චෞසත් යෝගිනී දේවාලය, ඛජුරාහෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
චෞසත් යෝගිනී දේවාලය
चौसठ योगिनी मन्दिर
Khajuraho,Chausath-Yogini-Tempel.jpg
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Madhya Pradesh" does not exist.
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°50′58″N 79°55′05″E / 24.8495199°N 79.9181333°E / 24.8495199; 79.9181333ඛණ්ඩාංක: 24°50′58″N 79°55′05″E / 24.8495199°N 79.9181333°E / 24.8495199; 79.9181333
අනුබැඳියාවශක්තිවාදය
දේවතාවාදේවි
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ස්ථාපිත දිනයක්‍රි.ව. 9වන සියවස

චෞසත් යෝගිනී දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි නටබුන් දේවාලයකි. දේවි දෙවඟන වෙනුවෙන් පිදූ දේවාලයක් වන මෙය ඛජුරාහෝ පවතින වඩාත් පැරණිතම දේවාලය ද වේ. වෙනත් ප්‍රදේශවල හමුවන චෞසත් යෝගිනී දේවාල මෙන් නොව, මෙම දේවාලයට ඇත්තේ ඍජුකෝණාස්‍රාකාර බිම් සැලැස්මකි.

ඉතිහාසය[සංස්කරණය]

චෞසත් යෝගිනී දේවාලය ඉදිවූ කාලසීමාව ලෙස ආසන්න වශයෙන් ක්‍රි.ව. 885 වර්ෂය සැලකිය හැක.[1] චන්දේල අගනුවර වූ ඛජුරාහෝවේ පිහිටි වඩාත් පැරණිතම දේවාලය ද මෙය වේ.[2] ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණය මගින් මෙම දේවාලය ජාතික වැදගත්කමක් ඇති ස්මාරකයක් ලෙස වර්ගීකරණය කොට ඇත.[3]

චන්දේලවරුන්ගේ හෝ ඔවුන්ගේ වැඩවසම් භුක්ති ප්‍රදේශ අවට පිහිටා තිබූ බාදෝ, භේදාඝාට් දුදාහි, ලෝඛාරි, හින්ග්ලාජාර්, මිතාඔලි, නරේසාර් සහ රිඛියාන් යන ප්‍රදේශවලින් ද යෝගිනී දේවාලවල නටබුන් හමු වී ඇත. මේ අනුව පෙනෙන්නේ චන්දේල භූමිය තුළ යෝගිනියන් වන්දනාව වඩාත් ප්‍රචලිතව පැවති බවයි. චෞසත් යෝගිනී දේවාල කපාලිකා සහ [‍[කෞල]] නිකායයන් හා සම්බන්ධ ය.[4]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

වන්දනා කුටීර

මෙම දේවාල පිහිටියේ බටහිර දේවාල සමූහය තුළ 5.4 m උසැති වේදිකාවක් මත ය.[5] මෙහි බිම් සැලැස්ම ඍජුකෝණාස්‍රාකාර ස්වරූපයක් ගන්නා අතර එහි මිනුම්, 31.4 m x 18.3 m පරිදි වේ.[5][2] ඉන්දියාව පුරා තවත් ඓතිහාසික චෞසත් යෝගිනී දේවාල දාහතරක් හමුවී ඇති නමුත්, ඉන් ඍජුකෝණාස්‍රාකාර සැලැස්මක් සහිත වන්නේ ඛජුරාහෝවේ ඇති දේවාලයේ පමණි. සෙසු දේවාල වෘත්තාකාර බිම් සැලැස්මකින් සමන්විත ය.[6]

දේවාලය නිර්මාණය කොට ඇත්තේ විශාල, රළු ග්‍රැනයිට් ගල් කුට්ටිවලිනි. එහි මධ්‍යයේ විවෘත අංගනයක් පිහිටා ඇත. අංගනය මුලින් වන්දනා කුටීර 65කින් වටවී තිබිණි. ඉන් 10ක් ඉදිරි (උතුරු) බිත්තියේ ද, 11ක් පසුපස බිත්තියේ ද සහ 22ක් පැති බිත්තිවල ද අන්තර්ගත විය. මෙම කුටි 65න් වර්තමානය වන විට ශේෂව ඇත්තේ 35ක් පමණි.[2] සෑම කුටීරයකම කුඩා ද්වාර පිවිසුම් මගක් සහ වක්‍ර රේඛීය ශිඛරයකින් සමන්විත ය.[5]

විශාල කුටිය හැරුණු විට, සෑම කුටියක්ම ආස්නන වශයෙන් 1 m උසකින් හා 1 m ගැඹුරකින් සමන්විත ය. විශාල කුටිය පිහිටියේ පසුපස බිත්තියේ මධ්‍යය‍ට වන්නට ය. එහි පිවිසුම උතුරට මුහුණලා පිහිටා ඇත. මෙම කුටිය සැබැවින්ම දුර්ගා දෙවඟන වන්දනා කිරීමට තැනූවකි. සෙසු කුටි 64 ("චෞසත්") තුළ මුලින් යෝගිනියන්ගේ ප්‍රතිමා තැන්පත් කොට තිබී ඇත.[2]

ප්‍රතිමා[සංස්කරණය]

දේවාල නටබුන් අතර ප්‍රතිමා හමු නොවේ. නටබුන් අතර තිබී සොයාගත් දේවතාවියන්ගේ විශාල ප්‍රතිමා ත්‍රිත්වයක් වර්තමානයේ ඛජුරාහෝ කෞතුකාගාරය තුළ තැන්පත් කොට ඇත.[2] මෙම ප්‍රතිමාවල නිරූපිත දේවතාවියන් බ්‍රාහ්මණි, මහේෂ්වරී, සහ හින්ග්ලාජා හෝ මහීෂමර්දිනි යැයි හඳුනාගෙන ඇත. මෙම ප්‍රතිමා ඛජුරාහෝවේ ඇති පැරණිතම ප්‍රතිමා අතරට අයත් යැයි විශ්වාස කෙරේ.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]