ඝණ්ටායි දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඝණ්ටායි දේවාලය
घण्टाई मन्दिर
A ruin, pillars at Khajuraho, India.jpg
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Madhya Pradesh" does not exist.
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
භූගෝලීය ඛණ්ඩාංක24°50′46″N 79°56′00″E / 24.8461485°N 79.9333487°E / 24.8461485; 79.9333487ඛණ්ඩාංක: 24°50′46″N 79°56′00″E / 24.8461485°N 79.9333487°E / 24.8461485; 79.9333487
අනුබැඳියාවජෛන ආගම
දේවතාවාරිෂාභනාථ
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ස්ථාපිත දිනයක්‍රි.ව. 10වන සියවස

ඝණ්ටායි දේවාලය හෙවත් ඝණ්ටි දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි නටබුන් වූ ජෛන දේවාලයකි. ශෛලිය අතින් පාර්ශ්වනාථ දේවාලයට සමානත්වයක් පෙන්වන මෙම දේවාලය ජෛන තීර්ථංකර රිෂාභනාථ (හෙවත් ආදිනාථ) වෙනුවෙන් පුදකළ ස්ථානයකි. මෙම දේවාලය අයත් වන ඛජුරාහෝ ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට ඇත.

ඉතිහාසය[සංස්කරණය]

ඝණ්ටායි දේවාලයේ ඉදිකිරීම් ක්‍රි.ව. 995 පමණ,[1] එනම් චන්දේල රජකු වූ ධංග රාජ්‍ය සමයයට අයත් යැයි සිතිය හැක.[2] මෙය ඛජුරාහෝවේ පාර්ශ්වනාථ දේවාලයට සමානත්වයක් ඉසිලුව ද, ප්‍රමාණයෙන් විශාල ය. ඒ අනුව පෙනීයන්නේ මෙම දේවාලය ඉදි වූයේ පාර්ශ්වනාථ දේවාලයට පසු කාලයක ඉදි වූ බවයි.[3]

19වන සියවසේ දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් මෙම දේවාල නටබුන් සමීක්ෂණයෙහි නිරතව සිටිය දී මෙම දේවාල භූමිය අසලින් බුද්ධ ප්‍රතිමාවක් හමුවූ බැවින්, ‍ඔහු විසින් සිතූයේ මෙය බෞද්ධ විහාරයක් බවයි. කෙසේනමුත්, පුසකාලීන අධ්‍යයන අනුව පෙනී ගොස් ඇත්තේ මෙය ජෛන දේවාලයක් බවයි.[4]

ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ‍දේවාලය ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස වර්ගීකරණය කරන ලදී.[5]

ගෘහනිර්මාණ ශිල්පය[සංස්කරණය]

ඝණ්ටායි දේවාලයේ ආකෘතිය පාර්ශ්වනාථ දේවාල ආකෘතියට සමානත්වයක් පෙන්නුම් කළ ද, ඝණ්ටායි දේවාලය එමෙන් දෙගුණයක් පමණ විශාලත්වයෙන් වැඩි ය. වර්තමානය වන විට මෙම දේවාලය නටබුන් වී ඇති අතර, එහි බිත්ති ඇද වැටී ඇත. මෙහි ප්‍රවේශ ද්වාරයේ වූ කුළුණු සහ එහි මහා මණ්ඩප පමණක් අද දක්නට ඇත.[2] මහා මණ්ඩපයේ අලංකාර දොරකඩක් සහිත ය. නමුත් එය වටකොට පිහිටා තිබූ බිත්ති ඇද වැටී ඇත.[3]

කලාව[සංස්කරණය]

වර්තමානයේ දක්නට ඇති කුළුණුවල දම්වැලක් සහ සීනුවක් සහිත (ඝණ්ටි) මෝස්තරයක් දක්නට ලැබේ. දේවාලය නම් කොට ඇත්තේ ද මෙම මෝස්තර නිසායි. මණ්ඩපයේ ද්වාර උඩළිපතෙහි ආදිනථගේ පරිවාර යක්ෂිණික් වන චක්‍රේශ්වරීගේ රුව දැකගත හැක. මෙහි ඇය අත් අටක් සහිතව ගරුඩා මත හිඳ සිටිනු නිරූපිත ය. දොරකඩෙහි කවුළු ස්තරයේ මහාවීරගේ ගර්භනී මෑණියන් සිහිනයෙන් දුටුවේ යැයි පැවසෙන මංගල සංකේත සයක් කැටයම් කොට ඇත.[2]

ප්‍රවේශ ද්වාර මණ්ඩපයෙහි සිවිලිම මංජුසාවල කැටයම්වලින් අලංකාර කොට ඇත. සිවිලිම මායිම් වන ආයත පනේල නර්තන සහ සංගීතඥ රූ වලින් අලංකාර කොට ඇත.[3]

ඝණ්ටායි දේවාලයේ නටබුන් අතුරින් හමුවූ විශාල ප්‍රතිමාවක් වර්තමානයේ ඛජුරාහෝ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. මෙම ප්‍රතිමාව මධ්‍යයේ කායෝත්සර්ග ඉරියව්වෙන් වැඩ හිඳින රිෂාභනාථ සහ ජිනවරුන් පනස් දෙදෙනාගේ රූප කැටයම් කොට ඇත. මෙම ප්‍රතිමාවේ වම් පසින් සර්වනුභූති සහ දුකණු පසින් අත් සතරක් ඇති චක්‍රේශ්වරීගේ ද රුව ද දක්නට ලැබේ.[6]

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2. https://books.google.com/books?id=iXVNBAAAQBAJ&pg=PA209. 
  • "Ghantai Temple". Archaeological Survey of India, Bhopal Circle. Retrieved 2016-11-16.
  • "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. Retrieved 2016-11-16.
  • Kanai Lal Hazra (1995). The Rise And Decline Of Buddhism In India. Munshiram Manoharlal. ISBN 978-81-215-0651-9. https://books.google.com/books?id=N3wEAAAAYAAJ. 
  • Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN 9781443816076. https://books.google.com/books?id=YQoaBwAAQBAJ&pg=PA60. 
  • Umakant Premanand Shah (1987). Jaina Iconography. Abhinav. ISBN 9788170172086. https://books.google.com/books?id=m_y_P4duSXsC&pg=PA122. 
"https://si.wikipedia.org/w/index.php?title=ඝණ්ටායි_දේවාලය&oldid=411838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි