද්ධ හමුදා නැගෙනහිර යුක්‍රේනයට ඇතුලු විය. පෙබරවාරි 22 වැනිදා රුසියානු සෙනට් සභාව විසින් ජනපති ව්ලැදිමිර් පුටින් හට රුසියාවෙන් පිටත දී හමුදා බලය භාවිතා කිරීමට ඒකමතිකව අනුමැතිය ලබා දෙන ලදි.

පෙබරවාරි 24 වැනිදා නැගෙනහිර යුරෝපානු වේලාවෙන් (UTC+2) 05:00 ට පමණ (මොස්කව් වේලාවෙන් 06:00)[21] රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයෙහි "විශේෂ හමුදා මෙහෙයුමක්" පිළිබඳව නිවේදනය කරන ලදී. එහි අරමුණ ලෙස ඔහු ප්‍රකාශ කලේ "යුක්‍රේනය මිලීටරීකරණයෙන් සහ නාසිවාදීන්ගෙන් මුදාගැනීම" යි.[22][23] මිනිත්තු කිහිපයකට පසු යුක්‍රේනයෙහි අගනුවර වන කීව් ඇතුලුව රට පුරා ස්ථාන ගණනාවකට මිසයිල ප්‍රහාර එල්ල වුනි.[24][25] යුක්‍රේන දේශ සීමා ආරක්ෂක සේවාව වාර්තා කළේ යුක්‍රේනයේ රුසියානු සහ බෙලාරූස් දේශසීමා මුරපළවල් ප්‍රහාරයට ලක් වූ බවයි. පැය දෙකකට පසුව, රුසියානු පාබල හමුදාව විවිධ දිශාවලින් යුක්‍රේනයට ඇතුලු විය. මෙයට ප්‍රතිචාර ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සේනා බලමුලු ගන්වා, යුද්ධ නීතිය පැනවූ අතර, රුසියාව සමග රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා අත් හැරීය.[26][27] රුසියාව තුල යුද්ධයට එරෙහිව සිදු කළ විරෝධතා වල ප්‍රතිඵලය වූයේ සමූහ අත්-අඩංගුවට ගැනීම් ය.

රුසියානු හමුදාව රුසියාවේ, බෙලාරූසයේ සහ යුක්‍රේනයේ අත්පත් කරගත් ප්‍රදේශ (ක්‍රිමීයාව සහ ඩොන්බාස්) වල සිට යුක්‍රේනය තුලට ආක්‍රමණ සිදු කළහ. ප්‍රධාන වශයෙන් කීව් නගරය, ඊසාන යුක්‍රේනය, නැගෙනහිර යුක්‍රේනය, සහ දකුණු යුක්‍රේනය ආක්‍රමණය කෙරුනි. මීට අමතරව බටහිර යුක්‍රේනයටද රුසියානු ගුවන් යානා සහ මිසයිල ප්‍රහාර එල්ල විය. රුසියානු හමුදාවන් මේ වනවිට චර්නිහිව්, කාර්කිව් (හාර්කිව්), කර්සොන් (හර්සොන්), කීව්, මරියපෝල් සහ සුමි යන නගර වෙත ළඟා වී හෝ, ඒවා වටලා හෝ ඇත. යුක්‍රේන හමුදා වල දැඩි ප්‍රතිවිරෝධය රුසියානු හමුදාවේ ප්‍රගතිය අඩු කිරීමට සමත් විය. ආක්‍රමණයට සති තුනකට පසුව, රුසියානු හමුදාවන්ට දකුණු යුක්‍රේනයෙහි වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුනි. 2022 මාර්තු මස අග දී, රුසියානු හමුදාවෝ විනාශයට පත් වූ ජනාවාස සහ සිවිල් වැසියන්ට එරෙහි සාහසික ක්‍රියා පිළිබඳ සාක්ෂි ඉතිරි කර, කීව් නගරයෙන් ඉවත් වී ඩොන්බාස් වෙත නැවත අවධානය යොමු කළහ.

ආක්‍රමණය ජාත්‍යන්තර වශයෙන් හෙළාදකිනු ලැබීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙම ආක්‍රමණය හෙළා දකිමින් යෝජනාවක් ඉදිරිපත් කොට රුසියාවට යුක්‍රේනයෙන් ඉවත් වන ලෙස බල කරන ලදී. ජාත්‍යන්තර අධිකරණය රුසියාවට හමුදා මෙහෙයුම් කිරීම නවත්වන ලෙස නියෝග කරන ලද අතර, යුරෝපීය කවුන්සිලයෙන් රුසියාව ඉවත් කරන ලදී. බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවන ලද අතර, එමගින් රුසියාවේ සහ ලෝකයේ ආර්ථිකයට බලපෑම් ඇති විය. මීට අමතරව, යුක්‍රේනයට මානුෂීය සහ හමුදාමය ආධාර ලබා දෙන ලදී. ලෝකය පුරා විරෝධතා ඇතිවූ අතර, රුසියාව තුල ඇතිවූ විරෝධතා වලට රුසියානු රජයේ ප්‍රතිචාරය වූයේ සමූහ-අත්අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය වාරණය කිරීම් ය. "යුද්ධය" සහ "ආක්‍රමණය" යන වචන භාවිතා කිරීම තහනම් කිරීම ද මෙයට අයත් විය. පෞද්ගලික ආයතන ගණනාවක්ම තම නිෂ්පාදන රුසියාවෙන් සහ බෙලාරූසයෙන් ඉවත් කරගන්නා ලදී. රුසියානු රාජ්‍ය-අනුග්‍ර්‍රහ ලත් මාධ්‍ය ආයතනවලට විකාශනය තහනම් කරන ලද අතර, ඒවා අන්තර්ජාලයෙන් ද ඉවත් කෙරුනි. රුසියාවට එරෙහි යුධ අපරාද චෝදන පිළිබඳව ජාත්‍යන්තර අධිකරණය විමර්ශනයක් ආරම්භ කරන ලදී.

පසුබිම[සංස්කරණය]

පශ්චාත් සෝවියට් සමය සහ තැඹිලි විප්ලවය[සංස්කරණය]

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, රුසියාව සහ යුක්‍රේනය අතර සමීප සබඳතා පවත්වා ගැනුනි. 1994 දී න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම ට එකඟ වූ යුක්‍රේනය, ඔවුන් සතුව තිබූ පැරණි සෝවියට් න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන ලදී. 1999 දී ඇතිවූ යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රඥප්තියෙහි එක් අත්සන්කරුවෙකු වූයේ රුසියාවයි. එම ප්‍රඥප්තියට අනුව "සෑම රාජ්‍යයකටම තම ආරක්ෂක විධිවිධාන, එනම් සන්ධාන සහ ගිවිසුම් ඇති කරගැනීම වැනි දෑට නිසගයෙන් ඇති අයිතිය තහවුරු කරනු" ලැබෙයි. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු වසර කිහිපයක් ඇතුලත පෙරදී සෝවියට් සංගමයේ සිටි රටවල් කිහිපයක් ම නේටෝ සංවිධානයට එකතු විය. මෙයට අඩවශයෙන් හේතුවක් වූයේ, 1993 රුසියානු ව්‍යවස්ථාමය අර්බුදය, ඇබ්කාසියා යුද්ධය (1992-1993) සහ පළමු චෙචෙන් යුද්ධය (1994-1996) වැනි ප්‍රාදේශිය වශයෙන් ආරක්ෂාවට ඇතිවූ තර්ජනයි. රුසියානු නායකයන් මෙය දුටුවේ, නේටෝ සංවිධානය නැගෙනහිර දෙසට ව්‍යාප්ත නොවන බවට බටහිර බලවතුන් ලබාදුන් නිළ නොවන සහතිකය උල්ලංඝනය කිරීමක් ලෙසය.

2004 යුක්‍රේන ජනාධිපතිවරණය මතභේදාත්මක විය. එක් ජනාධිපති අපේක්ෂකයෙකු වූ වික්ටර් යුෂ්චෙන්කෝ ගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර දී ඔහුට TCDD ඩයොක්සීන් විෂ ශරීර ගත වී තිබුනි. මෙයට රුසියාවේ සම්බන්ධයක් ඇතැයි යුෂ්චෙන්කෝ පසුව හඟවා ඇත. මැතිවරණ නිරීක්ෂකයන් විසින් ඡන්ද වංචාවක් පිළිබඳ චෝදනා කර තිබියදීම, නොවැම්බර් මාසයේ දී රුසියාවට-පක්ෂ වික්ටර් යනුකොවිච් ජනාධිපති තනතුරට තේරී පත් විය. මෙයට විරුද්ධව ඉන් පසු මාස දෙකක් තුල යුක්‍රේනයෙහි විශාල වශයෙන් සාමකාමී විරෝධතා ඇති විය. මෙය "තැඹිලි විප්ලවය" (Orange Revolution) ලෙස හැඳින්විනි. මැතිවරණ වංචා කිරීම් නිසා යුක්‍රේන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරවන ලදී. ඉන් පසු සිදු කෙරුනු දෙවැනි ඡන්ද විමසීමෙන් යුෂ්චෙන්කෝ ජනපති තනතුරට පත් විය. රුසියානු හමුදා නායකයින් තැඹිලි විප්ලවය ඇතුලු පශ්චාත්-සෝවියට් රාජ්‍යයන් තුල ඇතිවූ එවැනි විප්ලවයන් දුටුවේ රුසියාවේ ජාතික ආරක්ෂාවට හානි කිරීම පිනිස බටහිර රාජ්‍යයන් විසින් ඇති කරන ලද ඒවා ලෙසය.

2008 පැවති බුක්රස්ට් සම්මේලනයේදී යුක්‍රේනය සහ ජෝර්ජියාව නේටෝ සංවිධානයට එකතු වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලදී. මෙයට විවිධ නේටෝ සාමාජිකයින් දැක්වූ ප්‍රතිචාරය වෙනස් විය; රුසියාව සමග අමනාපකම් ඇති කරගැනීම වැලැක්වීම පිනිස බටහිර යුරෝපානු රටවල් මෙයට විරුද්ධ වූ නමුත්, එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ඔවුන් නේටෝවට එකතු කරගැනීමට බල කළේය. අවසානයේදී නේටෝ සංවිධානය යුක්‍රේනයට සහ ජෝර්ජියාවට සාමාජිකත්වය ලබා දීම කල් දැමීය. එහෙත් කෙදිනක හෝ "එම රටවල් නේටෝ සාමාජිකයන් වනු ඇතැයි" යනුවෙන් ප්‍රකාශයක් ද සිදු කරන ලදී. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේනය සහ ජෝර්ජියාව නේටෝ සාමාජිකත්වය ඉල්ලීම පිළිබඳ ප්‍රබල විරෝධයක් දැක්වීය. 2019 පෙබරවාරි 7 වැනිදා යුක්‍රේන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනය මගින් එරටෙහි දීර්ඝ කාලීන අරමුණ "යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට එකතු වීම" යනුවෙන් වෙනස් කරන ලදී. කෙසේ වුවද, 2022 ආක්‍රමණයට පෙර මාස කිහිපය තුල, යුක්‍රේනය නේටෝවට එකතු කරගැනීමට තිබූ ඉඩකඩ ඉතා අල්ප විය.

පූර්විකාව[සංස්කරණය]

ආක්‍රමණය සහ ප්‍රතිරෝධය[සංස්කරණය]

විදේශීය හමුදා මැදිහත්වීම්[සංස්කරණය]

ආපතිකයන් සහ මානුෂීය බලපෑම[සංස්කරණය]

විශ්ලේෂණය ආපතිකයන් කාල පරිච්ඡේදය මූලාශ්‍රය
සිවිල් වැසියන් මරණ 23,717–23,944+ 2022 පෙබරවාරි 24 – අප්‍රේල් 12 යුක්‍රේන රජය[lower-alpha 5]
අවම වශයෙන් මරණ 1,932 , තුවාල වූ 2,589 2022 පෙබරවාරි 24 – අප්‍රේල් 12 එක්සත් ජාතීන්[28]
යුක්‍රේන හමුදාවන්(UAF, NGU) මරණ 1,300 2022 පෙබරවාරි 24 – මාර්තු 12 යුක්‍රේන රජය[29]
මරණ 2,000–4,000 2022 පෙබරවාරි 24 – මාර්තු 9 එක්සත් ජනපදයේ ඇස්තමේන්තුව[30]
මරණ 14,000, තුවාල වූ 16,000 2022 පෙබරවාරි 24 – මාර්තු 25 රුසියානු රජය[31]
රුසියානු සන්නද්ධ හමුදා මරණ 1,351, තුවාල වූ 3,825[lower-alpha 6] 2022 පෙබරවාරි 24 – මාර්තු 25 රුසියානු රජය[31]
ඩොනෙට්ස්ක් ම.ජ. හමුදා මරණ 979, තුවාල වූ 4,265 2022 පෙබරවාරි 24 – අප්‍රේල් 7 ඩොනෙට්ස්ක් ම.ජ.[lower-alpha 7]
ලුහාන්ස්ක් ම.ජ. හමුදා මරණ 500+ 2022 පෙබරවාරි 24 – අප්‍රේල් 5 රුසියානු රජය[lower-alpha 8]
රුසියානු සහ රුසියාවට පක්ෂ හමුදා(RAF, රොස්ග්වාර්ඩියා,

වැග්නර් , DPR & LPR)

ආපතිකයන් 30,000–40,000[lower-alpha 9] 2022 පෙබරවාරි 24 – මාර්තු 23 නේටෝ ඇස්තමේන්තුව[41]
මරණ 10,000+ 2022 පෙබරවාරි 24 – මාර්තු 30 එක්සත් ජනපදයේ ඇස්තමේන්තුව[42]
මරණ හෝ තුවාල වූ 19,800 2022 පෙබරවාරි 24 – අප්‍රේල් 10 යුක්‍රේන රජය[43]

යුක්‍රේන රජයෙහි ඇස්තමේන්තු වල රුසියානු හමුදාවට සිදු වූ හානි වැඩි කර දක්වා තිබෙන අතර, රුසියානු රජය තමන්ට සිදු වූ හානි අඩු කර පෙන්වීමට උත්සාහ කර ඇති බව පෙනීයයි. යුධ මරණ තක්සේරු කිරීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප සහ යුධ ගැටුම් වල පින්තූර හා වීඩියෝ පට වැනි දෑ යොදාගැනෙයි. ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ 'සාමය සහ ගැටුම් පර්‍යේෂණ' දෙපාර්තමේන්තුවෙහි පර්‍යේෂකයෙකු පවසන පරිදි යුක්‍රේන රජය ජනතාවගේ සහ හමුදාවේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ අරමුණින් වැරදි තොරතුරු ප්‍රචාරණය කිරීමේ ව්‍යාපාරයක නිරත වී ඇති අතර බටහිර මාධ්‍ය කැමැත්තෙන් එම වැරදි තොරතුරු ප්‍රචාරය කොට තිබේ. රුසියාව තම හමුදාවන්ට වූ හානි අඩු කර පෙන්වීමට උත්සාහ කර ඇති අතර, යුක්‍රේනය තම හමුදාවන්ට වූ හානි ගැන වඩාත් නිශ්ශබ්ද විය. යුක්‍රේන රජයෙහි ප්‍රකාශයන් සත්‍යය ලෙස පිළිගැනීම ගැන විශ්ලේෂකයෝ අනතුරු හඟවති.

යුද්ධයත් සමග ඇතිවූ අවිනිශ්චිත වාතාවරණය නිසා සිවිල් සහ හමුදා මරණ නිශ්චිත ලෙස හඳුනාගැනීම අපහසු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ සිවිල් මරණ සහ තුවාල වීම් ප්‍රමාණය ඔවුන් අනුමාන කරන ප්‍රමාණයට වඩා සැළකිය යුතු තරමකින් වැඩි බවයි.

නීතිමය තත්වය[සංස්කරණය]

සාමය සඳහා ප්‍රයත්න[සංස්කරණය]

මාධ්‍ය නිරූපනය[සංස්කරණය]

සම්බාධක සහ ප්‍රතිවිපාක[සංස්කරණය]

ප්‍රතිචාර[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 ඩොනෙට්ස්ක් මහජන ජනරජය සහ ලුහාන්ස්ක් මහජන ජනරජය යනු 2014 මැයි මස නිදහස ප්‍රකාශ කරන ලද බෙදුම්වාදී රාජ්‍යයන් දෙකකි. ඒවා ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගෙන ඇත්තේ දකුණු ඔසේටියාව සහ රුසියාව (2022 සිට) පමණි.[1][2][3]
  2. ඇතැම් රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුලු වූයේ බෙලාරූස්හි සිටය.[4] තවද බෙලාරූස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම් බෙලාරූස් හමුදාවද ආක්‍රමණයට එකතු වන බවය.[5]
  3. ට්‍රානිස්ට්‍රියාවෙහි ස්වාධීනත්වය මතභේදාත්මකය. එය තමා ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කළද, එය ස්වාධීන රටක් ලෙස අනෙක් කිසිම රටක් පිළිගෙන නැත. මෝල්ඩෝවානු රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව පිළිගනුයේ ට්‍රානිස්ට්‍රියාව මෝල්ඩෝවා රාජ්‍යයට අයත් බලප්‍රදේශයක් ලෙසය.
  4. යුක්‍රේනය ඉලක්ක කෙරුනු ඇතැම් මිසයිල ට්‍රානිස්ට්‍රියාවෙන් දියත් කෙරුනා යැයි සැක කෙරේ.[6]
  5. මෙහි වගුව බලන්න
  6. Includes only servicemen of the Russian Armed Forces,[32] while an additional 13 Rosgvardiya members were confirmed to have been killed,[33][34][35][36] with more reported dead.[37]
  7. 2022 ජනවාරි 1 සිට අප්‍රේල් 7 දක්වා, ඩොනෙට්ස්ක් මහජන ජනරජයෙහි සෙබලුන් 992 ක් මියගිය බවත් 4,315 ක් තුවාල වී ඇති බවත් එම රජය ප්‍රකාශ කොට ඇත. ඉන් 979 ක් මියගොස් ඇත්තේ හා 4,265 ක් තුවාල ලබා ඇත්තේ පෙබරවාරි 24 ආක්‍රමණයට පසුවයි.[38][39] leaving a total of 979 killed and 4,265 wounded in the period of the Russian invasion.
  8. ඩොනෙට්ස්ක් මහජන ජනරජයෙහි සහ ලුහාන්ස්ක් මහජන ජනරජයෙහි සෙබළුන් 1,500 ක් මියගිය බව රුසියාව ප්‍රකාශ කර ඇත.[40]
  9. Including 7,000–15,000 killed, as well as wounded, missing and captured.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "South Ossetia recognises independence of Donetsk People's Republic". Information Telegraph Agency of Russia. 27 June 2014. Archived from the original on 17 November 2016. Retrieved 31 January 2022.
  2. Alec, Luhn (6 November 2014). "Ukraine's rebel 'people's republics' begin work of building new states". The Guardian (in ඉංග්‍රීසි). Donetsk. Archived from the original on 26 January 2022. Retrieved 31 January 2022. The two 'people's republics' carved out over the past seven months by pro-Russia rebels have not been recognised by any countries, and a rushed vote to elect governments for them on Sunday was declared illegal by Kiev, Washington and Brussels.
  3. "Общая информация" [General Information]. Official site of the head of the Lugansk People's Republic (in රුසියානු). Archived from the original on 12 March 2018. Retrieved 11 March 2018. 11 июня 2014 года Луганская Народная Республика обратилась к Российской Федерации, а также к 14 другим государствам, с просьбой о признании её независимости. К настоящему моменту независимость республики признана провозглашенной Донецкой Народной Республикой и частично признанным государством Южная Осетия. [On 11 June 2014, the Luhansk People's Republic turned to the Russian Federation, as well as to 14 other states, with a request to recognise its independence. To date, the republic's independence has been recognised by the proclaimed Donetsk People's Republic and the partially recognised state of South Ossetia.]
  4. 4.0 4.1 Lister, Tim; Kesa, Julia (24 February 2022). "Ukraine says it was attacked through Russian, Belarus and Crimea borders". CNN. Kyiv. Archived from the original on 24 February 2022. Retrieved 24 February 2022.
  5. "Belarusian troops could be used in operation against Ukraine if needed, Lukashenko says". Reuters. 25 February 2022. Archived from the original on 25 February 2022. Retrieved 25 February 2022.
  6. Intellinews, bne (24 February 2022). "Moldova tightens security after explosions heard close to Russia-backed Transnistria". bne Intellinews (in English). bne Intellinews. Archived from the original on 24 February 2022. Retrieved 24 February 2022. Residents of the Russia-backed separatist republic of Transnistria in eastern Moldova and towns in territory controlled by Chisinau reported hearing explosions earlier today. Social media was flooded with reports of loud blasts, which were initially thought to have been an attack from within Transnistria, where Russia has around 1,500 troops, on Ukraine. A video described as a rocket attack from Transnistria has been circulating on Twitter.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  7. Barnes, Julian E.; Crowley, Michael; Schmitt, Eric (10 January 2022). "Russia Positioning Helicopters, in Possible Sign of Ukraine Plans". The New York Times (in ඉංග්‍රීසි). Archived from the original on 22 January 2022. Retrieved 20 January 2022. American officials had expected additional Russian troops to stream toward the Ukrainian border in December and early January, building toward a force of 175,000.
  8. Bengali, Shashank (18 February 2022). "The U.S. says Russia's troop buildup could be as high as 190,000 in and near Ukraine". The New York Times (in ඇමෙරිකානු ඉංග්‍රීසි). Archived from the original on 18 February 2022. Retrieved 18 February 2022.
  9. 9.0 9.1 9.2 The military balance 2021. Abingdon, Oxon: International Institute for Strategic Studies. 2021. ISBN 978-1032012278.
  10. Blake, Daniel Keane, Elly (15 March 2022). "What is the Homes for Ukraine refugees scheme and how do you apply?". Evening Standard. Retrieved 15 March 2022.
  11. "Ukrainian exodus could be Europe's biggest refugee crisis since World War II". El Pais. 3 March 2022.
  12. "Situation Ukraine Refugee Situation". United Nations High Commissioner for Refugees. Retrieved 15 March 2022.
  13. Ratcliffe, Rebecca; Clayton, Abené; Gabbatt, Adam; Chao-Fong, Léonie; Lock, Samantha; Ambrose, Tom (19 March 2022). "Biden outlines 'consequences' if China aids Russia – as it happened". The Guardian. ISSN 0261-3077. Archived from the original on 18 March 2022. Retrieved 28 March 2022.
  14. "Ukraine war: Putin being misled by fearful advisers, US says". BBC News. 31 March 2022. Retrieved 31 March 2022.
  15. Kirby, Jen (28 February 2022). "Putin's invasion of Ukraine, explained". Vox. Retrieved 28 February 2022.
  16. "Conflict in Ukraine". Global Conflict Tracker. Council on Foreign Relations. 28 February 2022. Retrieved 28 February 2022.
  17. "NATO-Russia relations: the facts". NATO. 27 January 2022. Retrieved 1 March 2022. NATO is a defensive alliance. Our purpose is to protect our member states. Every country that joins NATO undertakes to uphold its principles and policies. This includes the commitment that 'NATO does not seek confrontation and poses no threat to Russia,' as reaffirmed at the Brussels Summit this year. NATO enlargement is not directed against Russia. Every sovereign nation has the right to choose its own security arrangements. This is a fundamental principle of European security, one that Russia has also subscribed to and should respect. In fact, after the end of the Cold War, Russia committed to building an inclusive European security architecture, including through the Charter of Paris, the establishment of the OSCE, the creation of the Euro-Atlantic Partnership Council, and the NATO-Russia Founding Act.
  18. Abbruzzese, Jason (24 February 2022). "Putin says he is fighting a resurgence of Nazism. That's not true". NBC News. Archived from the original on 24 February 2022. Retrieved 24 February 2022.
  19. Tabarovsky, Izabella; Finkel, Evgeny (27 February 2022). "Statement on the War in Ukraine by Scholars of Genocide, Nazism and World War II". The Jewish Journal of Greater Los Angeles. Retrieved 6 April 2022.
  20. Hernandez, Joe (23 February 2022) [22 February 2022]. "Why Luhansk and Donetsk are key to understanding the latest escalation in Ukraine". Photograph by Aleksey Filippov (Agence-France Presse) via Getty Images. NPR. Retrieved 28 February 2022.
  21. Nikolskaya, Polina; Osborn, Andrew (24 February 2022). "Russia's Putin authorises 'special military operation' against Ukraine". Reuters. Retrieved 4 March 2022.
  22. Grunau, Andrea; von Hein, Matthias; Theise, Eugen; Weber, Joscha (25 February 2022). "Fact check: Do Vladimir Putin's justifications for going to war against Ukraine add up?". Deutsche Welle. Retrieved 7 March 2022.
  23. Waxman, Olivia B. (3 March 2022). "Historians on What Putin Gets Wrong About 'Denazification' in Ukraine". Time. Retrieved 6 March 2022.
  24. "Russia attacks Ukraine". CNN. 24 February 2022. Archived from the original on 24 February 2022. Retrieved 24 February 2022.
  25. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; kirbyBBC නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  26. "Ukrainian president signs decree on general mobilisation of population -Interfax". Reuters. 24 February 2022. Archived from the original on 25 February 2022. Retrieved 25 February 2022.
  27. "Zelensky signs decree declaring general mobilization". Interfax-Ukraine. 25 February 2022. Archived from the original on 25 February 2022. Retrieved 25 February 2022.
  28. "Ukraine: civilian casualty update 13 April 2022". එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය. 13 April 2022. Retrieved 13 April 2022.
  29. "Around 1,300 Ukrainian troops killed since start of Russian invasion". The Jerusalem Post. 12 March 2022. Retrieved 12 March 2022.
  30. "Up to 6,000 Russians may have been killed in Ukraine so far, U.S. official estimates". CBS News. 9 March 2022. Retrieved 9 March 2022.
  31. 31.0 31.1 "Russian army says 1,351 soldiers killed in Ukraine". Al Arabiya. 25 March 2022. Retrieved 25 March 2022.
  32. "Russia says 1,351 soldiers died in Ukraine". Stars and Stripes. Associated Press. 25 March 2022. ISSN 0894-8542. OCLC 8777119. Archived from the original on 29 March 2022. Retrieved 29 March 2022.
  33. "Trending news: Commander of Kuzbass SOBR killed in military operation in Ukraine - The Moscow Times". Hindustan News Hub. 28 February 2022.
  34. "Chechnya's Ramzan Kadyrov says his fighters killed in Ukraine". Al Arabiya. AFP. 1 March 2022. Archived from the original on 22 March 2022. Retrieved 29 March 2022.
  35. "Funerals for 3 Russian police officers killed in Uraine". euronews. 12 March 2022.
  36. "12 National Guards Appeal Dismissal For Refusing To Invade Ukraine". The Moscow Times. 25 March 2022. OCLC 1097137921. Archived from the original on 26 March 2022. Retrieved 29 March 2022.
  37. "'Sent As Cannon Fodder': Locals Confront Russian Governor Over 'Deceived' Soldiers In Ukraine". RadioFreeEurope/RadioLiberty.
  38. Обзор социально-гуманитарной ситуации, сложившейся на территории Донецкой Народной Республики вследствие военных действий в период с 02 по 08 апреля 2022 г. [Overview of the social and humanitarian situation that has developed on the territory of the Donetsk People's Republic as a result of military operations in the period from 2 to 8 April 2022]. Human Rights Ombudsman in the Donetsk People's Republic (in රුසියානු). 8 April 2022. Retrieved 8 April 2022.
  39. "The overview of the current social and humanitarian situation in the territory of the Donetsk People's Republic as a result of hostilities in the period from 19 and 25 February 2022". Human Rights Ombudsman in the Donetsk People's Republic. 12 February 2022. Retrieved 21 March 2022.
  40. Новости, Р. И. А. (5 April 2022). Буча и концентрированное зло: последний аргумент против русских. РИА Новости (in රුසියානු).
  41. Michaels, Daniel (23 March 2022). "NATO: Up to 40,000 Russian Troops Killed, Wounded, Taken Prisoner or Missing in Ukraine". The Wall Street Journal. Archived from the original on 23 March 2022. Retrieved 23 March 2022.
  42. "What next for Russia?". The Economist. 2 April 2022. Retrieved 6 April 2022.
  43. "Casualties of Russian forces in Ukraine total 19,800, 158 planes, 739 tanks destroyed". Interfax-Ukraine. 13 April 2022. Retrieved 13 April 2022.