ඛජුරාහෝවේ ජෛන දේවාල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඛජුරාහෝවේ ආදිනාථ දේවාලය

ඛජුරාහෝවේ ජෛන දේවාල දක්නට ලැබෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ නැගෙනහිර සමූහයේ ය.[1] චන්දේල පාලන සමයේ ඛජුරාහෝය ඇතුළු බුන්දෙල්ඛාන්ද්හි බොහෝ නගර විශාල ජෛන ආගමික ප්‍රජාවකට නිවහන විය. ඛජුරාහෝව තුළ ජෛනාගමිකයින් නගරයේ නැගෙනහිරට වන්නට ජීවත්ව සිට ඇති බව පෙනේ. මෙම යුගයට අයත් ජෛන දේවාල කිහිපයක් ඛජුරාහෝවේ නැගෙනහිර දේවාල සමූහයෙන් අදටත් හමුවේ. මේවායේ සංරක්ෂණ තත්ත්වය විවිධ වේ. චන්දේල යුගයට අයත් ජෛන අභිලේඛන ගණනාවක් ඛජුරාහෝවෙන් හමුවේ.[2] ඝණ්ටායි දේවාලය හැර වර්තමානයේ දක්නට ලැබෙන සෙසු ‍සියලු ජෛන දේවාල 12වන සියවසේ මුල් කාලයේ ඉදිකළ අංගණ ප්‍රාකාරයකින් වටවී ඇත. මෙම දේවාල ඇතුළු ඛජුරාහෝ ස්මාරක සමූහයට අයත් සෙසු දේවාල යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කොට ඇත.

දේවාල[සංස්කරණය]

ජෛන දේවාල අතුරින් විශාල දේවාල ද්විත්වයක් වර්තමානය වන විට යහපත් සංරක්ෂණ තත්ත්වයකින් යුතුව දක්නට ලැබේ.

පාර්ශ්වනාථ දේවාලය[සංස්කරණය]

මෙම දේවාලය ඉදිකළ පාහිල විසින් ක්‍රි.ව. 954දී කරවන ලද අභිලේඛනයක් මෙම දෙවොලෙන් හමුවේ. එහි උද්‍යාන පූජා කළ අයුරු සඳහන් වන අතර, අනාගත පරම්පරාවලට මෙම දේවාලය ආරක්ෂා කරන මෙන් සිදුකළ ඉල්ලීමක් ද ඇතුළත් ය. එහි සඳහන් වන්නේ එකල රාජ්‍ය කළ රජු වූයේ චන්දේල ධංග බවයි.[3]

සුප්‍රකට පැරණි මායා සමචතුරස්‍රයක් මෙම දේවාලයෙන් හමුවී තිබේ.[4]


7 12 1 14
2 13 8 11
16 3 10 5
9 6 15 4
ඉන්දියානු ඉලක්කම්වල
පරිවර්තනය

මෙහි සෑම උප සමචතුරස්‍රයකම ඓක්‍යය 34ක් බැවින් මෙය චෞතිසා (තිස් හතර) යන්ත්‍රය ලෙස හැඳින්වේ.






ආදිනාථ දේවාලය[සංස්කරණය]

ආදිනාථ ජෛන දේවාලයෙහි ඇතුළත් ප්‍රතිමාවක ක්‍රි.ව. 1027ට අයත් ශිලා ලේඛනයක් ඇතුළත් ය. මෙකල රාජ්‍ය පාලනය කළේ චන්දේල රජ මදනවර්මන් විසිනි.

ශාන්තිනාථ දේවාලය[සංස්කරණය]

ශාන්තිනාථ දේවාලය නූතන ගොඩනැගිලි ව්‍යූහයන්ගෙන් ද සංයුක්ත වන අතර, එහි විවිධ දේවාල සහ පූජාස්ථාන හා සම්බන්ධ අංශයන් ඇතුළත් ය. එහි ප්‍රධාන අංශයෙහි අඩි 15ක් (4.6 m) උසැති ශාන්තිනාථ තීර්ථංකරයාගේ ප්‍රතිමාවක් දක්නට ලැබෙන අතර එහි ක්‍රි.ව. 1028ට අයත් ශිලා ලේඛනයක් ද අන්තර්ගත ය. මෙම අභිලේඛනය වර්තමානයේ බදාමයට යට වී ඇත. වර්තමානයේ දේවාල ව්‍යූහය තුළ නූතන නවීකරණයන් සිදුකොට තිබුණ ද, දේවාලයේ මධ්‍යය පැරණි ය.

ඝණ්ටායි දේවාලය[සංස්කරණය]

ඝණ්ටායි දේවාලය ක්‍රි.ව. 960 අවට කාලයේ ඛජුරාහෝවේ චන්දේල රජවරුන් විසින් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම දේවාලය රිෂාභහට පුද කළ එකක් බැව් හඳුනාගෙන ඇත්තේ දේවාලයේ චක්‍රේශ්වරීගේ රුව සමග නව ග්‍රහයන් සහ ගෝමුඛ් යක්ෂයාගේ රුව කැටයම් කොට ඇති හෙයිනි. වර්තමානය වන විට මෙම දේවාලය නටබුන් වී ඇති අතර, එහි බිත්ති ඇද වැටී ඇත. මෙහි ප්‍රවේශ ද්වාරයේ වූ කුළුණු සහ එහි මහා මණ්ඩප පමණක් අද දක්නට ඇත.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. James Fergusson, Jaina Architecture - Khajuraho History of Indian and Eastern Architecture, Updated by James Burgess and R. Phene Spiers (1910), Volume II, John Murray, London
  2. B. L. Nagarch, Jaina Inscriptions of Khajuraho, Dr. Hiralal Jain Smriti Granth, 2001
  3. Khajuraho ke Jain Mandir, Niraj Jain, 2000
  4. William Symes Andrews (1908) Magic Squares and Cubes. Open Court Publishing Company

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Jain temples සැකිල්ල:Jainism topics

"https://si.wikipedia.org/w/index.php?title=ඛජුරාහෝවේ_ජෛන_දේවාල&oldid=412560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි