වරාහ දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වරාහ දේවාලය
ඛජුරාහෝවේ වරාහ දේවාලය
ඛජුරාහෝවේ වරාහ දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

ඛජුරාහෝවේ වරාහ දේවාලය (දේවනගරි: वराह मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ සූකර අවතාරයක් ලෙස සැලකෙන වරාහගේ දැවැන්ත ඒක ශිලා ප්‍රතිමාවක් මැදි කොට තැනූ හින්දු දේවාලයකි. මෙම දේවාලය තුළ වරාහ සම්පූර්ණයෙන්ම සත්ත්ව ස්වරූපයෙන් යුතුව දක්වා ඇත. මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝ ස්මාරක සමූහයේ බටහිර දේවාල සංකීර්ණය තුළ ය. 1986දී යුනෙස්කෝව විසින් ඛජුරාහෝ දේවාල සංකීර්ණය ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.[1][2] ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.[1]

වරාහ (සංස්කෘත: वराह) යනු විෂ්ණු දෙවියන්ගේ තුන්වන අවතාරයයි. එය වරාහයකු (වල් ඌරකුගේ) ස්වරූපයෙන් යුක්ත ය.

පුරාවෘත්තය[සංස්කරණය]

විෂ්ණු දෙවියන්ගේ සූකර වේශයෙන් පෙනී සිටියේ හිරන්‍යාක්ෂ නැමැති රාක්ෂසයා පරාජය කීරීමටයි. හිරන්‍යාක්ෂ විසින් පෘථිවිය (පෘථිවි) නතු කරගෙන එය විශ්වීය සාගරයේ පත්ළ යනුවෙන් විස්තර වන ප්‍රදේශය කරා රැගෙන ගියේ ය. අනතුරුව වරාහ සහ හිරන්‍යාක්ෂ අතර යුද්ධයක් ඇති වූ අතර, එය වසර දහසක් පමණ පැවතියේ ය. එයින් ජය ගැනීමට වරාහ සමත් විය. විශ්වීය සාගරයෙන් පෘථිවිය සිය දළ දෙක අතර රඳවා ගෙන පැමිණි වරාහ එය විශ්වය තුළ පැවතිය යුතු ස්ථානයෙහි ස්ථාපනය කරවී ය. සිය අවතාරය තුළ විෂ්ණු පෘථිවි (භූදේවි) සමග විවාහ වේ.

වරාහ පුරාණ යනු වරාහ විසින් ගායනා කළේ යැයි පැවසෙන කථන විලාසයකින් යුත් පුරාණ ග්‍රන්ථයකි.

නිරූපණය[සංස්කරණය]

වරාහ නිරූපණය කොට ඇත්තේ සම්පූර්ණයෙන්ම සත්ත්ව වේශයෙන් හෝ මිනිස්-සත්ත්ව විලාසයෙනි. මිනිස්-සත්ත්ව විලාසයෙන් නිරූපණයේ දී සූකරයකුගේ හිසක් සහ මිනිස් සිරුරක් සහිතව නිරූපණය කිරීම සිදු විය. එම ස්වරූපයේ දී ඔහුට අත් සතරක් සහිත වූ අතර, ඉන් දෙකකින් චක්‍රයක් සහ සක් ගෙඩියක් දරා සිටියි. අනෙක් අත් යුගළෙන් සෙංකෝලයක්, අසිපතක් හෝ නෙළුම් මලක් හෝ ආශිර්වාද ස්වරූපයෙන් යුතු මුද්‍රාවක් නිරූපණය කිරීම සිදු විය. වරාහයාගේ හිසෙහි දළ දෙක අතර පෘථිවිය රඳවා තිබෙනු දැකගත හැක.

වරාහ දේවාල ගොඩනැගිල්ල ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් ලෙස සැලකෙන ඛජුරාහෝ ස්මාරක සමූහයේ ස්මාරක අතුරින් එකකි. මෙය ක්‍රි.ව. 900-925 අවට කාලයට අයත් යැයි විශ්වාස කෙරේ.[1] දේවාල සංකීර්ණය ඇතුළත වරාහ දේවාලය පිහිටියේ ලක්ෂ්මී දේවාලයට යාබදව (දකුණින්) සහ ලක්ෂ්මණ දේවාලයට මුහුණලා ය.

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

උස් වූ වේදිකාවක් මත ඉදි කළ වරාහ දේවාලය[1] සරල සහ චාම් ස්වභාවයක් ගනියි. මෙහි ඉහළට යත්ම ක්‍රමයෙන් කුඩා වන පේසාවලින් යුත් පිරමිඩාකාර පියස්සක් සහිත ආයත මන්ඩපයක් ද්කනට ලැබේ. මෙම පියස්ස චාම් කුළුණු දාහතරක් මත ගොඩනගා තිබේ.[1] දේවාලය සම්පූර්ණයෙන්ම ගොඩනගා ඇත්තේ වැලිගල් පාෂාණයෙනි.[1]

මෙහි ඇති වරාහගේ ප්‍රතිමා මීටර 2.6ක් දිගැති ය.[1] එහි උස මීටර 1.7කි.[1] මෙම දැවැන්ත ප්‍රතිමාව තනි වැලිගල් කුට්ටියකින් නෙළා තිබීම විශේෂත්වයකි. ප්‍රතිමාවේ සම්පූර්ණ සිරුර පුරාම විවිධ රූ දක්නට ලැබේ. (පහත පින්තූරය බලන්න) වරාහයාගේ නාසය සහ මුඛය අතර කැටයම් කොට ඇති රුව මගින් සිය දෑතෙහි වීණාවක් දරා සිටින දේවතාවියකගේ (සරස්වතී) රුවක් නිරූපණය වේ.

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 "Archaeological Survey of India (ASI) - Varaha Temple". Archaeological Survey of India (ASI). Retrieved 21 March 2012. |first= missing |last= (help)
  2. "World Heritage Day: Five must-visit sites in India".

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වරාහ_දේවාලය,_ඛජුරාහෝ&oldid=414269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි