Jump to content

පාර්වති දේවාලය, ඛජුරාහෝ

Coordinates: 24°51′11.4″N 79°55′19″E / 24.853167°N 79.92194°E / 24.853167; 79.92194
විකිපීඩියා වෙතින්
පාර්වතී දේවාලය
ඛජුරාහෝවේ පාර්වතී දේවාලය
ඛජුරාහෝවේ පාර්වතී දේවාලය
පාර්වති දේවාලය, ඛජුරාහෝ is located in මධ්‍ය ප්‍රදේශ්
පාර්වති දේවාලය, ඛජුරාහෝ
මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ[1]
භූගෝලීය ඛණ්ඩාංක24°51′11.4″N 79°55′19″E / 24.853167°N 79.92194°E / 24.853167; 79.92194
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්[1]
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

පාර්වතී දේවාලය (දේවනගරි: पार्वती मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතී දේවියට කැපකළ දෙවොලකි.[1]

මෙම දේවාලය ඇතුළත් ඛජුරාහෝ ස්මාරක සමූහය ඉන්දියාවේ ලෝක උරුම අඩවියක් ලෙස නම්කොට ඇත.

පිහිටීම

[සංස්කරණය]

මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය. දේවාල සංකීර්ණය ඇතුළත මෙම දේවාලය විශ්වනාථ දේවාලයට නිරිතදිගින් පිහිටා ඇත.[1]

ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.

ගෘහනිර්මාණ ශිල්පය

[සංස්කරණය]

මෙහි අතිශයින් ප්‍රතිසංස්කරණයට භාජනය කළ නුඩා ගර්භගෘහයක් ඇත.[1] ද්වාරමණ්ඩපය මුළුමණින්ම නැතිව ගොස් ඇති අතර, ගර්භගෘහයේ එහි පාදම පමණක් දක්නට ලැබේ.[1]

ගර්භගෘහයේ දොරටුවට ඉහළින් වූ ‍ආරුක්කුවේ බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව දෙවියන්ගේ රූ දැකගත හැක.[2] එසේම ඉදිරි බිත්තියේ (ගර්භගෘහයේ දොරටුවේ පසෙකින්) ශෘංගාරාත්මක ප්‍රතිමා ගණනාවක් දැකගත හැක.[2]

දෙවොලේ පැති සහ පසුපස බිත්තිවල කිසිදු ප්‍රතිමාවක් දක්නට නොලැබේ.[3]

ගැලරිය

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b c d e f g "Archaeological Survey of India (ASI) - Parvati Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)
  2. ^ a b Image:Parvati Temple - Front View
  3. ^ Image:Parvati Temple - Back View from Chitragupta Temple

බාහිර සබැඳි

[සංස්කරණය]