ලාල්ගුවන් මහාදේව දේවාලය
ලාල්ගුවන් මහාදෙව දේවාලය | |
---|---|
लालगुआं मन्दिर | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′03″N 79°54′41″E / 24.850802°N 79.911269°Eඛණ්ඩාංක: 24°51′03″N 79°54′41″E / 24.850802°N 79.911269°E |
අනුබැඳියාව | ශෛව ආගම |
දේවතාවා | ශිව |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 10වන සියවස |
ලාල්ගුවන් මහාදේව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි නටබුන් වූ ශිව දේවාලයකි.
ලාල්ගුවන් මහාදේව දේවාලයේ ඉදිකිරීම් ක්‍රි.ව. 900ට පමණ අයත් යැයි සැලකිය හැක.[1] මෙය චෞසත් යෝගිනී දේවාලයෙන් පසුව ඛජුරාහෝවේ පවතින දෙවන පැරණිතම දේවාලය වේ. මෙම දේවාල දෙකම තනා ඇත්තේ ග්‍රැනයිට්වලිනි.[2] මෙම දේවාලය ඉදිවූයේ වැලිගල් (ඛජුරාහෝවේ සෙසු දේවාලවල භාවිතයට ගැනුණු) භාවිතය හඳුන්වා දුන් නමුත්, ග්‍රැනයිට් භාවිතය සම්පූර්ණයෙන්ම නැවතී නොතිබූ යුගයක ලෙස සැලකේ.[3]
ලාල්ගුවන් දේවාලය ඉදිකොට ඇත්තේ වර්තමානයේ ලාල්ගුවන් සාගර් යනුවෙන් හඳුන්වන ජලාශයේ ඉවුරේ ය. ඛජුරාහෝවේ පසුකාලීන දේවාල හා සැසඳීමේ දී, මෙය ප්‍රමාණයෙන් කුඩා අතර සැලැස්ම ද චාම් ය. මෙහි බිම් සැලැස්ම සහ ආකෘතිය යාබද බ්‍රහ්ම දේවාලයට සමාන වේ. මෙහි පිරමිඩාකාර පියස්සක් වේ. දොරකඩෙහි ඇති එකම කැටයම් වජ්‍ර හැඩැති මෝස්තරයන් ය.[3]
වර්තමානය වන විට මෙම දේවාලය නටබුන් බවට පත්ව ඇත. මෙහි ගර්භගෘහයේ වක්‍රරේඛීය ශිඛරය ඇද වැටී ඇත. පිවිසුම් ද්වාරය දක්නට නැත.[4] ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ල ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස නම්කොට තිබේ.[5]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
- ^ Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 200.
- ^ a b ASI Bhopal Lalguan 2016.
- ^ Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 201.
- ^ ASI MP List 2016.
ග්‍රන්ථාවලිය
[සංස්කරණය]- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2.
{{cite book}}
: Invalid|ref=harv
(help) - "Lalguan Mahadeva Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN 9781443816076.
{{cite book}}
: Invalid|ref=harv
(help)